Posts

විදු පත් ඉරුව 20 15  අගෝස්‌තු 19 බදාදා අතීතයේ අපේ ආහාර ඉහළ විවිධත්වයකින් යුක්‌ත වූ බව නොරහසක්‌. විවිධ එළවළු වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග පමණක්‌ නො වෙයි විවිධ මස්‌ වර්ග සහ මාළු වර්ග ද ඒ අතර විය. එපමණක්‌ නො ව, එදා විවිධ හතු වර්ග ද අහාරයට එක්‌ කරගත් බව ෂ\හන් කළ යුතු ව තිබේ. බිම් මල්, කඳන් හතු හා ලේන පලා ඒ අතර ප්‍රමුඛ හතු වර්ග වේ. ගොයම් කපා පාගා ඉවත දමන පිදුරු කමතේ පැත්තක ගොඩා ගසා තබන අතර කාලයත් සමග ක්‍රමයෙන් මේවා දිරාපත් වේ. වර්ෂා කාලයේ දී පිදුරු ගොන්නේ පිපෙන පිදුරු බිම්මල් නෙළා රසවත් ආහාරයක්‌ අපේ පැරැන්නෝ සකස්‌ කර ගත් හ. පැරැණි ගම්වල මෙලෙස තවමත් මේ රසවත් ආහාරය පිළියෙල කරන බව වාර්තා වේ. බිම්මල් නැත හොත් හතු ප්‍රොටීන බහුල ආහාරයකි. මේවා වර්තමානයේ විශේෂයෙන් ම එලවළු පමණක්‌ අහාරයට ගන්නා අය අතර බොහෝ ජනප්‍රිය ආහාරයක්‌ වේ. දැනට ගෙවත්තේ කළ හැකි වගාවක්‌ ලෙස හඳුනාගෙන ඇති මේ බිම්මල් වගාව බොහෝ ස්‌ථානවල සිදු කරන නමුත් ඉල්ලුමේ හැටියට සපයාගත නොහැකි බව පෙනෙන්නට ඇත. වගාව සඳහා නව ප්‍රභේද සොයාගෙන තිබෙන මුත්, ඉහත ස`දහන් කළ ඉබේ වැවෙන හතු වර්ග අපේ ජනතාව අතර තවමත් ඉතා ජනප්‍රිය ය. ඒ
බුදු දහම, බුද්ධිමතුන් සහ විද්‍යාඥයින්.......................!! බුදු දහම බුද්ධිමතුන්ගේ දහමයි යැයි කියන්නේ එහි මැවුම් වාදයක් හෝ නිර්මාණවාදයක් හෝ නොමැති නිසා පමණක් නොව තාර්කික පදනමක් මත ගොඩ නැගුන දහමක් නිසා යැයි මට සිතේ. කිසිවෙකු ඒ තුල බලෙන් රඳවා ගැනීමක් සිදු නොකරන අතර බලෙන් යමෙක් බඳවා ගන්නේද නැත. යම් කිසිවෙකුට ඒ තුලින් මතුවන ජිවිතයේ සත්‍ය ග්‍රහණය කරගැනීමට අවැසි නම් තමාගේම අධ්‍යනය තුලින්ම එය වටහා ගැනීමට ඉඩ ප්‍රස්තාව මෙතුල ඇත. ඒ සදහා වෙනකෙකුගේ නිර්දේශ අවැසි වන්නේ නැත. බුදු දහමේ සියල්ල ඔබට ප්‍රශ්න කල හැක. වැටහෙන තුරු තර්ක කල හැක. ඒ තුල ඇති විශිෂ්ඨබාවය නම් වෙනත් කිසිම ආගමක් පහත හෙලන්නේද, බුදු දහම තුල රැඳෙන්නට කිසිම ජාතියක් හෝ කුලයක් මතබේදාත්මක වන්නේ ද නැත. ලෝකයේ වෙසෙන සියලු ජිවින්ට විවෘත වූ ද සදාකාලික සහනය ගෙන එන බව ද බුද්ධිමතුන්ගේ මතයයි.   