Posts

විදුපත් ඉරුව 20 15  ජුනි 17 බදාදා විද්‍යා සන්නිවේදනය වැදගත් වන්නේ විද්‍යාත්මක පර්යේෂණ, යෙදීම්, සොයාගැනීම් ආදිය මහජනතාවට පැහැදිලි කිරීම සඳහා ය. ඒ සඳහා සරල සුමට රිද්මයක්‌ අනුගමනය කළ යුතු අතර එහි දී යෙදෙන වචන පිළිබඳව බොහෝ සැලකිලිමත් විය යුතු වේ. බටහිර විද්‍යාව විද්‍යාත්මක රචනා සඳහා යොදාගන්නේ ඉංග්‍රීසි භාෂාවයි. බොහෝ විට කර්තෘ අඥාත ව යෙදෙන මේ රචනාවල දී එක්‌ එක්‌ විෂය ක්‌ෂේත්‍රය උදෙසා වූ සුවිශේෂී වචන මාලාවක්‌ යොදමින් තම කතාන්දරය (හෝ පර්යේෂණය) විග්‍රහ කෙරෙයි. මේ සුවිශේෂී වචන මාලාව සහිත ව බොහෝ විට ඉංග්‍රීසියෙන් ලියවුණු බටහිර විද්‍යාත්මක පර්යේෂණ ලිපි එනිසා ම සාමාන්‍ය ජනතාවට තේරුම්ගැනීම අසීරු වෙයි. මෙවැනි විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා හෝ කල්පිත සාමාන්‍ය ජනතාවට තේරෙන ලෙස ඉදිරිපත් කිරීම විද්‍යා සන්නිවේදනයේ දී වැදගත් වෙයි. එය වඩාත් තීව්‍ර වන්නේ තවත් භාෂාවකට පරිවර්තනය වීමේ දී ය. ශ්‍රී ලාංකික අපට ද මේ ගැටලුවට මුහුණ දීමට සිදු වේ. ඒ තවමත් විද්‍යාවේ යෙදෙන තාක්‌ෂණික යෙදුම් නිසි පරිදි නොමැති වීමත් ඇත්තා වූ වචන සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත නො වීමත් නිසා
කුළුඳුල්   ඔක්සිජන් පෘථිවි ආරම්භයේදී ප්‍රා ථමික වායුගෝලයේ ඔක්සිජන් වායුව තිබුනේ නැත . මුල් වසර මිලියනය පුරාවටම මෙම තත්වය පැවතී අතර අදින් වසර මිලියන 3500 ක්‌ පමණ කාලයේ ඒ අසිරිමත් ක්‍රියා වලිය හටග නි මින් තිබුණි . මුල්ම පෘථිවි ජිවීන් ඉතාම කුඩා ක්ෂුද්‍ර දේහ ධාරීන් විය . ඔවුන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගත්තේ “ රසාසංශ්ලේෂණය ” නම් වූ ක්‍රියාවලියෙනි .   ජානමය විකෘතිතා හේතුවෙන් සමහර රසාසංශ්ලේෂ්කයන් ආලෝක ශක්තිය උපයෝගයෙන් වායුගෝලයේ වූ කාබොන්ඩයෝක්‌සයිඩ් නම් වූ වායුව උරාගෙන ඒවා සරල සිනි බවට පත්කරමින් ආහාර නිපදවීය . ජීවී විකශනයේ අතිශය වැදගත් මෙම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හැදින්වෙන අතර මෙහි අතුරුඵලය වුයේ වායුගෝලයට අනුක ඔක්සිජන් එකතු වීමයි . නමුත් ඒවාට