Posts

Showing posts from June 11, 2018
විකෟතවූ විජානනයෙක් .. හැරුණා ආපසු හනි හනික බලා ඉන්නට බැරිව විභාජනයෙන් දෙබිඩි වී බෙදී බෙදී වෙන් වෙවී.. සෑම අඩ හෝරාවකට පසු    දෙගුණ වන ඇමීබාවන් තව සුළු මොහොතකින් පිරි ඉතිරි යාවි එගා(ර්) පිරුණ පෙට්‍රි දීසිය.. ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගෙන් විකසනව මොළය ඇති කඳක් නැති   ඒක සෛලිකයා.. මෙන්න හරි වැඩක්.. කෑ ගැසුවා අන්වික්ෂයේ ඇහැ තියන් වෙන් නොවූ දෙබිඩ්ඩෙක් හරිම පුදුමයි.. හරිම පුදුමයි විකෟතවූ විජානනයෙක් .. ඉතින් හොයාපල්ලාකො මුගේ කිත්තන්ද කිරිකිත්තන්ද සමග නත්තන් හා පනත්තන්ද මදි වුනොතින් හෙම   කොස් පොත්තන්ද වර්ණදේහයේ සුළු වෙනසෙන්   වෙසෙසින්ම වූ දේහ වර්ණයේ රහස පරිණාමයේ අපුරුව...........!!!! ආචාර්ය පත්මකුමාර ජයසිංහ
ජල දුෂණය ජල දුෂණය රටෙහි ජාතික වශයෙන් වැදගත්කමකින් හෙබි මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව වර්ථමානයේ සිදුවූ ආන්දෝලාත්මක සිදුවීම් කිහිපයක් නිසා පැහැදිලි වේ. එමෙන්ම කර්මාන්ත හේතුවෙන් සිදුවන්නා වූ ජල දුෂණය පිලිබඳ ජනතාව අවදියෙන් සිටින බව එම සිදුවීම් වල දී ඔවුන් ක්‍රියාකළ ආකාරයෙන් තේරුම් යයි. එම සිදුවීම් හොඳින් විශ්ලේෂණය කල විට පැහැදිලි වන්නේ ජල දුෂණය විද්‍යාත්මකව ජනතාවට පැහැදිලි කිරීමේදීත්, ඒ සඳහා භාවිතා වන විද්‍යාත්මක පරාමිතින් සහ ඒවායේ සම්බන්දතාවය පිළිබඳව ජනතාව තුලත් අඩු අවබෝදයක් ඇති බවයි.   එය වඩාත් තිවෳරව දැනෙන්නේ වර්තමාන සිදුවීම් වලදී ජලයේ ආම්ලික- භාෂ්මිකතාවය විස්තර කෙරෙන පී.එච්. අගය සහ ජල දුෂණය පිළිබඳව ඇති වී ඇත්තාවූ නොපැහදිලි බවයි. එය තවදුරටත් සරල කළහොත්, “පී.එච් අගය ජල දුෂණය මනින සාධකයක් ලෙස ගත හැකිද ?” ලෙස ගත හැක. පිළිතුර ලෙස “ඔවු” යන්න වගේම තවත් කරුණු කාරනා කිහිපයක් නිසාම “ නැත” යන්නත් දිය හැකියි. එනිසා ශ්‍රී ලංකිකයන් සියලු දෙනාම යැපෙන්නා වූ මෙරටෙහි මිරිදිය (මතුපිට සහ භූ ගත ජලය) කේන්ද්‍ර කරගනිමින් මෙම සම්බන්දතාවයන් පිලිබඳ පැහැදිලිකිරීමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලා පොර
