03.08.2021
උල්කාෂ්මවල ඇරඹුම
අපගේ සුර්යයග්‍රහ මණ්ඩලය ආරම්භ වන්නේ
විශ්වය ආරම්භ වී බොහෝ කලකට පසුවය. වසර බිලියන 4.6 කට පමණ පසු අභ්‍යවකාශයේ වූ දූවිලි
සහ වායු වලාවක් සංකෝචනය වීමෙන් අපගේ සුර්යයා ඇතුළු ප්‍රමුඛ ග්‍රහ මණ්ඩලය බිහි වූ බව
විද්‍යඥයින්ගේ පිළිගැනීමයි. මෙවන් වූ දුවිලි සහ වායු වලාවන් සෙමෙන් කැරකැවෙමින් පැවතීම එය පැතලි තැටියක් ලෙස අවකාශයේ
සකස් කරන්නට හේතු වේ. මෙවන් වූ ව්‍යුහයක් සුර්යය නෙබුයුලාවක් ලෙස හැඳින්වේ. නෙබුයුලාව
මධ්‍යයට මෙම දුවිලි සහ වායු වලාවන් සංකේන්ද්‍රණය වීමෙන් තැනින් තැන් ග්‍රහලෝක බිහිකරන්නට
සමත් වූ බවත් මාධ්‍යයට එක් වූ හයිද්‍රජන් වායුව
ඒකරාශී වීමෙන් සුර්යයා බිහිකරයි.
ක්‍රමයෙන් වැඩිදියුණුවන නෙබුයුලාවේ දුවිලි
සහ වායු වලාවන් මගින් මුලින්ම දූවිලිබෝල ඇතිකරන්නට සමත් වේ. මෙම දුවිලි බෝල ලිහිල්
ලෙස දුවිලි සහ වායු අංශුන් රඳවා ගනී. නෙබුයුලාවේ සමහර කලාප වල පවතින් මෙම දූවිලිබෝල
අධික ලෙස රත්වන්නට පටන් ගනී. එනිසා බොහෝ දේ උණුවීමකට ලක්වන අතර ලෝදිය වැනි ද්‍රවයක්
ඇතිකරන්නට සමත් වෙයි. ඒ තුල සිලිකේටයන් ද යකඩ සහ නිකල් වැනි ලෝහ ද අඩංගු වේ. මෙම ද්‍රව්‍ය
ක්ෂණිකව සිසිල් වීමකට ලක්වන නිසා අස්ඵටිකමය ද්‍රව්‍යය නිර්මාණය කරන්නට හේතු වෙයි. මේවා
ඉතා සියුම් වන අතර ඇසට පෙනෙන නොපෙනන ප්‍රමාණයේ ශිලා ඛණිකා වෙයි. ග්‍රහක සහ ගහලෝක බිහිකිරීමේදී
මූලික තැනුම් ඒකක වන්නේ මේවායි. එනිසා මේවා “බිජු ඛණිකා” (Chondrules) ලෙස හැඳින්විය හැක. බිජු
ඛණිකා සහිත උල්කා හෝ උල්කාෂ්ම ලෙස “ග්‍රහක බීජයන්” (Chondrite) හැඳින්වේ. මේවා හමුවීම ඉතා වැදගත් වන්නේ තරු සහ ග්‍රහලෝක බිහි කිරීමේ තිඹිරිගෙයි
පරිසරය ගැන කදිම තොරතුරු ගබඩා කරගෙන ඇති බැවිනි.
වරින් වර ඇතිවන තාපයේ විවිධත්වය නෙබුයුලාවේ
විවිධ භූ විද්‍යත්මක ද්‍රව්‍යයන් බිහිකරන්නට හේතුවේ. සමහර අවස්තාවල දී ඇතිවන අධික තාපය
හේතුවෙන් නෙබුයුලාවේ සමහර දුවිලි සහ වායුන් වාෂ්පීකරණයට ලක් වීමෙන් එසේනොවන අවශේෂ ද්‍රව්‍ය
තනි වේ. එමෙන්ම අධිකව සිසිලනයට ලක් වීමෙන් දුවිලි සහ වායු වලාවන් ඝනීභවනය වෙයි. කලකදී මෙම බිජ ඛණිකා, අවශේෂ ද්‍රව්‍ය සහ ඝනීභවනය
වූ ද්‍රව්‍ය වැනි සියල්ල එකට එකතු වීමෙන් නෙබුයුලා අවසාදිත බිහිකරයි. පසුව මේවා ක්‍රමයෙන්
ගොඩගැසීමෙන් ඉතා විශාල ග්‍රහක ඇතිකරන්නට එනම් “පුර්වජ ග්‍රහලෝක” (planetesimal) බිහිකරන්නට
සමත් වෙයි. මේ දක්වා ලැබී ඇති උල්කාෂ්ම මෙවන් වූ භූ විද්‍යාත්මක පරිසරයක් නියෝජනය කරන
බව පෙන්නුම් කරයි. අභ්‍යන්තර සුර්යය මණ්ඩලයේ වැඩිපුර පවතින්නේ මෙවන් වූ ග්‍රහක බීජයන්
වේ.
මේවා අභ්‍යන්තර සුර්යය මණ්ඩලය තුල අසමාන
අයුරින් විසිරි පැතිරී ඇත. ඇතිවන විවිධ පාරිසරික තත්වයන් හේතුවෙන් අසමාන ලෙස තාපයේ
බලපෑමට යටත් වේ. එනිසා විවිධ රසායනික සංයුතින්ගෙන් සහ ව්‍යුහාත්මක සැකැස්මක් ඇති ග්‍රහක
බීජයන් උත්පාදනය කරයි. මේවා ආකාර තුනකින් යුක්ත වේ.
1. 1. කාබනික ග්‍රහක බීජයන් (carbonaceous
chondrites)
2. 2. ඔක්සිහාරිත ග්‍රහක බීජයන්
(enstatite chondrites)
3. 3. සාමාන්‍ය ග්‍රහක බීජයන් (ordinary
chondrites)
මතු සම්බන්ධයි............
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment