Posts

Showing posts from May 1, 2018
විදු පත් ඉරුව 20 15  මැයි 27 බදාදා හැත්තෑව දසකයට පෙර බංග්ලාදේශයේ ළදරු මරණ බොහෝ විය. මේ සදහා හේතු වන්නේ දූෂිත ජලය බව තේරුම්ගත් යුනිසෙෆ් සංවිධානය සහ ලෝක බැංකුව මේ ජනතාවට භූ ගත ජලය ලබා දීමේ වැඩපිළිවෙළක්‌ දියත් කළේ ය. එනිසා එරට පුරා මිලියන අටක්‌ පමණ නළ ළිං ස්‌ථාපනය කළ අතර සියයට පනහකින් පමණ ළදරු මරණ ප්‍රමාණය අඩු කරගත හැකි විය. එහෙත් මේ ස්‌ථාපිත සැම නළ ළිං පහකින් එකක ම ආසනික්‌ නම් වූ ඉතා විෂ බැර ලෝහය අඩංගු බව දැනගත්තේ බොහොමයක්‌ දෙනා දරුණු ලෙස වකුගඩු රෝගයට ගොදුරු වීමෙන් අනතුරු ව ය. බංග්ලාදේශයේ ගම් නව සියයක පමණ ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත් විය. ජෛව ගෝලය කෙරෙහි භූගෝලයේ බලපෑම පෙන්නුම් කරනට මේ සිදුවීම කදිම නිදසුනකි. මෙපමණක්‌ නො ව, ජලයේ පවතින "ෆ්ලෝරයිඩ්" හේතුවෙන් දත් අවපැහැ වීම ද, බෙල්ලෙහි වායු ගෙඩි ඇති වීම ද, අස්‌ථි දරුණු ලෙස විකෘත වීම ද සිදු වන බව මේ වන විටත් සොයාගෙන ඇත. රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීම සම්බන්ධයෙන් කියෑවෙන්නේ ද භූ සම්පත් පරිහරණයේ අනිටු ප්‍රතිඵලයක්‌ ලෙසිනි. කෙසේ වෙතත් පසුගිය දශක කිහිපය තිස්‌සේ මේ සම්බන්ධව කරන ලද පර්යේෂණ හේතුවෙන් මෙමගින් ඇත