Posts

Showing posts from July 31, 2019
විදුපත්ඉරුව 23.11.2016 නිරෝගී බව තරම් තවත් වටිනා දෙයක්‌ ඇත් දැයි යන්න ඉතා හොඳින් ග්‍රහණය කරගෙන සිටි අය අතර ශ්‍රී ලාංකිකයන් ඉදිරියෙන් ම සිටි බව අමතක කළ යුතු නැත. එහෙත් දේශීය චින්තනයත්, සංස්‌කෘතියත් ඉතා කදිමට ගලපමින් බොහෝ කාලයක සිට පැවත ආ විස්‌මයජනක මිනිස්‌ පරපුරක අවසානය සනිටුහන් කරන මොහතක ය මේ අප ජීවත් වන්නේ. මානව විකාශනයේ අභාග්‍යසම්පන්න බව කරපින්නාගත් මානව විශේෂයන් මෙලොව රැඳි වකවානුවක පවා ශ්‍රී ලාංකිකයන් ඒ අතර උත්කෘෂ්ට මිනිස්‌ කොට්‌ඨාශයක්‌ වූ බව සිහිපත් කළ යුතු ය. යුද්ධය තම දිවිය කරගත් ජාතීන් වෙසෙද්දී ශ්‍රී ලාංකිකයෝ ස්‌වකීය පැවැත්ම ඉතා හොඳින් තහවුරු කරගත්තෝ වෙති. ස්‌වාධීන වූවෝ වෙති. ඒ පැරැණි ශ්‍රී ලාංකික චින්තයේ මහිමයයි. බටහිර විද්‍යාත්මක චින්තනය මෙරටට කාන්දු වන්නට පටන්ගෙන වැඩි කාලයක්‌ නැත. එහි ප්‍රබල බව මෙරටෙහි බොහෝ දෑ කණපිට පෙරළන්නට ද සමත් වූ බව අප පිළිගත යුතු ය. වෙදකමේ සිට කෘෂිකර්මාන්තය දක්‌වා වූ තාක්‌ෂණික සහ විද්‍යාත්මක පෙරළිය මෙරට බටහිර වෙදකමක්‌ සහ බටහිර කෘෂිකර්මාන්තයක්‌ ස්‌ථාපිත කරවන්නට තරම් ප්‍රබල වී ඇති බව නොරහසකි. මේ අතර තොරතුරු සන්නිවේදනයේ ශීඝ