මාන්තායි සමුද්‍රාසන්න වෙළඳ නගරයේ පරිණාමය....!!!
භූ සංචාරිතය 21
This article is originally publishde on Vidusara 05.08.2020.
සමුද්‍රාසන්න භූ රූපණය (coastal geomorphology) නොමැතිව භූ විද්‍යාවේ රසය සෙවිය නොහැක. භූ විද්‍යාවේ ශ්රුන්ගාරය ගෙන එන්නේ සමුද්‍රාසන්න භූ රුපණයයි. එනිසා භූ සංචාරිතයේ දී මේ ගැන කතා නොකරම බැරිය. බලන්න බලන්න ආසා හිතෙන දේවල් වාගේම දෙවරක් හරි හැරි බලන්නත් හිතෙන දේවල් ඇත්තේ වෙරළාසන්නයේ බව නොකියාම බැරිය. ඒ තරමටම සමුද්‍රාසන්න භූ රූපණය විචිත්‍රය, අලංකාරය, සිත් ඇදගන්නා සුළුය.
සමුද්‍රාසන්න පරිසරය නිතරම වෙනස්වන සුළුය, අලුත් වෙන සුළුය. ලෝක සාගර ජල මට්ටම ද, වරින් වර ලෝකයේ ඇතිවන සුළං ධාරා ද, අඩු වැඩි වශයෙන් ලැබෙන හිරුගේ රශ්මිය ද සමුද්‍රාසන්න භූ රූපණය යාවත්කාලීන කරන්නට මහඟු මෙහෙයක් කරන බව අප වටහා ගත යුතුය. පුලින තලාවේ භෞතික රසය කලත්තන්ට වෙහෙසෙන්නේ සාගර තරංගයි. එහි රසයේ ප්‍රභලතාවය අනුව පුලිනතලාවේ ඛණිජ අංශු වල රසය වෙනස් කරන්නට සමත් වෙයි. එනිසා වැලි අංශුමය, මැටි අංශුමය මෙන්ම විශාල පෙබලු අංශුමය පුලින තලාවන් බිහිකරන්නට සමත්වෙයි. එමෙන්ම එහි ස්ථානීය පැවැත්ම තීරණය කරන්නේ සාගර ජල මට්ටමේ උච්චාවචනයයි.
වසර විසිදහසකට පමණ පෙර ශ්‍රී ලංකාව අවට මුහුද සහ සමුද්‍රාසන්න පරිසරය පැවතියේ අද පවතින මට්ටමට වඩා මීටර සියයක් පමණ පහතින් බව මා මිතුරු මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පර්යේෂණ පත්‍රිකාවකින් පවසා සිටියි. ඔහුගේ මෙම නිගමනයන් වලට ඔහු එළඹෙන්නේ සමුද්‍රාසන්න පරිසරයේ සිදුකරන ලද අධ්‍යනයකට අනුවය. එමගින් පෙනී යන කාරණය වන්නේ වසර 20, 000 ට පමණ පෙර ශ්‍රී ලංකාව ඉන්දියානු මහාද්වීපය සමග ගොඩබිමෙන් සම්බන්ධ වී තිබු බවයි. මෙය වසර මිලියන 250 කට පමණ පෙර පවතී තත්වයට හාත්පසින්ම වෙනස් දෙයකි, එකල්හි අප සම්බන්ධ වූයේ භූ තැටි සමගින් බව අමතක නොකළ යුතුය. ඒ කාලයේ ඇති වූ අපසාරී තල මායිමක් නිසාවට කාවරී ද්‍රෝණිය හරහා අපත් ඉන්දියාවත් වෙන් වූ අතර පසු කාලීනව ඇති වූ දේශගුණික සහ කාලගුණික විපරියාසයන් ගේ ප්‍රතිඵලයක් වූ සාගර ජල මට්ටමේ උච්චාවචනය නැවත මේ ගොඩබිම් එක් කරන්නට හේතු විය. ඇති වූ කාවරී ද්‍රෝණිය හිඳී යාම තුල මෙලස නිරාවරණය වූ ගොඩබිම් තීරුවකින් අපත් ඉන්දියාව ත් එකිනෙක නැවත සම්බන්ධ කරන්නට ඇත.
