Posts

Showing posts from February 28, 2017
විදු පත් ඉරුව 20 15  ජුලි 01 බදාදා මෙවර තරු කඳවුර පැවැත්වූයේ බප/ජය/ ජනාධිපති බාලිකා විද්‍යාලයේ දීයි. මෙවැනි වැඩසටහනකට සහභාගි වීමට අවස්‌ථාව ලැබීම මා ඉතා භාග්‍යයක්‌ කොට සලකන අතර එය මට නවමු අත්දැකීමක්‌ වුණා. විදුසර ප්‍රධාන කර්තෘතුමාටත් වැඩසටහන මෙහෙයවූ සමීර මහතා ඇතුළු කණ්‌ඩායමටත් පළමුව මා ගේ හෘදයාංගම ස්‌තුතිය පුද කළ යුතුයි. ඔවුන් මේ වැඩසටහන ඔස්‌සේ ශ්‍රී ලංකාවේ පාසල් අතර විද්‍යාව ප්‍රචලිත කිරීමට ගන්නා නිහඬ වෑයම ඉතා අගය කළ යුතුයි. විද්‍යාව රටෙහි ප්‍රචලිත කිරීම සඳහා ඉතා පලදායි ක්‍රමයක්‌ ලෙස මෙවැනි කඳවුරු පැවැත්වීමත් ඒ සඳහා කවුරුත් ප්‍රිය කරන විෂයක්‌ වන තාරකා විද්‍යාව වැන්නක්‌ යොදාගැනීමත් ඉතා සුදුසු බවයි සමීර මහතා ගේ අදහස වූයේ. මා ද එය ඉහළින් ම අනුමත කරන අතර මෙවැනි එක්‌ කුඩා ක්‍රියාකාරකමක්‌ දරුවකු විද්‍යාව කෙරෙහි යොමු වීමට ප්‍රබල හේතුවක්‌ විය හැකියි. ඉතා අපූරුවට සංවිධානය කර තිබූ මේ තරු කඳවුර සඳහා විද්‍යාලයයේ බාලිකාවන් විශාල ප්‍රමාණයක්‌ සහභාගි වූවා. එය අපේක්‌ෂිත ප්‍රමාණය ඉක්‌මවූ බවයි විදුහල්පතිතුමිය පැවසුවේ. දරුවන් අහසට කෙතරම් ඇලුම් කරනවා