විදු පත් ඉරුව
2015 අප්‍රියෙල් 22 බදාදා
උත්තර දේවි දුම්රිය එක හුස්‌මට යාපනය බලා දුවනවා. අපේ ගමනාන්තය කිලිනොච්චිය. වව්නියාවට ළං වෙන්න බොහොම කිට්‌ටුයි. දොර කවුළුවෙන් පරිසරය රසවිඳිමින් සිටි මගේ අවධානය එක පාරට ම යොමු වුණේ දුම්රිය මාර්ගය දෙපස එක යායට වැවිලා තිබුණු කුඩා පඳුරු සමූහයක් වෙතට. අඩියක් එක හමාරක් විතර උස ඒ මත්තේ පිපිලා තිබුණේ කුඩා සුදු පෙති මලක්. බොහොම පුරුදු පෙනුමක්. "පාතිනියම්" පැළ. පාතිනියම් වව්නියාවට කිට්‌ටු වෙන්න දුම්රිය මාර්ගය දෙපස බොහොම සරුවට වැවිලා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ඉඩම්වල, ගෙවතුවලත් වැවිල ඇති කියල මට එක්‌වර ම හිතුණා.
"පාතිනියම්" කියන්නේ ආක්‍රමණික ශාකයක්. ආක්‍රමණික ශාක කියන්නේ මොනව ද? බොහොම සරලව මේවා පිටරටවලින් මෙරටට ආපු ශාක කියලා හදුන්වන්න පුළුවන්. එයින් ඇත්තට ම ගම්‍ය වන්නේ අපේ රටේ ස්‌වාභාවිකව පරිසරයේ හමු නො වන ආගන්තුකයෙක් කියන එකයි. මේ ශාකවලට ආගන්තුක ශාක කියලා කියන්නත් පුළුවන්. මේ ආක්‍රමණික ශාක අපේ දේශීය පරිසරයට ආගන්තුක වුණාට බොහොම ඉක්‌මනට පැතිරෙන්න හැකියාව තියෙනවා. එහෙම ඉක්‌මනට පැතිරිලා දේශීය ශාකවල වර්ධනයට තර්ජනයක් වෙන නිසා එහෙම නැතිනම් දේශීය ශාක වැවෙන භුමිය ආක්‍රමණය කරන නිසා තමයි එනමින් මේ ශාක හදුන්වන්නේ. මෙලෙස දේශීය ශාක වැවෙන භුමිය ආක්‍රමණය කිරීම නිසා අපේ ශාක වර්ග සදහට ම වඳ වී යැමේ හැකියාව පවතිනවා. ආක්‍රමණික ශාක වර්ධනය වන්නේ නම් එය වහා නැවැත්විය යුතුයි.
පාතිනියම් පිළිබඳව කතා කරන විට මගේ මතකයට නැෙගන්නේ මේ ආක්‍රමණික ශාකය පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කළ කාල ය. අනූව දශකයේ අගභාගය වන විට තමයි මේ ශාකය පිළිබඳ කතාව කරළියට ආවේ. ආචාර්ය මැග්ඩන් ජයසූරිය තමයි ලාංකික ජනතාවට මේ ආක්‍රමණිකයා පිළිබඳව මුලින් ම හෙළි කළේ. ඉන්දියන් හමුදාව ලංකාවට එන විට ඔවුන් ගෙන ආපු වාහන සමග මේ ශාකවල බීජ ලංකාවට එන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ වන විට ඉන්දියාවේ මේ ශාකය වල් පැළෑටියක් ලෙස බොහොම දරුණුවට පැතිරිලා තිබෙනවා. පසු කාලීනව පාතිනියම් බීජ ඉන්දියාවෙන් ගෙන්වන ලද මිරිස් සහ ලූනු බීජ සමග ද මෙරටට එන්න ඇතැයි විශ්වාස කරනවා. පාතිනියම් බීජවලට බොහෝ කාලයක් පරිසරයේ රැඳී සිටීමේ හැකියාවත්, ඕනෑ ම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාවත්, පහසුවෙන් පැළ වීමේ හැකියාවත් ඇති නිසා බොහොම ඉක්‌මනට ලංකාවේ උතුරු ප්‍රදේශයේ මේ ශාකය පැතිරිලා තියෙනවා. ක්‍රමයෙන් පැතිරුණ මේ අගන්තුකයා බොහොම ලෙහෙසියෙන් දේශීය ශාක සන්තතිය, විශේෂයන්ම පැළ වර්ග පැවැති භූමිය අක්‍රමණය කරමින් කඳුකරයට ම පැතිරුණා. මේවායේ පැතිරීම බොහොම දරුණුවට අපේ කුඹුරුවලට බලපෑවා.
මගේ මතකයේ හැටියට වසර 2000 දී පමණ පරිසර අමාත්‍යංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක් වී මේ ආක්‍රමණිකයා පැරදවීමේ සංග්‍රාමයක් දියත් කළා. විශ්වවිද්‍යාලයයේ එකල බොහෝ ම සක්‍රිය ව තිබූ පරිසර සංගමයක් වන හන්තාන සංරක්‌ෂණ සංගමයටත් ආරාධනාවක් ලැබුණා මේ කර්තව්‍යය සදහා දායක වන ලෙස. බොහොම සතුටින් ඒ ආරාධනාව පිළිගත් අප සංගමයේ බොහෝ සාමාජිකයන් පිරිසක් සමග එයට සහභාගී වුණා. අප සහභාගී වූ පාතිනියම් මර්දනය කිරීමේ එම ව්‍යාපෘතිය දියත් කළේ මේ පැළෑටි බහුලව වර්ධනය වෙලා තිබුණු කන්දකැටිය ප්‍රදේශයේ. එහේ කුඹුරු යායවල් සම්පූර්ණයෙන් ම මේ ආක්‍රමණිකයා බිලි අරගෙන තිබුණා. සමහර පාතිනියම් ශාක අඩි හයක් අටක් පමණ උසට බොහොම සරුවට වැඩිලා තිබුණා. එක ප්‍රදේශයක් තෝරාගත් අප පිරිස එහි සියලු පාතිනියම් පැළ ගලවා අවසානයේ පුළුස්‌සා දැමුවා. සංකේතයක් හැටියට ක්‍රියාත්මක වූ එම සංග්‍රාමය බොහොම සාර්ථකව සිදු වුණා. මේ ක්‍රියාවලියට විශ්වවිද්‍යාලයයේ අප සංගමය සක්‍රීය ව දායක කරගත් සහ එකල අප සංගමයට බොහෝ උපකාර කළ පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්‌ෂවරයකු වන අජිත් ද සිල්වා මහතා ස්‌තුති පූර්වකව මෙහි දී සිහිපත් කළ යුතුයි.
පාතිනියම් මර්දනය කිරීම සදහා ඒ කාලයේ ම නීති ද සම්පාදනය කරනු ලැබුවා. මගේ මතකයේ ඇති විදියට ලංකාවේ කිසි ම ඉඩමක පාතිනියම් තිබිය නොහැකි අතර ඒවා ගලවා ඉවත් කළ යුතුයි. එසේ පවතින්නේ නම් එය දඩුවම් ලැබිය හැකි වරදක්. ඒනිසා අප හැමෝ ම විශේෂයෙන් ම මේ ආක්‍රමණිකයා පිළිබඳව අවධානයෙන් සිට ඒවා මර්දනයට සහාය විය යුතුයි. නමුත් දැන් නම් බොහෝ දෙනකු ගේ මතකයෙන් මේ ආක්‍රමණිකයා පිළිබඳව සහ ඒ හා අදාළ තොරතුරු ගිලිහී ගිහිනුත් ඇති.