බුදුදහම පාදක කොට බිහිවන සංස්කෘතීන් තුල සැමට සමතැන දෙයි. බුදු දහම තුලින් මුවහත් වූ සමාජයක ගැටලු අවම වන්නේනමය. පංච ශීලයේ ශික්ෂාව තුල දැමුණු කයක් මෙන්ම නිවුන මනසක් ද හිමි වන බව වර්තමානයේ වුව යම් යම් සමාජ සිදුවීම් වලින් පැහැදිළි වේ. සියලු දෙ
විදු පත් ඉරුව 20 15  අගෝස්‌තු 26 බදාදා න්‍යෂ්ටික බලාගාරවල විදුලි උත්පාදනය සඳහා යොදාගන්නේ විකිරණශීලී මුලද්‍රව්‍ය. විකිරණශීලී මූලද්‍රව්‍ය විකිරණ පිට කරමින් වෙනත් මූලද්‍රව්‍ය බවට පත් වන අතර ඒවා "දාරක මූලද්‍රව්‍ය" ලෙස හදුන්වනවා. මේ විකිරණ ඇල්ෆා සහ බීටා වැනි විවිධාකාරයේ අධි ශක්‌ති කිරණ වන අතර, ගැටීම ඒ සතු තාපය තවත් ද්‍රව්‍යයකට මාරු කිරීමට හේතු වනවා. මෙලෙස විකිරණ පිට කිරීමේ දී ඇති වන තාප ශක්‌තිය මගින් ජලය උණු කර, ඇති වන ජලවාෂ්පයෙන් ටර්බයින ක්‍රියාත්මක කිරීමෙන් තමයි විදුලිය ජනනය කරනු ලබන්නේ. ජපානයේ විදුලි අවශ්‍යතාවෙන් 30%ක්‌ පමණ ම සපුරාගත්තේ මේ ආකාරයටයි. ජපානයේ විදුලි උත්පාදනය සඳහා බහුලව භාවිත වන්නේ ප්ලූටෝනියම් සහ යුරේනියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යවල මිශ්‍රණයක්‌. පෘථිවියේ පවත්නා මූලද්‍රව්‍ය අතර විවිධ වූ විකිරණශීලී මූලද්‍රව්‍ය ඒ ඒ මූලද්‍රව්‍යයේ සමස්‌ථානික වනවා. ඒවා බොහෝ විට අපට ස්‌වාභාවික පරිසරයේ හමු වන්නේ ඛනිජ ලෙසයි. ඒ අතර මා මතකයට නැෙගන්නේ එක්‌ සුවිශේෂී විකිරණශීලී මූලද්‍රව්‍යයක්‌ අඩංගු වන ඛනිජයක්‌. ඒ "තෝරියනයිට්‌" නම් වූ පළමුව ලෝකය
විදු පත් ඉරුව 20 15  සැප්තෑම්බර් 09 බදාදා ඉහළ වායුගෝලයේ ස්‌ථාපිත ව ඇත්තා වූ ඕසෝන ස්‌තරය වටිනා සම්පතකි. පෘථිවියේ බිහි වී ඇති ජීවය, හිරු ගේ පාරජම්බුල කිරණවලින් ආරක්‌ෂා කරමින්, දිගින් දිගට ම පවත්වාගැනීමට හේතු වන්නේ මේ ඕසෝන ස්‌ථරයයි. ඕසෝන ස්‌ථරය ලෝකයේ මුලින් ම බිහි වන්නේ අපූරු ආකාරයකට ය. ගිනිගෙන දැවුණ පෘථිවියේ මූලාරම්භයේ ඔක්‌සිජන් වායුව නො තිබූ අතර ක්‍රමික සිසිලනයෙන් ස්‌ථාපනය වූ ගොඩබිම ද සාගර ද විය. සාගරයේ ප්‍රභාසංශ්ලේෂීන් ගේ බිහි වීම හේතුවෙන් ක්‍රමයෙන් වායුගෝලයේ ඔක්‌සිජන් සාන්ද්‍රණය වැඩි විය. ඉහළ වායුගෝලයේ රැඳි ඔක්‌සිජන් අණු පාරජම්බුල කිරණ හේතුවෙන් "දෙපලු" වීමෙන් ඉතා සක්‍රිය නිදහස්‌ ඔක්‌සිජන් පරමාණු බිහි වූ අතර, එවැනි පරමාණුවක්‌ හා ඔක්‌සිජන් අණුවක්‌ එක්‌ වීමෙන් ඕසෝන් අණුවක්‌ ඇති විය. ඔක්‌සිජන් අණු "දෙපලු" වීමට හේතු වන්නේ ඒවා පාරජම්බුල කිරණවල ශක්‌තිය උරා ගැනීමයි. දිගින් දිගට ම සිදු වූ ඔක්‌සිජන් අණු "දෙපලු" වීමෙන් ඕසෝන ස්‌තරය වර්ධනය වූ අතර එනිසා පාරජම්බුල කිරණවලට මේ ස්‌තරය විනිවිද යැමට නොහැකි විය. එය පෘථිවියේ බිහි වූ ජීවය අහිතකර පාරජම
විදුපත් ඉරුව 2017 පෙබරිවාරි 01 “ලංකාවේ වැඩිම වායු දුෂණය වාර්තා වෙන්නේ මහනුවරින් ලු කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුවක් වලා තියෙනවා කියලා කියන්නේ මාලිගාව ළඟ පාර වහපු එකලු. වැව වටේ හිමිහිට වාහන යනකොට කොහොමත් වායු දුෂණය වැඩියි තමයි” මාගේ මිත්‍රයෙක් මේ ලඟදි දවසක පැවසුවේ බොහොම කනගාටුවෙන්. “ මේ නුවර ටවුම යටින් උමං මාර්ගයක් හදන්න යෝජනා කරලා තියෙනවලු. ඇයි දන්නේ නැහැ තවමත් ප්‍රමාද. ඒක හැදුවා නං මාලිගාවත් බේරා ගෙන මහනුවර වායු දූෂණයත් අඩු කරගන්න තිබුනා. අපේ මිනිස්සු හොඳ තීන්දු තීරණ ගන්න හරීම පරක්කුයි.”   ඒ කතාවෙන් ඔහු මගෙන් පිළිතුරක් බලා පොරොත්තු නොවන වගක් හැඟී ගිය නිසයි මා නිහඬ වූයේ.   වායු දූෂණය සිදු වන්නේ වාහන වලින් විතරක් නොවෙයි. කර්මාන්තශාලා වලින් පිටවන දූෂ්‍ය වායුන් ද වායු දුෂණයට ප්‍රධාන හේතුවක්. එතකොට නොරොච්චෝලෙන් කරන්නෙත් තද බල දුෂණයක්. කෙසේ වෙතත් වායූ දූෂණය සිදු කරමින් අප මේ නැති කරන්නේ මිනිසාට නිදහසේ පිරිසිදු වාතය හුස්ම ගැනීමේ පරම අයිතිය නොවේද යැයි ඔබ කී දෙනෙකු නම් කල්පනා කර ඇත්ද? එපමණක් නොව, අප මේ උල්ලංගනය කරන්නේ ඔක්සිජන් තම ස්වසන කර්තව්‍ය සදහා භාවිතා කරන අනන්ත අප්‍රමාණ
විදු පත් ඉරුව 20 15  සැප්තෑම්බර් 09 බදාදා පසුගිය සතියේ විදු පත් ඉරුවෙන් අපගේ කතාබහට ලක්‌ වූයේ ඉලක්‌කගත නො වූ පර්යේෂණවල ඇති වැදගත්කම ගැනයි. මෙවර ද එහි වැදගත්කම ඉස්‌මතු කරන කාලීන සිදුවීම් දෙකක්‌ පිළිබඳව ස`දහන් කළ යුතු බව සිතමු. එක්‌ කාරණයක්‌ වන්නේ එක්‌තරා බහු ජාතික සමාගමකින් කැලණි