Saturday, 6 July 2019
Friday, 5 July 2019
විදු පත්ඉරුව
22.06.2019
පසු ගිය දිනෙක මා ලද ලිපි අතරින් එක් සුවිශේෂී ලියවිල්ලක් ඔබ හමුවට ගෙන ආ යුතු යෑයි සිතුවෙමි. පහත ඇත්තේ ඒ ලිපියයි. කිසිදු වෙනසක් නො කළ බව කිව යුතු ය.
"වාසනවාට හෝ අවාසනාවට මිනිසා මිහි මත බිහි වී ඇත. වසර මිලියන 2කට මත්තෙන් වානර මගින් ඉවත් වී වෙන ම මාර්ගයක ගමන් කළ මානවයා ශීඝ්‍රයෙන් මෙතෙක් ලද වෙනස නම් ඉතා අධික ය. වෙන කවර සත්ත්වයකුට ද වඩා ස්වාභාවික පරිසරයෙන් වියුක්ත ව ඉතා කදිම නිර්මිත පරිසරයක අයිතිය හිමි කරගන්නට සමත් වී ඇත. එපමණක් නො වේ. ඒ වෙනුවෙන් ස්වාභාවික පරිසරය අමු අමුවේ ම වෙනස් කරන්නට පෙලඹී ඇත. ඒ තම ආත්මාර්ථකාමීකම වඩාත් හොඳින් ලොවට පෙන්වමිනි. ලොව වෙසෙනා සියලු ම සත්ත්වයන් හට පාරිසරික සිමා මායිම් ඇත්තේ මුත් මිනිසාට එසේ නැත. කණගාටුවට කරුණ නම් තමනට අයිති නො වූ වෙනත් සත්ත්වයන් ගේ රාජධානි ද බියක් සැකක් නොමැති ව ආක්‍රමණය කර අත්පත් කරගැනීමයි. ආක්‍රමණයට ලක් වූවන් මේ වන විට වඳ වී ගොසිනි. නැත හොත් වඳවෙමින් පවතින බැවින් රතු දත්ත පොතට ඇතුළත් කරන්නට තරම් මිනිසා අකාරුණික වී ඇත. නැත හොත් වඳ වී යන බැවින් අනාගතයේ තම දරු පරපුරට දැකගන්නට සත්ත්ව උද්‍යානයේ කූඩුවක තබා ඇත.
ස්වාභාවික පරිසරයේ වෙසෙනා ජීවීන් සමූහයේ ම එක් ජීවී විශේෂයක් ලෙස බිහි වුව ද මිනිසා තම ආධිපත්‍යය අනෙකුත් ජීවීන් මත බලපවත්වන්නේ සිත් පිත් නැත්තකු ලෙසයි. කලකට පෙර තමා සමග එක් ව නැගී සිටි ජීවීන් ද තමාට එරෙහි වූ ජීවීන් ද ඉතා පහසුවෙන් යටපත් කරන්නට මිනිසා සමත් වී ඇත. කෙටි කාලයක් තුළ තම නිර්මිත පරිසරය ගොඩනැගීම සදහා අපමණ වෙහෙසක් ගත් මිනිසා පරිසරයේ චක්‍රීය බව තේරුම්ගත්තේ බොහෝ පසු ව ය. ඒ වන විට සිදු විය යුතු සියල්ල සිදු වී හමාර ය. මේ සියල්ලට හේතු වී ඇත්තේ මිනිසා ම කියනා පරිදි මිනිසා ගේ අග්‍රගණ්‍ය මොළයේ දියුණුවයි. කොපමණ දියුණු වුවත් දුරදිග නො බැලීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු කළ වෙනස්කම් සියල්ල මිනිසාට ම පාරා වළල්ලක් වී පැමිණ හමාර ය. කාලය ගත වෙමින් ඇත. දියුණු මොළයට කාලයකට පසු හෝ මේ බව පසක් වුව ද කළ හැක්කක් නොමැති වී ඇත. කෙසේ වුවත් මිනිසා තම දුර්දාන්ත විනාශකාරී මාවතේ දිගට ම ගමන් කරන බවයි පෙනී යන්නේ.
තම ගම්බිම් අහිමි වූ ජීවීන් ජීවත් වීමේ අරගලයට ඉතා භයානක ලෙස මුහුණ දුන් බව ද වඳ නො වූවන් තවමත් ඊට මුහුණ දෙමින් සිටිනා බව ද ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නැත. වනාන්තර සිමාකාරී වීම පමණක් නො ව ඒවා බොහොමයක් වනඋද්යානයන් වීම ද නිසා බොහෝ ජීවීන්ට තම නිදහස් චරණය සීමා කරන්නට සිදු වී ඇත. එනිසා අලින්ට, ඉත්තෑවුන්ට, රිලවුන්ට, වඳුරන්ට, මීයන්ට සහ ඌරන්ට තම ජීවිතය උගසට තබා ආහාරය සදහා ගම් වදින්නට ද සිදු වී ඇත. පවතිනා දෙයින් ලැබෙනා දෙයින් කුසගින්න නිවා ගන්නට සිදු වීම නිසා පොලිතින් ද තම ආහාරයේ එක් අංගයක් වී ඇත. තමනට නිවහන සැපයූ විසල් රුක් ගොමු නොමැති නිසා තම දරුවනට අවැසි රැකවරණය සදහා පක්ෂීන්, ලේනුන් වැනි සතුනට මිනිසා ගේ නිර්මිත පරිසරය තෝරාගන්නට සිදු වී ඇත. බොහොමයක් සතුනට මිනිසා තැනූ මංමාවත් මරණය ගෙනෙනා ස්ථාන බවට පෙරළී ඇත. එනිසා තම පැවැත්ම ස්වාභාවිකවරණයට පමණක් තීරණය කළ නොහැකි බව ද ඒ සදහා මානව වරණය ද අතිශයින් බලපානා බව ද ඔබට වැටහෙනු ඇත.
මිනිසා තමාට අවැසි ජීවීන් උදෙසා සුවිශේෂී ආරක්ෂණ වැඩපිළිවෙළක් සකසා ඇති බව සත්‍යයකි. කොටසකට පමණක් අතිශය සහන සහ සුබසාධන සපයා ඇත. තම නිර්මිත පරිසරයට ගැටලුවක් වන්නා වූ සියලු ම ජීවීන් ඉන් ඈත් කර තබන්නට හෝ අතුගා දමන්නට හෝ පෙලඹී ඇත. මිනිසා තම පැවැත්ම තහවුරු කරනු වස් සිදු කරනා පර්යේෂණ නිසා සමහර ජීවීනට තම ජීවිතය පවා පුද කිරීමට සිදු ව ඇත. පර්යේෂණ පමණක් නො ව තම අධ්‍යාපනය උදෙසා යෑයි ජීවීන් කුඩුවල දමා ගාල් කර තබන සත්ත්ව උද්‍යාන බිහි කිරීම නිසා ජීවීන්ට තම නිජබිම්වල ජීවත් වීමේ අයිතිය අහිමි කර ඇත. තාක්ෂණය මෙතරම් දියුණු වී ඇති මේ සමයෙහි මෙවැනි සත්ත්ව උද්‍යාන නම් වදකාගාර තවමත් පවත්වාගෙන යැම මිනිසා ගේ ක්‍රෑර බව හොඳින් පෙන්වන්නකි. වර්තමානයේ මුදලට කෑගසන්නා වූ සත්ත්ව අයිතිය සුරකින්නන් හට ද මේ බව පසක් නො වීම කෙතරම් කණගාටුවට කරුණක් ද යන්න ඔබට වැටහේ වි.
