Posts

Showing posts from January 30, 2021
හෝර්ටන් තැන්නේ ජනාවාසකරණය .......!!! භූ සංචාරිතය 4 3 This article is originally published on Vidusara, 27.01.2021. මහවැලි, කැළණි සහ වලවේ යන ගංගාවන්ගේ පටන් ගැන්ම හෝටන්තැන්නයි. එම ගංගාවල ශාකා ජල මාර්ග මෙහි දී පටන් ගෙන ගලා යන්නේ ශ්‍රී ලංකාවේ උච්චත්වයේ සිට බව පවසමින්. උසින් මීටර 2100 සිට 2300 ක් පමණ දක්වා වූ උසකින් උක්තවන හෝර්ටන් තැන්න අපූරු භූ පරිසරයකි. ප්රෝටෙරෝසොයික් යුගයේ බිහි වූ උච්ච විපරීතකරණයට ලක්වූ විපරීත පාෂාණ ගණනාවකින් සමන්විත වන හෝර්ටන් තැන්න සුවිශේෂී වන්නේ එහි කදිම භූ රූපණය නිසාවෙනි. අංශක 30ක් පමණ සාමාන්‍ය ආනතියකින් හෙබි මෙම සුන්දර තැන්න වඩා ප්‍රචලිත වන්නේ ශීතල දේශගුණයකින් යුක්ත වන නිසා බව අප හොඳින් දනී. ඒ කදිම ශීතල විඳින්නට මෙරටේ බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වන බව නොරහසකි. නුවරඑළියේ සංචාරය කරනා බොහෝ දෙනෙකු ගේ අනිවාර්ය සංචාරක නැවතුමක් වන්නේ හෝර්ටන් තැන්නයි. ක්වාර්ට්සයිට්, නයිස් සහ චානොකයිට් වැනි පාෂාණ වලින් සමන්විත මෙම ප්‍රදේශය ජ්ර්ණයේ ප්‍රතිඵල වූ, මෙම පාෂාණ තැන්න මත බිහි වූ පෝෂ්‍ය පදාර්ථ සපිරි පාංශු කලාප මත වැවෙනා කදිම ශාක සන්තතියකින් ද යුක්ත බව අප හොඳින් ම දනී. මෙම ලියවිල්ලේ