Posts

Showing posts from June 25, 2020
භූ සංචාරිතය 1 5 This article is originally published on Vidusara 24.06.2020. “වර්තමානය අතීතයට යතුර” බව පවසන්නේ නවීන භූ විද්‍යාවේ පියා වූ ජේම්ස් හට්න් (James Hutton) නම් වූ ස්කොටිස් ජාතික භූ විද්‍යාඥයායි. භූ විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් වූ මේ කියමන බොහෝ තැන්වලදී අප භාවිත කරන මුත් එය සෑම තැනකදීම නිවැරදිදැයි කීයෙන් කී දෙනෙකු අධ්‍යනය කර ඇත්දැයි නොදනී.   ඔහු මේ පවසන්නේ වර්තමානයේ සිදුවන බොහෝ සොබාවික ක්‍රියාදාමයන් ඒ ආකාරයෙන්ම අතීතයේදී ද සිදු වූ බවයි. ඇත්තටම එය කොතරම් දුරට නිවැරදි ද? වර්තමානයේ සිදුවන එකම ආකාරයේ භූ සංසිද්ධීන් සමුහයක් අතීතයේදී ද සිදුවුනා යයි පැවසීම මටනං තරමක් ප්‍රශ්නාර්ථමය කියමනක් බව පෙනී යයි. අතීතයේ දී සිදු වූ දේ පිළිබඳව අප අද අධ්‍යනය කරන්නේ වර්තමානයේ සිදුවන සිදුවීම් පාදක කරගෙන නම් වත්මනෙහි සිදු නොවන නමුත් අතීතයේ සිදු වූ භූ සංසිද්ධියක් ගැන අධ්‍යනය කරන්නේ කෙසේද යන්න පැහැදිළි කර ගත යුතුය. මේ අප කතා කරන්නේ භූ සංසිද්ධීන් ගැන නම් ඒවායේ වේගය සහ සොබාවය ගැන නම් එය ඉතා ප්‍රශ්නකාරී බව අමුතුවෙන් විස්තර කල යුතු නැහැ. විවිධ භූ විෂයන් හා භූ ක්‍රියකාරකම් ගැන කතා කරන විට මෙහි බරපත