ලංකාව මෙලෙස ආක්‍රමණය කර ඇත්තේ පාතිනියම් පමණක් නො වෙයි. තව ආක්‍රමණික ශාක බොහෝ ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. යෝධ නිදිකුම්බා, ගඳපාන, ජපන් ජබර, වෙල් ආත්තා, යුලෙක්‌ස්, හයිඩ්රිල්ලා, කටු පතොක් වැනි ශාක මෙහි ලා සදහන් කළ හැකියි. එපමණක් නො වේ. ආක්‍රමණික සතුන් ද ඇති බව ඔබ දන්නවා ඇති. විශේෂයන් ම සුරතල් සතුන් ලෙස ලංකාවට ගෙන ආ සමහර මාළුන් අද දේශීය විශේෂ සදහා බොහෝ තර්ජනයක් වෙලා. එවැනි එක සතෙක් තමයි "ටෑන්ක් ක්‌ලීනර්" ලෙස හදුන්වන මාළුවා. ඒ වාගේ ම රන්වන් පැහැති ගොලුබෙලි විශේෂය. ඉතින් මෙවැනි සතුන් ද ශාක ද අප රටට ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ නම් හෝ ගෙනැවිත් ඇත්තේ නම් ඔවුන් ස්‌වාභාවික පරිසරයේ නිදහසේ පැතිරීම වැළැක්‌වීමට ඔබ වග බලාගත යුතුයි. මන්ද යත් අපේ ම ජීවී විශේෂ පරිසරයෙන් ඉවත් කිරීමට එය හේතුවක් වන බැවින්.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Tuesday, 2 May 2017
Friday, 28 April 2017
විදුපත් ඉරුව
2017 අප්‍රේල් 26 බදාදා
පසුගිය කාලයේ අප කතා බහට ලක් කළේ කඳු නාය යැම් ගැන ය. එනිසා අවතැන් වූවන් ගැන ය. ආපදාවට ලක් වූවන් එම ස්‌ථානවලින් ඉවත් කර සුරක්‌ෂිත ස්‌ථානවල රැඳවීම ගැන ය. පුදුමයක මහතෘ මෙන්න කඳු නොමැති කොළඹ නාය යන්නට පටන්ගෙන. නාය යන්නේ කුණු කඳු ය. මීටර පනහක් පමණ උසට ගොඩනැගුණ මීතොටමුල්ල කසළ කන්ද පසුගිය දා නාය ගියේ ය. ඒ මිනිස් ජීවිත 32ක් අහිමි කරමිනි. තවත් සිය ගණනකට උන්හිටි තැන් අහිමි කරමිනි. දේපළ විශාල ප්‍රමාණයක් හානියට ලක් කරමිනි.
'කුණු කන්ද නාය ගියා නම් මිනිස්‌සු මැරෙන්න ඇත්තේ කුණුවලට යට වෙලා නේ' බොහෝ දෙනෙක් පැවසූ හ. එහෙත් පින්තූර රුප රාමුවල එවැනි දෙයක් දිස් වූයේ නැත. හානියට ලක් වූ නිවාස පිහිටි ස්‌ථාන කුණුවලින් යට වී තිබුණේ නැත. එසේ නම් මිනිසුන් මැරුණේ, දේපළ හානි වූයේ කෙසේ ද? හානියට ලක් වූ ප්‍රදේශය ස්‌වාභාවික භුමි මට්‌ටමෙන් බොහෝ එසවී තිබුණු බව ඉතා හොඳින් පැහැදිලි විය. මෙහි දී සිදු වූ භූ විද්‍යාත්මක ක්‍රියාවලිය කුමක් විය හැකි ද? සමහරුන් පැවසුවේ මීතේන් වායුව නිසා සිදු වූ පිපිරීමක් නිසා කුණු කන්ද නාය ගිය බවයි.
මේ කසළ බැහැර කර ඇත්තේ පැරැණි කුඹුරකට ය. පහත් බිම් වන මෙවැනි ස්‌ථානයන්හි පස ගසාගෙන අවුත් තැන්පත් වූ සමහර විට කාබනික ද්‍රව්‍ය වැඩි අවසාදිත වේ. කලකට ඉහත දී සිදු කළ පර්යේෂණවලින් පැහැදිලි වී ඇත්තේ මේ ස්‌ථානය නිර්මාණය වී ඇත්තේ ඉහත කී ආකාරයේ පසකින් බවයි. මෙවැනි පස්/අවසාදිතවලින් සකස් වූ භූමියක දරාගැනීමේ හැකියාව අඩු නිසා අධික බර පැටවීමේ දී දෙපසට විස්‌ථාපනය වීමේ හැකියාව පවතී. මෙය ඇත්තෙන් ම මැටි ගොඩකට ගලක් පැටවූවා වැනි ය.
කසළ ටොන් ගණනාවක් වසර ගණනාවක් තිස්‌සේ මේ ස්‌ථානයට බැහැර කිරීම නිසා, ඉතා විශාල කුණු කන්දක් නිර්මාණය විය. තෙතමනය සහිත කසළ වෙන් කිරීමකින් තොර වීම නිසා සියලු කුණු මෙහි ගොඩගැසුණ අතර කුණු ප්‍රමාණය වැඩි වත් ම සමතුලිත ව තිබූ භුමිය යටට තෙරපෙන්නට විය. මේ තෙරපීම් සැම විට ම දුර්වල කලාප ඔස්‌සේ වර්ධනය වී ඇති අතර වසර ගණනාවකට ඉහත දී සිට මෙහි ප්‍රතිඵල සැමට දිස් වන්නට විය. මේ ආසන්නයේ වූ ගෙවල්වල බිත්ති ඉරිතැලීම්, පොළෝ පිපිරීම් මෙන්ම එකිනෙක ආසන්නයේ වූ ගෙවල් ළං වන බව ද එහි දී ප්‍රදේශවාසීහු නිරීක්‌ෂණය කළ හ. කුණුවල බර වැඩි වීම හේතු කොටගෙන පහළට එල්ල වූ තෙරපුම පසෙහි ස්‌වභාවය හේතු කොටගෙන භූ අභ්‍යන්තරයෙන් පාර්ශ්විකව ද පැතිරෙන්නට හේතු වී තිබේ. (රූපය 1)
මෙලෙස පාර්ශ්විකව පැතිරුණ තෙරපුමට එක්‌තරා දුරක දී සීමාකාරී වන්නට සිදු වන්නේ ඔබ්බෙන් පිහිටි කබොක් භුමිය ආරම්භ වීමෙනි. කබොක ඉතා තද ශක්‌තිමත් ද්විතීයික පාෂාණයක් වන අතර ඉතා කදිමට බර දරාගැනීමේත් තෙරපුම දරා ගැනීමේත් හැකියාව පවතී. දිගින් දිගට ම සිදු වූ කසළ පැටවීම නිසා පහළට ද පාර්ශ්විකව ද වැඩි වූ තෙරපුමට ලක් වූ අවසාදිත කබොක් තට්‌ටුවේ දරාගැනීම නිසා ක්‍රමයෙන් ඒ ආසන්නයෙන් ඉහළට එසවෙන්නේ ඒ සදහා පහසුවෙන් ඉහළට අවකාශය සකස් කරගත හැකි නිසාවෙනි. වසරකට පමණ පෙර කාලය තුළ මේ තත්ත්වය නිරීක්‌ෂණය කළ බව ප්‍රදේශවාසීහු පවසති.
කාලයත් සමග වැඩි බර තුලනය කරගෙන සිටිය ද තවදුරටත් දරාගැනීමේ හැකියාව 14 වැනි දා පස්‌වරුව වන විට මේ අවසාදිත තට්‌ටුවලට හැකියාව තිබුණේ නැත. එනිසා ඉතා ක්‌ෂණයකින් මීටර 50ක් පමණ උස කසළ කන්දෙහි බරෙන් තෙරපී මිරිකි මිරිකී තිබු අවසාදිත පාර්ශ්විකව තල්ලු වී තෙරපුම නිදහස් කළේ කබොක ආසන්නයේ වූ භුමිය ඉහළට ඔසවා දමමිනි. ඉතා වේගයෙන් සිදු වූ මේ සිදුවීම නිසා භුමියේ ගොඩනගා තිබූ නිවාස සුන්බුන් බවට පත් විය. (රූපය 3)
කසළ අපජලය කළමනාකරණය නො කිරීමත්, කසළ ගොඩගැසීම ක්‍රමානුකුලව සිදු නො වීමත් භූ අභ්‍යන්තර ජල මට්‌ටම වැඩි වන්නට හේතු වෙයි. මෙනිසා තත්ත්වය තවදුරටත් අයහපත් කරන අතර භූ අභ්‍යන්තර අවසාදිත/පස්‌වල දරාගැනීමේ හැකියාව තව තවත් හීන කරයි.
ශ්‍රී ලංකාවේ මෙවන් ඇබැද්දියක් සිදු වූ ප්‍රථම වතාව ය මෙය. මෙවැනි පරිසරවල බොහෝ විට සිදු වන්නේ මීතේන් වායුව නිසා ඇති වන ගිනි ගැනීම් ය. නැත හොත් අභ්‍යන්තර පිපිරීම් ය. එහෙත් සිදු ව ඇති සංසිද්ධිය හේතුවෙන් සටහන් වූ සාක්‌ෂි හොඳින් ග්‍රහණය කළේ නම් අප ඉහත කළ පැහැදිලි කිරීම මේ සදහා හේතු වූ කරුණ කුමක් දැයි හෙළි කරයි.
