Posts

Showing posts from November 5, 2020
භූ රූපණ කලාවේ පිකාසෝ පාෂාණ ජීර්ණ ක්‍රියාවලියයි. භූ සංචාරිතය 32 This article is originally published on Vidusara 04.11.2020 පෘථිවි පෘෂ්ටය මතුපිටට නිරාවරණය වන සෑම දෙයක්ම එක් අත්‍යන්ත භූ ක්‍රියාදාමයකට යටත් වේ. ඒ පාෂාණ ජීර්ණ ක්‍රියාදාමයයි. ඔබ දන්නා සැම පාෂාණ වර්ගයක්ම, ආග්නේය, විපරිත සහ අවසාදිත පාෂාණ සියල්ලම, මේ ඉතා අපූරු ක්‍රියාදාමයට යටත් වන්නට සිදුවේ.   ඒ නිසා ඛණිජ නම් වූ විවිධාකාරයේ ස්ඵටිකීකරණය වූ රසායනික සංයෝග පෘතුවි පෘෂ්ටයේ වන්නා වූ තත්කාලීන පාරිසරික තත්වයන්ට් ගැලපෙන ස්ථාවර ඛණිජ බවට පත්වීමේ ක්‍රියාවලියයි ජීර්ණය. පාෂාණ ජීර්ණය ප්‍රධාන ආකාර දෙකකි. භෞතිකව සිදුවන්නා වූ ජීර්ණය සහ රසායනිකව සිදුවන්නාවූ ජීර්ණය යනු ඒ ආකාර දෙකයි. භූ සංචාරිතයෙන් අද ඔබව රැගෙන යන්නේ මේ අපූරු ක්‍රියාවලිය නිසා පෘථිවි පෘෂ්ටයේ නිර්මාණය වන අලංකාර භූ රූපණ ගැන දැනුවත් කරන්නටයි. භූ රූපණ හුදු ජීර්ණ ක්‍රියාවලියේ පමණක් තනි උත්සහයක ප්‍රතිඵලයක් නොවේ. භූ රූපණ හැඩ කරන්නට ඛාදන ක්‍රියාවලියයි අනුපමේය මෙහෙයක් ඉටුකරන බව අමතක නොකළ යුතුය. බොහොමයක් පාෂාණ නිර්මාණය වන්නේ කාමර උෂ්ණත්වයේ හෝ එම පීඩනයේ නොවේ, එයට වඩා   වැඩි උෂ්ණත්ව ස