Posts

Showing posts from January 1, 2021
  භූ උද්භිදයේ වැදගත්කම.......!!! භූ සංචාරිතය 3 9 This article is originally published on Vidusara 30.12.2020. පාෂාණත් පසත් ශාක වර්ධනය කෙරෙහි අතිශයින් බලපායි. එවන් වූ අධ්‍යනයන් භූ විද්‍යාවත් උද්භිද විද්‍යාවත් සම්බන්ධ කරන්නකි. ලෝකයේ මෙම අන්තර් විෂය බෙහෙවින්ම දියුණු වී ඇත. ඔවුන් පාෂාණ සහ පාංශු දේහයන් ශාක කෙරෙහි ඇතිකරන බලපෑම අධ්‍යනය කරයි. එමගින් සුවිශේෂී පාෂාණ සහ පාංශු දේහයන් ඇති භුමි ප්‍රදේශ සලකුණු කිරීම සඳහා පමණක් නොව සමහර භූ සම්පත් සොයා ගැනීම උදෙසාද ඒ මත වැවෙන සුවිශේෂී ශාක විශේෂ භාවිතා කරයි. පාෂාණ ජීර්ණයෙන් නිදහස් කරන පෝෂ්‍ය පදාර්ථ ශාක වල පැවැත්ම තහවුරු කරයි. නිත්‍ය ලෙස වැදගත් වන පෝෂ්‍ය කොටස් වලට අමතරව සමහර සුවිශේෂී මූලද්‍රව්‍යමය අයන හේතුවෙන් අදාළ ප්‍රදේශයේ වැවෙන ශාක වල විවිධත්වය තහවුරු කරයි. “භූ උද්භිතය” ලෙස හැඳින්වෙන මෙම අන්තර් විෂය ශ්‍රී ලංකවේ ස්ථාපනය නොවූ බොහෝ අයෙකුගේ අවධානයට ලක් නොවූ විෂය පථයකි. ඔබ උස්සන්ගොඩ ප්‍රදේශයේ සංචාරය කර ඇත්නම් එහි වැවෙන ශාක ප්‍රජාව පිළිබඳව ඔබගේ අවධානය යොමු වී ඇතුවා නිසැකයි. මේ සුවිශේෂී භූ විද්‍යත්මක කලාපය බිහිකරන පාංශු දේහයන් ද එනිසා සුවිශේෂී වේ. උස්බ