Posts

Showing posts from January 15, 2021
  නිල් දිය පොකුණේ භූ විද්‍යා අන්දරය......!!! භූ සංචාරිතය 41 This article is originally published on Vidusara 13.01.2021 නිල් දිය පොකුණ ඇල්ල ප්‍රදේශයේ පිහිටි ගල්ගුහාවකි. එලෙස නම ලැබෙන්නේ මේ විසල් ගල් ගුහාව තුල දියෙන් පිරි සොබාවික පොකුණක් ඇති හෙයින්. ගල් ගුහාවක් යැයි අප පවසන්නේ පාෂාණ තුල අභ්‍යන්තරයට නිර්මාණය වූ කුහරමය ව්‍යුහයකට බව අමතක නොකළ යුතුය. නමුත් පාංශු දේහයන් තුල නිර්මාණය වූ එවැනි ව්‍යුහයන් ලෝකයේ හමුවන මුත්   ශ්‍රී ලංකාවේ නම් එවනි ප්‍රමුඛ කුහරයන් මේ වනතෙක් අපහට හමු වී නැත. ගල්ගුහාවන්අත්‍යන්ත ලෙසම භූ අභ්‍යන්තරික ව්‍යුහයන් ලෙස විද්‍යත්මකව පමණක් නොව බටහිර සංස්කෘතිය විසින් පවා හඳුනාගෙන ඇතිමුත් ශ්‍රී ලංකාවේ දී නම් ගල් ගුහා පොළොව මතුපිටත් හමුවන බව ඔබට මතකයට නැගේවි. ඒ පුරාණ ගල්ලෙන් විහාර වන්දනා මානයට යද්දී. ලෙන, ගුහාව, ආදී සිංහල භාෂාවේ වචන   මෙවන් ව්‍යුහයන් හඳුන්වා දීමට යොදාගන්නා බව සිංහල සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ඇත්තෙකුට පැහැදිලි වේවි. එනිසා ශ්‍රී ලංකවේ ගල්ගුහා සිංහල සංස්කෘතිය තුලදී වර්ගීකරණයකට භාජනය කරන්නේ නම් භූ අභ්‍යන්තරික සහ මතුපිට ගල්ගුහා ලෙස වර්ග කල හැක. භූ අභ්‍යන්තරිකව ගු