මේ කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙහි ලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ක්‍රියා කළ ආකාරය පැසසුම්සහගත ය. තම අවුරුදු නිවාඩුව පවා අහිමි කරගනිමින් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් ඔවුන් සිදු කළ කැප කිරීම මෙරට සියලු විද්‍යා වෘත්තිකයන් හට කදිම ආදර්ශයකි. එහි අධ්‍යක්‌ෂ ජනරාල්තුමන් වන ආචාර්ය ආසිරි කරුණාවර්ධන, නාය යැම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‌ෂ, ආර්.එම්.එස්. බණ්‌ඩාර සහ භූ තාක්‌ෂණ ඉංජිනේරු අංශයේ අධ්‍යක්‌ෂ කේ. එන්. බණ්‌ඩාර යන මහත්වරුන් එහි අවදානම් තත්වය සමනය කිරීමට අවශ්‍ය තාක්‌ෂණික සහාය ලබා දීමෙහි ලා පෙරමුණ ගැනීම ඉතා අගය කළ යුතු ය. එමෙන් ම එම හදිසි අවස්‌ථාවේ සිට මේ වන තෙක් ආරක්‌ෂක අංශ අමිල මෙහයක් ඉටු කරමින් සිටින අතර ඔවුන් ගේ ඉවසීම, කැප වීම සහ නොපමාව කටයුතු සිදු කිරීම ඉතා ම ප්‍රශංසනීය ය.

Wednesday, 19 April 2017
විදුපත් ඉරුව
2017 අප්‍රේල් 19 බදාදා
සිදුවන ව්‍යසනය ද එය සිදුවන්නේ කවරදාදැයි පැවසීම ද වරෙක ආපදාවක්ම වන්නේ
නියපොත්තෙන් කඩන්නට ඇති දේ පොරොවෙන් කපන්නට ඉඩ හැරීමෙන් පමණක් නොව පය බරවායට
පිටිකර බෙහෙත් බැඳීමෙන් ලෙඩ ඔඩු දිවීම නිසා ද බව මී තොටමුල්ල ඛේදවාචකය අපට පැහැදිළි
කරන සත්‍යයයි. ඩිමෝ බඩියකට අලියක් පැටවීම කොහෙත්ම කල හැක්කක් නොවේ. එවිට සිදුවන්නේ
කුමක්දැයි අපට හොඳින් පැහැදිළි වේ. කෙසේ නමුත්, මේ ලියන මොහතවන තුරුද මිය ගිය සංඛ්යාව
කොපමණදැයි නිශ්චිතව ගණනය කල හැකි වී නොමැත. මෙවන් අවස්ථාවක ආපදා කළමණාකරණය
සංවිධානගත වී දැයි ගැටළුවක් පැන නගියි. දහවලද නැවත නැවතත් වලේ වැටෙන්නේ නම් එය එළිය
පිලිබඳ ප්‍රශ්නයක් නොව දැක්ම පිලිබඳ ගැටළුවක් බව අප තේරුම් ගත යුතුය.
මෙරට කුණු ගැන කථා කරන්නේ දශක ගණනාවක සිටය. විසදුම් සොයන්නේ
විද්වතුන් නොව දේශපාලකයන්ය. විද්වතුන් දේශපාලකයන් වීම කොතරම් අපූරුයි දැයි අප
කල්පනා කල කාලයක් විය. නමුත් එවැන්නෝ ගෙන ආ අඳුරු ආදර්ශ නිසා අපගේ සිතුවිල්ල
පුස්සක් වී ඇති බව මේ වන විටත් පැහැදිළි වී හමාරය. විද්වතුන් දේශපාලකයන් වීමෙන්
පලක් වන්නේ ද නැත.
කොළඹ කුණු ප්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් මේ වන තුරුත් ලැබී නොමැත. මෙරට
විශ්ව විද්‍යාල බොහෝ පර්යේෂණ සිදුකරමින් කසල කලමනාකරණයට අවැසි මහඟු සහයක් මේ වන
විටත් ලබා දී ඇත. ඒවා ප්‍රයෝගිකව යෙදවීමේ හැකියාවක් ඇතිදැයි යන්න කුමන හෝ කලක මෙරට
බලයට පත්වන රජයක් උත්සාහකර ඇත්දැයි ඔබට
මතකයට නැගිය හැකිදැයි බලන්න.
මි තොටමුල්ලට සිදු වූ ඛේද වාචකය මෙරට තවත් කොහෝ හෝ තැනක ගොඩ ගැසෙන
කුණු කන්දකට සිදුවිය හැක. එනිසා කුණු ගොඩ ගැසීමට වඩා ගොඩ අඩුකරගන්නා ක්‍රම වේදයන්
ගැන සිතිය යුතුය. මෙරට විවිධ හේතුන් නිසා භාවිතයට ගත හැකි ඉඩ සීමා වෙමින් පවතී.
ඉදිරියේදී එයද බරපතළ කාරණයක් වනු ඇත. ඉදිරි අනාගතයේදී ජනගහනය වැඩි වීම නිසා පවතින සෑම
අස්සක් මුල්ලක් නෑර ඔවුන්ගේ පදිංචිය තහවුරු වෙයි. එය මෙරට පම්පෝරි ගසනා නගර
නිර්මාණකරුවන්ගේ පිළුණු වූ සංකල්පවල ප්‍රතිඵලයක් වනු ඇත. මෙවැනි තත්වයක් යටතේ ඔවුන්
නාමිකව ගෙන එන ආපදා ප්‍රත්‍යස්ථ නිවාස ඉදිකරන්නේ කොහේදැයි කල්පනා කර බැලිය යුතුය.
නොදිරන කසල බොහොමයක් නැවත වාරයක් භාවිතයට ගත හැකිය. විශේෂයෙන්ම
විදුරු සහ යකඩ අත්‍යවශයෙන්ම නැවත භාවිතා නොකරන්නේ නම් නිෂ්පාදනය සදහා අවැසි අමුද්‍රව්‍ය
දිනෙක හිඟවනු ඇත. විවිධ වර්ගවල පොලිතින් ද නැවත භාවිතයට ගත හැකිය. මේ සදහා නම්
මහජනතාවගේ සහය අවශ්‍ය වේ. ඉදින් ඔවුන් පිරිසිදුවට පොලිතින් ලබා දිය හැකි නම් ප්‍රතිචක්‍රීකරණය
කිරීම මොන කජ්ජක් දැයි සිතේ. කඩදාසි ඉවතලන්නේ නැවත නිෂ්පාදනයට කැපෙන වෘක්ෂ මෙපමණ
ප්‍රමාණයක් දැයි අවබෝධයක් ඇතිව නම් නොවේ. ඉතා පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කර කඩදාසි
නැවත භාවිතයට ගත හැකිය. මෙය ගෘහස්ථ කර්මාන්තයක් ලෙස වුව පත්වාගෙන යා හැකිය. ඉඳින්
ඔබත් මේ ගැන අවධානය යොමුකරන්නේ නම් ගොඩ ගැසෙන කසල ගොඩ අඩුකරන්න ට කුඩා හෝ
දායකත්වයක් ලබා දිය හැකිය.
ජීවවායු උත්පාදනය සදහා අපූරු අමුද්‍රව්‍ය කාබනික කසල සපයන බව
අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත. ධන උල්පතක් පාදා ගන්නට මේ කදිම අවස්ථාව ප්‍රයෝජනයට
ගන්නෙක් නම් නැත. ඒ සදහා මහඟු අවස්ථා මෙරට විද්වතුන් එළිදක්වා ඇත. මොරටුව විශ්ව
විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා ඇතුළු පර්යේෂකයන් පිරිසක් ත්‍රි රෝද රථ
ධාවනය සදහා ජීවවායු භාවිතය ගැන අත්හදා බැලුහ. එය ඉතා සාර්ථක බව පර්යේෂණ ප්‍රථිපල වලින්
පැහැදිළි වී ඇත. නමුත් මේ ඉවතලන ටොන් ගණන් වූ කාබනික කසල භාවිතයෙන් ජීව වායු
උත්පාදනය ගැන පවතින එකදු හෝ රජයක් සලකා නොබලන්නේ මන්දැයි ගැටළුවක් නොවන්නේද.
කුණු ප්‍රශ්ණය මෙරට ට පමණක් ආවේනික වූ ගැටළුවක් නොව අනෙක් රටවලද
ඇත්තාවූ ගැටළුවක් බව පවසමින් සමහර ඈයෝ මෙය තනුක කරන්නට උත්සාහ කරන බව පෙනී යයි. ඒ
ඔවුන්ගේ නොහැකියාව වසා ගැනීමට බවයි අපට නම් සිතෙන්නේ. ලෝකයේ අනෙක් රටවල එසේ වුව ද
මේ සදහා විසදුමක් සොයා නොගන්නේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස පැරදුන ජාතියක් වනු ඇත. මේ
සදහා ක්‍රියාත්මක වීම බිම් මට්ටමේ සිටම සිදුවිය යුතු බවයි අපගේ හැඟීම වන්නේ.
