Posts

Showing posts from January 8, 2020
  කිරිගරුඬ පාෂාණ අලංකරණය This article was originally ublished in Divaina, 08.01.2020. https://divaina.com/daily/index.php/visheshanga3/37728-8-23.   අතීතයේ ශ්‍රී ලංකාවේ පාෂාණ භාවිතය ඉතා බහුලයි. ඒ වාගේම විවිධාකාරයි. අතීත මිනිසුන්, ඔවුන් එදිනෙදා ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා මෙම පාෂාණ භාවිත කළා. ගොඩනැඟිලි නිර්මාණයට, වාරිමාර්ග කටයුතු සඳහා, මාර්ග නිර්මාණය සඳහා පමණක්‌ නොව අලංකරණය සඳහා ද පාෂාණ යොදාගත් අවස්‌ථා දැකිය හැකියි.    කිරිගරුඬ පාෂාණය ඉතා අපූරු පාෂාණයක්‌. ධවල පැහැති මෙම පාෂාණය ශ්‍රී ලංකවේ බොහෝ අලංකරණ කටයුතු සඳහා භාවිත වූ බවට කදිම සාක්‌ෂි ලැබෙනවා. මොනවද මේ කිරිගරුඬ පාෂාණ කියන්නේ ? භූ විද්‍යාත්මකව විග්‍රහ කළහොත් මෙම පාෂාණ 'මාබල්' (Marbal) කියලා හඳුන්වන්න පුළුවන්. සමහරු 'විපරිත හුණුගල්' කියලත් කියනවා. ඇත්තටම 'මාබල්' කියන්නේ විපරිත වූ පාෂාණයක්‌. ශ්‍රී ලංකවේ ඇත්තාවූ ඇති බහුතරයක්‌ පාෂාණ විපරිත පාෂාණ.    කිරිගරුඬ පාෂාණයේ රසායනය වෙන්නේ අපි කවුරුත් හොඳින් දන්නා 'කැල්සියම් කබෝනේට්‌' කියන රසායනය. කිරිගරුඬ ඉතා ඉක්‌මනට ආම්ලික ජලයත් එක්‌ක ප්‍රතික්‍රියා කරන නිසා ඉ