ළිං හිඳෙන්නේ නලලිං නිසාද.???
විදුපත් ඉරුව
2017 මාර්තු 15 බදාදා
මතුපිට ජලය හිඳී යද්දී මෙන්ම
කාර්මිකකරණයෙන් මෙන්ම ජනාවාසකරණයෙන් ද නිපැදවෙන අපද්‍රව්‍ය නිසා භාවිතයට ගත හැකි
මතුපිට ජල මුලාශ්‍ර අහිමි වෙමිනුයි යන්නේ. ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල මේ වනවිට ජල
අවශ්‍යතාවය සපුරා ගන්නේ භූ අභ්‍යන්තරයේ රැඳුන ජලයෙන්. මෙම භූගත ජලය ලබා ගැනීම සඳහා
ඉවක් බවක් නොමැතිව නල ලිං ඉදිකිරිම සිදු වෙයි. කළමනාකරණයකින් තොරව නල ලිං ඉදිකිරිම
ශ්‍රී ලංකික ජල සම්පතෙහි අනාගතය තව තවත් අඳුරු කරන්නට හේතුවන බව අප සිහි තබා ගත
යුතුය.
භූගත ජලය පවතින්නේ භූගත ජල නිධි වල වන
අතර එලෙස පවතින ආකාර දෙකකි. ඒවා අනවහිරත ජල නිධි (unconfined aquifer) සහ අවහිරත
ජල නිධි (confined aquifer) වේ. මින් පළමු
වැන්න බොහෝ විට පවතින්නේ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ වන අතර ජලය පවතින්නේ පාංශු ස්තර සහ
ඒ හා ආසන්නයේ පවතින පාෂාණ කලාප අතරයි. මේ නිසා මෙම ජල නිධි වල ජල මට්ටම කාලගුණයට
අනුරූපියව උච්චාවචනය වේ. වර්ෂා කාලයේදී වැඩිවන ජල මට්ටම ඉඩෝර කාලවලදී පහල බසී. ශ්‍රී
ලංකාවේ බොහෝමයක් සාමාන්‍ය ළිං නිර්මාණය කර ඇත්තේ මෙම ජල නිධි ඇසුරු කරගෙනය.
දෙවැන්න වන අවහිරත ජල නිධි පිහිටන්නේ
භූ අභ්‍යන්තරයේ පාෂාණ තට්ටු අතර වේ. මෙම ජල නිධි නිර්මාණයේදී ජලය එක් රැස් වීම
සඳහා පාෂාණ වල දුර්වල කලාප බෙහෙවින් වැදගත් වෙයි. පාෂාණ තුල පිහිටන පැලුම්,
කුස්තුර පමණක් නොව විවරයන් සහ බිලයන් ද අතිශය
මේ සඳහා සහයෝගීමත් වේ. ඉහළින් සහ පහළින් අපාරගම්‍ය පාෂාණ තට්ටු හෝ මැටි වැනි ද්‍රවයන්ගෙන්
අවහිර වී පවතින මෙම නිධිවල ජලය පීඩනයක් යටතේ පැවතීම සුවිශේෂී වේ.
අනවහිරත ජල නිධි පෝෂණය වන්නේ එම
ස්ථානයට හෝ ඒ හා ළඟ ස්ථානවලට වසිනා වැසි ජලය නොගැඹුරු පස සහ පාෂාණය තුලට කිඳා බැසීමෙනි.
නමුත් අවහිරත ජල නිධි පෝෂණය කරනා ජල මුලාශ්‍ර පවතින්නේ ජල නිධියට බොහෝ ඈතින් විය
හැක. උදාහරණයක් ලෙස කඳුකර ප්‍රදේශවල නිම්න වල පවතින අවහිරත ජල නිධි පෝෂණය වන්නේ
කඳුකරයේ ශිකර ප්‍රදේශවලට ලැබෙන ජලය මගිනි.