මිහි මත ඉතිරි වී ඇති බොහොමයක් ජීවීන් මිනිසා ගේ ම නිර්මාණයක් වූ අභයභූමිවලට සීමා කර ඇත. වනාන්තර එලි පෙහෙළි කිරීම නිසා යන එන මං අහිමි වූවන්ට මෙමගින්
රැකවරණයක් සැලසේ යෑයි සිතුව ද ඇත්තෙන් ම එසේ සිදු නො වන බව කිව යුතු ය. සංචාරකයන් පිරිවරා ගත් රථ මහා හඬ නංවමින් වන වැසියන් ගේ නිදහසට අතිශය බාධා කරයි. හුදු විනෝදය පිණිස, ඇස් නිලංකාර කරනා අධි සැර ආලෝක විහිදුවනා උපකරණ රැගෙන යන එන මග රැක සිටීම නිසා වන වැසියන් බියට පත් කරන බව ද විටෙක කෝපයට ද පත් කරන බව ද මේ ආත්මාර්ථකාමී මිනිසුන් දත යුතු ය. එපමණක් නො වේ. වන වැසි මසට ලොල් වූ දඩ වැද්දන් ගේ ග්‍රහණයට අසු වන්නන් ප්‍රමාණය මෙතෙකැයි කිව හැකි නො වේ.
වර්තමානයේ මේ කොයි ආකාරයෙන් හෝ ජීවීන් ගේ වටිනා ජීවිතය නැති වන්නට ඉඩ කඩ බොහෝ ය. ජීවීන් හට ඉන්නට තැනක් නැත. ඔවුනට යන්නට ද තැනක් නැත. අතරමං වන, මිනිසා ගේ නිර්මිත පරිසරයේ ජීවීන්ට වෙන් කළ ඉඩක් නොමැති බව ඔබ තේරුම්ගත යුතු ය. එහෙත් සියලු ම ජීවීන් හට කෙසේ හෝ ජීවත් වීමේ අරගලයක නිරත වීමට සිදු වේ. ඒ සැම අයකුට ම ජීවත් වීමේ පරම අයිතිය ඇති බව මිනිසා තේරුම්ගන්නා තෙක් වුව ද ඒ වන විට ජීවත් වීමට තම අනන්‍ය වූ ගම බිම ඉතුරු වී ඇතැයි කිසිවකුට කිව නොහැකි ය."
"වඳ නො වී සිට තවමත් ජීවත් වීමට අරගල කරන්නෙක්" යෑයි ලිපිය අවසානයේ සටහන් තබා තිබිණි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 1 July 2019
විදුපත් ඉරුව
22.06.2016
PET Scan යන්ත්‍රය මිල දී ගන්නට වුවමනාවටත් වඩා ධන පරිත්‍යාග ලද බව දැනගැනීම අප ඉතා සතුටට පත් කරන්නකි. දනට පිනට හිතැති බෞද්ධ සංස්කෘතියෙන් සුපෝෂිත මෙරට අපට එය පුදුම විය යුතු කරුණක් නො වන අතර ම වර්තමාන රාජ්‍ය පරිපාලනයෙන් මහජනතාවට දක්වන කුඩම්මා ගේ සැලකිලි හමුවේ මෙය මහජනතාව ලබා දුන් ඉතා ආදර්ශවත් ප්‍රතිචාරයක් බව කිව යුතු ය. එය එක්තරා ආකාරයකට රාජ්‍ය පරිපාලනයට ගැසූ තදබල කම්මුල් පහරකි. ආත්මාර්ථකාමී උඩඟු දේශපාලකයන් එළිපිට ම පෙන්වන කුහක බව කොපමණ දරුණු ද යන්න ඔබ අපට දැනගැනීමට සුපිරි වාහන මිල දී ගැනීම හමුවේ ඔවුන් දක්වන ප්‍රතිචාර ම ප්‍රමාණවත් ය. නාය යැම් හේතුවෙන් ද, ගංවතුර හේතුවෙන් ද මෙන්ම ඉතා අවාසනාවන්ත ලෙස සිදු වූ සාලාව කඳවුරේ පිපිරීම හේතුවෙන් ද රට වැසියන් කොටසක් අවතැන් වී ඇත. මේ අවතැන් වීම් හමුවේ තම නිවාස අහිමි වීමෙන් උන්හිටි තැන් ගිලිහුණු ජනතාව අද බහුතරයක් කඳවුරුවලට හිර වී ඇත. තමාට නිවසක් ඉඩමක් කව දා හිමි වන්නේ ද යන්න ඔවුන් ගේ ප්‍රධාන ම ගැටලුවයි. තාවකාලිකව අවතැන් වූවන් ද පසු වන්නේ තම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන්නේ කවර දා දැයි ඇඟිලි ගනිමිනි. අප සැවොම තේරුම්ගත යුත්තේ මේවා සියල්ල ඔවුන් ගේ දැවෙන ප්‍රශ්න බවයි. විගසින් එම ප්‍රශ්න විසඳිය යුතු බවයි.
එහෙත් ජනතාව ගේ ම කැමැත්තෙන් පාර්ලිමේන්තුවට යෑවූ ඇතැම් මැති ඇමැතිවරුන් මේ ව්‍යසන හමුවේ කිඹුල් කඳුළු වත් නො හෙළන බව ඔවුන් ගේ ක්‍රියා කලාපවලින් කදිමට පැහැදිලි වෙයි. තම අසල්වැසියන් කරදරයක වැටුණු විට, අකරතැබ්බයක් සිදු වූ විට සතුටු වන අයෙක් නම් නැත. එමගින් ලකුණු දමා ගන්නා බොර දියේ මාළු බාන අයෙක් නම් නැත. එහෙත් වර්තමාන කුහක දේශපාලකයන් නම් එසේ ම ය. රටක ආදර්ශවත් විය යුතු ජනතා නායකත්වය මෙසේ "පිස්සු කෙළිද්දී" ජනතාව සහනය බලාපොරොත්තු වන්නේ කා ගෙන් දැයි යන්න ප්රශ්නයකි. සැබෑ ජනතා නායකත්වයක් වෙයි නම් මේ වන විටත් PET Scan යන්ත්‍රය වැනි දැවෙන අවශ්‍යතා වෙනුවෙන් සුඛෝපභෝගී වාහන සදහා වෙන් කළ මුදල කැප කර හමාර ය. එහෙත් කරුමෙක මහතෘ එසේ වී නැත. එසේ වන්නේ ද නැත. බලාපොරොත්තු ද විය නොහැකි ය.
විටෙක මෙය ආයතනික මට්ටමින් ද දැකිය හැකි ය. තමා යටතේ සේවය කරන සේවකයන් ගේ සුබසාධනය ඉතා වැදගත් ය. ආයතනය රැඳී පවත්නේ එම සේවකයන් හේතුවෙනි. සේවකයන් සතුටින් පසු වීම ආයතනයේ දියුණුවට හේතු වන බව අමුතුවෙන් පැවසිය යුතු නො වේ. ආයතනවල බොහොමයක් නායකත්වයන් තම සේවකයන් ගේ සිත් රිදවීමට බොහෝ සමත් ය. ඔවුහු තම සේවකයන් ගේ ගැටලුවලට කන් නො දෙන්නෝ ය. අදහස්වලට ගරු නො කරන්නෝ ය. තම ආයතනයේ දියුණුව උදෙසා කැප කිරීම් කරන සේවකයන් ගේ අදහස්වලට කන් නො දෙන නායකත්වය දුර්වල ය, ළපටි ය. ඉහළ නිලධාරීන් නිසා ද ආයතනයේ වෙනත් ගැටලු නිසා ද මංමුළා වන නායකත්වය තමාට දරාගන්නට වන පීඩනය පහ කරන්නේ තම පහළ නිලධාරීන්ට බැන වැදීමෙනි. නැත හොත් අපහාස කිරීමෙනි. එය බොහෝ විට ඔවුන් නොදැනුවත් ව කරන්නකි. මේ හේතුවෙන් ඉතා හොඳින් වැඩ කරන සේවකයෝ ඉතා ඉක්මනින් ආයතනික නායකත්වය කෙරෙහි කලකිරෙතිs. එනිසා ම ඔවුහු එම ආයතනයෙන් ඉවත් ව වෙනත් ආයතනයක සේවයට යති.
