විදු පත් ඉරුව 20 15 මැයි 20 බදාදා මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලබන කාලයේ බොහෝ ක්‍රියාකාරී සංගම් එහි විය. ඒවා අතර මා සිත් ගත්, මා ක්‍රියාකාරී ව වැඩ කටයුතු කළ සංගම් තුනක් විය. ඉන් එකක් වන්නේ පරිසර සංරක්‌ෂණය සම්බන්ධයෙන් මා හට බොහෝ අත්දැකීම් සහ දැනුම ලබා දුන් හන්තාන සංරක්‌ෂණ සංගමයයි. එකල්හි මේ සංගමය විසින් පරිසර සංරක්‌ෂණය උදෙසා බොහෝ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබී ය. සාමාජිකයන් ගේ දැනුම වර්ධනය කෙරෙහි ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර සති අන්තයේ පැවැත්වූ ක්‌ෂේත්‍ර වැඩමුළු මා නිරන්තරයෙන් ම අගය කළ අංගයකි. මේ වැඩමුළු අතර ලයිකන පිළිබඳව පැවැත්වූ වැඩමුළුව පසුකාලීනව මාගේ පර්යේෂණ සඳහා ද බොහෝ උපකාර විය. එනිසා ම ලයිකන ගැන මෙවර විදු පත් ඉරුවෙහි සටහන් කරන්නට සිතුවෙමි. "ලයිකන" යනු සහජීවී සංගමයකි. ඇල්ගාවක් හෝ නීලහරිත ඇල්ගාවක් දිලීර ජාලයක මධ්‍යයේ ජීවත් වෙමින් එකිනෙකාට උපකාර කර ගන්නා හෙයින් මේ ජීව පද්ධතියට සහජීවී සංගමයක් යෑයි පැවසේ. ඇල්ගාවට හෝ නීලහරිත ඇල්ගාවට ප්‍රභාසංශ්ලේෂණයෙන් ආහාර නිපැදවිය හැකි බව අපි දන්නෙමු. එහෙත් දිලීරයට එසේ කළ නොහැකි ය. ඒ හේතුවෙන් ඇල්ගාව
Posts
- Get link
- Other Apps
විදුපත් ඉරුව 2017 මාර්තු 22 බදාදා “ මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සුද ඔහුට බෙහෙවින් ආදරය කල හ.” මිනිසුන්ට ආදරය කල මිනිසා නොමිනිසුන් අතින් මියැදුනේ මිනිසුන්ගේ ලෝකයට අපමණ වූ අඩුපාඩුවක් ඉතිරි කරමිනි. ලක්ෂ සංඛ්‍යාත වූ විශ්ව විද්‍යාල දරුවන්ගේ නුවණැස පාදන්නට යද්දී නිරන්තර ගැටළුවක් වූ ආර්ථික ශක්තිය “මහපොළ ශිෂ්‍යත්වය” තුලින් ලබා දෙමින් තම අසීමිත ආදරය මුළු මහත් ශ්‍රී ලංකිකයන්හටම ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම ඒ තුලින් ඔහු පෙන්වා සිටියේ එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා තමාට ලබා දුන් ආර්ථික ශක්තියට කෘතගුණ සැලකීමයි. තම සිත්හි වූ ක්‍ෂුද්‍ර සංකල්පයක් ක්‍රියාත්මක කරන්නට හැකි වීමෙන් තමන් අසීමිතව ආදරය කල මිනිසුන්ට විසල් ප්‍රතිලාභයක් ලබා දෙන්නට සමත් වූ මේ අපූරු මිනිසා වෙන කවරෙකුවත් නොව ලලිත් විලියම් ඇතුලත්මුදලි මැතිතුමායි. 1981 දී ඇරඹි මහපොළ ශිෂ්‍යත්ව වැඩපිළිවෙල අද වන විට අතුපතර විහිදී වැඩුන සාර්ථක ශිෂ්‍යත්ව ක්‍රමවේදයකි. ආර්ථික ශක්තිය අහිමි, ආර්ථික ශක්තියෙන් දුර්වල වූවන් පමණක් නොව අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දස්කම් පානා ඕනෑම අයෙකුට මහපොළ ශිෂ්‍යත්
- Get link
- Other Apps