තම තමන්ගේ නිවාස වල සහ කාර්යාල වල දිනෙක දී ඉවත ලන කෑම ප්‍රමාණය
කොපමනදැයි කල්පනා කර බලන්න. මේ උත්සවකාලයේ ගොඩ ගැහෙන කඳු ගණන් උස ඉවතලන කෑම කියා
පාන්නේ අනවශ්‍ය ගොඩ ගැසීමක ප්‍රථිපල නොවේද. බුදු දහමේ කියා දෙන සංකල්ප ක්‍රියාත්මක
කරන්නට සිහියේ ඇත්නම් මෙලෙස නොවනු ඇත. තමනට අවැසි ප්‍රමාණය බෙදා ගැනීමට නිතර සිහි
තබා ගත යුතය. “ඉවතලෑම” අඩුකිරීමට සිහියට ගත යුතුය. එය අංක එක විය යුතුය. සෑම විටකම
එම සංකල්පය පිළිපැදිමට සිහි තබා ගත යුතුය.
කෙසේවෙතත් කොළඹ කුණු සදහා වග කිව යුතු වන්නේ කොළඹ ජනතාව පමණක් නොවේ.
දිනකට කොළඹට එන ලක්ෂ ගණනකගේ කුණු ද මේ ගොඩටම එකතු වේ. එනිසා සුපුරුදු රාජකාරි සදහා
කොළඹට පැමිණෙන්නන් ගෙන එන කුණු කොළඹ ඉතිරි නොකරන්නට වග බලා ගත යුතුය.
වල්මත් වූ දේශපාලන පක්ෂ වලද පුද්ගලයන් ගේ ද උද්ගෝෂණ වලට කන් දෙන්නට
සිදු වුවහොත් සිදුවන්නේ නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි. එනිසා
විද්වත් මතිමතාන්තර සැලකිල්ලට ගෙන නිසි දේ ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි විපත් තව
දුරටත් සිදු නොවනු ඇත.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Thursday, 13 April 2017
විදු පත් ඉරුව
බක් මහේ විශේෂත්වය ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන සිංහල අලුත් අවුරුද්දයි. කවරකු කෙසේ කීවත්, කවර අර්ථකතන දුන්නත් සිංහලයා ගේ නිර්මාණශීලිත්වය සහ අදීනත්වය හඬ ගා කියන්නේ මෙමගින් බව බොහෝ දෙනකු තේරුම් ගන්නේ නැත. ඉතා කදිම අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරිපුන් සිංහල අලුත් අවුරුද්ද ගෙවී යන වසරේ අවසානයත් එළඹෙන වසරේ ආරම්භයත් සනිටුහන් කරයි.
සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර ජලයට ලැබෙන්නේ ද ඉහළ ප්‍රමුඛතාවකි. සැම සුබ කටයුත්තක් ද පටන් ගැන්මේ දී ඉදිරියට එන ජලය පිරි කළය ගෙන එන්නේ සුබ පණිවිඩයකි. ජීවයේ අඛණ්‌ඩතාව රඳා පවත්නේ ජලය මත බව හොඳින් තේරුම්ගත් අපේ මුතුන් මිත්තෝ ජලයට ගෞරව කළ හ. එමෙන් ම එය රැකගැනීම සදහා කදිම සංරක්‌ෂණ ක්‍රමවේද නිර්මාණය කළ හ. ජලය රැස් කර, නැති කල ප්‍රයෝජනයට ගැනීමට උපාය උපක්‍රම ලෙස ඉතා කදිම විස්‌මයජනක වාරි තාක්‌ෂණයක් බිහි කළ හ. සැමට භාවිතයට ගත හැකි ලෙස දියුණු භෞතික මෙන්ම සමාජ ක්‍රමවේද ද ඇති කළ හ. ඒ එතරමට ජලයේ වටිනාකම හඳුනාගෙන තිබූ බැවිනි.
නා නා අයුරින් අපට පිහිට වන ජලයට ප්‍රතිඋපකාර කරන්නට සිංහලයාට වැදගත් වූ සිංහල අලුත් අවුරුද්දේ ඔවුන් අමතක කරන්නේ නැත. සිංහලයා, ඉතා වැදගත් චාරිත්‍රයක් වූ සැමට පළමු සිදු කරන ගනුදෙනු චාරිත්‍රයේ, ප්‍රමුඛතාව දෙන්නේ ජලයත් සමග කරන ගනුදෙනුවට ය. කළයත් රැගෙන යන ගෘහ මූලික කාන්තාව (අම්මා) කළය ජලයෙන් පුරවා ගන්නේ ළිඳට කාසියක් ද අඟුරු කැබැල්ලක් ද එක් කරමිනි. කාසිය මුදල් ගනුදෙනුව පිළිබිඹු කරන අතර අඟුරු කැබැල්ල ප්‍රතිඋපකාරය සංකේතවත් කරයි. අඟරු කදිමට විෂ උරා ජලයෙන් එම විෂ ඉවත් කරන බව මා ඔබට අමුතුවෙන් විස්‌තර කරන්නට අවැසි වන්නේ නැත.
එවැනි සංස්‌කෘතියක් තුළ ජීවත් වූ අප අද ජලයට කෙතරම් කුරිරු ලෙස සලකන්නේ ද යන්න කතා කළ යුතු ය. අධිරාජ්‍යවාදී පාලන කාලයේ පටන් සිදු වූ සමාජ පෙරළිය මෙරට සංස්‌කෘතිය උඩු යටිකුරු කර ඇති අයුරු රුසියානු ලේඛකයකු වූ මෙරට සංචාරය කළ ඉවාන් බූනින් කදිමට සිය නිර්මාණවල සඳහන් කරයි. පළමුව සිදු වූ මෙරට නාගරික ජනතාව ගේ පෙරළිය ඔහු ගේ නිර්මාණවල පැහැදිලි කර ඇති අයුරු ආකර්ෂණීය ය. පරිසරය තම ජීවයේ කොටසක් ලෙස සලකමින් තිබූ ජාතියක් විනාශ මුඛයට ඇද දමා ඇති අයුරු දැන් දැන් සිදු කරන පාරිසරික දූෂණය අපට පසක් කර දෙන බව පැවසිය යුතු ය.
එලෙස විකසනය වූ කොළඹ අද වන විට නාගරීකරණයේ උච්චතම අවස්‌ථාව පසු කරන බව හොඳින් පැහැදිලි වේ. මතුපිට ජල මූලාශ්‍ර සියල්ල නැවත භාවිතයට ගත නොහැකි ලෙස දරුණු ලෙස දූෂණයට ලක් වී ඇති බව බේරේ වැව දෙස බැලීමේ දී පැහැදිලි වේ. කොළඹ ජනතාව ගේ සියලු කුණු කන්දල් කිසිදු වග විභාගයකින් තොර ව එක් කිරීම නිසා අඳුරු පැහැති ජලයෙන් පිරි බේරේ වැව ද ඒ ආශ්‍රිත ඇළ මාර්ග පද්ධතිය ද අද අපට කියාපාන්නේ අපූරු ජලසංස්‌කෘතියක අවසානයයි. මෙතරම් වටිනාකමකින් යුක්‌ත ජල සම්පත භාවිතයට ගැනීමට නොහැකි වීම තුළ පිටස්‌තර ජල සැපයුම මත ම යෑපෙන්නට අද අපට සිදු වී ඇත. හදිසි ජල විසන්ධි වීම් නිසා නාගරික ජනතාව කෙතරම් අපහසුතාවට පත් වන්නේ ද බව කිව යුතු නො වේ.
දිනෙන් දින වර්ධනය වන ජල දූෂණය නවතාලිය නොහැකි වේ යෑයි අප සිතිය යුතු නැත. මේ සදහා අවැසි වන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක් පමණි. ඒ තුළ ජල සංරක්‌ෂණයේ වැදගත්කම අවබෝධ කරගත යුතු ය. කොළඹ ඇල වේලි තුළින් ගලා යන ජලය සුපිරිසුදු විය යුතු බව ය අප ගේ හැඟීම.
මේ සදහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? මෙහි දී නීතිරීති තදින් ක්‍රියාත්මක කළ යුතු ය. දූෂිත වූ ජලය එකතු කිරීම වහා නතර කළ යුතු ය. නිවෙස්‌වල මෙන්ම ආපන ශාලා ඇතුළු සියලු වෙළෙඳසල්වල එකතු වන අප ජලය පිරිපහදු නො කර බේරේ වැව සහ ඒ අවට ජල මූලාශ්‍රවලට එකතු කිරීම නො කළ යුතු ය. ඒ සදහා පිරිපහදු ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතු ය. ඉතා පහසුවෙන් ක්‌ෂුද්‍ර පෙරහන් මගින් ජලයෙන් දූෂකකාරක පෙරා වෙන් කළ හැකි ය. නැත හොත් වෙනත් ක්‍රමවේදයක් උත්පාදනය කළ යුතු ය. නාවෝත්පාදකයන්ට මෙය කදිම අවසථාවක් මෙන්ම අභියෝගයක් ද වනු ඇත.
නැවත නැවත දූෂිත ජලය එකතු වීම නැවැත්වීම තුළ තවදුරටත් මේ ජල නිධිවලට දූෂකකාරක එකතු වීම නවතිනු ඇත. දැන් කළ යුත්තේ එහි වූ දුෂිත ජලය පිරිසිදු කිරීමයි. මේ සදහා විවිධ ස්‌ථානවල සවි කළ හෝ පා වන ජල පෙරණයන් භාවිත කළ හැකි ය. මූලිකව කිසියම් ආකාරයකට බලශක්‌ති වැය වීමක් සිදු වන මුත් එයට වඩා වැදගත් වන්නේ කොළඹ මතුපිට ජල නිධිවල සුපිරිසිදුභාවයයි. ජල පිරිපහදුව සදහා ජෛවීය ක්‍රමවේද වුව භාවිත කළ හැකි ය. මෙරට නවොත්පාදකයන් ගේ දෙවැනි අභියෝගය වන්නේ මෙයයි. දූෂිත මතුපිට ජලය පිරිසිදු කළ හැකි ක්‍රමවේදයක් යෝජනා කර ක්‍රියාත්මක කිරීමයි.
කොළඹ මතුපිට ජල නිධි නැවත යථා තත්ත්වයට පත් වන දවස ගැන අදහසක් නොමැති වුවත් එවැනි සිහිනයක් ගැන වත් අප සිතිය යුතු ය. මෙරට විවිධ පර්යේෂණ ආයතනවල අයාලේ යන පර්යේෂණ සහ මෙරට මරි මෝඩ පාලකයන් ගේ කෙස් පැලෙන තර්ක කිරුළු පළඳින තාක් මෙන්ම මුදල ද, තම පෞද්ගලික අවශ්‍යතාවල ද පමණක් ප්‍රමුඛ කරගත් මෝඩ ඡන්දදායකයන් ද සිටින තාක් මෙය කළ නොහැකි බව පසු ගිය කාල වකවානුව පුරා ම ඉතා කදිම උදාහරණ දෙමින් නැවත නවතත් අප හට ඔප්පු කර ඇත.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
2017 අප්‍රේල් 05 බදාදා

Tuesday, 11 April 2017
විදු පත් ඉරුව
2015 අප්‍රියෙල් 29බදාදා
සබරගොමුවේ උපන්න කෙනෙක් හැටියට "සීතල දුරුත්තේ මීදුම් බර උදෑසන" කිසි විටකත් අමතක වෙන්නේ නැහැ. යුරෝපීයයන් ගේ ආක්‍රමණවල ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ එකල ආර්ථිකයේ ප්‍රමුඛ බෝගයක් වූ රබර් වගාව අප ප්‍රදේශයේ කඳුකරය වසා තිබූ නොඉඳුල් වනය පලවා හැර බින්න බැස්‌සත්, පොඩි කාලයේ ඒ අපූරු කාල පරිච්ඡේදය මගේ මතකයේ සදා නො මැකෙන ලෙස
රැෙදන්නේ කෘත්‍රිමව ගොඩනගන ලද ඒ පරිසරයේ පවා බොහෝ ස්‌වාභාවිකත්වයට ළං වූ දැ තවදුරටත් දක්‌නට තිබූ බැවිනුයි. ඒ බව කදිමට තහවුරු කරන්නේ උදුවප් පොහොයෙන් ඇරඹෙන ශ්‍රී පාදස්‌ථාන වන්දනාවත් සමග ම එහි ඇදෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් සේ ම එදෙසට පියඹා යන්නා වූ සමනළ රෑන්. නා නා ප්‍රකාර වර්ණයන් ගෙන් යුක්‌ත වූ මේ සුන්දර සමනළ රෑන් උදෑසන මීදුම බිඳගෙන අපේ ගෙදර මිදුල හරහා වහලය උඩින් ශ්‍රී පාදස්‌ථානය දිශාවට පියඹා ගිය ආකාරය හරි ම චමත්කාරජනකයි. එක රෑනක නො ගිණිය හැකි තරම් වූ සමනළයන් වූ බව මගේ මතකය මට කියාපානවා.
නමුත් අද තත්ත්වය නො සිතූ ලෙස වෙනස් වෙලා. ලංකාවේ බොහෝ ස්‌ථාන නාගරීකරණය වෙලා. කැළෑ හෙළි වී සුන්දර ව තිබූ ස්‌වාභාවික පරිසරය, ඉදි වුණු පරිසරයක් බවට පත් වෙලා. අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු වූ වනාන්තර ප්‍රතිශතය දිනෙන් දින ම අඩු වන බවයි පෙනෙන්නේ. කොළ නිල් පැහැ ගත් ශ්‍රී ලාංකේය භූමිය දුඹුරු පැහැ ගැන්වෙමින් තිබෙන බව හොඳට ම පැහැදිලියි. මිනිසා ගේ ආක්‍රමණය එතරම් ම ප්‍රබල වෙලා. එනිසා ම ස්‌වාභාවික පරිසරයේ හිටිය ස්‌වාභාවික පරිසරයේ ම කොටසක් වූ බොහෝ ජීවී විශේෂ වඳ වෙමිනුයි පවතින්නේ. ඔවුනට ඔවුන් ගේ ගම් බිම් අහිමි වෙලා. සමනළයන්ට ඔවුන් ගේ තිඹිරි ගෙය අහිමි වෙලා. එසේ හෙයින් ඔවුන් ගේ පරම්පරාව පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ හින්දා එදා මාස ගණනාවක් පුරාවට සිරිපාදේ ගිය සමනළ රෑන් අද සොයාගැනීමට නොහැකි ලෙස ම අතුරුදන් වෙලා.
බොහොම අපූරු ජීවන චක්‍රයක් පෙන්වන කෘමියකු වන සමනළයා ගේ සමස්‌ත ජීවන ගමන ම රැඳිලා තියෙන්නේ පරිසරයත් එක්‌ක නේ. කොටින් ම කිව්වොත් ගස්‌වැල් මත තමයි ජීවන චක්‍රයේ එක් එක් අවස්‌ථා වැඩෙන්නේ. එක් අවස්‌ථාවක දී භවබෝගවලට තර්ජනයක් වුණත් වැඩිහිටි අවස්‌ථාව වන විට සමනළයා ගෙන් අපට අත් වන්නේ ඉමහත් ප්‍රයෝජනයක්. ඒ, පරාගණය නම් වූ ශාකවල පැවැත්මට අතිශය වැදගත් මේ ක්‍රියාවලියට Rජු දායකත්වය සැපයීමෙන්. මල් හට ගැනීමටත් අවසන ගෙඩි හට ගැනීමටත්, එමගින් ශාකවල ප්‍රගමනය පවත්වාගැනීමත් සදහාත් පරාගණය බොහෝ ශාකවලට ඉතා ම වැදගත් වනවා. පරාගණ ක්‍රියාවලියට බාධාවක් වුණොත් එහෙම මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.