පරිණත නායකත්වය ගැඹුරු ජලය මෙනි. නො කැලතෙයි. සියල්ලට ම සාවධානව ඇහුම්කන් දෙයි. වටහාගනී. තම සේවකයන් ගේ ගැටලු ක්ෂණිකව හඳුනාගනී. සුදුසු තීරණ නිසි කල පැමිණි විට ගනී. ක්‍රියාත්මක කරයි. ඔහු හා ආයතනයේ සියල්ල හිතවත් ය. එහෙත් වරද හමුවේ දඬුවම් කරයි. වරද වටහා දෙයි. එවැනි නායකත්වයක් හා වැඩ කිරීම පහසු ය. එහෙත් වත්මනේ බොහෝ නායකත්වයන් සේවකයන් නොමග යවනසුලු ය. ශ්‍රමය සූරාගැනීම හැර වෙන යමක් ගැන නො සිතයි. තීන්දු තීරණ ගැනීමේ දී සේවකයන් ගේ උපකාරය නො පතයි. නායකත්වය නිසා ඔළුව උදුම්මාගන්නා නිලධරයන් නිසා ආයතන ක්‍රමයෙන් දුර්වල වෙයි.
සුබවාදී නායකත්වය හේතුවෙන් සේවක මනස සන්සුන් වෙයි, ක්‍රියාශීලී වෙයි. එනිසා ම සේවය කරන පරිසරය යහපත් වෙයි. මේ තත්ත්වයන් නිර්මාණය වීම වර්තමාන විද්‍යාවෙන් ද සොයාගෙන ඇති අතර බුදු දහමේ ද සදහන් වෙයි. මේ වර්ධනය සමාජයේ කුඩා ම ඒකකය වන පවුල් සංස්ථාවට ද අදාළ ය. පියා හෝ මව හෝ පවුලේ මූලිකත්වය ගත යුතු ම ය. නැත හොත් දරුවන් නිසි පරිදි සමාජගත කළ නොහැකි ය. ඇත්තෙන් ම අනාගතය යහපත් කිරීම පටන්ගත යුත්තේ ද මෙතැනින් ම ය. නිසි හික්මවීම, සමාජශීලී භාවය, අන්‍යයන්ට ගරු කිරීම, වගකීම් සහිත බව යනාදී බොහෝ කරුණු කාරණා ළමා මනසට කාවැද්දිය හැක්කේ ගෙදරින් ම ය. වැඩිහිටියන් ගේ සුබවාදී ආදර්ශවත් බව දරුවන් සැම විට ම යහමගට ගෙන යයි. යහපත් අනාගතයක් නිර්මාණය වන්නේ එවිට ය. ගැටලුවක දී දරුවනට බැන වැදීමෙන් ඔවුන් මංමුළා වන අතර නිවැරැදි තීරණ ගැනීමේ දී පසුබෑමක් ඇති කරයි. පසු කාලීනව විවිධාකාර මානසික ව්‍යාකුලතාවන් ගෙන් යුක්ත වූ මිනිසුන් සමාජයට බිහි කරන්නේ කුඩා කල ම දරුවන් ගේ හිත් තලා දැමීමෙනි.
යහපත් මවුපියන් ගේ රැකවරණයෙන් ඉතා හොඳ සමාජයට වැඩදායි මිනිසුන් බිහි වන බව අමුතුවෙන් කිව යුත්තක් නො වේ. ආයතනයට ද මෙය අදාළ ය. නායකත්වය යහපත් වන විට සේවක මඩුල්ල ඉතා හොඳින් සේවයේ නිරත වෙයි. එනිසා ආයතනය දිනෙන් දින ම දියුණු වෙයි. රටකට ද මෙය ම ය. අඳබාලයන් තෝරන්නේ සමාජයට අහිතකර නායකයන් වන අතර හොඳ මිනිසුන් බහුල කල රටක නායකත්වයට පත් වන්නේ හොඳ අයෙකි. පරිසරය සුබවාදී වීම රටක්, ආයතනයක් මෙන්ම පවුලක් සමෘද්ධිමත් කරන අතර වගකිව හැකි ආරක්ෂාකාරී සමාජයක් බිහි කරයි.

විදුපත්ඉරුව
08.06.2016
"යා දෙත නොරත රත - සමග පෑහීමක් නැත" යෑයි අපේ මුතුන් මිත්තන් පැවසුවේ යමක ඇති නො ගැළපීම පැවසීමට ය. "බානේ බැන්ද එළ හරකා ගොඩට අදිනා හෙයින් ද ඊට නොදෙවෙනි ව මී හරකා මඩට අදිනා හෙයින් ද හානා හීයක් නැත්තේ ය, ඒ හෙයින් මඩ තැබූ නියර ම රැහෙන්නා සේ ය" යන්නෙන් ද පැහැදිලි වන්නේ එය ම ය. ඒ නො ගැළපීම නිසා සිදු වන අනර්ථයක් බව සක් සුදක් සේ පැහැදිලි වන සත්‍යයකි. ස්වාභාවික සංසිද්ධියක් හේතු කොටගෙන මෙවර සිදු වූ නාය යැම් ව්‍යසනය ද මීට නිදසුන් සපයයි.
පෙර සතියේ මා කී පරිදි ම තවමත් නාය යැම් පරීක්ෂා කිරීමේ නියුතු වන්නට අපට සිදු වී තිබේ. විශේෂයෙන් ම කෑගල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථාන නාය යැමේ අවදානමේ ඇති බැවිනි, අනෙකුත් ප්‍රදේශවල මෙන් ඉතා විගසින් පරීක්ෂණ කටයුතු නිම කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ. මෙලෙස මෙතරම් ම ප්‍රමාණයක් වූ ස්ථානවලට නාය යැමේ ප්රවණතා ඇති වන්නට හේතු වී ඇත්තේ කවරක් ද? පසුගිය දෙසතිය තුළ මා සිදු කළ නිරීක්ෂණවල දී තහවුරු වූ එක දෙයක් ඇත. එය නම් නාය යැම සදහා කෙතරම් සාධක බලපෑව ද භූමි පරිහරණ රටාවේ සිදු වී ඇති වෙනස මේ සදහා ප්‍රබල ව බලපා ඇති බවයි. මා නිරීක්ෂණයට භාජන කළ බොහොමයක් ස්ථාන කුමන හෝ හේතුවක් නිසා එළිපෙහෙළි කළ තැන් වන අතර ඒ බොහොමයක් ස්ථාන එලෙස එළිපෙහෙළි කර ඇත්තේ තේ වගාව සදහා වීම අතිශය සැලකිල්ලට බඳුන් විය යුතු කරුණකි. ඒ අතර රබර් වගාව, කුරුදු වගාව පමණක් නො ව අලුතින් මාර්ග තැනීම, නිවාස ඉදිකිරීම වැනි සංවර්ධන කටයුතු ද වේ.
කෙසේ වෙතත් මෙලෙස බෝග වගාව සදහා සිදු කර ඇති භුමියෙහි වෙනස්කම්, ආනතිය ඉතා අධික බෑවුමකට, හෙලකට හෝ කන්දකට ඉතා තද වර්ෂාපතනයක් මධ්‍යයේ දරාගත නොහැකි ය. නිරාවරණය වූ භූමියේ පසට උරාගන්නා අධික ජලය මගින් ඇති කෙරෙන පීඩනය, පස් අංශුවල බන්ධනයන් ලිහිල් කිරීම සහ පසෙහි බර වැඩි කිරීම කෙතරම් ප්‍රබල ලෙස සිදු කර ඇත් දැයි නාය ගිය සහ නාය යැමේ ලක්ෂණ පෙන්නුම් කළ බොහෝ ස්ථාන නිරීක්ෂණයෙන් දත හැකි ය. මේ වගා කටයුතුවල දී සිදු වී ඇති ප්‍රධාන ම දුර්වලතාව නම් ක්‍රමානුකුල බවක් නොමැති වීම සහ එක් එක් භූමි අතර අන්තර් සම්බන්ධතාවක් ඇති නො වීමයි. ඒ සදහා හේතු වන්නේ කුඩා පරිමාණයේ තේ වගාවන් සිදු වීම සහ එය ප්‍රචලිත කිරීම බව අමුතුවෙන් වටහාගැනීම අනවශ්‍ය ය. මහා පරිමාණයේ බෝග වගාවක දී දැකිය හැකි ක්‍රමවත් කානු පද්ධතියක් නොමැති වීම, ගල් වැටි නොමැති වීම වැනි හේතු ද පස ආරක්ෂා කරන යටි වගාවක් නොමැති වීම සහ එළි කිරීම නිසා නිරන්තරයෙන් ම පසට හානි පැමිණීම වැනි කරුණු මේ නිරීක්ෂණ කටයුතුවල දී පැහැදිලි වූ ලක්ෂණයන් ය.
