Posts

Showing posts from January 17, 2017
විදු පත් ඉරුව 20 15  නොවැම්බර් 04 බදාදා ඒ 1997 අවුරුද්දයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ප්‍රථම වසරේ සිසුවෙකු වූ මම ඉතා තදින් ම භූ විද්‍යාව හා බැඳී සිටියෙමි. දුෂ්කර වූ මුල් මාස කිහිපයෙන් පසුව නිදහසේ සැරිසරන්නට හැකියාව ලද අපි සියලු දෙනා ම අපට හදුන්වා දුන් මේ අලුත් විෂය ගැන නිරන්තරව සාකච්ඡා කළෙමු. භූ විද්‍යාව හැදෑරීම සදහා අප කණ්‌ඩායමේ 30 දෙනකු තෝරාගෙන තිබූ අතර ගැහැනු ළමයි දස දෙනකු පමණ ද ඒ අතර වූ හ. මේ මනරම් විෂයයෙන් ඔළු ගෙඩිය පුරවාගෙන සිටි මා හට අවසානයේ දී උසස්‌පෙළ දී මා ඉතා කැමැත්තෙන් සිටි උද්භිද විද්‍යා විෂය අතහැරීමට සිදු වූයේ දෙවැනි වසරේ සිට භූ විද්‍යා විශේෂ උපාධිය හැදෑරීමට අවස්‌ථාව ලද හෙයිනි. මා භූ විද්‍යාවට ප්‍රිය කළේ එය ක්‌ෂේත්‍ර මූලික විෂයක්‌ වූ නිසා ම ය. පළමු වසරේ භූ විද්‍යාව හැදෑරූ අපට ක්‌ෂේත්‍ර අධ්‍යයනය අනිවාර්ය අංගයක්‌ විය. සිතියම් අධ්‍යයනයත්, ඛනිජ සහ පාෂාණ වර්ග අධ්‍යයනයත් මූලික සංකල්පනා අතර විය. නවතම විෂයයක්‌ වූ බැවින් අලුත් ම කරුණු හැදෑරීම බොහෝ සතුට දනවන කරුණක්‌ විය. ඒ අතර ම බොහෝ අත්වැරැදීම් ද වූ අතර සමහර සිදුවීම් ඇත්තෙන් ම අප සිනා සයුරේ ගිල්වනසුල
විදු පත් ඉරුව 20 17 ජනවාරි 11 බදාදා වසර 12000 කට පෙර ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපය පිහිටියේ අද පවතින වෙරළට මීටර 100ක්‌ පමණ පහතින් බව භූ විද්‍යාඥයන් පෙන්වා දී ඇත. ඒ අප කවුරුත් දන්නා ලොව අවසාන අයිස්‌ යුගයේ දී ය. එම යුගයේ අවසානය වසර 11000කට පමණ පෙර ආරම්භ වූ අතර මුහුදු මට්‌ටම තවමත් වැඩි වෙමින් පවතියි. සමහර විද්‍යාඥයන් පවසන පරිදි අප තවමත් ගත කරන්නේ එම යුගයේ අවසාන කාල පරිච්ඡෙදයේ ය. එයට හේතුව ලෙස ඔවුන් දක්‌වන්නේ තවමත් ධ්‍රැවාසන්නයේ ඇති අයිස්‌ කඳු දිය වී නොමැති වීමයි. කෙසේ වෙතත් ඉතා පහතින් මුහුදු මට්‌ටම පිහිටීම හේතුවෙන් වසර 6000ක්‌ පමණ කාලයක්‌ දක්‌වා ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ගොඩබිමෙන් සම්බන්ධ ව තිබෙන්නට ඇතැයි යන්න භූ විද්‍යාඥයන් ගේ මතයයි. ශ්‍රී ලංකාවේ පිහිටි ත්‍රිකුණාමල වරාය ලොව පිහිටි හොඳ ම ස්‌වාභාවික වරායන් ගෙන් එකකි. එසේ වන්නට හේතු වී ඇත්තේ එහි අපූරු භූ සැකැස්‌ම ය. ඊසාන-නිරිත දිශානුගත ව විහිදී යන ලාංකේය භූ ස්‌කන්ධයේ පැලුම් රටාව සුවිශේෂී ලෙස මේ කෙරෙහි බලපා ඇත. මෙරට දිග ම ගංගාව වන මහවැලිය, මහනුවරින් පසු එක එල්ලේ මුහුදට ගලා බසින්නේ මේ සුවිශේෂී පැලුම් රටාව ඔස්‌සේ ය. එම පැ