Posts

Showing posts from January 14, 2019
විදු පත්ඉරුව 11.05.2016 මුහුදු මට්‌ටම ඉහළ යැම ගැන බොහෝ කලක සිට අපි කතා කරන්නෙමු. ඒ ක්‍රමයෙන් වැඩි වන ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් බව ලොකු කුඩා අපි බොහෝ දෙනා ඉතා හොඳින් දැන සිටින්නෙමු. සාගර ජල මට්‌ටම ඉහළ යැමේ ප්‍රතිඵල ද මේ වන විට අපි හොඳින් වටහාගෙන ඇත්තෙමු. එහෙත් ෆොසිල ඉන්ධන දහනයත්, වනාන්තර විනාශ කිරීමත් ඇතුළු මේ සදහා හේතු වන අනෙකුත් ක්‍රියාකාරකම් නවතා නොමැති බව මනාව පැහැදිලි වේ. කෙසේ වෙතත් මුහුදු මට්‌ටම උච්චාවචනය වීම අද ඊයේක ආරම්භ වූවක්‌ නො වේ. පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ඒ පැරැණි උච්චාවචනයන් සිදු වීම සදහා බොහෝ විට හේතු වී ඇත්තේ ස්‌වාභාවික කරුණු කාරණා ම වන බවයි. අයිස්‌ යුග ඇති වීම මුහුදු මට්‌ටම පහත හෙළීම සදහා එක්‌ හේතුවක්‌ වන අතර එය ලෝකයේ වියළි කාලගුණික තත්ත්වයක්‌ ඇති කිරීමට හේතු වී තිබේ. මේ සීතල වියළි කාලගුණික තත්ත්වයන් නිසා ලෝකයේ බොහෝ වෙනස්‌කම් සිදු වී ඇති බව භූවිද්‍යාඥයන් ගේ පර්යේෂණවලින් තහවුරු වී ඇත. ලෝකයේ ආරම්භයේ සිට සැලකු විට ප්‍රධාන වශයෙන් අයිස්‌ යුග පහක්‌ තිබී ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මානවයා ගේ ආරම්භයත් සමග සැලකු කල පැරැණි ම අයිස්‌ යුග