විදු පත් ඉරුව 20 17.05.27 බදාදා හැත්තෑව දසකයට පෙර බංග්ලාදේශයේ ළදරු මරණ බොහෝ විය. මේ සදහා හේතු වන්නේ දූෂිත ජලය බව තේරුම්ගත් යුනිසෙෆ් සංවිධානය සහ ලෝක බැංකුව මේ ජනතාවට භූ ගත ජලය ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කළේ ය. එනිසා එරට පුරා මිලියන අටක් පමණ නළ ළිං ස්‌ථාපනය කළ අතර සියයට පනහකින් පමණ ළදරු මරණ ප්‍රමාණය අඩු කරගත හැකි විය. එහෙත් මේ ස්‌ථාපිත සැම නළ ළිං පහකින් එකක ම ආසනික් නම් වූ ඉතා විෂ බැර ලෝහය අඩංගු බව දැනගත්තේ බොහොමයක් දෙනා දරුණු ලෙස වකුගඩු රෝගයට ගොදුරු වීමෙන් අනතුරු ව ය. බංග්ලාදේශයේ ගම් නව සියයක පමණ ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත් විය. ජෛව ගෝලය කෙරෙහි භූගෝලයේ බලපෑම පෙන්නුම් කරනට මේ සිදුවීම කදිම නිදසුනකි. මෙපමණක් නො ව, ජලයේ පවතින "ෆ්ලෝරයිඩ්" හේතුවෙන් දත් අවපැහැ වීම ද, බෙල්ලෙහි වායු ගෙඩි ඇති වීම ද, අස්‌ථි දරුණු ලෙස විකෘත වීම ද සිදු වන බව මේ වන විටත් සොයාගෙන ඇත. රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීම සම්බන්ධයෙන් කියෑවෙන්නේ ද භූ සම්පත් පරිහරණයේ අනිටු ප්‍රතිඵලයක් ලෙසිනි. කෙසේ වෙතත් පසුගිය දශක කිහිපය තිස්‌සේ මේ සම්බන්ධව කරන ලද පර්යේෂණ හේතුවෙන් මෙමගින් ඇති වන සෞඛ්‍යමය ගැටලු පිළිබඳව
- Get link
- Other Apps
විදු පත් ඉරුව 20 15 ජුනි 03 බදාදා මෙවර ගිම්හානය ඉන්දියාවට එතරම් හොඳ තත්ත්වයක් ගෙන නො එන බවයි පෙනී යන්නේ. අසාමාන්‍ය ලෙස ඉහළ නැග ඇති උෂ්ණත්වය හේතුවෙන් දැනටමත් 2000ක් පමණ වූ මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇති අතර 1995ට පසු සටහන් වන ඉහළ ම උෂ්ණත්ව වැඩි වීම මේ වසරේ දී වාර්තා වී ඇත. සෙල්සියස් අංශක 45 ද පසු කළ දිනයන් බහුල වූ පසුගිය මාසයේ මැයි 24 වැනි දා වැඩි ම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 48ක් "කම්මාම්"වලින් වාර්තා විය. මේ තාප තරංග ඉන්දියාව හරහා ගමන් කරද්දී වැඩි ම හානියක් සිදු කර ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයට ය. මෙලෙස මිය ගිය බොහෝ දෙනකු මිය ගොස් ඇත්තේ විජලනයට ලක් වීමෙන් සහ තාප ආඝාතය හේතුවෙනි. මේ අකරතැබ්බයෙන් බේරෙන්නට දහවල් කාලයේ එළිමහනේ සහ ඇඟ වෙහෙස වී සිදු කරන ක්‍රියාවන්වලින් වැළකී ගෙවල් තුළට වී කාලය ගත කරන ලෙස ඉන්දියානු වැසියන්ට උපදෙස් දී ඇතත් දෛනික වේතනයන් ලබා ගන්නා පුද්ගලයන්ට දිගින් දිගට ම එලෙස ගත කිරීම අපහසු වේ. කෙසේ වෙතත් මේ අසාමාන්‍ය තත්ත්වය ඇති වන්නේ සාමාන්‍ය ග්‍රීෂ්ම කාලය "එල්-නිනෝ" කාලගුණික තත්ත්වයත් සමග සමපාත වීම
- Get link
- Other Apps
ළිං හිඳෙන්නේ නලලිං නිසාද.??? විදුපත් ඉරුව 2017 මාර්තු 15 බදාදා මතුපිට ජලය හිඳී යද්දී මෙන්ම කාර්මිකකරණයෙන් මෙන්ම ජනාවාසකරණයෙන් ද නිපැදවෙන අපද්‍රව්‍ය නිසා භාවිතයට ගත හැකි මතුපිට ජල මුලාශ්‍ර අහිමි වෙමිනුයි යන්නේ. ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල මේ වනවිට ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ භූ අභ්‍යන්තරයේ රැඳුන ජලයෙන්. මෙම භූගත ජලය ලබා ගැනීම සඳහා ඉවක් බවක් නොමැතිව නල ලිං ඉදිකිරිම සිදු වෙයි. කළමනාකරණයකින් තොරව නල ලිං ඉදිකිරිම ශ්‍රී ලංකික ජල සම්පතෙහි අනාගතය තව තවත් අඳුරු කරන්නට හේතුවන බව අප සිහි තබා ගත යුතුය. භූගත ජලය පවතින්නේ භූගත ජල නිධි වල වන අතර එලෙස පවතින ආකාර දෙකකි. ඒවා අනවහිරත ජල නිධි (unconfined aquifer) සහ අවහිරත