Posts

Showing posts from July 25, 2020
ගෝකන්න (ත්‍රිකුණාමලය) පැරණි ශ්‍රී ලංකවේ අගනගරය යි ? භූ සංචාරිතය 19 This article is originally published in Vidusara 22.07.2020. පසුගිය සතියේ   සංචරිතයෙන් අපගේ කතාබහට   වූයේ නැගෙනහිර පළාතේ තිබු   වෙළඳ නගරයක් ගැනයි. ලෝහ තාක්ෂණයෙන් ආඩය්‍යය වූ අපූරු දියුණු නවෝත්පාදන   දායාද කල මෙවන් වූ පුරයක් ශ්‍රී ලංකාවේ වීද යන්න බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී   නැති බව පෙනී යන කරුණකි. එමෙන්ම කරුණු   හරිහැටි අධ්‍යනය නොකර   මෙම ක්ෂේත්‍රයේ විද්වතුන් කරනා අර්ථකතන නිවැරදි නොවන බව ද බොහෝ සාමාන්‍ය ජනතාවටද   පැහැදිලි වන බව   යුතුය.   රටේ ජනතාව බලාපොරොත්තුවන්නේ වඩාත්   තාර්කික අර්ථකතන මිස   ඔහේ කරනා අමුතු පැහැදිලි කිරීම් නොවේ.     මෙරට ඉතිහාසය සහ පුරාවිද්‍යාව සැලකීමේදී අධ්‍යනය කරන්නට කොතෙකුත් දේ ඇතත් බොහෝ විද්වතුන් වත්මනේ පවතින රැල්ලට   අසු වී ගසා ගෙන යන බව පෙනී යයි. ගෝකන්න කදිම අන්තර්ජාතික වරායක් වන්නට හේතුවන්නේ එහි අපුරු භූ විද්‍යත්මක පිහිටීම බව බොහෝ දෙනෙකු නොදන්නා බව සැබවි. ඉතා ගැඹුරු අගාධයක් නිර්මාණය වන්නේ ත්‍රිකුණාමලය බොක්ක හරහා වැටි ඇති ඊසාන නිරිත දිශානුගතව විහිදී ඇති භූ පැල්මක් හේතුවෙන් බව