වායුගෝලයේ දිගුකල් රැඳීමට ඉඩ ලැබුනේ නැත . සාගරවල සහ ගොඩබිම වූ යකඩ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාක රමින් “ යකඩ මල ” ඇතිකරවූ අතර බරින් වැඩි මෙම යකඩ මල සාගර පතුලේ ක්‍රමයෙන් තැන්පත් වෙමින් යකඩ බහුල අවසාදිත පාෂාණ බිහි විය . ප්‍රභාසංස්ලේශී ප්‍රාග් කාරියෝටාවන් මද බව නිසාත් එකතුවූ ඔක්සිජන් සියල්ල යකඩ සමග ප්‍රතික්‍රියා කිරීමත් හේතුවෙන් ඉන් පස
විදු පත් ඉරුව 20 15  ජුනි 24 බදාදා ග්‍රීෂ්මය නිමා කරමින් වැසි ඇදහැළෙන්නට පටන් ගත් නිසා පරිසරය සිසිල් වෙලා. ගහ කොළ අතපය දිගහැරලා ප්‍රාණවත් වෙමින් ඊළඟ වර්ධන සංග්‍රාමය පටන්ගන්න ලහි ලහියේ සුදානම් වෙමින් ඉන්නේ. වියළුණු පත්‍ර අතර සැඟවිලා තිබුණු බීජ ක්‍රමයෙන් ජලය උරාගෙන බීජාවරණ මොළොක්‌ කරන්නේ ඒ අතර සුරැකි අනාගත ජීවය මෙලොවට පහළ කරන්නටයි. වැඩි කාලයක්‌ යන්නට මත්තෙන් බීජාවරණ දෙපලු කරගෙන නැවුම් අංකුර මතු වන්නේ තාවකාලිකව පෝෂණය සපයන බීජ පත්‍රත් සමගයි. එළියට විහිදුණු අංකුර ක්‍රමයෙන් වර්ධනය වෙමින් කුඩා පත්‍ර බිහි කරන අතර හරිතප්‍රද නිපදවමින් ප්‍රභා ශක්‌තිය තිර කරන්නට පටන් ගන්නවා. ඒ තවත් ප්‍රභාසංශ්ලේෂී පරපුරක ඇරඹුමයි. වත්මනෙහි ලොව දියුණු ම ශාක රාජධානිය වන සපුෂ්ප ද්විබීජපත්‍රී ශාක ඉතා සාර්ථකව ගොඩබිම ජය ගත් අයයි. මොවුන් තම "දරු පරම්පරාව" බිහි කිරීමේ දී නොදියුණු ශාකවලට ඇත්තා වූ ජල අවශ්‍යතාවෙන් සම්පූර්ණයෙන් ම මිදී තිබෙනවා. පරාගණය නම් වූ අපූරු ක්‍රියාදාමයක්‌ ඔස්‌සේ ජාන සම්මිශ්‍රණයට පෙලඹුණු මේ ශාක පරාග පතනය සඳහා කදිම වේදිකාවක්‌ කලංකය නිර්මාණයෙන්
විදුපත් ඉරුව 20 17 මාර්තු 01 බදාදා ඇස්‌ ඇත්තෝ ලෝකය දකිති. නුවණැස ඇත්තෝ ලෝකය විනිවිද දකිතැයි පැවසෙයි. මේ කිසිවක්‌ නැත්තන් කෙසේ නම් ලෝකය දකින්න ද? මිනිසා ඇතුළු වානරයෝ කදිමට වර්ණවත් ලෝකය දකිති. එහෙත් ඉතිරි ක්‌ෂීරපායිහු ද, පක්‌ෂීහු ද, උරගයෝ ද, උභයජීවීහු ද, මත්ස්‍යයෝ ද ඒක වර්ණයෙන් හෝ ද්වි වර්ණයෙන් ලෝකය හඳුනාගනිති. කෘමීන් වැනි අපෘෂ්ඨවංශිකයන් හට කදිම වූ අක්‌ෂි පද්ධතියක්‌ ම පිහිටා ඇත. මේ ඇස්‌ තනි තනි ව හෝ සියල්ල එක්‌ ව හෝ ඔවුනට පෙනීම ලබා දෙයි. අක්‌ෂි පිහිටීම මගින් අපට පරිසරයේ ස්‌වරූපය පහදා දෙයි. අප ගේ අක්‌ෂි පරිසරයේ වර්ණවත් හැඩ තලවල සුසංයෝජනය මැනැවින් පෙන්නුම් කරයි. එහෙත් අක්‌ෂි රහිත ඇත්තන් මෙවැනි දෑ තේරුම්ගන්නේ කෙසේ ද? ඇස්‌ අවශ්‍ය ම බව සිතා සිටින්නේ ඇස්‌ ඇත්තන් පමණකි. තමන් ඉන්නා පරිසරය හඳුනාගැනීමට හෝ තේරුම්ගැනීමට හෝ ඇස්‌ සැම විට ම අවශ්‍ය වන්නේ නැත. ඇස්‌ ඇත්තන්ට දකින්නට ආලෝකය අවශ්‍ය ම වේ. එනිසා දහවල දී දක්‌නා දේ රාත්‍රියේ නිසි පරිදි සැවොම දකින්නේ නැත. මේ අතර සමහර සත්තු රාත්‍රිය විනිවිද දකින්නට හැකියාවක්‌ ඇත්තෝ වෙති. අප ගේ ජීවිතයේ ආයු කාලයෙන් අඩු ම තරමින් අඩක්‌ වත් සිටින
විදු පත් ඉරුව 20 15  ජුලි 01 බදාදා මෙවර තරු කඳවුර පැවැත්වූයේ බප/ජය/ ජනාධිපති බාලිකා විද්‍යාලයේ දීයි. මෙවැනි වැඩසටහනකට සහභාගි වීමට අවස්‌ථාව ලැබීම මා ඉතා භාග්‍යයක්‌ කොට සලකන අතර එය මට නවමු අත්දැකීමක්‌ වුණා. විදුසර ප්‍රධාන කර්තෘතුමාටත් වැඩසටහන මෙහෙයවූ සමීර මහතා ඇතුළු කණ්‌ඩායමටත් පළමුව මා ගේ හෘදයාංගම ස්‌තුතිය පුද කළ යුතුයි. ඔවුන් මේ වැඩසටහන ඔස්‌සේ ශ්‍රී ලංකාවේ පාසල් අතර විද්‍යාව ප්‍රචලිත කිරීමට ගන්නා නිහඬ වෑයම ඉතා අගය කළ යුතුයි. විද්‍යාව රටෙහි ප්‍රචලිත කිරීම සඳහා ඉතා පලදායි ක්‍රමයක්‌ ලෙස මෙවැනි කඳවුරු පැවැත්වීමත් ඒ සඳහා කවුරුත් ප්‍රිය කරන විෂයක්‌ වන තාරකා විද්‍යාව වැන්නක්‌ යොදාගැනීමත් ඉතා සුදුසු බවයි සමීර මහතා ගේ අදහස වූයේ. මා ද එය ඉහළින් ම අනුමත කරන අතර මෙවැනි එක්‌ කුඩා ක්‍රියාකාරකමක්‌ දරුවකු විද්‍යාව කෙරෙහි යොමු වීමට ප්‍රබල හේතුවක්‌ විය හැකියි. ඉතා අපූරුවට සංවිධානය කර තිබූ මේ තරු කඳවුර සඳහා විද්‍යාලයයේ බාලිකාවන් විශාල ප්‍රමාණයක්‌ සහභාගි වූවා. එය අපේක්‌ෂිත ප්‍රමාණය ඉක්‌මවූ බවයි විදුහල්පතිතුමිය පැවසුවේ. දරුවන් අහසට කෙතරම් ඇලුම් කරනවා
