Posts

  ලොව විශාලම නීල කුරුවින්දය , ශ්‍රී ලංකාවෙන් හමුවේ. ශ්‍රී ලංකාව මැණික් සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ අදක ඊයෙක සිට නොවේ. වසර දහස් ගනනක් සිටම අපට එම වාසනව උදා වී තිබේ. හමුවන මැණික් අතුරින් නිල් මැණික් සඳහා ශ්‍රී ලංකාව ලෝකයේ ඉහල ස්ථානයක් හිමිකරගෙන තිබේ. නිල් මැණික්, කුරුවින්ද ඛණිජ පවුලේ මැණිකක් වන අතර රතු, කහ පුෂ්පරාග, පද්මරාග සහ ගෙවුඩ යන මැණික් ද එම කුලයට අයත් මැණික් වර්ග වේ. මැණික් ලෙස හඳුන්වන්නේ අපූරු පැහැයන්ගෙන් යුක්ත ආලෝකය කදිමට වර්තනය කරන විවිධ ඛණිජ වර්ගයි.   මෑතක දී රත්නපුරයෙන් හමු වූ දැවැන්ත නිල් මැණික ශ්‍රී ලංකව නැවතත් ලෝපුරා ප්‍රසිද්ධියට පත්කරන්නට සමත් විය. කිලෝග්‍රෑම් 510 ක් පමණ බරැති මේ මැණික දැනට ලොව වාර්තා වී ඇති විශාලම මැණික බව පවසයි. මැණික් වර්ග තක්සේරු කරන්නේ කැරට් නම් ඒකකය භාවිතයෙනි. කැරට් එකක් යනු ග්‍රෑම් 0.2 කි. ඒ අනුව මෙම මැණිකේ කැරට් මිලියන 2.55 පමණ ඇති බව පෙනී යයි. මෙම මැණික සියැසින් දක්නට නොලැබුන ද වාර්තා වූ චායාරුපවලට අනුව පෙනී යන කාරණාව වන්නේ මෙම මැණික තනි ස්ඵටිකයක් නොව ස්ඵටික සමූහයක් එකතුවක් බවයි. එනම් ස්ඵටික සමුච්චයක් බවයි. මැණික බිහිවීමේ දී ඇති වූ භූ අභ්‍ය
තුර්කි භූ කම්පා ඛේදවාචකය තුර්කිය සහ සිරියාව ආසන්නයේ සිදු වූ දරුණු භූ කම්පා ආපදාව නැවත ලෝකයේ අවධානය භූ කම්පා වෙත යොමු කරන්නට හේතු විය. බොහෝ තාක්ෂණික දියුණු වීම් තිබුනත් භූ කම්පා සිදුවන නිශ්චිත වේලාවක් ගැන පැවසීම අතිශය අපහසු බව ප්‍රත්‍යක්ෂ කල මෙය කදිම අවසථාවක් විය. ජිවිත හානි සංඛ්‍යාව 29000 ක් දක්වා ඉහල නංවන්නට සමත් වූ මෙම භූ කම්පාව මෑත කාලීනව සිදු වූ දරුණු භූ කම්පාවක් බව පැවසිය යුතුය. මෙම භූ කම්පාව ඇතිකරන්න හේතු වූ භූ විද්‍යාත්මක පසුබිම සලකා බැලූ විට පැහැදිලි වන්නේ භූ තල ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත්තක් බවයි. මේ පිළිබඳව පැහැදිලි කිරීමේදී භූ තල සහ භූ තල ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීම වැදගත් වේ. අතිශය ගතික පෘථිවි පිටත ආවරණය වන කබොල සහ එයට වහාම පහලින් පිහිටන ප්‍රාවරණයේ ඉහල කොටසත් සම්බන්ධ වීමෙන් ශිලා ගෝලය සකස්වන අතර එය භූ තල ලෙස හඳුන්වා දිය හැක. ශිලා ගෝලයට වහාම පහලින් වූ ලෝපතරල ගෝලය අර්ධ ද්‍රව තත්වයේ පවතින ද්‍රවමය පාෂාණ වන ලෝපතරලයෙන් යුක්ත වන අතර එහි ඇතිවන සංවහන ධාරා ඉහලින් වූ භූ තල චලනය කරන්නට හේතු වේ.. මෙම චලන තෙවර්ගයකි. භූ තල එකිනෙකින් ඉවතට සිදුවන චලන, එකිනෙක වෙතට සිදුවන චලන සහ එකිනෙක