ශ්‍රී ලාංකේය ප්‍රාග් කාලගුණික තත්වය බුන්දල සහ පතිරාජවෙලඵෛතිහාසික   වශයෙන් මෙන්ම භූ විද්‍යාත්මකවද වැදගත්මක් ඇත්තාවූ ස්ථාන දෙකකි. ශ්‍රී ලංකික මානව වංශ කතාවේ දැනට පැරණිම සාධක හමු වි ඇත්තේ මෙම පතිරාජවෙල සිදු කෙරුණ කැණිමකිනි.   වසර එක්ලක්ෂ විසිපන්දහසක් (125000)   පමණ පැරණි ගල් ආයුධ මෙම ස්ථානයෙන් හමු වි ඇත. භූ රුපණය සැලකීමේදී මෙම ස්ථානය වර්තමාන මුහුදු මට්ටමේ සිට මීටර 15ක් පමණ උසකින් පිහිටා ඇති අතර, කැණීමට අනුව මෙම ගල් ආයුධ ලැබෙන්නේ ගංගා ගැලීමෙන් ඇති වූ අවසාදිත තැන්පතුවකයි. එසේ නම් මෙම ගංගා තැන්පතුව වර්තමාන මුහුදු මට්ටමට වඩා ඉහලින් පිහිටන්නේ කෙසේද යන්න පැරණි මුහුදු මට්ටම් උච්චාවචනය සහ සබැඳේ. පෙබලු සහ බොරළු වලින් සමන්විත මෙම තැන්පතුව භූ විද්‍යාත්මක විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ ගංගාවක මධ්‍යම අවදියේ තැන්පතුවක් බවයි. එසේ නම් ගංගාවේ වෘධ අවදිය පිහිටන්නේ තව බොහෝ පහලිනි. මෙමගින් පැහැදිලිවන්නේ මෙම තැන්පතුව නිර්මාණය වන්නේ මුහුදු මට්ටම පහළ ගිය කාලයක බවයි. එම කාලය බොහෝ විට ලොව පැවති අවසාන අයිස් යුගය විය යුතුය. මානව වංශ කතාව ආරම්භවන්නේ අදින් වසර මිලියන් දෙකකට පමණ පෙරය. එම කාලය භූ විද්යත්මකව හඳුන්වන
ආර්ථික දියුණුවට විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ගෙන එන ස්වර්ණමය අවස්ථා වල ගිලිහීම සහ උපයෝගිතාව ආර්ථික දියුණුවට විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන මෙයට දශක කිහිපයකට පෙර ජරා ජීර්ණ වූ මුඩුක්කු පිරුණු ප්‍රදේශයක් හැදින්වුයේ “කොරියාව” යනුවෙනි. ඒ ඒතරම්ම කොරියාව ජරාජීරණ වූ පරිසරයකින් හෙබි අතිශය දුප්පත් රටක් ලෙස අප අතර තිබු අත්දැකීමයි. 1960 දශකය වන විට දකුණු කොරියාවේ ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් 80 ක් වන විට ශ්‍රී ලංකාවේ එය ඇමෙරිකානු ඩොලර් 320 ක් පමණ විය. එකල්හි කොරියානුවන් ගේ පැතුම වුයේ ලංකාව වැනි රටක් වන්නටය. 2010 වනවිට නොසිතු ලෙස දකුණු කොරියනු ඒකපුද්ගල දල ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් 20,757 ක්‌ වූ අතර එම අගය ශ්‍රී ලංකාවේ 2,423කි. එසේ වුයේ කෙසේද..? මෙතරම් දියුණුවක් කරා ලඟා වීමට ඔවුන් අනුගමනය කල සුවිශේෂි ක්‍රමෝපායන් කවරක් ද..? සුක්ෂමව විමර්ශනය කල විට පැහැදිලි වන්නේ වර්තමානය වන විට ඔවුන් අ ති ශයින්ම විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන මුලික කරගත්ආර්ථික රටාවකට අවතීරණය වී ඇති බවයි. මෙය මනාව පැහැදිලිවන්නේ, දකුණු කොරියානු ආර්ථිකයේ නිෂ්පාදන අපනයනයෙන් ලබාගන්නා මුදලින් 33.4% පමණම අත්ක