විදු පත් ඉරුව 20 15  ජුලි 08 බදාදා අප කුඩා කල ඉගෙනගත් තේරවිල්ලක්‌ මාගේ මතකයට නැෙගයි. ඒ, "පුංචි ළිඳේ වතුර රසයි" යන්නයි. මා එය ඔබට පහදා දිය යුතු නො වේ. මන්ද අප සියල්ල ඒ කුමක්‌ දැයි හොඳින් ම දන්නා බැවිනි. පිපාසය නිවාලන්නට ද, ශක්‌තිය ලබා දෙන්නට ද "වෑවරය"කට හැකි ය. එමෙන් ම ඛනිජ ලවණවලින් ද එය පොහොසත් ය. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ එය සේලයින් වතුරට බොහෝ සමාන බවයි. ඒ ගස උඩ ඇත්තා වූ පුංචි ළිඳයි. ගමේ ගස යට ද එවැනි ම වූ පුංචි ළිඳකි. ශක්‌තිය ලබා දෙන්නට නොහැකි වුවත් අප ගේ ගත සිත නිවාලන්නට මේ පුංචි ළිඳට හැකි ය. ඒ "කුඹුකේ ළිඳයි" (කුඹුක්‌ ගසක්‌ යට පිහිටි ළිඳයි). මා කුඩා කල ජීවත් වූ ගමෙහි ද කුඹුකේ ළිඳක්‌ විය. එහි වූ නිල් කැටේට පිරිසිදු සීතල වතුර බීමට බොහෝ ම කදිම ය. මද්දහනේ පවා වතුර සිසිල ය. ඒ අසලින් ම තවත් වඩා විශාල ළිඳකි. ඒ ස්‌නානයට ය. වැඩිහිටියන් අනුමත කරන්නේ එයින් මද්දහනට පෙර ස්‌නානය කිරීමයි. සවස්‌ කාලයේ නෑම ඔවුහු ප්‍රතික්‌ෂේප කරති. එය ඔවුන් ප්‍රත්‍යක්‌ෂයෙන් ම දැනගත්තකි. ගස උඩ පුංචි ළිඳේ වතුර බීමේ දී ද මෙලෙස ම වූ කතාවක
විදුපත්ඉරුව 20 15  ජුලි 15 බදාදා "ලුසී" මානව වංශකතාවේ ආන්දෝලනාත්මක චරිතයකි. මේ ඇටසැකිල්ල හිස්‌කබලත් සමග ම හමු වීම විද්‍යඥයන් ගේ අමන්දානන්දයට හේතු වූයේ ඉතා කලාතුරකින් එවැන්නක්‌ ලැබෙන නිසා ය. මීටරයක්‌ පමණ උසැති මේ මිත්තනිය 1974 දී ඉතියෝපියාවෙන් සොයාගන්නා ලද අතර ඈ ද්විපාද සංචාරණයේ යෙදුනියක ලෙස වාර්තා විය. අස්‌ථි පංජරයෙන් සියයට 40ක්‌ පමණ අස්‌ථි කොටස්‌ ඉතිරි වි තිබීම බොහොමයක්‌ කරුණු අනාවරණය කරගැනීමට මගපෑදිණි. මේ අනාවරණයට හේතු වන්නේ මෝරිස්‌ තෙයිබ් නම් වූ ප්‍රංශ භූ විද්‍යාඥයකු ගේ පර්යේෂණයකි. ඔහු එය තවත් පුළුල් කරමින් බහු විෂයාත්මක පර්යේෂණයක්‌ බවට පත් කරන්නේ පුරාවිද්‍යාඥයකු, මානව වංශ විද්‍යාඥයකු සහ ප්‍රාග් ජීවධාතු විද්‍යාඥයකු මෙයට සම්බන්ධ කරගනිමිනි. එම ප්‍රයත්නය හේතුවෙන් මානව පරිණාමයේ ඉතා වැදගත් කරුණු සමූහයක්‌ ලොවට හෙළි කරන්නට ඔවුනට හැකි විය. ලුසී අදින් වසර මිලියන 3.7කට පමණ පෙර ජීවත් වූ ඔස්‌ට්‍රෙලොපිතෙකස්‌ නම් වූ ගණයට අයත් වූවෙකි. ශ්‍රී ලංකාවේ ද ප්‍රථම වතාවට මෙවැනි ම බහු විෂයාත්මක ප්‍රවේශයක්‌ ලබා දුන් පුරාවිද්‍යා පර්යේෂයණය මා දුටුවේ