මේ තත්වය වඩා ප්‍රබලව සහ ප්‍රමුඛව දැක ගත හැකිවන්නට ඇත්තේ මන්නාරම් ද්‍රෝණිය හරහා බව අමතක නොකළ යුතුය. ඒ හරහා හිඳුනු සාගරයේ උස් බිම් යාකරමින් දෙගොඩබිම් යාකරන්නට හැකි පටු බිම් තීරුවක් ඇතිවන්නට ඇත. එය ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් ඇති පොහොසත් ජාන කිටුව නැවත සම්මිශ්‍රණය කරන්නට මහඟු කාරියක් කර ඇති බව ස්ථිරයි. නමුත් තවමත් ශ්‍රී ලංකවේ මේ සම්බන්ධයෙන් එනම් ජෛවභූසංචරණය (biogeography) ගැන ප්‍රමාණවත් තරම් අධ්‍යනයන් සිදු වී නොමැති බව පෙනී යන කරුණකි. ඒ කෙසේවෙතත් බොහෝ දෙනෙකු ගේ අවධානය මන්නාරම වෙත යොමු වී ඇතිබව රහසක් නොවේ.
ලෝකය උණුසුම් වෙමින් තාවකාලික ව ගබඩා කරගත් ජලය මුදාහරින්නට ග්ලැසියර පටන් ගත්විට සාගර ජල මට්ටම ඉහල යන්නට විය. එය ලෝකයේ ගොඩබිම් යටකරමින් නවතම පුලින තලා සපිරි තිමිරයක් බිහිකරන්නට උත්සුක විය. නමුත් මෙය නොනවත්වාම සිදු වෙමින් අද පවතින මට්ටමට සාගර ජල මට්ටම ගෙන එන්නට සමත්වන්නේ අදින් වසර අටදහසක් පමණ ගත වූ තැනය. එතෙක් කල් ඉන්දියාව සහ අප හා සම්බන්ධවන්නේ ගොඩබිමෙනි. මෙය ඉන්දියානු ශිෂ්ටාචාරය සමග අපගේ සම්බන්ධය තීව්ර කරන්නට හේතුවන්නට ඇත. නොයෙකුත් සම්බන්ධකම් ගොඩනැගෙන්නේ එනිසා ගොඩබිමෙනි. එනිසා ඉතා පැහැදිලිවම මන්නාරම වාරයක් වන්නට පෙර (පසු කාලීනව එසේ වූවානම් මිස) එය ගොඩබිම් වෙළඳ මධ්‍යස්ථානයක් බව අප අමතක නොකළ යුතුය.
මහාතිත්තය ගැන කතා කරනා බොහෝ දෙනෙකු ලැබුන පුරවිද්‍ය්ත්මක සාක්ෂි අර්ථකථනය කර ඇත්තේ වැරදියට බව මා හට පෙනී යනු කරුණකි. මන්දයත් මාන්තායි වාරයක් වන්නට නම් හොඳින් නැව් මෙහෙයවියහැකි සාගර පරිසරයක් එහි තිබිය යුතුය. ඉන්දියාවත් ලංකාවත් අතර ඇති කාවරී ද්‍රෝණිය එලෙස මහා නැව් හැසිරවිය හැකි පරිසරයක් නිර්මාණය කරන්නේ නැත. එම සාගර පරිසරය නොගැඹුරු මුහුද කලාපයකි. එමෙන්ම ඉහලින් අප කතා කල ගොඩබිම් මාර්ගයක් තැතී තිබුන කලෙක වරායක් නිර්මාණය විය හැකිද යන්න තාර්කිකව අප කල්පනා කල යුතුය.