න්‍යායාත්මකව ගත් කල මෙම ජල නිධි වලින්
කිසියම්ම හෝ ක්‍රමවේදයකට ජලය ගන්නා වේගය එම ජල නිධි පෝෂණය වන්නා වූ වේගයට වඩා වැඩි
නම් ජල නිධි හිස් වන්නට පටන් ගනී. එනම් නල ලිං භාවිතයේදී ද ඉතා පැහැදිළිව මෙය සත්‍යක්
වන අතර සලකන එක්තරා ප්‍රදේශයක් තුල සවිකල හැකි නල ලිං සංඛ්‍යාව සීමිත වනු ඇත. මෙම
ජල නිධි පෝෂණය වන සිඝ්‍රතාවය විද්‍යාත්මකව නිශ්චය කර සවිකළ හැකි නල ලිං ප්‍රමාණය
ගණනය කල යුතුය. මේ සදහා භූ ජල විද්‍යාත්මක ක්‍රම වේදයන් ස්ථාපනය වී ඇත.
අසීමාන්තික නල ලිං ස්ථාපනය ගැටළු
රාශියක් ඇති කරයි. මෙහි ප්‍රමුඛ බලපෑම ඇතිවන්නේ අනවහිරත ජල නිධි වල ස්ථාපනය කර ඇති
සාමාන්‍ය ළිං වලටයි. එනිසා ජල මට්ටම අඩුවිය හැකි අතර ඉඩෝර කාලයකදී තත්වය උග්‍ර
වෙයි. මේ නිසා භූ ගත ජල මට්ටම පහත බසින අතර එය ඍජුවම වන වැස්මට ද වගාවන් වලට ද
හානි පමුණුවයි.
සාගරය ආසන්නයේ පිහිටි අනවහිරත ජල නිධි
වල ජල මට්ටම මේ හේතුවෙන් අඩුවීම නිසා මුහුදු ජලය මුසු වීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙනු
ඇත. එය ජල දුෂණයකට හේතු විය හැකි අතර දිගුකාලීනව ගත් කල යථාතත්වයට පත් කිරීමට
අපහසු තත්වයක් ඇති විය හැක.
අවහිරත ජල නිධි සදහා ද මෙය සත්‍යක් වන
අතර භූ අභ්‍යන්තරික පැලුම් රටා නිසා ඉතා පහසුවෙන් මුහුදු ජලය මුසු වීමේ හැකියාව
ඇත. බොහොමයක් අවහිරත ජල නිධි කෙලවර වන්නේ නොඑසේනම් පොළොව මතුපිටට සම්බන්ධ වන්නේ
අනවහිරත ජල නිධි ලෙසයි. එනිසා අවහිරත ජල නිධි වල ස්ථාපනය කරනා නල ලිං ප්‍රමාණය
වැඩි වීමද ලබා ගන්නා ජල ප්‍රමාණය වැඩි වීමද හේතුවෙන් අනවහිරත කලාපයේ ජල මට්ටම
අඩුකරන්නට හේතුවිය හැක.
අනවහිරත හෝ අවහිරත ජල නිධි වල නල ලිං
ස්ථාපනය කර දිගින් දිගටම නොනවත්වා ජලය ලබා ගැනීම සහ විශාල ප්‍රමාණයක් නල ලිං
ස්ථාපනය කිරීමෙන් විශාල ජල ප්‍රමාණයක් එකවර ලබා ගැනීම සදාකාලිකවම මෙම ජල නිධි
අභාවයට යවන්නට හේතු විය හැක.
භූගත ජලය ඇතිපදම ලබා ගන්නට හැකි වුවද
එහි ගුණාත්මක භාවය පිලිබඳ අධ්‍යනයන් සිදුකල යුතුය. භූ අභ්‍යන්තරයේ පිහිටි විවධ
පාෂාණ නිසා එමගින් දියවන රසායනයන් නිසා ජලයේ ගුණාත්මක භාවයට හානිවීමේ හැකියාවක්
ඇත.
මෙම තත්වය වලකා ගැනීම සදහා විධිමත් ක්‍රම
වේද මගින් විද්‍යාත්මක අධ්‍යනයන් සිදු කර හානියකින් තොරව එනම් තිරසාර ක්‍රමවේදයකට
නල ලිං ස්ථාපනය සිදුකල යුතු වේ. ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පසුබිම අතිශය සංකීරණ
වේ. මේ නිසා සමහර විට සිදුකරන නිගමන සාවද්‍ය වීමේ හැකියාවද පවතී. එනිසා ඉතා
විස්තරාත්මක, කෙටිකාලින පමණක් නොව දිගු කාලිනද විද්‍යාත්මක අධ්‍යනයන් සිදුකර
නිගමනයන් වලට එළඹීම නුවණැති කාරණයක් වෙයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