ආර්ථික සංවර්ධනය උදෙසා සිදු කෙරුණ මෙවැනි බෝග වගා ප්‍රචලිතය මා දකිනා පරිදි කඳුකරයට නො ගැළපෙන්නේ ම ය. කඳුකරය යනු ඉතා සංවේදී කලාපයක් වේ. කඳුකරයේ බෝග වගාව හේතුවෙන් උපයාගන්නා වූ මුදල වසර ගණනාවකට පසු ඇති වන මෙවැනි එක් නාය යැම් ව්‍යසනයකින් ගිල දමන්නට හැකි බව ඔබට පැහැදිලි වනු ඇත. මා මුලින් පැවසූ නො ගැළපීම මතු වන්නේ මෙතැන ය. සංවේදී කඳුකරයේ භුමි පරිහරණය ඉතා පරෙස්සමෙන් කළ යුතු ය. අර්ථික බෝග වගාව සදහා කඳුකරය භාවිත කරන්නේ නම් පස සංරක්ෂණය සහ පස තුළ ජල පාලනය අංක එකට සලකා බැලිය යුතු ය. එලෙස කළ හැකි බෝග පමණක් මෙහි දී භාවිත කළ යුතු ය. නො ගැළපෙන බෝග පමණක් නො ව ගැළපෙන බෝග වුව ද නො ගැළපෙන ලෙස සිටුවන්නේ නම් එය නාය යැම් සදහා අත වනන්නක් බව ඔබට වැටහෙනු ඇත. බොහොමයක් කඳුකර ස්ථානවල පහළ පවතින්නේ මානව ජනාවාස ය. තම නිවසට ඉහළින් වූ භුමිය අපරීක්ෂාකාරී ලෙස පරිහරණය කරන්නේ නම් ඔබට ඔබ ගේ ජීවිතය
රැකගැනීමේ අවස්ථාව අහිමි කරන බව ඔබ තදින් ම සිත්හි තබාගත යුතු ය. ජීවිතය අනතුරට හෙළා ලබාගන්නා ආර්ථික සංවර්ධනය නම් කුමකට ද යන්න ඔබට වැටහිය යුතු ය.
අධිරාජ්‍ය යුගයේ දී කඳුකරයේ ආර්ථික බෝග වගාව සදහා සිදු කළ වෙනස්කම් යම් තාක් දුරකට සමනය කර ඇත්තේ කඳුකර භුමියේ ක්‍රමවත් කානු පද්ධතිය සහ පාංශු සංරක්ෂණ ක්‍රමවේදයන් ගෙනි. එහෙත් වර්තමානයේ නිරන්තරව ම සිදු විය යුතු පාලනය ගිලිහී යැමට තවත් එක් හේතුවක් වන්නේ පෞද්ගලික අංශය වෙත එම වතු පැවරීම ය. ලාබය පමණක් ම සලකා සිදු කළ යුතු අනිවාර්ය භුමි සංවර්ධන කටයුතු නො කිරීම ද කඳුකරයේ නාය යැම් සදහා හේතු වී ඇති බව පැහැදිලි වන කරුණකි.
මේ අතර සිහි තබාගත යුතු තවත් කාරණයක් වෙයි. එය නම් සුදුසු කල්හි බෝග වගාව සිදු කිරීමයි. පස නිරාවරණය වන සේ එළිපෙහෙළි කළ භුමි වර්ෂා කාලය වන තෙක් පැවතීම ද ගැටලුසහගත ය. පැරැන්නන් තම සාම්ප්‍රදායික වගා කටයුතු සදහා නිසි කාලය තෝරාගත්තේ පාරම්පරික දැනුමෙනි. එහෙත් තේ, රබර් හා කුරුඳු වැනි බෝග එලෙස නො වේ. මේ සදහා දැන් දැන් විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කළ ද භූ විෂමතාව පරිහරණය කළ යුත්තේ කෙලෙස දැයි තවමත් නිසි පරිදි අධ්‍යයනය වී නොමැති බව පෙනී යයි.
කඳුකරය ආරක්ෂා කරගැනීම ද බෝග වගාවෙන් ලබන ආර්ථික සංවර්ධනය ද එළ හරකා සහ මී හරකා ගේ ක්‍රියාව මෙන් වුව හොත් සිදු වන්නේ මේ ආකාරයට නාය යැම් තව තව වර්ධනය වීමයි. එනිසා මේ ෙéත්‍රය එකිනෙක මනා ලෙස සම්බන්ධ විය යුතු ය. තිරසාර බව පවත්වාගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතු ය.

Sunday, 30 June 2019
විදු පත්ඉරුව
01.06.2016
සෙනසුරදා දිනය බොහෝ අවිවේකී දිනයක් වන්නේ මා ගේ පෞද්ගලික කටයුතු බොහොමයක් සිදු කරගන්නට වන්නේ සති අන්තයේ බැවිනි. දහවල් වන විටත් බොහොම අපූරුවට ඉර පායා තිබූ බැවින් පසුගිය ඒ සති අන්තය (14 සහ 15) බලාපොරොත්තු සහගත එකක් විය. එහෙත් හිටිවන ම හවස් වන විට මහා වැසි ඇදහැළෙන්නට පටන්ගත් බැවින් රාජකාරිමය වගකීමක් ද වන තත්කාලීන වර්ෂාපතන අගයන් නිරීක්ෂණයට මා යොමු වූයේ නිතැතින් ම ය. රාත්‍රිය වන විට වර්ෂාපතන සාරාංශ සටහන කහ වර්ණයෙන් යුක්ත වූයේ වෙන දාටත් වඩා අසාමාන්‍ය ලෙසිනි. පෙර දිනයේ දිස්ත්‍රික්ක තුනකට නාය යැම් අවදානම් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබිණි. මහා වැසි ඇදහැළෙමින් තිබුණේ නියගයේ සාපය සෝදාහරින්නට මෙනි. එහෙයින් පසුගිය සතියට පෙර සතියේ විදුපත්ඉරුවට ද මේ වෙනස ගෙනෙන අහස ගැන ම ලිවිය යුතු යෑයි ඉටාගතිමි. සෙනසුරාදා රාත්‍රිය අවසන් වන තෙක් ම වර්ෂාපතන නිරීක්ෂණයේ යෙදුණු මා නිදාගත්තේ පසු දාට පහන් වීමෙන් පසු ව ය.
කෙසේ වෙතත් වෙන දාටත් වඩා අලුයම මා පුබුදු කරවන ලද්දේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මා සේවය කරන නාය යැම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්යක්ෂ බණ්ඩාර මහතා ගේ ඇමතුම විසිනි. "ඩේන්ස් වර්ත්" වත්තේ සිදු වූ නාය යැමකින් පුද්ගලයන් තිදෙනකු අතුරුදන් වී තිබිණි. මා කඩිනමින් පරිගණකය පණගැන්වූයේ තත්කාලීන වර්ෂාපතන අගයන් අධ්‍යනයට ය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ස්වයංක්‍රීය වර්ෂාමානයන් සියයක් පමණ නාය යැමේ අවදානම සහිත දිස්ත්‍රික්ක සියල්ලේ ම සවි කර තිබූ අතර එමගින් තත්කාලීන වර්ෂාපතන අගයන් එවෙලේ ම පරිගණකය මගින් නිරීක්ෂණය කළ හැකි විය. බොහොමයක් ස්ථානවල කහ පැහැය, අනතුරු හැගවීමේ තැඹිලි පැහැය බවට පත් වූයේ වර්ෂාපතනය මිලිමීටර සියයේ සීමාව ඉක්මවූ බැවිනි. එම තත්ත්වය අප ඇත්තෙන් ම සසල කරවන්නක් විය. බණ්ඩාර මහතා ගේ පරිණත නායකත්වය ද බහුල අත්දැකීම් ද තීන්දු තීරණ ගැනීමේ දී අපට මනා පිටිවහලක් විය. එනිසා ම එදින දහවල වන විට දිස්ත්‍රික්ක හයක් උදෙසා නාය යැම් පූර්ව අනතුරු ඇගවීම් අප විසින් නිකුත් කෙරිණි. මේ රාජකාරිය වෙනුවෙන් ඉරිදා උදෑසන සිට සවස් වන තෙක් ම මා හට පරිගණකය අත් නො හැර ම ඉන්නට සිදු විය. එදින රාත්‍රී දහය පසු වන විට දිස්ත්‍රික්ක නවයක නාය යැම් පූර්ව ඇගයීම් නිකුත් කරන්නට සිදු වූයේ පැවැති වර්ෂාපතනයේ ප්‍රබලතාව නිසා ම ය.