පසු කාලිනව ඇති වූ සාගර උච්චාවචනයන් ගැන කතා කරනා මහාචාර්ය කටුපොත මහතා පවසන්නේ වසර 10000ක ට පමණ පෙර සිදු වූ අවසාන උපරිම ග්ලැසියරකරණයට පසු (last glacial maximum) දෙවතාවක් ( වසර 6000-5000 ත් අතර සහ වසර 3000- 2000 ත් අතර) පමණ මුහුදු මට්ටම අද පවතින මට්ටමට වැඩ ඉහල ගොස් ඇති බවය. ඒ සඳහා සමුද්‍රාසන්න පරිසරයෙන් ඉතා පැහැදිලි සාක්ෂයන් සොයා ගත හැකිය. මෙරට ගොඩබිම තුල හමුවන බෙලිකටු නිධි සහ කොරල් නිධි ඒ සඳහා කදිම නිදසුන් බව අමතක නොකළ යුතුය.
මහාතිත්තයේ ගොඩබිම හරහා නිර්මාණය වූ වෙළඳ මධ්‍යස්ථානය කාලීනව සිදු වූ කාලගුණික විපරියසයන්ට අවනතව යාවත්කාලින වන්නට ඇති අතර ගඩොලුමය මාර්ගයක් මන්නාරම සහ තමිල් නාඩුවේ ගිනිකොණ වෙරළ හා සම්බන්ධ වූ බව සමහර පර්යේෂණ පෙන්වා දී තිබේ. ක්‍රමිකව වැඩි වූ මුහුද මට්ටම හා සටන් වදින්නට ක්‍රමයෙන් යටවූ බිම් තීරු උස්කර භාවිතයට ගන්නට උස බිම් යා කර පාලම් තනන්නට් ඇති අතර බොහෝ කාලයක් යන තුරු ඉන්දියාවත් ඉන් ඔබ්බෙන් වූ රටරටවල වෙළඳාම සම්බන්ධ වන්නට ඇත්තේ මේ මාර්ගය ඔස්සේ බව භූ විද්‍යාවෙන් උකහා ගන්න මෙවැනි කරුණු විශ්ලේෂණය කරන්නට තාර්කිකව පෙනී යනු කරුණකි. එනිසා මාන්තායි ගොඩබිම් මාර්ගය ඔස්සේ සම්බන්ධවන වෙළඳ නගරයක් බව අපහට තේරුම් යන කරුණකි. මේ කරුණ හේතුවෙන් මෙරට අන්තර් ජාතික වරාය වන්නේ ගෝකන්න ම බව සුපැහැදිලි සත්‍යයක් බව මෙහි ලා සඳහන් කල යුතුය. එය මෙරට අගනගරය වන්නට ද බොහෝ දුරට ඉඩ තිබෙන බව පෙනී යන කරුණකි.
මුහුද මට්ටම වැඩි වූ කල්හි එය ක්‍රමයෙන් මුහුදු මාර්ගයක් බවට පත් කර ගන්නට ඇති බව අපට නිගමනය කල හැකි. එනිසා නොගැඹුරු ජලයේ යාත්‍රා කල හැකි ක්‍රමවේද බිහිවන්නට ඇති අතර දෙරට අතර වෙළඳ සම්බන්ධය සහ සංස්කෘතමය සම්බන්ධය ප්‍රබලව පවත්වා ගන්නට හැකියාව ලැබෙන්නට ඇත. මෙවැනි පරිසරයක් තුල වසර 2500 කට පෙර බුදුන් ජිවමානවම සිටි කාලයේ දී මෙරටට බුදු දහම නොලැබී යන්නට හේතුවක් නොමැත. මිහිඳු හිමියන් වදින්නට පෙර මෙරට බෞද්ධයන් සිටි යැයි අයෙකුට තර්ක කල හැක්කේ එහෙයෙනි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment