Posts

Showing posts from August 6, 2020
මාන්තායි සමුද්‍රාසන්න වෙළඳ නගරයේ පරිණාමය....!!! භූ සංචාරිතය 2 1 This article is originally publishde on Vidusara 05.08.2020. සමුද්‍රාසන්න භූ රූපණය (coastal geomorphology) නොමැතිව භූ විද්‍යාවේ රසය සෙවිය නොහැක. භූ විද්‍යාවේ ශ්රුන්ගාරය ගෙන එන්නේ සමුද්‍රාසන්න භූ රුපණයයි. එනිසා භූ සංචාරිතයේ දී මේ ගැන කතා නොකරම බැරිය. බලන්න බලන්න ආසා හිතෙන දේවල් වාගේම දෙවරක් හරි හැරි බලන්නත් හිතෙන දේවල් ඇත්තේ වෙරළාසන්නයේ බව නොකියාම බැරිය. ඒ තරමටම සමුද්‍රාසන්න භූ රූපණය විචිත්‍රය, අලංකාරය, සිත් ඇදගන්නා සුළුය. සමුද්‍රාසන්න පරිසරය නිතරම වෙනස්වන සුළුය, අලුත් වෙන සුළුය. ලෝක සාගර ජල මට්ටම ද, වරින් වර ලෝකයේ ඇතිවන සුළං ධාරා ද,   අඩු වැඩි වශයෙන් ලැබෙන හිරුගේ රශ්මිය ද සමුද්‍රාසන්න භූ රූපණය යාවත්කාලීන කරන්නට මහඟු මෙහෙයක් කරන බව අප වටහා ගත යුතුය. පුලින තලාවේ භෞතික රසය කලත්තන්ට වෙහෙසෙන්නේ සාගර තරංගයි. එහි රසයේ ප්‍රභලතාවය අනුව පුලිනතලාවේ ඛණිජ අංශු වල රසය වෙනස් කරන්නට සමත් වෙයි. එනිසා වැලි අංශුමය, මැටි අංශුමය මෙන්ම විශාල පෙබලු අංශුමය පුලින තලාවන් බිහිකරන්නට සමත්වෙයි. එමෙන්ම එහි ස්ථානීය පැවැත්ම තීරණය කරන්නේ සාගර ජල ම