පසු දා කඩිනමින් නිවසින් පිටත් වූ මා සුපුරුදු ලෙස ආයතනයට පැමිණියේ උදෑසන 7.30 වන්නට ද මත්තෙනි. නැවතත් වර්ෂාපතන අගයන් නිරීක්ෂණයෙන් පැහැදිලි වූයේ ඇති වූ කුණාටු තත්ත්වය ඉතා ප්‍රබල එකක් බවයි. කාලගුණ දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්වලට අනුව කුණාටුවේ වැඩි ම බලපෑම ශ්‍රී ලංකාවේ දක්ෂිණ කොටසට වුව ද අප ගේ වර්ෂාපතන අගයන්හි හැසිරීම සහ ප්‍රාදේශීය කාර්යාලවලින් ලද තොරතුරු අනුව පෙනී ගියේ වැඩි ම වර්ෂාපතනයක් ලැබෙමින් පවතින්නේ රටෙහි මධ්‍යම ප්‍රදේශයට බවයි. ඒ අනුව ඉහළ ජල පෝෂක ප්‍රදේශ සංතෘප්ත වන්නට වැඩි කාලයක් ගත නො වනු ඇතැයි මට සිතිණි. නාය යැමේ ප්රවනතාව එන්න එන්න ම වැඩි වෙයි. ඊළග තර්ජනය ගංවතුර විය හැකි ය.
වැඩි කාලයක් ගත වූයේ නැත. බුලත්කොහුපිටිය සහ කඩුගන්නාව ප්‍රදේශවල නාය යැම් සිදු විය. පුද්ගල මරණ වාර්තා විය. මේ අතර අරණායකින් දැවැන්ත ම නාය යැමේ අනතුර වාර්තා වූයේ අප සියල්ලන් ම ශෝචනීය තත්ත්වයකට පත් කරමිනි. තවත් බොහෝ ස්ථානවල විවිධ ප්‍රමාණයේ නාය යැමේ අනතුරු වාර්තා වූ අතර කොළඹ ප්‍රධාන කර්යාලයේ දුරකථනයට නිවනක් නොමැති විය. නාය යැම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ සියල්ලෝ ම එක සීරුවට වෙහෙස වූ හ. මාධ්‍යයෙන් ද බේරුමක් නොමැති විය.
සිකුරාදා (20) වන විට බොහෝ දේ සිදු වී තිබිණි. සබරගමුවේ නාය යැම් ද, කැලණි ගං මිටියාවතෙහි ගංවතුර තත්ත්වයන් ද ඇති විය. කෑගල්ල දිස්ත්‍රික්කය එම අනතුරු දෙකෙන් ම බොහෝ පීඩාවට පත් වූ බව තහවුරු වූ කරුණකි. ප්‍රාදේශීය පරිපාලන ව්යqහයන්හි නිලධාරීහු කඩිනමින් සහන සලසමින් ජනතාව ගේ පීඩාවන් සමනය කරන්නට අපමණ වෙහෙසක් ගත් හ. සහන කඳවුරුවල ජනතාව රැස්වන්නට වූ අතර තවත් සමහරු දෙගිඩියාවෙන් හුන් තැන ම රැඳී සිටි බව පෙනිණි. එය නාය යැම් සිදු වූ සහ සිදු විය හැකි ස්ථාන තහවුරු කරගැනීම සඳහා අප ගේ සහාය අතිශයින් අත්‍යවශ්‍ය මොහොතක් විය. අප සියල්ලන් ම සක්‍රියව කටයුතු ආරම්භ කර තිබිණි. මෙවර අඩු අවදානම් දිස්ත්‍රික්කවල භූ විද්‍යාඥයන් සබරගමුවට ඒ මොහොත වන විටත් පැමිණෙමින් තිබිණි.
කොළඹ සිsටි මා ගේ සේවය ප්රාදේශීයව ද අත්‍යවශ්‍ය බව අමුතුවෙන් වටහාගැනීමට අවශ්‍ය නො වී ය. සිකුරාදා උදෙන් ම පිටත් වූ මා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ප්‍රාදේශීය ලේකම් කපිල මහතා මුණගැසුණේ උදෑසන 6.30 වන්නට මත්තෙනි. එතැන් පටන් මේ සටහන තබන මොහොත දක්වා නො නවත්වා ම විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පැවතීම ම විටෙක මා විස්මයට පත් කරන්නකි. එතරම් ප්‍රමාණයක් වූ ස්ථාන නාය යැමේ තර්ජනයට මුහුණ පා ඇති බව පැහැදිලි ය. (කාර්යබහුල බව හේතුවෙන් අවසානයේ පසුගිය සතියේ විදුපත්ඉරුව ද ලියා සම්පූර්ණ කරගන්නට නොහැකි විය).
මේ කර්තව්‍යයේ දී මහජනතාව ගෙන් ලද සහාය අපමණ ය. එපමණක් නො ව ප්‍රාදේශීය පාලන තන්ත්රයේ නිලධරයන් ගෙන් ද විශේෂයෙන් ම ග්‍රාම නිලධාරී මහතතුන් ගෙන් සහ මහත්මියන් ගෙන් ලද සහාය විශිෂ්ට ය. මේ විමර්ශන කටයුතු කරන විට ජාතික ව්‍යසනයක දී ප්‍රමුඛතාව දිය යුත්තේ කුමකට ද යන්න තීරණය කළ යුතු විය. එනිසා ම ආත්මාර්ථකාමී ඉල්ලීම් බැහැර කරන්නට ද සැම විට ම සිදු විය. ඒ අතර ජනතාව ගේ බිය තුරන් කිරීම ද ඔවුන් ගේ ජීවිත අවදානමෙන් ඉවත් කිරීම ද අවධානයෙන් ඉටු කළ යුතු විය.
එහෙත් මේ ක්‍රියාවලිය ප්‍රාදේශීය දේශපාලඥයන් නිසා විටින් විට කඩා වැටෙන්නට විය. කොහෙන් හෝ දුරකථන අංකය සොයා ඇමතුම් ලබා දෙමින් ප්‍රමුඛතාව දිය යුතු කටයුතු කෙරෙන් අප බැහැර කරන්නට ඔවුන් තැත් කරන්නට සැම විට ම උත්සාහ කළ අතර එම තත්ත්වය වඩාත් ජුගුප්සාජනක වූයේ අප ඔවුන් ගේ ප්‍රදේශයට ගෙන්වූයේ ඔවුන් යෑයි ජනතාවට හැෙගන්නට ඉඩ හැරිය කල්හි ය. ඔවුන් සියල්ල බොර දියේ මාළු බාන්නන් බව ද කිඹුල් කදුළු හෙළන්නන් බව ද පසක් වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.
