Posts

Showing posts from December 25, 2019
වායු ගෝලීය දූවිලි අංශු  This aticle was originally published in Divaina 25th December, 2019  https://divaina.com/daily/index.php/visheshanga3/37204-20-25 පසුගිය දිනවල ඔබට මතක ඇති අපේ රටේ වායු දූෂණය සම්බන්ධ යම් යම් ගැටලු පැන නැගුණා. ඒකට හේතු වුණා කියලා කිව්වේ ඉන්දියාවේ සිට මෙරටට පා වුණ ඉතා කුඩා අංශු. මේ අංශු එරට වායුගෝලයේ කැළඹීමත් සමගම ඇතිවුණ සුළං ධාරා මගින් මෙරටට ගෙන ආ බවයි නිගමනය වුණේ. මේවා වායුගෝලීය ක්‌ෂුද්‍ර අංශු එහෙම නැතිනම් අපිට පුළුවන් වායුගෝලීය දූවිලි අංශු කියලත් හඳුන්වන්න.    දිනකට සුළං ගැලුන් 3000ක්‌ නොසිතාම පෙනහැල්ලට යවන ඔබ මේ පිළිබඳව දැනුවත්ද? මොනවද මේ වායු ගෝලීය දූවිලි අංශු? බොහොම සරලව හඳුන්වනවා නම් වායු ගෝලයේ පාවෙන ඉතා කුඩා අංශුමය ද්‍රව්‍යය මෙලෙස හඳුන්වන්න පුළුවන්. මේවා ඝන ද්‍රව්‍යය වාගේම දියරමය ස්‌වරුපයෙන් හෝ මිශ්‍රණයක්‌ ලෙස ද වායුගෝලයේ පා විය හැක. ප්‍රමාණය මනින්නේ මයික්‍රෝ මීටර ප්‍රමාණයෙන්. මයික්‍රෝ මීටරයක්‌ කියන්නේ මීටරයකින් මිලියනයකින් පංගුවක්‌. සෙන්ටිමීටරයකින් දස දහසකින් පංගුවක්‌. එතකොට හිතා ගන්නකො අංශුවල ප්‍රමාණය කොපමණ ද කියලා. උදෑසන හිරුඑළියට ඇතිවන හිරුකිරණ ඔබ