Posts

Showing posts from September 23, 2019
විදුපත්ඉරුව 2016.08.17 "පෘථිවි අභ්‍යන්තරයේ ඉන්නා ගල් කන පණුවා ගල් කෑව ද ගල් දෙකක්‌ අතරින් තැබූ කතුර කන්නේ මළකඩ ය". මේ "ගල් කන පණුවා ගේ කතාව" අප අතර එක්‌ කලෙක පැතිර ගිය ජනප්‍රිය හාස්‍යජනක කතාන්දරයකි. සත්‍ය ලෙස ම මෙවැනි ජීවීන් ලොව වෙසෙන්නේ ද යන්න එකල මට ද ඇති වූ පැනයකි. පණුවන් කෙසේ වෙතත් පාෂාණ ආහාර කරගන්නා වෙනත් ජීවීන් විශේෂයක්‌ වෙසෙන බව විද්‍යාඥයන් සොයාගෙන තිබීම කෙතරම් විස්‌මයජනක ද යන්න ඒ ගැන සොයද්දී මට සිතිණි. ඔබට ද මෙය කියවූ පසු එසේ සිතෙනු නිසැක ය. ඇසට නො පෙනෙන ජීවීන් කාණ්‌ඩයක්‌ වන මොවුන් ඔබ ඉතා හොඳින් දන්නා බැක්‌ටීරියාවන් වේ. මොවුන් හඳුන්වන්නේ 'පාෂාණභක්‌ෂක' බැක්‌ටීරියාවන් (lithotrophic bacteria) ලෙස ය. ඔබ හොඳින් දන්නා පරිදි බැක්‌ටීරියාවන් ඉතා අධික විවිධත්වයක්‌ පෙන්වන ක්‌ෂුද්‍රජීවීන් කාණ්‌ඩයකි. ලොව දසත විසිරි පැතිරී ඇති මොවුන් ඉතා කටුක පරිසරවල පවා ජීවත් වීමට කදිමට හැඩගැසී ඇත. ක්‌ෂුද්‍ර දේහ දරන මේ ජීවීන් ඉතා සරල ඒක සෛලිකයන් ය. ජීවී පරිණාමයේ මූලාරාම්භකයන් ලෙස විදු ලොව පිළිගැනෙන මොවුන් ගේ සරල දේහ ඉතා ම සරල පරිවෘත්තීය ක්‍රියා පෙන්