Posts

විදුපත් ඉරුව 20 17 පෙබරවාරි 22 බදාදා අලින්ටත් ළමයින්ටත් නලියන්ට ම ය හිත. ඔවුනට එක ලෙස එක තැනක සිටින්නට නම් බැරි ය. ඒ වාගේ ම ඔවුන් ගේ දඟකාරකම් නො බලා ඉන්නට අපට ද කොහෙත් ම බැරි ය. ඔවුන් ඉතා විමසිලිමත් ය. පසුගිය දිනෙක එලෙස විමසිලිමත් වූ විදුසර කියවන දයාබර දැරියක්‌ ඉතා කදිම පැනයක්‌ මගෙන් විමසා සිටියා ය. ඒ අප ගේ ව්‍යවහාරයේ ඇති අලි ඇතුනට සම්බන්ධ උපහැරණයක සත්‍යතාව පිළිබඳව ය. යම්කිසි දෙයක ප්‍රතිඵල රහිත බව, හිස්‌, නිෂ්ඵල බව කියා සිටින්නට අවශ්‍ය වූ විටෙක අප හොඳින් දන්නා උපහැරණයක්‌ වන 'අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ' යෑයි අපි පවසමු. අප පැරැන්නන් පවසන පරිදි අලින් දිවුල් නො විකා ගෙඩි පිටින් ම ගිලින බැවින් ගෙඩියේ මදය අලි උදරයේ දී ජීර්ණය වීම නිසා පුහු දිවුල් අලි බෙටි සමග බැහැර වේ. මේ කුඩා දැරිය මගෙන් විමසා සිටියේ මෙහි සත්‍යතාවයි. අප හොඳින් දන්නා පරිදි අලි ඇතුන් ශාක භක්‌ෂකයන් බැවින් විකා ගිලීම සඳහා කදිමට සකස්‌ වූ අපූරු දන්ත පද්ධතියක්‌ ඇත. ඒ සදහා සාක්‌ෂි දරන්නේ හොඳින් සකස්‌ වූ පුරශ්චාර්වක සහ චාර්වක දත් පන්තියයි. අලි මුඛයේ අගිස්‌සේ එලෙස සකස්‌ වූ යෝධ දත් තල්මහ ගේ දත්වලට වඩා
විදු පත් ඉරුව 20 15  ජුලි 22 බදාදා මැතිවරණ උණුසුමත් සමග කරළියට එන්නේ ප්‍රචාරක දැන්වීම් ය. නා නා ප්‍රකාරයෙන් නිර්මාණය කළ මේ දැන්වීම්වලින් තාප්ප, බිත්ති ඇතුළුව බොහොමයක්‌ ස්‌ථාන කලකට වැසී යයි. එමගින් සමස්‌ත පරිසරයට ම එක්‌ කරන්නේ අතිශය අවලස්‌සනකි. එපමණක්‌ නො වේ. මේ හේතුවෙන් තවත් ගැටලු රාශියක්‌ මතු වේ. බිත්ති, තාප්ප ඇතුළුව ප්‍රචාරක දැන්වීම් ග්‍රහණයට හසු වන ස්‌ථාන නැවත පිළිසකර කිරීමට ඉතා විශාල මුදලක්‌ වැය වේ. එමෙන් ම මේ සඳහා වැය වන කඩදාසි ප්‍රමාණය ඉතිරි කරගත හැකි නම්, එය පාසල් පොත් මුද්‍රණය වැනි සත්කාර්යයකට වැය කළ හැකි වේ. මේ කඩදාසි ප්‍රමාණය නිර්මාණය සඳහා වැය කළ යුතු ගස්‌ ප්‍රමාණය ද වක්‍රාකාරයෙන් ඉතිරි වේ. එය පරිසර සංරක්‌ෂණය උදෙසා ගන්නා වූ අගනා තීරණයක්‌ වනු ඇත. මේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් විවිධ ස්‌ථානවල ඇලවීම සඳහා යොදාගන්නා විවිධ ක්‍රමවේද නිසාවෙන් මේ කඩදාසි නැවත ප්‍රතිචක්‍රීයකරණයට එක්‌ කළ නොහැකි ද වේ. මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඇලවීම සඳහා යොදාගන්නේ පාන් පිටි දිය කිරීමෙන් සාදා ගන්නා පාප්ප ය. පාප්ප කල් තබාගැනීම සඳහා සමහර අවස්‌ථාවල දී කොන්ඩ
විදුපත් ඉරුව 12.02.2017 ප්‍රාස්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් ඇති බව පෙන්නීමට විද්‍යාගාරයේ සිදු කරනා හුණු දියර පරික්ෂාව ඔබට මතක ඇති. විදුරු බටයෙන් එතුලට පිඹීමෙන්, සාදාගත් අවර්ණ හුණු දියර කිරිපැහැ ගැන්වෙන බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇති. මෙහිදී, ජලයේ දිය වූ කැල්සියම් ඔක්සයිඩ් ජලීය කැල්සියම් හයිඩ්රොක්සයිඩ් බවට පත් වන අතර, ප්‍රාස්වාස වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර ජලයේ අද්‍රාව්‍ය කැල්සියම් කාබෝනෙට් බවට පත් වේ.   