සමනළයන් ඇතුළු බොහොමයක් සතුන්ට තම ජීවිත ද පරම්පරාව ද පවත්වාගැනීමට නොහැකි වෙලා තියෙන්නේ මිනිසා ගේ අත්තනෝමතික ක්‍රියා නිසයි. ඒ අතර වනාන්තර එළි පෙහෙළි කිරීමට අමතරව තවත් කරුණු තියෙනවා. වගවිභාගයක් නැති ව රසායනික පොහොර, කෘමිනාශක සහ වල්පළෑටිනාශක භාවිතය බොහොම දරුණු ලෙස පරිසර පද්ධතියෙන් මේ ජීවීන් සදහට ම ඉවත් කරන්න හේතු වෙලා තියෙනවා. පරිසර සමතුලිතතාව බිඳ වැටීම Rජුව ද වක්‍රව ද මේ සදහා හේතු වනවා. අනෙක් අතින් අප ගේ නො සන්සිඳෙන අවශ්‍යතා සදහා දිනෙන් දින ස්‌ථාපිත වන කර්මාන්තවලින් බැහැර කරන අපද්‍රව්‍යත් හේතු වෙනවා. විශේෂයන් ම ජලයට සහ වායුගෝලයට නිදහස් කරන විෂ ද්‍රව්‍ය ඉතා අහිතකර ලෙස මෙවැනි සියුම් සහ බොහෝ සංවේදී ජීවීන් කෙරෙහි බලපානවා. ඒ කෙසේ වෙතත් සමනළයන් ගේ නිජබිම් විනාශ කිරීමෙන් නො නැවතී දිගින් දිගට ම එම පරිසරයට විෂ පොවන්නට ද පෙලඹී සිටින අප බොහෝ විට සිදු කරනුයේ සැමරීම් දිනවල දී පමණක් පරිසරයේ වටිනාකම ගැන කතා කර පසු දින සිට සියල්ල අමතක කිරීමයි.
අප කන අඹ ගෙඩියේත් පැපොල් ගෙඩියේත් වටිනාකම තක්‌සේරු කරන්න පුළුවන්. නමුත් ඒ වටිනාකමට සමනළයන් ගේ (මීමැස්‌සන් ගේත්) පරාගණ ක්‍රියාවලියේ වටිනාකම අපි එකතු කරනවා ද? වර්තමානයේ නම් අපි එකතු කරන්නේ පොහොර සහ කෘමිනාශක සදහා ගිය වියදමත් අපිට අවශ්‍ය වන ලාබයත් පමණයි. සමනළයන් (මීමැස්‌සනුත් ඇතුළුව) නිසා සිදු වන පරාගණය හේතුවෙන් ගස්‌වල ඵල හට ගැනීම සහ එමගින් ඊළඟ පරම්පරාව පැතිරීම ද එනිසා ම ශාකවල පැවැත්ම තහවුරු වීම හේතුවෙන් පරිසරයට ඔක්‌සිජන් වායුව පිට කිරීම ද පරිසරයේ කාබන්ඩයොක්‌සයිඩ් උරාගැනීම ද ඒ හේතුවෙන් පරිසරය උණුසුම් වීම් වළක්‌වාලීම ද යනාදී දාම ක්‍රියා සියල්ල එක් කළ විට ඒ සියල්ලෙන් ම ලැබෙන ආර්ථික වාසි ගණනය කළ හොත් ඒ සදහා මුල් වූ සමනළයා ගෙන් සිදු වන සේවය කොපමණ වැදගත් ද යන්න අමුතුවෙන් විස්‌තර කළ යුතු නැහැ. එය වඩාත් හොඳින් තේරුම්ගත හැක්‌කේ සමනළයන් නැති දාක සිදු වන දෙය ගැන විශ්ලේෂණය කිරීමෙන්. එනිසා අප තේරුම්ගත යුත්තේ වත්මන වන විට පරිසර දූෂණයේ බොහෝ දුර ගොහින් ඇති මුත් ආපසු හැරී සංරක්‌ෂණ මාර්ගයේ යැමට තවමත් කාල වේලා ඇති බවයි.
සමනළයන් ගේ පැවැත්ම පරිසරයේ නිකෙලෙස් බව නැතිනම් සුපිරිසිදු බව කියාපාන එක්‌තරා සාධකයක් කියලත් කියන්න පුළුවන්. පරිසර දූෂණයට තිත තැබීමට හැකි නම් දැනට ඉතිරි වී ඇති සමනළ විශේෂ හෝ රැකගත හැකියි. පෞද්ගලික මට්‌ටමින් ද මේ සදහා ඔබ අප සියල්ලන්ට එක් විය හැක්‌කේ කෙසේ ද? බොහොම සරලව ගත හොත් සමනළයන් ගේ ජීවන චක්‍රය පවත්වාගැනීමට සුදුසු බිමක් සාදා දිය හැකි නම් තරමක් හෝ දුරට තත්ත්වය ගොඩනැගිය හැකි වේ වි. ඔබේ ගෙවත්ත අලංකාර කිරීමේ දී සමනළයන්ට යෝග්‍ය වන ශාක සහ මල් වර්ග යොදාගත හැකි නම් ඔබේ ගෙවත්තට සමනළයන් නැවත පැමිණෙනවා නිසැකයි. ඊළඟට ගෙඩි නො හැදෙන අඹ ගහේ ගෙඩි හැදෙනු ඇති. එය පරිසර දූෂණය නිසාත් කාර්යබහුල රාජකාරි නිසාත් හෙම්බත් වූ ඔබේ සිතට සැනසුමක් ගෙන දෙන එක ගැන නම් කිසි ම සැකයක් නැහැ.
පත්මකුමාර ජයසිංහ

Thursday, 6 April 2017
විදුපත් ඉරුව
2017 අප්‍රේල් 04 බදාදා
හරප්පන් ශිෂ්ටාචාරය වසර 3000 ට පමණ පෙර
ඉන්දියානු මහද්වීපයේ තිබූ ප්‍රභල සහ දියුණු ශිෂ්ටාචාරයකි. ඉන්දු නිම්නය කේන්ද්‍ර කර
බිහි වූ වෙළඳ නගරයක් වූ මොහෙන්ජෝ-දාරෝව එතරම්ම ප්‍රභලව තිබුනද එහි අඛණ්ඩ බව පවත්වා
ගන්නට හැකි වූයේ නැහැ. කාලගුණික විපරියාසයන් හේතුවෙන් එම අපූරු ශිෂ්ටාචාරය
මෙලොවින් අතුගා දමන්නට හේතු වූ බවයි විද්‍යාඥයින්ගේ මතය වන්නේ. පරිසරයට බලපෑමක්
කරන්නට තරම් වූ ප්‍රභලත්වයක් ඔවුන් සතු නොවූ නිසාදෝ ස්වාභාවිකත්වය ඇතිකළ වෙනස්කම්
දරා ගන්නට ඔවුනට හැකි වී නැහැ.
අදූරදර්ශී මානව ක්‍රියා අදවන විට ලෝක
පරිසරය ප්‍රභල ලෙස වෙනස් කරමින් ඉන්නා බව අප ඉතා හොඳින්ම දන්නා කරුණක්. එනිසාම කාලගුණික
විපරියසයන් ආරම්භ වී එහි ප්‍රතිඵල පෘථිවිවාසි අප සියල්ල භුක්ති විඳිමින් සිටියි.
ලෝක උණුසුම ඉහල යාම නිසා එකිනෙක බැඳුන තවත් බොහෝ දිගු දාම ක්‍රියා ආරම්භ වී
සංකීර්ණ තත්වයක් ඇති වී තිබෙන බව තේරුම් ගත යුතුය. ධ්‍රැවාසන්න හිම දිය වී සාගර
පිරෙන්නේ මුහුදු මට්ටම ඉහල දමමිනි. එනිසා සමහර දුපත් යටවී ජිවත් වන්නට අවැසි ඉඩකඩ
අඩු වී යයි. ලෝක උණුසුම් වැඩිකරන තාපය ගිලගන්නා සාගර ජලය ඉදිමෙන්නේත් එනිසාමය.
අකල් වැසි මෙන්ම අකල් වියළි කාලයන් ද ඇතිවන්නේත් මෝසම් කාලයන් වෙනස් වන්නේත් එනිසා
බව විද්‍යාඥයින්ගේ මතයයි.
ගස් කපා වනාන්තර විනාශ කිරීම හේතුවෙන්
මතු පිට සශ්‍රික පස් වැස්ම ගසා ගෙන යෑම ද එනිසාම මුඩු බිම් ඇතිවීමද ආහාර නිෂ්පාදනය
සඳහා සිමා ඇති කරයි. නිසරු බිම් අස්වද්දන්ට නව තාක්ෂණය පිහිටට ආවද එයද ගහෙන් වැටුන
මිනිසාට ගොනා ඇනීමක් බඳු වී ඇත. ශ්‍රී ලංකාව විෂයෙහි ඒ සදහා කදිම නිදසුන් ඇත.
කෘෂිකර්මය උදෙසා නව ආරක ගමනක් යන්නට ශ්‍රී ලංකික විද්‍යාඥයෝ අත්හදා බලමින් පැවතී
බටහිර තාක්ෂණය සහ විද්‍යා දැනුම යොදා ගත්තේ වුවද එය මේ වනවිට බොහෝ ගැටළු මතු කර
ඇත.