නාය යැම් සම්බන්ධව බොහොමයක් ජනතාව ගේ දැනුම් ඉතා හොඳ මට්ටමක් තිබුණු බව මේ විමර්ශන කටයුතුවල දී මනාව පැහැදිලි විය. අප විසින් සිදු කරන ලද දැනුවත් කිරීම් ඵලදායි බව ඉන් වැටහිණි. එහෙත් සමහර ස්ථානවල දී එම තත්ත්වය සපුරා වෙනස් විය. එවැනි ස්ථානවල දී සමහර පුද්ගලයන් බොරු බියක් ඇති කරගෙන තිබූ අතර අනෙක් අය ද එම තත්ත්වයට පත් කරමින් තිබිණි. ජනමාධ්‍යවලින් ලබා දෙන පණිවිඩ සහ දැනුවත් කිරීම් නිසි පරිදි ඔවුන් වටහාගෙන නො තිබූ අතර එය වඩාත් භයානක තත්ත්වයක් නිර්මාණය කර තිබිණි. මේ සියල්ලන් ගෙන් ම ඉතා හොඳින් පැහැදිලි වන්නේ භූ විද්‍යාත්මක දැනුම සමාජගත කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාවයි. එය ඉදිරි කාලයේ දී "සමාජ භූ විද්‍යාව" ලෙස අප තුළින් ම මතු වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Saturday, 15 June 2019
පාංශු ජෛව ඉංජිනේරු තාක්ෂණය
(soil bioengineering)
ගහක් වැලක් කොළක් මලක් නොමැති කල මේ ලෝකයට යන කල දවස ගැන අමුතුවෙන් ටීකා ටිප්පනි ලියන්නට අවශ්‍ය වන්නේ නැත. ජිවය පත්වාගෙන යන්නට ශාක ලබා දෙන්නේ මහඟු සහයකි. හුස්ම ගන්නට හැකි වටපිටාව සකස් කරන්නේ ද සතුනට අවැසි අහාර ලබා දෙන්නේ ද ශාක නම් වූ ප්‍රථමික නිෂ්පාදකයායි. දිනෙන් දින මිනිසා ගේ සංවර්ධන කටයුතු නිසා ශාක වැස්ම විනාශ වන අතර එනිසාම රටක් තිබිය යුතු අවම ප්‍රමාණයද දැන් දැන් නැති වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ මෙම තත්වය ඉතා දරුණු බව පැහැදිලිය. හේතුව කුමක් වුව දිනෙන් දින නැතිවන්නේ අපගේ වන වැස්මයි. හුදු ආත්මාර්ථකාමීත්වය කඳුකරයේ භුමිය අස්ථාවර කරමින්, නාය ආපදා දිනේන දින වර්ධනය කරවයි. වන වැස්ම ද ආර්ථික බෝග ද පාංශු සම්පත ද මෙනිසා අනතුරට ලක්වෙයි. නාය අනතුර නිසා දිනේ දින අපතේ යන භුමි භාගය වැඩිවෙමින් පවතී. කාලගුණික විපරියාසයන් නිසා ද පිළිවෙලක් නැති සංවර්ධන කටයුතු නිසා ද දිනෙන් දින මෙම තත්වය උග්‍ර අතට හැරෙයි.
නාය ආපදා අවදානම අවම කිරිමේ එක පියවරක් ලෙස වර්තමානයේ ජනප්‍රිය ක්‍රමවේදයක් වන්නේ ඉංජිනේරු ක්‍රමවේද භාවිත කර නාය යන ස්ථාන ප්‍රතිස්ථාපනය කිරීමයි (landslide mitigation). මෙහිදී බහුලව කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතා කරන අතර යකඩ සහ කොන්ක්‍රීට් ඒ අතර බහුල වෙයි නාය යාමට හේතුවන ජලය පස් තුලට රිංගා යාම වැලැක්වීම සඳහා අදාල ස්ථාන වල ජල අපාරගම්‍ය මතුපිටක් සකස් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ සඳහා විවධ සිමෙන්ති මිශ්‍රණ යොදා එම කාරිය සිදුකරන අතර එනිසා එයින් ලැබෙන මතුපිට පෘෂ්ටය ශාක වැඩීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරන්නේ නැත. ශාක වැවුනහොත් එම ව්‍යුහයන් හට හානි ගෙන දෙයි.
කඳුකරයේ බොහෝ ස්ථාන අස්ථාවර වී නාය අවදානම මතු වී ඇති නිසා ඉහත සඳහන් ඉංජිනේරු ක්‍රම වේද මගින් දැන් දැන් එම ස්ථාන ප්‍රතිස්ථාපනය කරමින් පවතී. එනිසා නාය අනතුර නිසා විනාශ වූ වන වැස්ම නැවත ඇති කරන්නට නොලැබෙයි. නාය අනතුරට ලක්වූ බොහෝ ස්ථාන වත්මනෙහි අත්හැර දමා ඇති නිසා එම ස්ථාන වලින් කලින් ලබා ගත් ආර්ථික ලාභය ද නොලැබෙයි. අත්හැර දැමීම නිසා අනවශ්‍ය ශාක මෙන්ම ආක්රමණික ශක ද වර්ධනය වීමේ සම්භාවිතාව ද වැඩිය. මතුපිට සරුසාර පාංශු ස්තරය ගසා ගෙන ගොස් ඇති නිසා ආර්ථික බෝග වගා කිරීමේ ගැටලුවක් ද ඇත.
පාංශු ජෛව ඉංජිනේරු තාක්ෂණය (soil bioengineering) කරළියට එන්නේ ශ්‍රී ලංකවේ මෙවැනි පසුබිමක් තුලයි. කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතය අවම කර සජීවී ශාක යොදා එම කාරිය ඉටු කරගනිම මෙම තාක්ෂණයේ ප්‍රධාන අරමුණ වේ. එමගින් වන වැස්ම නැවත ස්ථාපනය කිරීමට හැකි වීම මෙයින් ලැබෙන ප්‍රධාන වාසියයි. එපමණක් නොව අතහැර දැමු නාය ගිය භුමි නැවත ප්‍රයෝජනයට ගත හැකි ප්‍රදේශ බවට පත් කිරීමට හැකි වීම ද මෙමගින් ලැබෙන තවත් වාසියකි. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය වැඩිවීම, පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය වීම, පරිසර උණුසුම අඩු වීම, පාංශු ජල වහන පද්ධතිය ක්‍රමවත් වීම, සතුන් සඳහා පරිසර නිර්මාණය වීම, පාංශු ඛාදනය අඩු කිරීම පමණක් නොව පසේ තත්වය දියුණු වීම වැනි බොහෝ අතිරේක සහ අනියම් වාසි ගණනාවක් සැලසෙන බව පෙනී යයි.
ශාක වල ඇත්තාවූ සුවිශේෂී ගුණාංගයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම තාක්ෂණය ප්‍රගුණ කරයි. සමහර ශාකවල ඇති මුල් පද්ධතිය ඉතා කදිමට පාංශු ඛණිකා එකට ගොනුකර ඇද බැඳ තබයි. මුල් පද්ධතියේ ශාකා දසත විහිදී ගොස් සැලකිය යුතු ප්‍රදේශයක පාංශු ස්තර අල්ලා ගැනීම යකඩ ඇණ ගසා පාංශු ස්තර බැඳ තැබුවා වැනිය. මෙම කාරියේදී මුදුන් මුල් පද්ධතියක් සහිත ද්විබීජ පත්‍රී ශාක යොදාගැනීම මනාය. පාංශු අභ්‍යන්තරයේ ගොඩගැසෙන ජලය එලියට ඇද දැමීම සඳහා පොලොව විද මීටර දහයක් විස්සක් නැතහොත් මීටර පනහක් හැටක් දුරට කෘත්‍රිම බට ගසාලයි. ශාකවල ඇති තවත් සුවිශේෂී ගුණයක් වන්නේ භූ අභ්‍යන්තර ජලය මුල් මගින් උරා පත්‍ර මගින් වායුගෝලයට නිදහස් කිරීමට ඇති හැකියාවයි. මෙම කාරිය ඉතා හොඳින් සිදුවන ශාක කෙරෙහි මෙහිදී අවධානය යොමු වේ. එයට අමතරව ශාකවල බර අඩුබව මෙන්ම බර වැඩි බවද මෙම තාක්ෂණයේදී සැලකිල්ලට ගැනේ. මෙවැනි තවත් බොහෝ සුවිශේෂී ගුණාංග ප්‍රයෝජනයට ගන්නට හැකියාව පවතී.
නේපාලය, හොංකොං, තායිවානය වැනි රටවල මෙම තාක්ෂනය ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. ශ්‍රී ලංකාව තුල මෙම තාක්ෂනය ප්‍රචලිත කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනටමත් කටයුතු සම්පාදනය කර ඇති අතර තාක්ෂණික ක්‍රමවේද පිලිබඳ පර්යේෂණ සිදුකෙරෙමින් පවතී.මෙහිද වඩා වැදගත් වන්නේ මේ සඳහා සුදුසු දේශීය ශාක වර් හඳුනාගැනීමයි. ඒ සඳහා භූ උද්භිද සමීක්ෂණයක් (Geo Botanical Survey) කල යුතුය. මෙහි විශේෂත්වය වන්නේ ශක පිලිබඳ අධ්‍යනය භූ විද්‍යාත්මක කරුණු කරනාද සැලකිල්ලට ගෙන සිදුකිරීමයි. මෙම කාරිය එතරම් පහසු කාරියක් නොවන්නේ අධික ශාක විවිධත්වයක් අප සතුව ඇති නිසායි.
