Posts

Showing posts from July 7, 2019
විදු පත්ඉරුව අතීතයේ සිට ම විවිධ ආක්‍රමණවලට ලක්‌ වීම නිසා අපේ රටට විවිධාකාරයේ බලපෑම් ඇති වූ බව නොරහසකි. භාෂාව, සංස්‌කෘතිය, ආගම පමණක්‌ නො ව මෙරට ජනයා ගේ ආහාර රටාව පවා වෙනස්‌ කරන්නට විටෙක ඒවා හේතු විය. ඒ අතුරින් ශ්‍රී ලංකාවේ පරිසරය දරුණු ලෙස වෙනස්‌ කර බොහොමයක්‌ දේශීය ශාක සහ සතුන් මෙරටින් පමණක්‌ නො ව මෙලොවින් ම ද අතුගා දමන්නට හේතු වූයේ දහ නව වැනි ශතවර්ෂයේ මහා බ්‍රිතාන්‍යය සිදු කළ ආක්‍රමණය බවට සැකයක්‌ නොමැත. කඳුකරයේ කදිම වන බිම් එළි කර කෝපි සහ තේ ඇතුළු විදේශීය ආර්ථික භෝග නො සිටුවන්නට ශ්‍රී ලාංකේය කඳුකර ජෛව උරුමය තවදුරටත් රැකෙනු ඇත. හඳුන්වා දුන් මෙකී භෝග ආයාසයකින් තොර ව නො වැඩීම එක්‌තරා ආකාරයකට මෙරටේ වාසනාවක්‌ වන්නේ එය ශාක ප්‍රජාව තරමක්‌ දුරට හෝ රැකීමට හේතුවක්‌ වීම නිසාවෙනි. මෙලෙස හඳුන්වා දුන් ආර්ථික භෝග හා එක්‌ ව මෙරටට උරුම වූ තවත් අහිතකර ප්‍රතිඵලයක්‌ වූයේ ආක්‍රමණික ජීවීන් ය. ශාක ලෝකයේ ආක්‍රමණිකයන් ඉතා දරුණු ය. රටකට ආවේනික වන නමුත් තවත් රටකට ආගන්තුක වන මේ ආක්‍රමණිකයන් කිසිදු ලෙසකින් අනුකම්පාවක්‌ නො දක්‌වා දේශීය ශාක හා කරට කර තරග කර පරිසර පද්ධතියෙන් ඔවුන් ඉවත් ක