රජරට වකුගඩු රෝගය මේ වන විට රජකමට
සුදුසු ගොවියා අසරණ කර ඇත. ඔවුන් පසු වන්නේ මරණිය මොහතකය. නව තාක්ෂණය සමග ආ රසායනික
පොහොර මතු පිට ජල මුලාශ්‍ර වලට එක් වීම හේතුකොටගෙන රජරට ජනතාවගේ සාම්ප්‍රදායික පානීය
ජල සම්පත් අහිමි කළේය. එනිසා කටිනත්වය අධික භූ ගත ජල පානයට හුරු වූ , වසර සිය
ගණනක් තිස්සේ සුමට ජල පානයට හුරු වූ ඔවුන්ගේ වකුගඩු හදිසි වෙනස ග්‍රහණය කර ගත්තේ
නැත. එනිසාම ඔවුන් ලෙඩ වන්නට විය. මේ
තත්වය තවමත් නිසි පරිදී යමෙක් තේරුම් ගත්තේනම් වකුගඩු රෝගයට තවමත් පිලියමක් සොයා
නොගත්තේ යැයි නොකියනු ඇත. තවමත් සාකච්චා සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේ එනිසා විය
හැකියි. ඵල නොලබනා කතාවට අප බොහෝ දක්ෂයෝ වෙමු.
මෙහි සඳහන් කරන කල් පිටියේ කතාවෙන්
කියවෙන්නේ ද තාක්ෂණයේ සහ නවීන විද්‍යාවේ කෙරුම් නිසා සිදුව තිබෙන අභාග්‍යය යි. කල්පිටිය
භුමි අර්ධය සකස් වන්නේ අත්‍යන්තයෙන්ම වැලි වලිනි. නිසරු බිමක් මුත් එහි බොහෝ
වගාවන් සිදුකරන්නේ විශ්මය ජනක ලෙසයි. වැලි පොලව අස්වද්දන්නට ඔවුන් යොදා ගන්නේ නවීන
තාක්ෂණයයි. අධික ලෙස රසායනික පොහොර භාවිතය සාමාන්‍යකරණය වී ඇත්තේ වසර ගණනාවක සිටයි.
වගාවට දමනා ජලය වැලි පොළොවේ නොරැදෙන හේතුවෙන් නිරන්තරයෙන්ම ජලය පොම්ප කරන්නට
සිදුවේ. නැවතත් සියලු පොහොර රැගෙන භූ ගත ජලයට මිශ්‍ර වන්නට වැඩි කාලයක් අවැසි
වන්නේ නැත. සියුම් වැලි අතරින් පහලට බසිනා පොහොර මිශ්‍ර ජලය නැවත නැවතත් භාවිතයට
ගන්නට හැකිවන්නේ එහි පවතින සුවිශේෂී භූ විද්‍යාත්මක පසු බිම නිසයි.
කල්පිටිය ජනතාව බිමට ගන්නේ ද මෙම භූගත
ජලයයි. සෑම නිවසකම නල ලිඳක් ඉදි කර ඇති අතර එම ජලය වගාවට ද යොදා ගනී. පොහොර මිශ්‍ර
වීම නිසා මෙම භූ ගත ජලයේ නයිට්‍රේට ප්‍රමාණය වැඩි කරන්නට හේතු වී ඇති බව කලකට
ඉහතදී මා සිදු කල පර්යේෂණයකින් පැහැදිළි විය. තිබිය යුතු නිර්දේශිත අගය මෙන් දස ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් නයිට්‍රේට මෙම
ජලයේ අඩංගු බව එහිදී ඔප්පු විය. නයිට්‍රේට මිශ්‍රිත ජලය පානය කිරීම අගුණ වන්නේ
විවිධ සෞඛ්‍ය ගැටළු ඇති කරන බැවිනි. දරුවන් ලැබෙන්නට ඉන්නා කාන්තාවන් මෙම ජලය පානය
කිරීමෙන් නිල් පැහැති දරුවන් බිහි කරන්නේ නයිට්‍රේට දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින්
මට්ටම අඩු කරන බැවිනි.
ඇතිව තිබෙන ව්‍යවසනය වාසියක් බවට පත්
කරගන්නත් එමගින් එය සමනය කර ගන්නත් ප්‍රඥාවන්තයෝ උත්සුක වෙයි. කල්පිටිය මෙම තත්වය
සමනය කර පිරිසිදු ජල නිධි රැක ගත යුතු වන්නේ එවැනි කදිම ජල නිධි වෙරළාසන්නයේ
නොලැබෙන හෙයිනි. කල්පිටියේ භූ විද්යාත්මක් පසුබිම නිර්මාණය කරනා තත්වය අපුරුය.
එනිසා පොහොර මිශ්‍රිත ජලය යාබද ජල නිධි සමග මිශ්‍ර වන්නේ නැත. එන්න එන්නට නයිට්‍රේට
වැඩි වන්නේ මය. ස්වභාවිකව නයිට්‍රේට අඩුවන්නට බොහෝ කාලයක් ගත වේ. ඒ ද වගා නොකළ
සිටිය යුතුය. නමුත් නයිට්‍රේට මිශ්‍රිත ජලය වගාවට භාවිතා කරන්නට හැකි ක්‍රම වේදයක්
මාගේ පර්යේෂණ තුල මා සොයා බැලූ අතර එය සාර්ථක වූ අතර එනිසා අමතර පොහොර භාවිතය කලක්
යනතුරු අත්හරිය හැකි බව පැහැදිළි විය. පර්යේෂණ පත්‍රිකාවක් ලෙස එම සොයා ගැනීම පළවූ
නමුත් මෙරට කෘෂිකර්මය ගැන තීන්දු තීරණ ගන්නා නිලදරුවන්ගේ අවධානයට ලක් වුයේද යන්න
ගැටලුවකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Saturday, 1 April 2017
විදු පත් ඉරුව
2015 මැයි 06 බදාදා
පසුගිය කාලේ තිබුණ ත්‍රස්‌තවාදී යුද්ධය නිමාවත් සමග දකුණේ වැසියෝ බුරුතු පිටින් උතුරේ සංචාරවල නිරත වුණා නේ. කිලිනොච්චිය, අලිමංකඩ, පුනරින්, යාපනය, පේදුරුතුඩුව යනාදී බොහෝ තැන් දැක බලාගැනීම තමයි ඔවුන් ගේ බලාපොරොත්තුව වුණේ. බෞද්ධ ජනතාවට වැදගත් වන්නා වූ නාගදීපය, දඹකොළ පටුන, කනද්රෝඩේ වැනි සිද්ධස්‌ථානත් ඒ අතර ප්‍රමුඛව තිබුණා. යාපනය අර්ධද්වීපය තුළ සංචාරය කළ ඇත්තන්ට නම් දැක බලාගත් අමතක නො වන තව බොහෝ තැන් ඇති. ඒ අතර ඉතා චමත්කාරජනක වූ භූ ගැබේ අපූරු නිර්මණ කිහිපයක් ගැන මේ ගමන විදු පත් ඉරුවෙන් මතක් කළොත් හොඳයි කියල හිතුණා. යාපනයේ ජනතාව ගේ ජීවය වැනි ජලය පිළිබඳ විශාල අර්බුදයක් මතු වෙමින් පවතින නිසා මේ ජල සම්පත පවතින වටපිටාව පිළිබඳව සහ දූෂකවල හැසිරීම, මේ භූ නිර්මාණවල ලක්‌ෂණ දැනගැනීමෙන් කිසියම් දුරකට ඔබට දැනගැනීමට හැකි වේ වි.
