Posts

Showing posts from July 24, 2021
ආග්නේය පාෂාණ (Igneous Rocks) හැඳින්වීම ලෝකයේ බහුලවම පැතිරුණ පාෂාණ වර්ගය වන්නේ ආග්නේය පාෂාණ යි. පෘතුවි කබොළත් (Crust) හරයත් (Mantle) නිර්මාණය කරන්නා වූ මූලික පාෂාණ වර්ගය වන්නේ ද ආග්නේය පාෂාණ යි. ආග්නේය පාෂාණ ලොව පවතින ප්‍රථමික පාෂාණ (primary rocks)   ලෙස හැඳින්විය හැක. ආග්නේය පාෂාණ සහ විපරිත පාෂාණ (metamorphic rocks) එකතුව කබොලේ 95 % පමණ නිර්මාණය කරයි. ආග්නේය පාෂාණ ඇතිවන්නේ ද්‍රව බවට පත් වූ පාෂාණ (melted rocks) වලිනි. ලොව පවතින ඕනෑම පාෂාණයක් භූ අභ්‍යන්තරයේ දී අර්ධ ද්‍රව හෝ ද්‍රව බවට පත් වීමේ හැකියාව ඇත්තේය. භූ අභ්‍යන්තරය තුලට කිඳා බසින පාෂාණ භූ අභ්‍යන්තරයේ පවතින අධික තාපය කරන කොටගෙන මෙලස ද්‍රව බවට පත් වීමේ හැකියාව ඇත. මෙලස උණු වූ පාෂාණ ද්‍රවය හඳුන්වන්නේ “ලෝපාතරල” (magma) ලෙසයි. යමහල් විදාරණය (Volcanism) තුලින් භූ මතුපිටට මේ ලෝපාතරලය, සංයුතියේ (composition) සිදුවන වෙනස්කම් මත ලෝදිය (Lava) ලෙස හැඳින්වේ.   ලෝපාතරලය සහ ලෝදිය (Magma and Lava) ඉහත පැවසු ආකාරයට ලෝපාතරලය බිහිවන්නේ භූ අභ්‍යන්තරයේ ඇති පාෂාණ අධික තාපයට සහ පිඩන වෙනස්වීම් වලට ලක් වීම හේතුවෙනි. බොහෝ විට මෙම ක