මෙම පරීක්ෂණය ඉතා සරලමුත් බොහෝ කරුණු කාරණා මේ වටා එතී ඇති බව පෙනී යයි. එමන්ම අපට විසල් දැනුම් සම්භාරයක් ගෙන හැර පෑමට එය පාදක වෙයි. කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට එකතු කරනා එක් ආකාරයක් වන්නේ ජිවින්ගේ ස්වසනය බව මෙමගින් පැහැදිළි වේ. නමුත් වායු ගෝලයට කාබන්ඩයොක්සයිඩ් වායුව එක් කරන්නේ ස්වසනය මගින් පමණක් නොවේ. ගිනිකඳු පිපිරීම් මගින්ද, ඵෛන්ද්‍රිය ද්‍රව්‍ය වියෝජනයෙන් ද, කාබනික ද්‍රව්‍ය දහනය මගින් වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් එක් කෙරේ. කාබනික ද්‍රව්‍ය දහනය සීඝ්‍ර වූයේ කාර්මික විප්ලයත් සමග වීම අත්‍යන්තය සත්‍යකි. ඒ විශාල වශයෙන් ගල් අඟුරු, බොර තෙල් සහ ඛණිජ වායු කර්මාන්ත සදහා භාව
විදු පත් ඉරුව 20 15  ජුලි 29 බදාදා පැරැණි ලක්‌වාසීහු භූ සහ ඛනිජ සම්පත් පිළිබඳව බොහෝ දැනුවත් වූවෝ වෙති. එම දැනුම ප්‍රාග් ඓතිහාසික යුගයන් දක්‌වා විහිදෙන බව මෙරටෙහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් පැහැදිලි වෙයි. පසුගිය සතියෙක මා විදුපත් ඉරුවෙහි සඳහන් කළ අලවල පොත්ගුල් ලෙනෙහි සිදු කරන ලද කැණීමෙන් හමු වූ ද්‍රව්‍ය අතර මැග්නටයිට්‌, හෙමටයිට්‌ සහ මිනිරන් ඛනිජ වේ. මැග්නටයිට්‌ සහ හෙමටයිට්‌ යනු යකඩ ඔක්‌සයිඩ වේ. මැග්නටයිට්‌ ඛනිජයට කාන්දම්වලට ආකර්ෂණය වීමේ සුවිශේෂී හැකියාව ඇති අතර, හෙමටයිට්‌ එවැනි ගුණයක්‌ පෙන්වන්නේ නැත. මැග්නටයිට්‌ ප්‍රාථමිකව බිහි වන ඛනිජයක්‌ වන අතර හෙමටයිට්‌ බොහෝ විට බිහි වන්නේ ජීර්ණයේ ප්‍රතිඵලයක්‌ ලෙස ද්විතීයික ව ය. වැස්‌සකට පසු ජලය ගලා ගිය මාර්ගයේ සමහර ස්‌ථානවල කළු පැහැති වැල්ලක්‌ ඔබ දැක ඇති බවට නොඅනුමාන ය. කාන්දම් කැබැල්ලක්‌ ගෙන එම වැල්ලට ආසන්නයේ ඉහළින් රඳවා තැබීමේ දී එයට ආකර්ෂණය වන යම් කළු වැල්ලක්‌ ද වෙයි ද එය මැග්නටයිට්‌වලින් සමන්විත වේ. එහෙත් සමහර කළු පැහැති වැලි එසේ ආකර්ෂණය නො වේ. ඒවා බොහෝ විට මිනිරන් හෝ බයෝටයිට්‌ නම් වූ මයිකා
විදු පත් ඉරුව 20 15  අගෝස්‌තු 05 බදාදා මේ ගත වන්නේ කිතු උපතින් 2015 වැනි වසරයි. ලෝකයේ ශිෂ්ටාචාර සහ සංස්‌කෘතීන් බිහි වන්නේ වසර බොහෝ කලකට පෙර ය. පෙර කල බිහි වූ සමහර ශිෂ්ටාචාර අද වන විට වඳ වී ගොසිනි. මේ අතර අලුතෙන් ඒවා බිහි විය. මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාර කලක දී ලොව ප්‍රමුඛ ඒවා විය. එහි උපරිමයට පත් වන මේ සංස්‌කෘතීන් පසුව ක්‍රමයෙන් හෝ එක්‌ වර ම විවිධ හේතුන් නිසා පසුබසියි. ප්‍රමුඛ ශිෂ්ටාචාර යම් යම් කාලවල දී ලොව විවිධ ප්‍රදේශවල පැතිර යයි. එහි පැවැත්මට ද පැතිර යැමට ද ස්‌වාභාවික පාරිසරික සහ කාලගුණික සාධක ඉතා ප්‍රබලව බලපායි. මේ සුවිශේෂී කාලගුණික හෝ පාරිසරික සාධක සහිත ප්‍රදේශවලින් බිහි වන්නේ සුවිශේෂී වූ සංස්‌කෘතියක්‌ සහිත ශිෂ්ටාචාරයකි. මූලික අවශ්‍යතා පොදු වුවත් විවීධ ශිෂ්ටාචාරඒවා සපුරාගැනීමේ ක්‍රමවේදය විවිධ වේ. එනිසා ම මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාරයන්හි සංස්‌කෘතිකාංග ද ඉතා පුළුල් ලෙස විවිධාංගිකරණය වේ. බොහෝ ශිෂ්ටාචාර ස්‌වභාවික පරිසරයට බද්දව පැවති අතර එනිසා ම පාරිසරික වෙනස්‌කම් මත ක්‍රමයෙන් ප්‍රගමනය විය. වෙනස්‌කම් දරාගත නොහැකි වූ කල ශිෂ්ටාචාර බිඳ වැටන අතර ඒවා වඳ වීම ද වෙනත් ප්‍රදේශයකට
විදුපත් ඉරුව 2017 පෙබරවාරි 08 බදාදා විද්‍යාඥයින් විසින් සිදුකරනා විද්‍යා සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුවම විචිත්‍රවත් කරයි. පසුගිය ජනේරුවේ අගබාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක් නිසා විද්‍යා ලෝකය මේ වනවිටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් පවතී. “ලෝහමය හයිඩ්‍රජන්” යනු මෙතුවක් කල් විද්‍යාඥයින් අතර සිහීනයක් වැ තිබු උපකල්පිත පදාර්තමය අවස්තාවක් වේ. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස් යන දෙපල විසින් විද්‍යා පත්‍රිකාවක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිලිබඳ පර්යේෂණ කරනා මෙන්ම නිරන්තර අවදියෙන් සිටිනා බොහෝ විද්වතුන්ගේ අවධානයට ලක් වූ මෙම පත්‍රිකාව විද්‍යාත්මක පත්‍රිකාවක තිබිය යුතු සමහර ගුණාංග නොතිබූ නිසා තරමක් විවෙචනයට ලක් වුවද බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබේ. අප දන්නා පරිදි හයිඩ්‍රජන් ආවර්තිතාවේ පළමු මූලද්‍රව්‍ය වේ. සොබාවික පරිසරයේ දී වායුවක් ලෙස හැසිරෙන මෙම මුලද්‍රව්‍යය   ද්‍රවයක් කිරීමට නම් අධික සිතලකට ලක් කල යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියක් අංශක -259.1
විදු පත් ඉරුව 20 15  අගෝස්‌තු 12 බදාදා ඔන්න ග්‍රීෂ්ම නිවාඩුවත් ඇවිල්ලා. දැන් ඉතිං දරුවන් ගේ ඉහේ මල් පිපිලා ඇති, ඇතිපදම සෙල්ලම් කරන්න කාලේ ආවා කියලා. වියළි කාලගුණය දූවිලි අවුසන්නේ බොහොම සැරට. වියළි හුළඟත් එක්‌ක පැතිරෙන දූවිල්ල ගහකොළ වසා දමන්නේ සැණෙකින්. වියළි හුළඟ දූවිලි විතරක්‌ නො වෙයි, අහසට නංවන්නේ. "සිලිසිලි බෑග්" කියලා අප හඳුන්වන පොලිතීන් මලු පරිසරයේ නිදහසේ පා වන අයුරු වර්තමානයේ සුලබ දසුනක්‌. ඉස්‌සර නං එහෙම නැහැ නේ. සුපිරි වෙළෙඳසල් නිසා සිලිමලු පාවිච්චිය වැඩි වෙලා ද කියලා හිතෙනවා. අනවශ්‍ය අවස්‌ථාවල දී පවා පොලිතින් මලු භාවිතයට මහජනතාව පෙලඹිලා. අපි පොඩ්ඩක්‌ හිතලා බැලුවොත් පාවිච්චි කරන "එක පොලිතින් මල්ලක්‌" දෙපාරක්‌ භාවිත කළොත් පොලිතින් භාවිතය සැලකිය යුතු මට්‌ටමකින් අඩු කළ හැකියි. ඒ වුණාට බොහෝ දෙනෙක්‌ ගෙදර ගෙනෙන පොලිතීන් මලු බොහොමයක්‌ වෙලාවට කුණු බක්‌කියට දාන එක තමයි කරන්නේ. එහෙම නො කර මලු එකතු කරගැනීමෙන් නැවත භාවිතයට ගන්න පුළුවන්. කඩේට යන අවස්‌ථාවල දී මෙලෙස එකතු කරගත් මලු කිහිපයක්‌ අරන් යනවා නම් අලුත් පොලිතින් මලු හින්දා පරිසරයට එකතු