පත්මෙගේ භූ විද්‍යා අන්දර 07
කිරින්ද එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි.
කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ගල් පරයක් මතය. එම ගල් පරය කාලයක් තිස්සේ සිදුවන
මුහුදු ඛාදනයේ ප්‍රතිඵලයකි. ග්‍රැනයිට් නයිස් නම වූ පාෂාණයේ ජීර්ණය බිහිකරන්නේ ගෝලාකාර
ව්‍යුහයන්ය. එය අපූරු භූ විෂමතාවක් ඇතිකරන්නට සමත් වී ඇත.
කැලණියට ගැලූ ,මුහුදට විහාරමහා දේවිය බිලිකල ද ඇය නැවත ගොඩබිමට සේන්දු
වන්නේ කිරින්දෙනි. මුහුද ගැලූ කාරණාව ඉතිහාසයේ පැහැදිලි කර ඇතත් භූ විද්‍යාත්මකව සලකු
කල එය විසල් සුනාමියක් වන්නට ඇතැයි සිතිය හැක. සුනාමියක් එන්නේ නම් එය බටහිරින් නොව
නැගෙනහිරින් විය යුතුය. ඒ සඳහා හේතුභූත වන්නේ සුමාත්‍රා ආසන්නයේ ඇති භූ තල මායිම්ය.
සුනාමි හැමදාම එන්නේ නැත. ඒ සඳහා නිශ්චිත කාලාන්තරයක් ද නැත. එනිසා 2004
ට පසු නැවත එන දිනයක් ද කියන්නට ද බැරිය. ඒ සඳහා සුදුසු තාක්ෂණයක් ද තවම බිහි වී නැත.
2004 සුනාමියට පසු ශ්‍රී ලංකවේ බොහෝ දෙනා සුනාමි ව්‍යවසනය ගැන අවධානය යොමු කලෝය. ඒ
අතර පැරණි සුනාමි ගැනද ඔවුන්ගේ අවධානය යොමු විය.
ඒ කාලයේ මා සේවය කලේ මධ්‍යම සංකෘතික අරමුදලේය. පර්යේෂණ විද්‍යාගාරයේ අධ්‍යක්ෂක
ආචාර්ය මොහාන් මහතා ද මම ද එක්ව පැරණි සුනාමි සොයන්නට කිරින්ද ට ගියෙමු. එහිදී සිදුකරන
ලද පර්යේෂණ වලට අනුව අනුමාන කල හැකි වැලි තැන්පතුවක් කලපු මඩ අතර තිබී හමුවිය. තාප
සන්දීප්තතා කාලනිර්ණය සඳහා රාත්‍රියේදී නියැදිකරනයට ලක් කළෙමු.
පර්යේෂනගාරයේදී වෙන්කර ගත් වැලි කැට කාල නිර්ණයට භාජනය කළෙමු.
පුදුමයක මහත එම වැලි ස්තරය විහාරමහාදේවිය කිරින්ද ට ගොඩබැස්ස කල වකවානුවට අයත් විය.
එම පර්යේෂණය දිගින් දිගටම කරගෙන යාමට අවශ්‍ය වුවත් ප්‍රමාණවත් අරමුදල් නොතිබූ නිසා
අතමග නැවතුණි. පසුව, වසර විස්සකට වඩා පැරණි වූ එම කාලනිර්ණ උපකරණය අබලන් විය.
පර්යේෂණය නැවතුණි.
තවමත් ඒ පිලිබඳ ආශාවක් ඇතත් පර්යේෂණ කරගෙන සුදුසු අවසථාවක් එළඹියේ නැත.
පසුගිය දිනෙක වසර විස්සකට පමණ පසු ඒ ප්‍රදේශයේ සංචාරය කිරීමට නැවත අවස්තාවක් හිමි වූයේ
කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන වසරේ සිසුන්ගේ ක්ෂේත්‍ර චාරිකාවට එක් වීම නිසායි. එම ප්‍රදේශයේ
මේ වන විට බොහෝ වෙනස් වී ඇත. ඉතා අපුරු ලවණ වගුරු සහිත තෙත්බිමක් නිර්මාණය වෙමින් පවතී.
ජෛව විවිධත්වයෙන් අනූනය.
වසර විස්සකට පෙර සුනාමිය විසින් අතුගා දැමු මෙම ප්‍රදේශය දැන් සොබාවිකවත්
මිනිසුන් විසිනුත් විවිධ වෙනස්කම් වලට භාජනය කරමින් පවතී. එය නැවත සුනාමියක් එනකම්
විය හැකියි.