විදු පත් ඉරුව 2015.08.19 අතීතයේ අපේ ආහාර ඉහළ විවිධත්වයකින් යුක්‌ත වූ බව නොරහසක්‌. විවිධ එළවළු වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග පමණක්‌ නො වෙයි විවිධ මස්‌ වර්ග සහ මාළු වර්ග ද ඒ අතර විය. එපමණක්‌ නො ව, එදා විවිධ හතු වර්ග ද අහාරයට එක්‌ කරගත් බව ෂ\හන් කළ යුතු ව තිබේ. බිම් මල්, කඳන් හතු හා ලේන පලා ඒ අතර ප්‍රමුඛ හතු වර්ග වේ. ගොයම් කපා පාගා ඉවත දමන පිදුරු කමතේ පැත්තක ගොඩා ගසා තබන අතර කාලයත් සමග ක්‍රමයෙන් මේවා දිරාපත් වේ. වර්ෂා කාලයේ දී පිදුරු ගොන්නේ පිපෙන පිදුරු බිම්මල් නෙළා රසවත් ආහාරයක්‌ අපේ පැරැන්නෝ සකස්‌ කර ගත් හ. පැරැණි ගම්වල මෙලෙස තවමත් මේ රසවත් ආහාරය පිළියෙල කරන බව වාර්තා වේ. බිම්මල් නැත හොත් හතු ප්‍රොaටීන බහුල ආහාරයකි. මේවා වර්තමානයේ විශේෂයෙන් ම එලවළු පමණක්‌ අහාරයට ගන්නා අය අතර බොහෝ ජනප්‍රිය ආහාරයක්‌ වේ. දැනට ගෙවත්තේ කළ හැකි වගාවක්‌ ලෙස හඳුනාගෙන ඇති මේ බිම්මල් වගාව බොහෝ ස්‌ථානවල සිදු කරන නමුත් ඉල්ලුමේ හැටියට සපයාගත නොහැකි බව පෙනෙන්නට ඇත. වගාව සඳහා නව ප්‍රභේද සොයාගෙන තිබෙන මුත්, ඉහත ස`දහන් කළ ඉබේ වැවෙන හතු වර්ග අපේ ජනතාව අතර තවමත් ඉතා ජනප්‍රිය ය. ඒ ඒවායේ ඇති ස
විදු පත් ඉරුව 2015.08.12 ඔන්න ග්‍රීෂ්ම නිවාඩුවත් ඇවිල්ලා. දැන් ඉතිං දරුවන් ගේ ඉහේ මල් පිපිලා ඇති, ඇතිපදම සෙල්ලම් කරන්න කාලේ ආවා කියලා. වියළි කාලගුණය දූවිලි අවුසන්නේ බොහොම සැරට. වියළි හුළඟත් එක්‌ක පැතිරෙන දූවිල්ල ගහකොළ වසා දමන්නේ සැණෙකින්. වියළි හුළඟ දූවිලි විතරක්‌ නො වෙයි, අහසට නංවන්නේ. "සිලිසිලි බෑග්" කියලා අප හඳුන්වන පොලිතීන් මලු පරිසරයේ නිදහසේ පා වන අයුරු වර්තමානයේ සුලබ දසුනක්‌. ඉස්‌සර නං එහෙම නැහැ නේ. සුපිරි වෙළෙඳසල් නිසා සිලිමලු පාවිච්චිය වැඩි වෙලා ද කියලා හිතෙනවා. අනවශ්‍ය අවස්‌ථාවල දී පවා පොලිතින් මලු භාවිතයට මහජනතාව පෙලඹිලා. අපි පොඩ්ඩක්‌ හිතලා බැලුවොත් පාවිච්චි කරන "එක පොලිතින් මල්ලක්‌" දෙපාරක්‌ භාවිත කළොත් පොලිතින් භාවිතය සැලකිය යුතු මට්‌ටමකින් අඩු කළ හැකියි. ඒ වුණාට බොහෝ දෙනෙක්‌ ගෙදර ගෙනෙන පොලිතීන් මලු බොහොමයක්‌ වෙලාවට කුණු බක්‌කියට දාන එක තමයි කරන්නේ. එහෙම නො කර මලු එකතු කරගැනීමෙන් නැවත භාවිතයට ගන්න පුළුවන්. කඩේට යන අවස්‌ථාවල දී මෙලෙස එකතු කරගත් මලු කිහිපයක්‌ අරන් යනවා නම් අලුත් පොලිතින් මලු හින්දා පරිසරයට එකතු වන ප්‍රමාණය අඩු