මම සදහන් කරපු තැන්වලින් එකක් තමයි නිලාවේරායිවල හමු වන "පතුල නො පෙනෙන ළිඳ". විශාල ආවාටයක් වැනි ළිං කටක් සහිත මේ ස්‌ථානය දැනට ඒ අවට ප්‍රදේශයේ මිනිසුන්ට පානීය ජලය සපයන එක ස්‌ථානයක්. නිල් පැහැති ජලය මේ පතුල වසාගෙන ඇති බවයි දුටු පමණින් පෙනෙන්නේ. යාපනය අර්ධද්වීපය සමන්විත වෙලා තියෙන්නේ අවසාදිත පාෂාණ විශේෂයක් වන හුණු ගල්වලින්. භූ විද්‍යාත්මක ඉතිහාසය සලකන කොට මෙයට අවුරුදු මිලියන තිහකට පමණ පෙර, ඒ කියන්නේ මයෝසීන කියන කාලයේ තමයි මේ හුණු මුහුදු පත්ලේ තැන්පත් වෙලා අවසාදිත පාෂණ බවට පත් වෙලා තියෙන්නේ. බොහොමයක් තැන්වල ඒ කාලයේ සිටි මුහුදු ජීවීන් වන විශේෂයෙන් ම මුහුදු බෙල්ලන් ගේ ප්‍රාග්ජීවධාතු මේ පාෂාණයේ හමු වනවා. ඒ පිළිබඳ ඉගෙනගන්නා කෙනකුට නම් යාපනය අර්ධද්වීපය කියන්නේ මහඟු සම්පතක්. ඉතින් මේ හුණු ගල්වල විශේෂ ලක්‌ෂණයක් තමයි වැසි ජලයට ඉතා ඉක්‌මනට දිය වෙලා යනවා. හුණුගල් රසායනිකව කැල්සියම් කාබොනේට් කියලා තමයි හඳුන්වන්නේ. වැසි ජලය ටිකාක් ආම්ලිකයි කියලා ඔයාලා දන්නව නේ. එතකොට මේ ආම්ලික වැසි ජලය කැල්සියම් කාබොනේට් සමග ප්‍රතික්‍රියා කිරීම නිසයි හුණු ගල දිය වෙන්නේ. මේ ප්‍රතික්‍රියාව ගැන විද්‍යාව හදාරන ඔබ සියලු දෙනා ම හොඳින් දන්න බව නිසැකයි. තව ජීර්ණය වන ශාක පත්‍ර වැනි කාබනික ද්‍රව්‍ය එකතු වීමෙන් ජලයේ තවත් ආම්ලික බව ඇති වන නිසා මේ හුණුගල් දිය වීම තවත් පහසු වෙනවා.
මේ විදියට හුණුගල කාලයක් තිස්‌සේ දිය වීම නිසා තමයි අර වගේ විශාල ළිං එහෙම නැති නම් ආවාට ඇති වෙන්නේ. මේවා ගැඹුරට විහිදිලා යන්න පුළුවන් පාෂාණයේ දුර්වල කලාප ඔස්‌සේ. දිය වීම හේතුවෙන් අභ්‍යන්තරයේ බොහොම විශාල පොකුණු වැනි ව්‍යqහ නිර්මාණය වෙන්නත් පුළුවන්. තවත් සමහර විටෙක එකිනෙක මේවා සම්බන්ධ වෙන්නත් පුළුවන්. වැස්‌ස වහින කොට මෙවැනි විවර ඔස්‌සේ ගිලා බහින ජලය කුහර මගින් ගොස් අභ්‍යන්තර පොකුණු පිරෙනවා. ඒ විදියට තමයි ඔන්න ස්‌වාභාවිකව යාපනය ප්‍රදේශයේ භූගත ජල නිධි නිර්මාණය වෙන්නේ. හුනුගල්වල ඇති ලවණමය ස්‌වභාවය, ඒ කියන්නේ කැල්සියම් සහ මැග්නීසියම් ලවණ ජලයට එකතු වීම නිසා ජලයේ කඨ§නතාව වැඩි වෙනවා. එතකොට මේ ජලය බීමට ටිකක් අපහසු වෙනවා. යාපනයේ තියෙන මේ හුණුගල සම්පූර්ණයෙන් ම හුණුවලින් නො වෙයි සකස් වෙලා තියෙන්නේ. මුහුදු පත්ලේ තැන්පත් වීමේ දී තැනින් තැන අවිධිමත් විදියට සිලිකා වැලි තැන්පත් වීම නිසා නිර්මාණය වූ ජීර්ණයට ප්‍රතිරෝධී ස්‌ථානත් හමු වෙනවා. ඒ වගේ තැන්වල ඇති වන ජල තැන්පතුවල ජලයේ කඨ§නතාව අඩුයි. ඉතින් කොහොම වුණත් ඔබට සිතාගන්න පුළුවන් නේ ද හුනුගලේ මේ දිය වීම නිසා පොළොව අභ්‍යන්තරයේ එක්‌තරා අකාරයකට උමං පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන බව. සමහර උමං එකිනෙක සම්බන්ධයි. සමහර ඒවා සම්බන්ධ නැහැ. ඒ කොහොම උනත් සමහර උමං මුහුදත් එක්‌කත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම තියෙන තැන් හඳුනාගන්න බොහොම පහසුයි. මොකද ළිංවල වතුර එතකොට ලුණු රස වෙනවා නේ.
බොහොම අපූරු, පුදුම සහගත අනෙක් තැන තමයි, කීරමලේ පොකුණ. විශේෂත්වය තමයි සුලබව කඨ§න ජලය හමු වන යාපනයේ සුපිරිසිදු ජලය හමු වන එක ම තැන. ඒ විතරක් නො වෙයි නො නවත්වා ම වතුර ගලා යන දිය උල්පතක්. පෙර විස්‌තර කළ විදියට කොහෙන් හෝ තැනකින් කිඳා බසින වැසි ජලය හුණු සමග මිශ්‍ර නො වී පොළොව අභ්‍යන්තරයේ උමං පද්ධතියක් හරහා තරමක පීඩනයක් යටතේ මේ ස්‌ථානයෙන් එළියට ගලා යනවා විය හැකියි. එහෙම නැතිනම් තවත් බොහොම දුරකින් ඒ කියන්නේ කිලිනොච්චිය, වව්නියාව වගේ ප්‍රදේශවලින් පොළොවට ගිලා බසිනා ජලය සිලිකාමය විපරිත පාෂාණ ඔස්‌සේ ඇති දීර්ඝ පැලුම් ඔස්‌සේ හුණුගල හා සම්බන්ධ වෙමින් මේ කදිම පිරිසිදු ජලය සපයන උල්පත නිර්මාණය කරනවා වෙන්නත් පුළුවන්. මේක නම් මගේ මතයක්.
ඒ කොහොම උනත් මෙවැනි සවිවර, කුහරමය, පාරගම්‍යතාව වැඩි පොළොවක තමයි යාපනයේ ජනතාව බොහෝ කාලයක් තිස්‌සේ ගොවිතැන් කටයුතු කළේ. ඒ හුණුගල් ජීර්ණයෙන් හැදෙන පස බොහොම සාරවත් නිසා. ඔවුන් තමන් ගේ පාරම්පරික ක්‍රමවේද තමයි භාවිත කළේ. මෑත කාලයේ රසායනික ද්‍රව්‍ය භාවිතයත් සමග ගැටලු ගණනාවක් යාපනය අර්ධද්වීපයේ ඇති වෙනවා. රසායනික ද්‍රව්‍ය නිසා පස ද ඉන් අනතුරුව භූගත ජලය ද ඉතා ම පහසුවෙන් දූෂණය වෙන්නේ ඉහත විස්‌තර කරපු අභ්‍යන්තර ව්‍යqහ නිසා. එක තැනකින් ඇතුළු වන දූෂක අප නො සිතන බොහෝ ප්‍රදේශයක් පුරා පැතිර යන්න තියෙන හැකියාව ඉතා ම වැඩියි. දැනටමත් කෘෂිකාර්මික කටයුතු සදහා අධික නයිට්‌රේට් පොහාර භාවිතයෙන් භූගත ජලය නයිටේට්‌වලින් දූෂණය වෙලා. ඒ වාගේ ම තමයි මෑතක දී දැනගන්නට ලැබුණ පරිදි කාර්මික අපද්‍රව්‍යත් භූගත ජලයට එකතු වෙන බව. ඉතින් ඔබට මම අමුතුවෙන් විස්තර කිරීම අනවශ්‍යයි නේ එතනින් එහාට මොකද වෙන්නේ කියලා. හොඳ, පිරිසිදු වතුර පිළිබඳ ගැටලුවක් යාපනයේ තිබිය දී මෙවැනි ක්‍රියාකාරම් නිසා මේ ගැටලුව බොහොම බරපතළ තත්ත්වයකට පත් වේ වි. ඒ නිසා වගකිවයුතු ආයතන එකතු වී මේ ගැටලුව නිරාකරණය කරගැනීමට වහා ම පියවර ගැනීම අත්‍යවශ්‍ය වනවා.

Subscribe to:
Posts (Atom)
පත්මෙගේ භූ විද්‍යා අන්දර 07 කිරින්ද එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...
-
භූ විද්‍යාව යනු කුමක් ද ? 04.11.2015 පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්‍යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී...
-
පරණම පරණ මිනිස්‌සු භාවිතා කල පරණම ලෝහය ; තඹ This article is originally published on Divaina, 16.02.2020. වසර දස දහසක් පමණ පැරණි ...
-
වෙරළ භූ රූපණය 2 වෙරළ යනු කුමක්දැයි ඇසුවහොත් ඒ සඳහා ඔබ දෙන පිළිතුර කුමක්ද ? බොහොම සරලව පැවසුවහොත් ගොඩබිමත් සාගරයත් එක්කරන මායිම වන්නේ ව...