කෙසේ වෙතත් මෙම තාක්ෂණය දියුණු කිරීම ඉතා කෙටිකලකින් සිදුකල හැකිවන්නේ නැත. සජීවී ශාක සමග සිදුකරනා ගනුදෙනුවක් නිසා මනා ඉවසීමකින් යුතුව පර්යේෂණ සිදුකල යුතුය. මෙම තාක්ෂණයේ ස්ථාපනය මෙරට ඉංජිනේරු තාක්ෂණයේ පමණක් නොව භූ විද්‍යාවේ සහ උද්භිද විද්‍යාවේද නව පෙරලියක් වනු ඇත.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Thursday, 13 June 2019
ශ්‍රී ලංකාවේ නාය ආපදාව සහ අවදානම
13.06.2019
ශ්‍රී ලංකාවේ ආපදා සැලකූ විට නාය ආපදා මෙරට ජන ජිවිතයට ඉතා ප්‍රභල ලෙස බලපායි. එනිසාම එම තත්වය සලකා නාය අවදානම පවතින ප්‍රදේශ ලෙස දිස්ත්‍රික්ක 12 හඳුනාගෙන ඇති අතර අවිධිමත්ව සිදුකරන සංවර්ධන ක්‍රියා නිසා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකද ඇතුලත් වේ. මෙරට නාය ආපදා වාර්තා වන්නේ වර්ෂා කාල වලදී ය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය ආපදා පිලිබඳ පර්යේෂණ සිදුකරන මෙරට පවතින ප්‍රධානම ආයතනය වේ.
නාය අවදානම් කලාප සිතියම්
නාය අවදානම් කලාප සිතියම් මගින් කඳුකරයේ නාය අවදානම ඇත්තාවූ ප්‍රදේශ හඳුනාගත හැකිය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් මෙම සිතියම් නිර්මාණය කර ඇති අතර 1:50000 පරිමාණයෙන් ලබා ගත හැකි වේ. ඊට අමතරව 1;10000 සහ 1;5000 පරිමාණයේ සිතියම් නිර්මාණය කරමින් පවතින අතර නාය අවදානම ඇති දිස්ත්‍රික්ක වල සමහර ප්‍රදේශ මේ වන විට ආවරණය කර ඇත.
මෙම සිතියම් නිර්මාණයේ දී විවිධ භූ සාධක (සාධක හයක්) සලකා බලා ඇති අතර එක් එක් සාධක සඳහා අගයන් ලබා දී අදාල ප්‍රදේශ සඳහා එම සාධක වල අගයන්ගේ එකතුව සලකා බැලේ. මෙම සාධක ලෙස පාෂාණ වර්ගය සහ ව්‍යුහයන්, පාංශු වර්ගය සහ එහි ඝනකම, ආනතිය, ජලවහන රටාව, භුමි පරිහරණ රටාව සහ කළමනාකරණය සහ භූ රූපණය මෙම සිතියම් නිර්මාණයේදී අධ්‍යනයට ලක් කෙරේ.
සාධකවල බලපෑම
නායයාම් ඇතිවීම කෙරෙහි පාෂාණ වර්ගය විවිධ ලෙස බලපායි. ඉතා පහසුවෙන් අධිකව ජීර්ණයට ලක්වන පාෂාණ නිසා ඉතා ඉක්මනින් පාංශු පැතිකඩවල් නිර්මාණය වේ. විශේෂයෙන්ම පෙල්ඩ්ස්පාර් නම් ඛනිජය බහුලව ඇත්තාවූ පාෂාණ ජීර්ණයට ඉතා පහසුවෙන් ලක්වේ. එමෙන්ම ඉතා අධිකව පැලුම් ඇත්තාවූ පාෂාණ ද ඉතා පහසුවෙන් ජීර්ණයට ලක්වේ. ජීර්ණය සඳහා විශේෂයෙන්ම ජලය, වාතය (ඔක්සිජන්), තාපය සහ ජීවින් වැනි සාධක හේතුවන අතර මෙම සාධක ඉතා හොඳින් ලැබෙන නිවර්තන කලාපයේ පාෂාණ ජීර්ණ වේගය සාපේක්ෂව වැඩිය. එනිසාම පාංශු පැතිකඩ නිර්මාණය වන වේගය ද වැඩිය. ශ්‍රී ලංකාව සැලකු කල මෙනිසා එහි තෙත්කලාපයේ ඉතා හොඳින් වර්ධනය වූ ඝනකම් පස් තට්ටු දැකිය හැක.
පාෂාණ ජීර්ණය හේතුවෙන් ඇතිවන පස් තට්ටු "ස්ථානීය පස්" (Residual soil) ලෙස හඳුන්වන අතර, කිසියම් හෝ හේතුවක් නිසා මෙම පස් තවත් ස්ථානයකට තල්ලු වී යා හැක.නැතහොත් ගසා ගෙන යා හැක. එලෙස නිර්මාණය වන්නේ අවසාදිත වන අතර සුළු දුරක් ගමන් කිරීමෙන් තැන්පත් වන අවසාදිත "සුන්පහන්" (Collovial sediment) ලෙස හැදින්වේ. නාය යෑම හේතුවෙන් නිම්න භුමි හෝ කඳුකර පාදාන්තයේ එක් රැස් වන්නේ මෙවැනි අවසාදිත වේ.
කඳුකරයේ ආනතිය මෙලෙස නිර්මාණය වන පස් සහ අවසාදිත කෙරෙහි බලපාන ආකාරය ඉතා තීරණාත්මක වේ. අධික ආනතියක් ඇත්තාවූ බැවුම් වල බොහෝ විට පාංශු ස්තර රැදෙන්නේ නැත. ඉතා ඉක්මනින් ඒවා පහලට රූරා වැටෙයි. නැතහොත් පහසුවෙන් ඛාදනයට ලක් වෙයි. බෑවුමේ ආනතිය මධ්‍යම අගයක ඇතිවිට (30-60 වැනි) ඝනකම් පස් තට්ටු එම ආනත බෑවුමේ ටික කලක් රැදෙන්නට හේතුවෙයි. නමුත් කලක් ගත වීමේදී පාංශු ඝනකම වැඩිවත්ම බරද වැඩිවන හෙයින් ඉතා පහසුවෙන් එතනින් මිදී පහලට රූරා යයි. නාය යාමක් ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙම ක්‍රියාදාමය අතිශය ස්වභාවික වේ. වායුගෝලයට නිරාවරණය වන ඕනෑම දෙයක ජීර්ණය නම් වූ ස්වභාවික ක්‍රියාදාමයට නතු වේ. පාෂාණ ජීර්ණය සහ පාංශු නිර්මාණය එලෙසම ස්වභාවික වූ ක්‍රියාදාමයන් වේ. ස්වභාවික තත්ත්ව යටතේ මෙම භූ ක්‍රියාකාරකම නවතාලිය හැකි නොවේ.
ස්වභාවික වන වැස්ම දෙආකාරයකින් නාය යාම් සඳහා බලපායි. සමහර ශාක වර්ග වල මුල් පද්ධති වල ක්‍රියාකාරකම් නිසා පාංශු අංශු ඉතා හොඳින් ග්‍රහණය කර ගනිමින් පාංශු තට්ටු බඳවා රඳවා තබා ගනී. එමෙන්ම පාංශු ජලය උරා ඉක්මනින් වාශිපීකර්ණයට ලක් කර භුමිය වේලීමෙන් ද ජලයෙන් වන හානිය අවම කරයි. නමුත් ශක සන්තතිය වර්ධනය වත්ම එම පද්ධතියේ බර වැඩිකිරීමට හේතුවන හෙයින් නායයාම් වර්ධනය කරන්නට ද හේතුවන බව අප වටහා ගත යුතුය. එනිසා භුමි පරිහරණ රටාව පිළිබඳව ඉතා සැලකිලීමත් විය යුතුය. වන වැස්ම වැදගත් වන්නේ පාංශු ඛනිකා රඳවා තබා ගැනීමට පමණක් නොවේ.. පාංශු ඛාදනය වලක්වා ගැනීම ද මෙහි දී ඉතා වැදගත් වෙයි.
