Posts

Showing posts from August 17, 2018
විදු පත්ඉරුව 13.01.2016 කාලය ඉතා ම වේගයෙන් ගලා යනවා. දින සති මාස ගත වී වසර අවසන් වන්නේ අපට හිතාගන්නටත් බැරි තරමේ වේගයකින්. වසර අවසානයේ දී ආපසු හරි බැලූ විට ඔබට සිතන්නේ කුමක්‌ ද? ඔබ එම කාලය ප්‍රයෝජනවත් ලෙස භාවිත කළේ ද යන්න ඔබට එවිට වැටහෙනු ඇත. නිසි කළමනාකරණය තුළ අයකුට කාලය කෙසේ වත් ගැටලුවක්‌ නො වනු ඇත. එබඳු අය කාලය ඩැහැගන්නේ කාලයටත් සිතාගන්නට නොහැකි ලෙසිනි. පැයක වැඩ කළමනාකරණය කරගන්නට හැකි තැනැත්තා ඉතා පහසුවෙන් දිනෙක වැඩ ද, සතියේ වැඩ ද, මාසයේ වැඩ ද ඉතා කාර්යක්‌ෂමව ඉටු කරගනී. මෙහි දී වඩා වැදගත් වන්නේ තමාට සිදු කිරීමට ඇත්තා වූ කාර්යය කුමක්‌ ද යන්න නිසි පරිදි වටහාගැනීමයි. ඉතා ඉක්‌මනින් ඉටු කළ යුතු අතවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාව දිය යුතු ය. ප්‍රමුඛතාව තමාට පැටවෙන වගකීම මත ද තීරණය කළ යුතු වේ. කාර්ය ප්‍රමුඛ කාලසටහනක්‌ සකස්‌ කරගැනීම, ඉතා පහසුවෙන් තමා කළ යුත්තේ කුමක්‌ ද යන්න තීරණය කළ හැකි ක්‍රමවේදයකි. ඒ අතර අයකුට අවශ්‍ය නම් දිනපොතක්‌ භාවිත කළ හැකි ය. නිසි ලෙස කාර්ය කළමනාකරණය කරගන්නා තැනැත්තා අනෙක්‌ සැමට ම ඉදිරියෙන් බව අප සිතට ගත යුතු ය. එපමණක්‌ නො වේ. පරිණත නයකත්වයේ එක්‌