Posts

Showing posts from September 25, 2019
මුහුණේ ගාන ගල් කුඩු Originally published in Divaina, 25.09.2019 පාෂාණ නිර්මාණය වන්නේ ඛණිජ වලින්. ඛණිජ කියන්නේ රසායනික සංයෝග. මේ වනවිට ඛණිජ වර්ග 5000ක්‌ පමණ හඳුනාගෙන තියෙනවා. ඒ අතුරින්, ලෝකයේ තියෙන වඩාත්ම සුසිනිඳුම ඛණිජය වන්නේ ටැල්ක්‌ (talc). ටැල්ක්‌ කියන්නේ මැග්නීසියම්, සිලිකන් සහ ඔක්‌සිජන් වලින් සමන්විත වූ මැටි ඛණිජයක්‌. හයිඩ්රේටඩ් මැග්නීසියම් සිලිකේටයක්‌ කියලා කියන්නත් පුළුවන්. මේ ඛනිජයේ සුසිනිඳු බව නිසාම විවිධ වර්ගවල පවුඩර් (කාන්තා, ළමා සහ පිරිමි) නිෂ්පාදනයට මෙන්ම වෙනත් රූපලාවන්‍ය ආලේපන සඳහාත් ටැල්ක්‌ යොදාගන්නවා. මෙම ටැල්ක්‌ ඛණිජය 'ප්‍රංශ හුණු' ලෙස ද හඳුන්වයි. ටැල්ක්‌වල තියෙන සුවිශේෂී ගුණය තමයි ඉතා හොඳින් ජලය උරා ගැනීමට හැකි වීම. එනිසා සිහින්ව අඹරාගත් ටැල්ක්‌ මගින් නිෂ්පාදනය කරන පවුඩර් මුහුණේ ආලේප කළ විට තෙතමනය උරා ගෙන මුහුණ වියළිව තබනවා. එවිට තෙතමනය නිසා ඇතිවන දිලීර වර්ධනය නවත්වා දද වැනි සමේ රෝග ඇතිවීම වළක්‌වයි. කොහොම වුණත් ලෝකයේ ළමා ආලේපන සඳහා ටැල්ක්‌ බහුලව යොදාගන්නවා. ලෝකයේ ඛණිජ වර්ගවල දැඩියාව මනින මිමි හඳුන්වා දුන්නේ මෝහා. ඒ 1812 දී. ඔහුගේ චක්‍රයට අනුව දැඩියාව