Posts

විදුපත් ඉරුව 2017 අප්‍රේල් 19 බදාදා සිදුවන ව්‍යසනය ද එය සිදුවන්නේ කවරදාදැයි පැවසීම ද වරෙක ආපදාවක්ම වන්නේ නියපොත්තෙන් කඩන්නට ඇති දේ පොරොවෙන් කපන්නට ඉඩ හැරීමෙන් පමණක් නොව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් ලෙඩ ඔඩු දිවීම නිසා ද බව මී තොටමුල්ල ඛේදවාචකය අපට පැහැදිළි කරන සත්‍යයයි. ඩිමෝ බඩියකට අලියක් පැටවීම කොහෙත්ම කල හැක්කක් නොවේ. එවිට සිදුවන්නේ කුමක්දැයි අපට හොඳින් පැහැදිළි වේ. කෙසේ නමුත්, මේ ලියන මොහතවන තුරුද මිය ගිය සංඛ්යාව කොපමණදැයි නිශ්චිතව ගණනය කල හැකි වී නොමැත. මෙවන් අවස්ථාවක ආපදා කළමණාකරණය සංවිධානගත වී දැයි ගැටළුවක් පැන නගියි. දහවලද නැවත නැවතත් වලේ වැටෙන්නේ නම් එය එළිය පිලිබඳ ප්‍රශ්නයක් නොව දැක්ම පිලිබඳ ගැටළුවක් බව අප තේරුම් ගත යුතුය. මෙරට කුණු ගැන කථා කරන්නේ දශක ගණනාවක සිටය. විසදුම් සොයන්නේ විද්වතුන් නොව දේශපාලකයන්ය. විද්වතුන් දේශපාලකයන් වීම කොතරම් අපූරුයි දැයි අප කල්පනා කල කාලයක් විය. නමුත් එවැන්නෝ ගෙන ආ අඳුරු ආදර්ශ නිසා අපගේ සිතුවිල්ල පුස්සක් වී ඇති බව මේ වන විටත් පැහැදිළි වී හමාරය. විද්වතුන් දේශපාලකයන් වීමෙන් පලක් වන්නේ ද නැත. කොළඹ කුණු ප්‍රශ්නයට පැහැදිළි පිළිතුරක්
විදු පත් ඉරුව 20 17 අප්‍රේල් 05 බදාදා බක්‌ මහේ විශේෂත්වය ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන සිංහල අලුත් අවුරුද්දයි. කවරකු කෙසේ කීවත්, කවර අර්ථකතන දුන්නත් සිංහලයා ගේ නිර්මාණශීලිත්වය සහ අදීනත්වය හඬ ගා කියන්නේ මෙමගින් බව බොහෝ දෙනකු තේරුම් ගන්නේ නැත. ඉතා කදිම අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරිපුන් සිංහල අලුත් අවුරුද්ද ගෙවී යන වසරේ අවසානයත් එළඹෙන වසරේ ආරම්භයත් සනිටුහන් කරයි. සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර ජලයට ලැබෙන්නේ ද ඉහළ ප්‍රමුඛතාවකි. සැම සුබ කටයුත්තක්‌ ද පටන් ගැන්මේ දී ඉදිරියට එන ජලය පිරි කළය ගෙන එන්නේ සුබ පණිවිඩයකි. ජීවයේ අඛණ්‌ඩතාව රඳා පවත්නේ ජලය මත බව හොඳින් තේරුම්ගත් අපේ මුතුන් මිත්තෝ ජලයට ගෞරව කළ හ. එමෙන් ම එය රැකගැනීම සදහා කදිම සංරක්‌ෂණ ක්‍රමවේද නිර්මාණය