Posts

Showing posts from March 16, 2018
විදු පත් ඉරුව 20 15  අප්‍රියෙල් 01  බදාදා කාලය යන ඉක්‌මන. ඔන්න ආයෙත් බක්‌ මහේ සිංහල අලුත් අවුරුදු මංගල්‍යය ළඟ ළඟ ම එනවා. ඉස්‌සර නම් කොහා බක්‌ මහ ආසන්නයේ දී තමයි පණිවිඩේ ගෙනාවේ. ඒ වුණාට මේ ළඟ දි ඉඳලා කොහා ලංකාවේ ම පදිංචි වෙලා වගෙයි. ඒක හින්දා පසු ගිය මාස කිහිපයේ ම කොහා ගේ හඬ නිතර ම ඇහුණා. සතුනුත් බලාගෙන ගියා ම පදිංචිය මාරු කරනවා වගෙයි. කවුද ඉතින් ලංකාව වගේ රටකට අකැමැති. බක්‌මහ කියන කොට නිතැතින් ම මතකෙට එන්නේ අපේ පාරම්පරික සිරිත් විරිත්. දැන් නම් ඉතින් බොහොමයක්‌ අයට මේවා අමතක වෙලා ද කොහෙද. මුළු ලෝකය ම ගමක්‌ වෙද්දි අපේ ගම අමතක වෙලා. ඉතින් ඒ කොහොම වුණත්, පාරම්පරික සිරිත් විරිත් අමතක කරන එක නම් හොඳ දෙයක්‌ නො වෙයි. ඒ විතරක්‌ නො වෙයි, අපේ අවධානය යොමු කළ යුතුයි දේශීය ඥානය එහෙම නැතිනම් පාරම්පරික දැනුම කෙරෙහිත්. කාලාන්තරයක්‌ තිස්‌සේ පැවතුණ මේ දැනුම සැම විට ම කිසියම් සංස්‌කෘතියකට, ප්‍රදේශයකට, රටකට ආවේනිකයි. අපේ මුතුන් මිත්තන් තම ප්‍රත්‍යක්‌ෂයෙන් තහවුරු කරගත් දැනුම තමයි මේ ආකාරයට පැවතගෙන එන්නේ. ඉතින් බොහොමයක්‌ දේශීය දැනුම අපේ ජන ජීවිතය හා බැඳිලා තියෙනවා. අප ඉගෙනගන්නා සහ