31.08.2016
දහ නව වැනි ශතවර්ෂය අවසාන වන විට ඇමෙරිකා එක්‌සත් ජනපදය වෙනස් ම අයුරකින් විදුලි බල ක්‌ෂේත්රනය දෙසට නෙත් යොමන්නට විය. ඒ වෙන කිසිවකු නිසා නො ව, නව මානයකට එම ක්‌ෂේත්‍රය ගෙන ගිය නිකොලා ටෙස්‌ලා නිසා ම ය. ඔබ මේ පුද්ගලයා පිළිබඳව දන්නවා ඇතැයි සිතමි. ලෝකයේ කොහේ හෝ තැනක නවෝත්පාදන ගැන කතා කරන්නේ නම් ටෙස්‌ලා ගැන ද අනිවාර්යයෙන් ම කතා කෙරෙනු ඇත. ඔහු ඒ තරමට ම කැපී පෙනෙන ලෙස අපූර්ව නව නිපැයුම් මෙලොවට එළි දැක්‌වූවකු බැවිනි. සිදු කළ නව නිපැයුම් සදහා පේටන්ට් බලපත්‍ර 300කට අධික ප්‍රමාණයක් හිමි කරගත් ටෙස්‌ලා ජනප්‍රිය වන්නේ අගනා විදුලි නිපැයුම් සදහා ය.
නව ප්‍රත්‍යාවර්ත විදුලි පරිවර්තක යන්ත්‍රයක් නිපදවීමෙහි ලා ටෙස්‌ලා සිදු කළ මෙහෙය අතිමහත් වන අතර ඔහු ගේ නාමය වඩාත් කතා බහට ලක් වන්නේ ද, ප්‍රසිද්ධියක් උසුලන්නේ ද එනිසා ම ය. ඔහු විදුලි ඉංජිනේරුවරයකු ලෙස පමණක් නො ව කාර්මික ඉංජිනේරුවරයකු, භෞතික විද්‍යාඥයෙකු සහ අනාගතය දකින්නකු ලෙස ද දැක්‌වූ දක්‌ෂතාව ඔහු ගේ ජීවිත කාලය තුළ සිදු කළ නව නිපැයුම් මගින් ලොවට මොනවට පෙන්වා ඇත. එනිසා ම "ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත" යන කියමන ඔහුට නම් නො ගැලපෙන්නේ ම ය.
1856 ජුලි මස 10 වැනි දින ඔස්‌ටි්‍රයාවේ උපත ලද ටෙස්‌ලා පස් දෙනකු ගෙන් හෙබි පවුලේ හතර වැනියා ය. එක් සහෝදරයෙක් ද, සහෝදරියෝ තිදෙනෙක් ද ටෙස්‌ලා ගේ පවුලේ වූ හ. පියා පූජකවරයකු වූ අතර නව නිපැයුම් සදහා පෙලඹවීම සිදු වන්නට ඇත්තේ මවු පාර්ශ්වයෙන් බව ඔහු හා සබැඳි ලිපි ලේඛන පිරික්‌සීමේ දී පෙනී යයි. කුඩා කාලයේ ඉගෙනීමෙහි අති දක්‌ෂයකු වූ ටෙස්‌ලා ගණිත ගැටලු මනෝමය ලෙස විසඳීමට සමතකු බව කියෑවේ. 1973 දී ඔහු ඉතා ම උසස් ලෙස තම උසස් අධ්‍යාපනය නිම කළේ වසර හතරක පාඨමාලාව වසර තුනකට සීමා කරමිනි. එම අවුරුද්දේ ම ටෙස්‌ලා, කොලරා රෝගය වැළඳීම නිසා මාස නවයක පමණ කාලයක් මරණීය තත්ත්වයේ පසු වූ අතර ඉතා අසීරුවෙන් තම ජීවිතය රැකගෙන ඇත. 1875 දී "ග්රේස් තාක්‌ෂණික විශ්වවිද්‍යාලය"ට ඇතුළත් වූ ඔහු තම සම්පූර්ණ කාලය ම ඉගෙනීම කෙරෙහි යොමු කළ බව පෙනේ. එකදු දේශනයක් වත් මග නො හළ ටෙස්‌ලා, දිනකට උදෑසන 3 සිට රාත්‍රී 11 වන තුරු ම අධ්‍යාපනයේ යෙදී සිට ඇති අතර කිසිදු නිවාඩු දිනයක් ලබා නො ගත් බව කියෑවෙයි. එනිසා ම ඉතා ඉහළ ප්‍රතිඵල පෙන්වූ ඔහු ගුරුවරුන් අතර අතිශය ජනප්‍රිය විය. ඔහු ගේ මේ කැප වීම කෙරෙහි උපේක්‌ෂාවෙන් බලා සිටි විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරු එය ඔහු ගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බව පවා පවසමින් ටෙස්‌ලා ගේ පියාට ලියුම් යෑවූ හ.
