Posts

Showing posts from August 26, 2020
අනුරාධපුරයේ රාජ මාළිගය ...!!! භූ සංචාරිතය 2 4 This article is originally published on Vidusara, 26.08.2020. වසර දහසකට අධික කාල සීමාවක් තිස්සේ “නව සිවු හෙළයේ” අගනගරය වූයේ අනුරාධපුරයයි. විජයගේ සම්ප්‍රාප්තිය (ආක්‍රමණය) නිසාවෙන් ජනිත වූ මෙරට නව සංස්කෘතිය ඉන් ඔබ්බෙන් වූ ශ්‍රේෂ්ට සංස්කෘතියට ලංවන්නටවත් නොහැකි බවයි මාගේ අදහස. ඒ කෙසේ වෙතත් එය මෙරටට නව හැරවුම් ලක්ෂ්‍යයක් බිහි කර දුන්නේ වඩාත් නිරවුල් සාමකාමී අධ්‍යාත්මික ගමනකට මෙරට ජනයා රැගෙන යන්නට විය හැකිය. නව සිව් හෙළයේ සියයකට අධික නරපතීන්ගෙන් ශ්‍රේෂ්ටත්වයට පත් වන්නේ අත ලොස්සක් පමණි. ඒ දේවානම් පියතිතිස්ස සහ දුටු ගැමුණු වැනි නරපතීන් අග්‍ර කරවමින් බව පැහැදිලි සත්‍යයකි. නිසි පරිදි අප මහාවංශය කියවන්නේ නම්, එහි ඇත්තාවූ ව්‍යංගාර්ථයන් ඉතා හොන්දින තේරුම් ගැනීමට හැකි වෙයි.   කෙසේවෙතත් අනුරපුරයට පැමිණෙන සැමගේ අවධානයට යොමුවන්නේ ඔවුන් තැනු අධ්‍යාත්මික නිර්මිත පරිසරයේ ප්‍රමුඛතාවයම මිස වෙන කවරෙක් ද? හෙළ බෞද්ධ නිර්මිත පරිසරයේ තාක්ෂණය යනු වෙන කිසිවක් නොව මෙරට අනන්‍යතාවයම වේ. ඉන්දියානු උප මහද්වීපයෙන් බෞධාගම කේන්ද්‍ර කොට අප ලද දායාදයන් හෙළ තාක්ෂණය හා මනා