කළ හ. ජලය රැස්‌ කර, නැති කල ප්‍රයෝජනයට ගැනීමට උපාය උපක්‍රම ලෙස ඉතා කදිම විස්‌මයජනක වාරි තාක්‌ෂණයක්‌ බිහි කළ හ. සැමට භාවිතයට ගත හැකි ලෙස දියුණු භෞතික මෙන්ම සමාජ ක්‍රමවේද ද ඇති කළ හ. ඒ එතරමට ජලයේ වටිනාකම හඳුනාගෙන තිබූ බැවිනි. නා නා අයුරින් අපට පිහිට වන ජලයට ප්‍රතිඋපකාර කරන්නට සිංහලයාට වැදගත් වූ සි
විදු පත් ඉරුව 20 15  අප්‍රියෙල් 29බදාදා සබරගොමුවේ උපන්න කෙනෙක්‌ හැටියට "සීතල දුරුත්තේ මීදුම් බර උදෑසන" කිසි විටකත් අමතක වෙන්නේ නැහැ. යුරෝපීයයන් ගේ ආක්‍රමණවල ප්‍රතිඵලයක්‌ හැටියට ලංකාවේ එකල ආර්ථිකයේ ප්‍රමුඛ බෝගයක්‌ වූ රබර් වගාව අප ප්‍රදේශයේ කඳුකරය වසා තිබූ නොඉඳුල් වනය පලවා හැර බින්න බැස්‌සත්, පොඩි කාලයේ ඒ අපූරු කාල පරිච්ඡේදය මගේ මතකයේ සදා නො මැකෙන ලෙස රැෙදන්නේ කෘත්‍රිමව ගොඩනගන ලද ඒ පරිසරයේ පවා බොහෝ ස්‌වාභාවිකත්වයට ළං වූ දැ තවදුරටත් දක්‌නට තිබූ බැවිනුයි. ඒ බව කදිමට තහවුරු කරන්නේ උදුවප් පොහොයෙන් ඇරඹෙන ශ්‍රී පාදස්‌ථාන වන්දනාවත් සමග ම එහි ඇදෙන දහස්‌ සංඛ්‍යාත බැතිමතුන් සේ ම එදෙසට පියඹා යන්නා වූ සමනළ රෑන්. නා නා ප්‍රකාර වර්ණයන් ගෙන් යුක්‌ත වූ මේ සුන්දර සමනළ රෑන් උදෑසන මීදුම බිඳගෙන අපේ ගෙදර මිදුල හරහා වහලය උඩින් ශ්‍රී පාදස්‌ථානය දිශාවට පියඹා ගිය ආකාරය හරි ම චමත්කාරජනකයි. එක රෑනක නො ගිණිය හැකි තරම් වූ සමනළයන් වූ බව මගේ මතකය මට කියාපානවා. නමුත් අද තත්ත්වය නො සිතූ ලෙස වෙනස්‌ වෙලා. ලංකාවේ බොහෝ ස්‌ථාන නාගරීකරණය වෙලා. කැළෑ හෙළි වී සුන්දර ව තිබූ ස්‌වාභාවික පරිසරය, ඉදි
විදුපත් ඉරුව 2017 අප්‍රේල් 04 බදාදා හරප්පන් ශිෂ්ටාචාරය වසර 3000 ට පමණ පෙර ඉන්දියානු මහද්වීපයේ තිබූ ප්‍රභල සහ දියුණු ශිෂ්ටාචාරයකි. ඉන්දු නිම්නය කේන්ද්‍ර ක‍ර බිහි වූ වෙළඳ නගරයක් වූ මොහෙන්ජෝ-දාරෝව එතරම්ම ප්‍රභලව තිබුනද එහි අඛණ්ඩ බව පවත්වා ගන්නට හැකි වූයේ නැහැ. කාලගුණික විපරියාසයන් හේතුවෙන් එම අපූරු ශිෂ්ටාචාරය මෙලොවින් අතුගා දමන්නට හේතු වූ බවයි විද්‍යාඥයින්ගේ මතය වන්නේ. පරිසරයට බලපෑමක් කරන්නට තරම් වූ ප්‍රභලත්වයක් ඔවුන් සතු නොවූ නිසාදෝ ස්වාභාවිකත්වය ඇතිකළ වෙනස්කම් දරා ගන්නට ඔවුනට හැකි