විවිධ විෂය කරුණු සම්බන්ධව ගුරුවරුන් සමග තර්ක විතර්කවලට එළඹි ටෙස්‌ලාට තම දෙවැනි අවුරුද්ද අවසාන වන විට ලැබී තිබූ ශිෂ්‍යත්වය අහිමි විය. සූදුවට ද ඇබ්බැහි වූ ටෙස්‌ලාට ඉන් පසු උදා වූයේ අතිශය දුර්භාග්‍ය කාලයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරගැනීමට නොහැකි වූ ටෙස්‌ලා ඉන් බැහැර ව විවිධ
රැකියා කරමින් තම බඩ වියත රැකගැනීමට වැර දැරී ය. මේ අතර කාලයේ ඇමෙරිකා එක්‌සත් ජනපදයට සේන්දු වූ එහි සමාගම් කිහිපයක් ම සමග සම්බන්ධ වී විදුලි මෝටර සහ සාම්ප්‍රදායික විදුලි උත්පාදන ක්‍රමවේද දියුණු කිරීමට සමත් විය. එහෙත් තමා අත ගැසූ සැම කටයුත්තක් ම මුල දී සාර්ථක වූ නමුත් ඒ හැම විට ම නිපැයුම් සදහා තමාට ඇති අයිතිය අහිමි වී යැම ඔහුව කබලෙන් ලිපට ඇද දැමීමක් බඳු විය. තමා ලබාගත් පළමු පේටන්ට් බලපත්‍රයද ඔහුට මේ අවධියේ දී ඔහුට අහිමි වූයේ නව නිපැයුම් සදහා එකල වැඩ කළ සමාගමේ අයිතිකරුවන් තුළ තිබූ අකැමැත්ත නිසා ම ය.
1887 දී ප්‍රත්‍යාවර්ත විදුලි දහරාවක් නිපදවිය හැකි ලෙස ප්‍රේරණ මෝටරය වැඩිදියුණු කළ ටෙස්‌ලා ඉන් යම් සාර්ථකත්වයකට පත් විය. යුරෝපයේ සහ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ බෙහෙවින් ජනප්‍රිය වී ගිය මේ නිපැයුම භ්‍රමණය වන චුම්බක ක්‌ෂේත්‍රයක් භාවිතයෙන් බහු කලා විදුලිය නිපදවී ය. මේ විදුලි මෝටරයේ විශේෂත්වය වූයේ විදුලි පරිවර්තකයක් අවශ්‍ය නො වීමයි. කෙසේ නමුත් මින් පසු ඔහු ගේ ජීවිතය සාර්ථකත්වයට පත් වෙමින් තිබුණු බව පැහැදිලි ය. 1891 වන විට ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පුරවැසිභාවය ටෙස්‌ලාට හිමි වූ අතර, "ටෙස්‌ලා දඟරය" නිපදවීමට ඔහු සමත් විය.
ලොව වෙනස් ම මානයකට ගෙනයන්නට සමත් වූ නිකෝලා ටෙස්‌ලා ගේ නව නිපැයුම් අතර ඉහත කී චුම්බක ප්‍රේරණ මෝටරය සහ ටෙස්‌ලා දඟරය වෙයි. එමෙන් ම විද්යුත් ආලෝකය නිපදවීම සදහා ඔහු කළ පර්යේෂණ ඉතා සාර්ථක වූ අතර ප්‍රතිදීප්ත විදුලි පහන් සහ නියෝන් විදුලි පහන් නිපදවීමට ඔහු සමත් වූයේ විදුලි බුබුළු කර්මාන්තය ඒවා නිපදවන්නට දශක හතරකට පමණ පෙර ය. ඔහු ගේ පර්යේෂණාගාරය පිහිටි පරිශ්‍රය නියෝන් විදුලි බුබුළුවලින් සරසා තිබූ බව කියෑවේ. අප කවුරුත් ඉතා හොඳින් දන්නා කාටත් නැති ව ම බැරි දුරස්‌ථ පාලකයේ නිර්මාතෘ ද ඔහු ය. ජලයේ සැඟවුණු සූර්ය ශක්‌තිය නෙළාගත හැකි වන ලෙස ලොව පළමු ජල විදුලි බලාගාරය නයගරා දිය ඇල්ල අසල ඉදි කිරීමට ඔහු සමත් විය.
රේඩියෝව නිපදවීම පිළිබඳව යම් මතභේදාත්මක කරුණු මතු වුව ද එහි අයිතිය 1943 දී අධිකරණය මගින් ටෙස්‌ලා වෙත පිරිනැමූ බව සදහන් වේ. වර්තමානයේ අප විවිධ කාර්යයන් සදහා භාවිත කරන ලේසර් කිරණ සොයාගැනීමේ ගෞරවය හිමි වන්නේ ද ටෙස්‌ලාට ය. එපමණක් නො වේ ඔහු ගේ ඉතා වැදගත් සංකල්පයක් වන "රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය" මේ දශකය තුළ භාවිතයට ගෙන එන ආකාරය පිළිබඳව වර්තමානයේ පර්යේෂණ දිගින් දිගට ම පැවැත්වේ. සොබාදහමේ සැඟවුණු ශක්‌තිය නෙළාගනිමින් ජන ජීවිතය නිදහස් ශක්‌තියෙන් ප්‍රබෝධවත් කරන්නට වෙහෙස වූ මේ අපූරු නිර්මාණ ශිල්පියා 1943 ජනවාරි 7 වැනි දා මිය යන විට වයස අවුරුදු 86ක් ගත කර තිබූ අතර ඉතා විශාල සංඛ්‍යාවක් විදුලි නිර්මාණ ලොවට දායාද කර තිබිණි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment