Posts

Showing posts from October 23, 2020
පුරාවිද්‍යා සංරක්ෂණය සඳහා ක්‍රමවත් නියැදිකරණයක අවශ්‍යතාවය...  භූ සංචාරිතය 30 This article is orginally published on Vidusara, 21.10.2020. මෙරට ඇති යුනෙස්කෝ ලෝක උරුම අතුරින් ආගමික නොවන ලෝක උරුමයක් වන්නේ ගාලු කොටුවයි. ගාලු කොටුව සංචරණය සඳහා ඉතා වටිනා තැනකි. ඔබ මෙය බැලීමට ගොහින් ඇතුවා නොඅනුමානයි. ගාලු නගරයට පෙනෙන මානයේ පිහිටා ඇති මේ අගනා වටිනා ආරක්ෂක කොටු පවුර ද එහි වූ අනෙකුත් ගොඩනැගිලි ද පළමුවෙන්ම ගොඩනගන්නේ පෘතුගීසීන් විසිනි. ඒ 1588 දී පමණය. 17 වන ශතවර්ෂයේදී පමණ මෙරටට පැමිණි ලන්දේසින් විසින් මෙම ගොඩනැගිලි සංකීර්ණය අත්පත් කරගන්නා අතර එය අද පවතින ආකාරයට නිර්මාණය කරන්නේ 1649 දී පමණය. ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ලක් බවට පත්වන මෙම අපූරු නිර්මාණය කදිම ගෘහ නිර්මාණයක් බව අමතුවෙන් විස්තර කල යුතු නොවේ. මා මෙහි සඳහන් කරන්නට උත්සාහ කරන්නේ මෙහි ඉහත කී වැදගත්කම ගැන නං නොවේ. මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණයේදී නිසි ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් එම සංරක්ෂණයේ ප්‍රතිඵල විරහිත යමක් වන බව අප අමතක නොකළ යුතු බවයි. ශ්‍රී ලංකවේ මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණය සඳහා මූලික වන ආයතන දෙකකි. එකක් වන්නේ පුරාවි