Posts

Showing posts from March 17, 2020
තිස්‌ හත් වැනි සැතපුම් කණුව පසු කළ ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය... පත්මෙගේ භූ සංචාරිතය 09 This article is originally published on Vidusara, 11.03.2020. සංචාරය සැමවිටම උත්කෘෂට වන්නේ නැත. එනිසාම රසවින්දනය විටෙක පහත හෙලයි. ඒ බොහෝ විට සංචාරයේ දුෂ්කරභාවය ද එනිසාම පැන නගින වෙහෙස මහන්සිය ද මේ සඳහා ප්‍රභල හේතුවක් වෙයි. කෙසේ වෙතත් වසරින් වසර තම සංචාරයේ අත්දැකීම් තම සාමජිකයන්ට ලබා දෙමින් දිනෙන් දින උත්කෘෂ්ට බවට පත්වන්නට හැකි බව බොහෝ සාධක සමග ඔප්පු කරනා අප අතරම අයෙක් වෙයි. ඒ වෙන කවුරුත් නොව ඒක පුද්ගලභාවයක් නොමැති වුවද සාමූහිකත්වයේ පිළිබිඹුව වෙමින් දේශීය පමණක් නොව විදේශීය භූ විද්‍යාඥයින් අතර පවා ගෞරව ආදරයට පත් ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයයි. ඒ ඔබ සංචාරය කල යුතුම ස්ථානයකි.  වසර 36 ක අනර්ඝ මෙහෙවරක් දේශීය භූ විද්‍යාඥයින්ට ඉටු කරමින් පසුගිය පෙබරවාරි මස 28 වෙනි සිකුරාදා තම තිස්හත්වන සැතපුම් කනුවට පා තබන්නට ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයට හැකි වී තිබේ. ඒ පන්සියයකට වැඩි සාමාජික පිරිසක් සමග ඉහත කී සාමුහිකත්වයේ චාරිකාව සාර්ථක කරගෙන යාමට හැකි විම ද තම දරු දැරියන්ගේ නොමද සැලකිල්ල ද හේතුවෙනි.