ජල නිධි (confined aquifer) වේ. මින් පළමු වැන්න බොහෝ විට පවතින්නේ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ වන අතර ජලය පවතින්නේ පාංශු ස්තර සහ ඒ හා ආසන්නයේ පවතින පාෂාණ කලාප අතරයි. මේ නිසා මෙම ජල නිධි වල ජල මට්ටම කාලගුණයට අනුරූපියව උච්චාවචනය වේ. වර්ෂා කාලයේදී වැඩිවන ජල මට්ටම ඉඩෝර කාලවලදී පහල බසී. ශ්‍රී ලංකාවේ බොහෝමයක් සාමාන්‍ය ළිං නිර්මාණය කර ඇත්තේ මෙම ජල නිධි ඇසුරු කරගෙනය. දෙවැන්න
- Get link
- Other Apps
විදු පත් ඉරුව 20 15 ජුනි 10 බදාදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ගවේෂණ සංගමය මා හට බොහෝ අපූරු සහ අනර්ඝ අත්දැකීම් ගෙන දුන් තැනකි. "ඇවිද්ද පය දහස් වටී" යන කියමනට සැබෑ අරුතක් එක් කරන මේ ගවේෂණ සංගමය ගවේෂණයට ලැදියවුනට මහාර්ඝ සම්පතකි. දශක හතරකට (1971) පමණ පෙර ස්‌වාභාවික විද්‍යාවන් හැදෑරූ සිසුන් කිහිප දෙනකු විසින් ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද මේ සංගමය මා ඉගෙන ගන්නා කාලය වන විට විශාල පිරිසක් සමග බොහෝ සක්‍රිය ව ක්‍රියාත්මක විය. දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරන මහාචාර්ය නවරත්න ඇදුරුතුමා ද මෙහි එක් ආරම්භක සාමාජිකයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ඉන්නා ගවේෂණශීලී සිසු දරුවනට තම අත්දැකීම් වැඩි දියුණු කරගැනීමටත් තම විෂය ක්‌ෂේත්‍රයට අදාළ දැනුම දියුණු කරගැනීමටත් මේ සංගමය කදිම තෝතැන්නකි. මේ ගවේෂණ සංගමයේ එකල ප්‍රධාන ක්‍රියාකාරකම වූයේ කඳු ඇසුරු කරගත් ගවේෂණයි. හන්තාන, ලුල්කඳුර, මොණරකන්ද, දොළොස්‌බාගේ, හුන්නස්‌ගිරිය, අලගල්ල, පිදුරුතලාගල යනාදී මහනුවර වටා වූ කඳු ශිඛරයන් හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන් පිළිබඳව
- Get link
- Other Apps
විදුපත් ඉරුව 08.03.2017 පසුගිය ඉරිදා එක්තරා රූපවාහිනි නාලිකාවක විකාශනය වූ ප්‍රවෘති අතර වැදගත් ප්‍රවෘතියක් විය. කලාතුරකින් හෝ එවැනි ප්‍රවෘති විකාශනය වීම සතුටට පත් විය යුතු අතර එමගින් කියවූයේ රජයේ පරිපාලන ආයතන දෙකක අතර ගැටලුවකි. එහි මූලික කරුණු වී තිබුනේ අලින්ගේ “කුණු” කෑමයි. පහසුවටත් ලේසියටත් ආහාර සොයාගැනීමේ මගක් කරගත් මේ “ගොන් අලි”ද ඔවුන්ගේ වපසරිය ආසන්නයට ගෙනත් දමන මානව කුණු කසල අවුස්සමින් “මිනිස් ඉඳුල්” ගිල දමන්නට පුරුදු වීම උන්ගේම අවාසනාවක් වී දැයි සිතේ. තම පරිපාලන ව්‍යුහය තුල ගොඩ ගැහෙන කුණු වලට කරගන්නට දෙයක් නොමැති කල කොහේ හෝ ගොස් අත් හරින්නට තැත් කරන මෙවන් කලෙක මේ කුණු ගොඩ නිසා අලින්ට සිදුවන්නට යන විපත්තිය අදාළ වග කිවයුත්තන්ට සුළුවෙන් හෝ මතක් වීම කටින් බතල කොළ සිටුවන මැති ඇමතිවරු සිටිනා මෙවන් කලෙක එක්තරා පුදුමයට කරුණකි. කෙසේ වූවත් මේ ගැටලුව විසඳෙන්නට තවත් බොහෝ කලක් ගත වෙන බව නම් පවතින වර්තමාන පරිපාලන ක්‍රමය තුල පුදුමයක් නොවේ. එනිසා කුණු බුදින්නට පුරුදු වූ අලින් රැක ගැනීම සිහිනයක් විය හැකි අතර දිගින් දිගටම පොලිතින් වැනි අපද්‍රව්‍ය ඉඳුල් සමග ගිල දැමීමෙන් වැඩි කලක් යන්නට ම