Posts

Showing posts from July 27, 2017
විදුපත් ඉරුව 2017.08.02 බදාදා නව නිපැයුම් සහ නවෝත්පාදන නොමැති නම් ලෝකයේ ඉදිරි ගමනක් ගැන සිතිය නොහැක. ඒක නිසාම තමයි මුනිදාස කුමාරතුංගයන් “අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී” යැයි පැවසුවේ. රටක ජාතියක අභිවෘධිය සඳහා නම් නව නිර්මාණ අවශයෙන්ම කල යුතු වන බව අප පිළිගත යුතුය. ලෝකය ජය ගැනීමේ කලාවේ කොඳු නාරටිය වන්නේ නව නිපැයුම් බව කිව යුතුය. නව නිපැයුම් සහ නවෝත්පාදන යනු නිර්මාණශීලිබවේ සංකේතයයි. රාමුවෙන් ඔබ්බට සිතීම ද දැකීම ද නව නිර්මාණ සඳහා හේතුවන බව මතකයේ රඳවා ගත යුතුය. මේ සඳහා බොහෝ උදාහරණ ඇත. තම ඔලුවට වැටුන ඇපල් ගෙඩිය කා දමන්නේ නැතුව ඒ ඔස්සේ තම මනස මෙහෙය වූ නිව්ටන් ලොවට ගුරුත්වාකර්ෂණ සිද්ධාන්තය ඉදිරිපත් කළේය. කතෝලික පල්ලියේ දර්ශනයට අනුගත නොවූ ලුවී පාස්චර් රෙදි කැබලි වලින් මීයන් බෝ නොවන බව හෙළි කළේය. නව නිපැයුම් සඳහා හේතුවන තවත් කරුණක් වන්නේ යම් කිසි ගැටලුවකට පිළිතුරක් සෙවීමට අවැසි බවයි. එම ගැටලුවෙන් මිදීම ප්‍රමුඛ වීම තරඟකාරී ප්‍රවේශයකට මග පාදයි. කාලින අවශ්‍යතාවයන් මෙහිදී කැපී පෙනෙන අවස්ථාවන් ලබා දෙයි. උදාහරණයක් ලෙස ගතහොත් දෙවැනි ලෝක යුධ සමයේ හිට්ලර් ගේ අවශ්‍යතාවය වූ පහසුවෙන් කා