ජලවහන රටාව සහ භූ අභ්‍යන්තර ජලය ද නාය යාම් කෙරෙහි ඉතා තදින් බලාපායි. එක එල්ලේ පතිතවන වර්ෂා ජලය එලෙසම භූ අභ්‍යන්තරයට ගමන් කිරීම ආකාර දෙකකට බලපායි. භූ අභ්‍යන්තරයට ගලා යන ජලය නිසා පසෙහි අභ්‍යන්තර ජල පීඩනය වැඩි කරන අතර අනෙක් පසින් එම පාංශු පද්ධතියේ බර වැඩිකරයි.
ප්‍රධාන නාය අවදානම් කලාප
මෙම සාධක සියල්ල සැලකිල්ලට ගෙන නිර්මාණය කරන සිතියම් හි ප්‍රධාන අවදානම් කලාප හතරක් (4) දැකිය හැක. ඒ නාය අවදානම අධිකව ඇති කලාප, නාය අවදානම මාධ්යමව ඇති කලාප, නාය අවදානම අඩු කලාප සහ නාය අවදානමක් නොමැති කලාප ලෙසයි. කඳුකරයේ, අධික අවදානමක් ඇත්තාවූ කලාප සංවර්ධන කටයුතු සඳහා භාවිතා නොකළ යුතුය. දැනට පවතින තත්වයන් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනෙකුත් අවදානම් කලාප දෙකහි සිදු කරන සංවර්ධන කටයුතු වලදී තාක්ෂණික නිර්දේශ ලබා දීම සඳහා දිස්ත්‍රික්ක එකොළහක තම ප්‍රාදේශිය කාර්යාල පිහිටුවා ඇත.
ජලයේ හැසිරීම සහ බලපෑම්
මෙම අවදානම් කලාප සිතියම් නිර්මාණයේදී සලකා බැලු සාධකයන් වන පාෂාණ වර්ගය සහ ව්‍යුහයන් ද, පාංශු වර්ගය සහ එහි ඝනකම ද ආනතියද මානව පාලනයෙන් තොරය. නමුත් භූමි පරිහරණ රටාව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් නිරන්තර වෙනස්කම් වලට භාජනය වේ. එනිසාම ජල වහන රටාව සහ භූ අභ්‍යන්තර ජලය ඍජුව බල පෑමට ලක් වේ. ඉහත සාධක හේතුවෙන් නාය යාමට අධික අවදානමක් ඇත්තාවූ ස්ථානයන් වර්ෂාකාල වලදී නාය යාමට ලක් විය හැක. මෙම කුමන සාධකයක් ප්රමුඛව පැවතියද එමගින් වන්නේ අවදානම වැඩිවීම පමණකි. සමහර රටවල නායයාම් සඳහා භූ කම්පන බලපෑවද ශ්‍රී ලංකාවේ නායයාම් සඳහා මූලික වන්නේ වර්ෂාවයි. වර්ෂාව මගින් අදාල ස්ථානයන්හි පාංශු පද්ධතිවල අභ්‍යන්තර ජල පීඩනය වැඩිකරන අතර ඉතා සුළු කාලයකදී ලැබෙන අධික වර්ෂාපතනය (300-400 mm) මෙම තත්වය උග්‍ර කරන්නට හේතුවෙයි අභ්‍යන්තර ජල පිඩනයට වැඩිවන්නට හේතුවන්නේ පාංශු පද්ධතියේ ඇති මැටි ඛනිජයි. මැටි ඛනිජ හේතවෙන් අභ්‍යන්තර නිදහස් ජලවහනයට බාධා ඇති වේ. එය අභ්‍යන්තර ජල පීඩනය වැඩිකරන්නට හේතුවෙයි. එමෙන්ම අභ්‍යන්තර ජලය රැඳීම හේතවෙන් පාංශු අංශු අතර බන්දනයන් ලිහිල් කරන්නට හේතුවන අතර ඇතිවන ජල පීඩනය පද්ධතියෙන් පාංශු කොටසක් අස්ථාවර කර දමන්නට හේතුවෙයි. මෙය අදාළ ප්‍රදේශය නායයාමට ලක් කිරීමයි.
මෝසම් වර්ෂාව මගින් අධික වර්ෂාපතනයක් ලබා දෙන්නට හේතුවන නිසා බොහෝ විට නිරිත දිග මෝසම සහ ඊසාන දිග මෝසම පවතින කාලවලදී ශ්‍රී ලංකාවේ නායයාම් වාර්තාවන අතර අසාමාන්‍ය වර්ෂාපතන තත්ත්ව යටතේ මෙම තත්වය උග්‍ර විය හැක. වියළි කාලය මෙනිසා නාය අවදානම සැලකු විට බොහෝ යහපත් වෙයි.
අවදානම අවම කිරීම
නාය අවදානම අවම කිරීමෙහි ලා බොහෝ ක්‍රියාකාරකම් සිදුකල හැකි අතර මූලිකවම භූමි පරිහරණය ක්‍රමවත් කිරීමෙන් ද ව්‍යුහාත්මක ඉංජිනේරු ක්‍රමවේද මගින් ද අවදානම අවම කල හැක. නමුත් අවදානම් කලාප වල ජලවහන රටාව ක්‍රමවත් කිරීම ද ඉතා වැදගත් වෙයි. අවදානම් කලාප වලට ජලය බැස යාම හෝ ජලය එක් රැස්වීම වැලැක්වීම ද සිදුකල යුතුය. එපමණක් නොව එම පාංශු පද්ධති වලින් ජලය ඉවත් කිරිම සඳහා පොලොව විද නල සවිකර අභ්‍යන්තර ජලය ඉවත් කිරීම වැනි නවීනතම ක්‍රමවේද දැන් දැන් මෙරට තුල සිදුකරයි.
අප සතු වගකීම
ප්‍රධාන වශයෙන්ම ප සතු වගකීම වන්නේ නාය අවදානම අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමයි. අධි අවදානම් කලාප වල සංවර්ධන කටයුතු සහ නිවාස ඉදිකිරිම වැනි ක්‍රියා මගින් එම කලාපවල සතවරත්වයට බාධා නොකළ යුතුය. විශේෂඥ උපදෙස් ගෙන මාධ්‍ය සහ අඩු අවදානම් කලාප වල සංවර්ධන කටයුතු සිදුකිරීම ස්ථාවර තත්වයන් පවත්වාගැනීමට හේතුවෙයි. අවට පරිසරයේ ජල වහන රටාව ක්‍රමවත් කිරීම, භූ අභ්‍යන්තරයට ඍජුවම ජලය ඇතුල්වීම වැලක්වීම, භුමි පරිහරණ රටාව නිසි පරිදි පවත්වා ගෙන යාම පමණක් නොව තම ප්‍රදේශය අවදානම පිළිබඳව දැනුවත්ව සිටීම ද ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම ද සිදුකරන්නේ නම් මෙම අවදානම අවම කරගැනීමට අප ලබා දෙන මනා සහයක් වනු ඇත. එපමණක් නොව යම් සංවර්ධන කටයුත්තක් කරන්නේනම් නාය අවදානම් කලාප සිතියම් භාවිත කර අවදානම හඳුනා ගැනීමට අප කටයුතු සිදුකරන්නේ නම් අවදානම අවම කර ගැනීමට අපට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය වේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Subscribe to:
Posts (Atom)
පත්මෙගේ භූ විද්‍යා අන්දර 07 කිරින්ද එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...
-
භූ විද්‍යාව යනු කුමක් ද ? 04.11.2015 පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී...
-
පරණම පරණ මිනිස්සු භාවිතා කල පරණම ලෝහය ; තඹ This article is originally published on Divaina, 16.02.2020. වසර දස දහසක් පමණ පැරණි ...
-
වෙරළ භූ රූපණය 2 වෙරළ යනු කුමක්දැයි ඇසුවහොත් ඒ සඳහා ඔබ දෙන පිළිතුර කුමක්ද ? බොහොම සරලව පැවසුවහොත් ගොඩබිමත් සාගරයත් එක්කරන මායිම වන්නේ ව...