ඉපැරණි පෙරදිග වේදය : උම්මග්ග ජාතකය ඇසුරෙන්. ආචාර්ය පත්මකුමාර ජයසිංහ,   සාරගර්භය අප සතු සාහිත්‍ය ග්‍රන්ථ අතීත ජනයාගේ සහ එම සමාජයේ දැනුම් පද්ධතිය විග්‍රහ කිරීමට යොදාගත හැකි අපුරු මාධ්‍යයකි. උම්මග්ග ජාතකය ඇසුරෙන් සිදුකරන ලද මෙම විග්‍රහය කේන්ද්‍ර වන්නේ අතීත ජනයාගේ විද්‍යත්මක දැනුම කෙරෙහිය. මෙහි සඳහන් වන විවිධ භාවිතයන් සඳහා පාරිසරික විද්‍යා දැනුම, භෞතික විද්‍යාත්මක දැනුම, සත්ත්ව විද්‍යාත්මක දැනුම, ශාක විද්‍යත්මක දැනුම භූ විද්‍යාත්මක දැනුම මෙන්ම විවිධ කර්මාන්ත පිලිබඳ දැනුම ද ඉතා කදිම තාර්කික පදනමක සිට යොදා ගෙන ඇති බව පැහැදිලි වේ. මෙම පෙරදිග විද්‍යා දැනුම අද භාවිතා වන බටහිර දැනුම හා සංසංදනයෙන් අපට ඉතා හොඳින් අවබෝධ කරගත හැකි බව පෙන්නුම් කෙර්. මෙම පර්යේෂණ පත්‍රිකාව එලෙස සිදුකරන ලද විග්‍රහයක ප්‍රතිඵල ගෙන එයි.   හැඳින්වීම පැරණි සාහිත්‍ය ග්‍රන්ථ තුලින් ලබාගත හැක්කේ සාහිත්‍යමය රසය පමණක් නොව අතීත ජනයාගේ සංස්කෘතික, ආර්ථික සහ සමාජීය පසුබිම ද , ඉන් ඔබ්බට විමර්ශනය කරන්නෙකුට නවීන වේදය හා ගැලපෙන ඉපැරණි වේද කරුණු රාශියක් ග්‍රහණය කර ගත හැකි වේ (Savithri, 1988; Kak, 1997 ). එමගින් අතීත ජනයා තුල ති
  නාය භුමි ප්‍රතිස්තාපානය කරන්නේ මෙහෙමයි...!!! දෙසැම්බර් 22 දින (2021) විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  නාය ඇතිවීම සොබාවික සංසිද්ධියක් වූවත් අද වනවිට එය ද මානව ග්‍රහණයට අසුවීම නිසා කඳුකරයේ බොහෝ තැන් නිතර නිතර ආපදාවට පත් වෙමින් ඇත. මධ්‍යම කඳුකරයට ඇතුළුත් දිස්ත්‍රික්ක   බොහෝ ගණනාවක් අද වන විට මෙම අනතුරට පත්වන ප්‍රදේශ බවට හඳුනාගෙන ඇත. ජනගහනය වැඩි වීමත් සමගම ඇතිවන මානව අවශ්‍යතා සැපිරීම සඳහා භුමි පරිහරණය සීඝ්‍ර වීමත් අවිධිමත් සංවර්ධන කටයුතුත් නිසා කඳුකර භූමින් අස්ථාවර වෙමින් පවතී. නිසි ක්‍රමවේද අනුගමනය නොකරමින් සිදුකරන සංවර්ධන කටුයුතු මෙම අස්ථාවර භූමින් ඇතිකරන්නට මූලික හේතුව වී ඇති බව පර්යේෂණ පෙන්වා දෙයි. ඒ වාගේම අධි අවදානම් කලාප මානව ග්‍රහණයට ලක් වීම ද මේ සඳහා හේතුවක් වී ඇත. නිසි කළමනාකරණයකින් තොරව කඳුකරයේ සිදුවන භුමි පරිහරණය වර්ධනය වීම නිසා ඇති වි ඇති තත්වය නාය අවදානම අවම කිරීම සඳහා නව මානයක් සඳහා යා යුතු බව අපට පෙන්වා දෙයි. ඒ කෙසේ වෙතත් නාය ඇතිවීම නිසා අතිවිශාල ආර්ථික සහ සමාජ ප්‍රශ්ණ ගණනාවක් ඇති කර ඇත, ඉදිරියට ද ඇතිකරමින් පවතිනු ඇතැයි විශ්වාස කල හැක. නාය ඇතිවීම නිසා ඇතිවන