ගඟට තෙල් මුසු වීමේ සිදුවීමයි. මෙයට වසර ගණනාවකට පෙර මෙරටෙහි ගංගා ජලයෙහි ස්‌වභාවය නිර්ණය කිරීමේ පර්යේෂණයක්‌ "පවිත්‍ර ගංගා" නමින් දියත් වූ අතර එම`ගින් කාලයත් සමග ජලයෙහි ගුණාත්මක බව අධ්‍යයනය කෙරිණි. පසුකාලීනව එය දිගින් දිගට සිදු වූවා ද හෝ සිදු වෙමින් පවතින්නේ ද යන්න නො දන්නා නමුත් එම ව්‍යාපෘතිය ඉතා අගය කළ යුත්තකි. එම`ගින් පසුතල දත්ත සමූහයක්‌ එක්‌ කරගැනීමට හැකි වන්නට ඇත. එය වර්තමානයේ සිදු වන ජල දූෂණයන් හා සැසඳීමට මහඟු උපකාරයකි. කැලණි ගඟෙහි තෙල් එක්‌ වීමෙන් වූ දූෂණය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව සංසන්දනය ස`දහා මේ දත්ත උපයෝගී වන්නට ඇත. මෙහි දී මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කර ඇති ආකාරය ද ප්‍රශංසනීය වන අතර තෙල් ඉවත් කර ජලය පිරිසිදු කිරීමටත් ජල පොම්පාගාරවලට සිදු වූ හානිය ප්‍රතිපූරණය කිරීම
විදු පත් ඉරුව 20 15  සැප්තෑම්බර්   23  බදාදා පසුගිය සති කිහිපයේ ම සිදු වූ විවිධාකාරයේ අනතුරු හේතුවෙන් මනුෂ්‍ය ජීවිත ගණනාවක්‌ ම අහිමි වූ බව ජනමාධ්‍ය නැරඹූ ඔබට දැනගන්නට ලැබෙන්නට ඇත. මෙහි දී දුටු පොදු ලක්‌ෂණය වූයේ "අපරීක්‌ෂාකාරී ව ක්‍රියා කිරීම" මේ අනතුරුවලට ප්‍රධානව බලපෑ බවයි. එහෙත් මෙවැනි ම සිදුවීම් මෙයට පෙර ද බොහෝ සිදු වී ඇති බව ද නොරහසකි. මෙවැනි පෙර අත්දැකීම් සමාජගත වී "පරම උපහැරණ" නො වන්නේ ඇයි ද යන්න සමාජ විද්‍යාඥයන් ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තකි. තාක්‌ෂණය දියුණු වත් ම අවදානම බැහැර කරන්නට හෝ එය අවම වන ලෙස ක්‍රියා කිරීම හෝ බලාපොරොත්තු වුවත් එසේ නො වන බවට බොහෝ අත්දැකීම් ඇති බව සියුම්ව කල්පනා කළ හොත් ඔබට පසක්‌ වනු ඇත. නිරන්තරයෙන් ම අලුත් වෙමින් අනතුරු අවම කරවන කාර්මික ඥානයකින් හෙබි රථවාහන ලොවට එක්‌ වෙද්දීත් එලෙස ම වූ ලෙස මහා මාර්ග පද්ධතිය දියුණු වෙද්දීත් මේවා භාවිත කරන උදවිය තව තවත් අපරික්‌ෂාකාරී වීම නම් කොහෙත් ම අනුමත කළ නොහැකි ය. මහා මාර්ගයේ දී ධාවකයා මෙන්ම එහි මගීන් ද, ප්‍රවාහයට එකතු වී ඇති අනෙකුත් රථවාහන ද මෙන්ම පදිකයන් ද මහාමාර්ගය විවිධාකා