වී නැහැ. අදූරදර්ශී මානව ක්‍රියා අදවන විට ලෝක පරිසරය ප්‍රභල ලෙස වෙනස් කරමින් ඉන්නා බව අප ඉතා හොඳින්ම දන්නා කරුණක්. එනිසාම කාලගුණික විපරියසයන් ආරම්භ වී එහි ප්‍රතිඵල පෘථිවිවාසි අප සියල්ල භුක්ති විඳිමින් සිටියි. ලෝක උණුසුම ඉහල යාම නිසා එකිනෙක බැඳුන තවත් බොහෝ දිගු දාම ක්‍රියා ආරම්භ වී සංකීර්ණ තත්වයක් ඇති වී තිබෙන බව තේරුම් ගත යුතුය. ධ්‍රැවාසන්න හිම දිය වී සාගර පිරෙන්නේ මුහුදු මට්ටම ඉහල දමමිනි. එනිසා සමහර දුපත් යටවී ජිවත් වන්නට අවැසි ඉඩකඩ අඩු වී යයි. ලෝක උණුසුම් වැඩිකරන තාපය ගිලගන්නා සාගර ජලය ඉදිමෙන්නේත
විදු පත් ඉරුව 20 15  මැයි 06 බදාදා පසුගිය කාලේ තිබුණ ත්‍රස්‌තවාදී යුද්ධය නිමාවත් සමග දකුණේ වැසියෝ බුරුතු පිටින් උතුරේ සංචාරවල නිරත වුණා නේ. කිලිනොච්චිය, අලිමංකඩ, පුනරින්, යාපනය, පේදුරුතුඩුව යනාදී බොහෝ තැන් දැක බලාගැනීම තමයි ඔවුන් ගේ බලාපොරොත්තුව වුණේ. බෞද්ධ ජනතාවට වැදගත් වන්නා වූ නාගදීපය, දඹකොළ පටුන, කනද්රෝඩේ වැනි සිද්ධස්‌ථානත් ඒ අතර ප්‍රමුඛව තිබුණා. යාපනය අර්ධද්වීපය තුළ සංචාරය කළ ඇත්තන්ට නම් දැක බලාගත් අමතක නො වන තව බොහෝ තැන් ඇති. ඒ අතර ඉතා චමත්කාරජනක වූ භූ ගැබේ අපූරු නිර්මණ කිහිපයක්‌ ගැන මේ ගමන විදු පත් ඉරුවෙන් මතක්‌ කළොත් හොඳයි කියල හිතුණා. යාපනයේ ජනතාව ගේ ජීවය වැනි ජලය පිළිබඳ විශාල අර්බුදයක්‌ මතු වෙමින් පවතින නිසා මේ ජල සම්පත පවතින වටපිටාව පිළිබඳව සහ දූෂකවල හැසිරීම, මේ භූ නිර්මාණවල ලක්‌ෂණ දැනගැනීමෙන් කිසියම් දුරකට ඔබට දැනගැනීමට හැකි වේ වි. මම සදහන් කරපු තැන්වලින් එකක්‌ තමයි නිලාවේරායිවල හමු වන "පතුල නො පෙනෙන ළිඳ". විශාල ආවාටයක්‌ වැනි ළිං කටක්‌ සහිත මේ ස්‌ථානය දැනට ඒ අවට ප්‍රදේශයේ මිනිසුන්ට පානීය ජලය සපයන එක ස්‌ථානයක්‌. නිල් පැහැති ජලය මේ පතුල වසාගෙන
විදුපත් ඉරුව 2017 මාර්තු 29 බදාදා පෘථිවිය බිහිවූයේ මින් වසර බිලියන 4.6 කට පෙරය. මහා පිපිරුම නිසා විසිරුණු දුහුවිලි වලාවක් ක්‍රමයෙන් සංකෝචනය වීමෙන් පෘථිවිය සහිත මෙම සූර්යග්‍රහ මණ්ඩලය නිර්මාණය විය. එහි ජීවයේ නියමුවා වූයේ පෘථිවියයි. දසත පැතිර තිබු දුහුවිලි අධික තාපයක් සමග සංකෝචනය