Posts

Showing posts from January 23, 2021
ආලකමන්දාව කාශ්‍යපගේ නොවේ.......!!! භූ සංචාරිතය 42 This article is originally published on Vidusara, 20.01.2021. හුදකලා කඳු අතර වඩා ප්‍රමුඛ භූ ස්කන්ධයක් වන්නේ සීගිරියයි. සීගිරිය එනිසාම අතීත මානවයාගේ අවධානයට සහ පරිහරණයට භාජනය වන්නට ඇති. ප්‍රාග්මානවයාගේ සිට නවීන මිනිසා දක්වා වූ පරිණාමික ක්‍රියාවලිය සියැසින් දුටුවෙකි සීගිරිය. සීගිරියේ පිහිටීම භූවිෂමතා අධ්‍යනයේදී සුවිශේෂී වන්නේ හුදකලා කන්දක් වීමම පමණක් නොවේ. පහත් තැනිතලා භුමියේ වඩා ප්‍රමුඛව හිස ඔසවා සිටින රජෙකු සේ ආඩම්බරයෙන් පහත් බිම් දෙස බලා සිටිනා යෝධයෙකු වීම ද මෙහිදී වැදගත් වේ. එනිසාම අතීත මානවයාට වඩා ආරක්ෂාකාරී වාසස්ථානයක් සපයන්නට නොනවතින භූ ක්‍රියාදාමය වන ජීර්ණය සහ ඛාදනය ක්‍රියාත්මක වී ඇත. අනෙකුත් ප්‍රදේශ මෙන්ම මෙම ප්‍රදේශයේ පාෂාණ ද ප්රෝටෙරෝසොයික් යුගයේ නිර්මාණය වූ උච්ච විපරීතකරණයට ලක් වූ නයිස් වර්ගයේ පාෂාණ වලින් සමන්විත වේ. කෙසේවෙතත් සිගිරිය හුදකලා කරන්නට අවටපිටේ පාෂාණ වගබලාගෙන ඇති බව වත්මන් සැකැස්ම අපට පහදා දෙයි. පාෂාණයේ වර්ගය එහි ඛණිජ සංයුතියේ අසමානතා පමණක් නොවේ අප දන්නා පරිදි පාෂාණයේ ව්‍යුහයද පාෂාණ ජීර්ණය ක්‍රියාවලිය සඳහා අති