Posts

Showing posts from September 17, 2020
Image
ලෝකයේ භූ කම්පා පසුබිම.......!!! This article is originally published on Vidusara 16.09.2020 (page 7) පසුගිය දිනවලදී අප රටේ මහනුවර ප්‍රදේශය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය. “අන්න මහනුවර හෙලවිලා ලු. සමහර අයට පොළොව සෙලවෙන එක හොඳටම දැනිලා ලු. මොකක් වේගෙන එනවද දන්නේ නැහැ” යනාදී වශයෙන් බොහෝ දෙනාගේ කතා බහට එම සිදුවීම ලක් වූ බව නොරහසකි. මෙම ලිපිය පාදක වන්නේ එම සිදුවීම මුලික කරගෙන වුව මෙමගින් මා උත්සාහ කරන්නේ එය පැහැදිලි කරන්නට නොව භූ කම්පා පිළිබඳව යම් අදහසක් ඔබට ලබා දෙන්නටයි. අප අවට භුමිය සෙලවීම භූ කම්පා ලෙස හඳුන්වයි. භූ කම්පා ඇතිවීම කල් ඇතිව පැවසීම නම් නොකළ හැකි බව මේ පිළිබඳව පර්යේෂණ කරන ප්‍රාමාණික විද්වතුන්ගේ අදහසයි. එසේ නම් එය සිදුවන්නේ අපට නොකියාම බව අප අමතක නොකළ යුතුය. භූ කම්පාවක ප්‍රභලතාවය මනින්නේ රික්ටාර් පරිමාණය මගිනි. ලෝකයේ කොහේ හෝ තැනක ඉතා සුළු පරිමාණයේ පවා හෝ භූ කම්පාවක් ඇති විය හැක. සිදුකර ඇති අධ්‍යනය වලට අනුව වාර්ෂිකව ලෝකයේ භූ කම්පා 120000 ත් 14000 අතර ප්‍රමාණයක් සිදුවන බව සොයාගෙන ඇත. රික්ටාර් පරිමාණයට අනුව අගය 2 හෝ එයට වඩා අඩු ප්‍රබලතාවකින් යුක්ත භූ කම්පා දිනකදී සියග