Posts

Showing posts from July 8, 2020
 භූ සංචාරිතයට කදිම වවුල්පනේ ටුෆා ගුහාව ….!!! The article is originally published on Vidusara, 08.07.2020. ලෝකයේ ඉතා සුප්රසිද්ධ ගල් ගුහා බොහොමයක් නිර්මාණය වී ඇත්තේ හුණුගල් තුලයි. හුණුගල් යනු අවසාදිත පාෂාණයක් වන අතර එහි රසායනික සංයුතිය කැල්සියම් කාබෝනේට් වෙයි. මැග්නීසියම් කාබෝනේට් ද එහි නැතුවා නොවෙයි. මලයාසියාවේ "බටු ගුහා" එවැනි ආකාරයට හුණුගල් තුල බිහි වූ ගුහා සමුහයකි. ලෝකයේ ගැඹුරුම ගුහාව ලෙස සැලකෙන   කෘබේරා ගුහාව පවා නිර්මාණය වී ඇත්තේ හුනුගලක් තුලයි. නමුත් මෙයට වඩා ගැඹුරු ගුහාවක් සොයාගත් බව ගුහා ගවේෂක බිල් ස්ටෝන් 2017 දී කල ප්‍රකාශයත් සමගම එම වාර්තාව බිඳ වැටෙන බව පෙනී යයි. එම ගුහාව හමුවන්නේ මෙක්සිකෝවෙනි. ගුහාවේ නාමය වන්නේ චීව් (Cheve) වන අතර ගැඹුර වන්නේ සැතපුම් 1.6 කි. නමුත් කෘබේරා ගුහාවේ ගැඹුර සැතපුම් 1.3 පමණ වෙයි. කෙසේ වෙතත් මේ ගුහා දෙකම නිර්මණය වී ඇත්තේ හුණුගල් තුල වීම විශේෂත්වය වෙයි. මින් පහැදිලි වන්නේ ගැඹුරු සහ විශාල ගුහා නිර්මාණය වීම සඳහා පාෂාණය බලපාන බවයි. විශේෂයෙන්ම අවසාදිත පාෂාණයක් වන හුණුගල වල දුර්වලතාවය මේ සඳහා හේතුවන බව නිගමනය කල හැක.  හුණුගල ඉතා පහසු