වූයේ ඝනැති පාෂාණ නිර්මාණය කරමිනි. ක්‍රමයෙන් සිසිලනයට ලක් වූ පාෂාණ තට්ටු වරෙක එක් වෙමින් ද නැවත වෙන්වෙමින් ද නොනවතින ගමනක් නිරත වෙමින් පවතී. මේ අතර ජීර්ණයට ලක්වූ මිහිපිට වූ පාෂාණ අවසාදිත නිර්මාණය කරමින් මුහුදු පත්ලේ තැන්පත් කරවුනි. තවත් වරෙක මිහිලිය ගිලගත් පාෂාණ තට්ටු දියකරමින් ලෝදිය නිපැදවිය. එලෙස නිර්මාණය වූ පෘථිවි තල අතර වූ එක් අපූරු තලයකය අප රට ශ්‍රී ලංකාව පිහිටන්නේ.   ජුරාසික යුගයේ දී ම ඉන්දියානු තලයෙන් වෙන්ව තනිව ගමනක යෙදෙන ශ්‍රී ලාංකීය භූ තලය අද දවසේ ඔබ අපගේ නිවහන වන්නේය. දූපතක් ලෙස මෙදින එය දිස්වන්නට හේතු වූයේ එම වෙන් වීමයි. භූ විද්‍යාඥයින් පවසන අන්දමට වසරකට මිලිමීටර එකක පමණ වේගයකින් ඉන්දියාවෙන් වෙන්ව ඕස්ට්‍රේලියාව දෙසට පා වෙමින් පවතින ශ්‍රී ලාංකේය භුමි භාගය කාවරී ද්‍රෝණිය කෙමෙන් පුළුල් කරයි.
විදු පත් ඉරුව 20 15  මැයි 13 බදාදා නේපාලයට පසුගිය අප්‍රේල් 25 වැනි දින අඳුරු දිනයක්‌ වුණා. ඒ රික්‌ටර් පරිමාණයේ ඒකක 7.8ක්‌ පමණ ප්‍රබල වූ භූ කම්පනයකට ලක්‌ වීමෙන් ඇති වූ ව්‍යසනයයි. අට දහසක්‌ පමණ වූ මිනිස්‌ ජීවිත මෙයින් අහිමි වූ අතර එමෙන් දෙගුණයක්‌ පමණ වූ මිනිසුන් සංඛ්‍යාවක්‌ ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙය 1934ට පසු නේපාලයේ ඇති වූ දරුණු ම භූ කම්පනයයි. ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය එක්‌ වන මායිමේ නේපාලය පිහිටා ඇති අතර එනිසා ම ඒ ආසන්නයේ නිරන්තරයෙන් සිදු වන භූ කම්පනවලට ගොදුරු විමට වැඩි නැඹුරුතාවයක්‌ තියෙනවා. සති තුනකට පමණ පෙර සිදු වූ මේ භූ කම්පනය තත්පර විස්‌සක්‌ පමණ කාලයක්‌ රඳා පැවැති අතර නේපාලයේ ලූර්ම්ජන්ග් නම් වූ ස්‌ථානයට කිලෝමීටර 15ක්‌ පමණ වහා ම පහළින් වූ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ තමයි එය හටගෙන තියෙන්නේ. මේ හේතුවෙන් ඉන්දියාවේ ද, බංගලාදේශයේ ද, භුතානයේ ද, චිනයේ ද සමහර ස්‌ථානවලට භූ කම්පනය දැනී ඇති අතර ඒ හේතුවෙන් තුවාල ලත් පුද්ගලයන් ද වාර්තා වුණා. ඒ වාගේ ම ප්‍රබලතාව අවම වශයෙන් රික්‌ටර් 4.5 ක්‌ පමණ වූ තිස්‌ පහකට වැඩි පසු කම්පන ප්‍රමාණයක්‌ ද මේ ප්‍රදේශයේ සිදු