Posts

Showing posts from May 7, 2018
විදු පත් ඉරුව 20 15  ජුනි 03 මෙවර ගිම්හානය ඉන්දියාවට එතරම් හොඳ තත්ත්වයක්‌ ගෙන නො එන බවයි පෙනී යන්නේ. අසාමාන්‍ය ලෙස ඉහළ නැග ඇති උෂ්ණත්වය හේතුවෙන් දැනටමත් 2000ක්‌ පමණ වූ මිනිස්‌ ජීවිත ප්‍රමාණයක්‌ අහිමි වී ඇති අතර 1995ට පසු සටහන් වන ඉහළ ම උෂ්ණත්ව වැඩි වීම මේ වසරේ දී වාර්තා වී ඇත. සෙල්සියස්‌ අංශක 45 ද පසු කළ දිනයන් බහුල වූ පසුගිය මාසයේ මැයි 24 වැනි දා වැඩි ම උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක 48ක්‌ "කම්මාම්"වලින් වාර්තා විය. මේ තාප තරංග ඉන්දියාව හරහා ගමන් කරද්දී වැඩි ම හානියක්‌ සිදු කර ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයට ය. මෙලෙස මිය ගිය බොහෝ දෙනකු මිය ගොස්‌ ඇත්තේ විජලනයට ලක්‌ වීමෙන් සහ තාප ආඝාතය හේතුවෙනි. මේ අකරතැබ්බයෙන් බේරෙන්නට දහවල් කාලයේ එළිමහනේ සහ ඇඟ වෙහෙස වී සිදු කරන ක්‍රියාවන්වලින් වැළකී ගෙවල් තුළට වී කාලය ගත කරන ලෙස ඉන්දියානු වැසියන්ට උපදෙස්‌ දී ඇතත් දෛනික වේතනයන් ලබා ගන්නා පුද්ගලයන්ට දිගින් දිගට ම එලෙස ගත කිරීම අපහසු වේ. කෙසේ වෙතත් මේ අසාමාන්‍ය තත්ත්වය ඇති වන්නේ සාමාන්‍ය ග්‍රීෂ්ම කාලය "එල්-නිනෝ" කාලගුණික තත්ත්වයත් සමග