භූ විද්‍යාව යනු කුමක් ද ?
04.11.2015
පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්‍යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී අප හොඳින් ම දන්නා ජලගෝලය, වායුගෝලය සහ ශිලාගෝලය අතර ඇත්තා වූ අන්තර් සම්බන්ධතා, ඛනිජ සහ පාෂාණ, ප්‍රාග් ජීව ධාතුන්, මැණික්, ඛනිජ තෙල් සහ වායූන්, වැස්‌ස සහ ජල සම්පත්, ගිනිකඳු පිපිරීම්, පා වන මහාද්වීප, භූ කම්පන, නාය යැම් සහ සුනාමි වැනි අනතුරු, පාංශු ඛාදනය සහ ජීරණය වැනි ක්‍රිsයාකාරකම් යනාදී විෂය ඉසව් රැසක් අධ්‍යයනය කෙරේ. එපමණක් නො ව විශ්වයේ පවත්නා භෘතික වස්‌තූන් පිළිබඳව ද ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මේ විෂය ක්‌ෂේත්‍රය තුළින් සාකච්ඡා කරනු ලබයි. ඉතා පුළුල් පරාසයක් පුරා පැතිරී යන මේ විෂයය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව භෘතික විද්‍යාව යනාදී අනෙකුත් මූලික විෂයන් සමග ද සම්බන්ධකම් පවත්වයි
පෘථිවියෙහි භූ විද්‍යාත්මක පසුබිම
පෘථිවිය ඇතුළු මේ විශ්වයේ පවතින ග්‍රහ වස්‌තූන් නිර්මාණය වී ඇත්තේ ඛනිජවලිනි. ඛනිජ රැසක එකතුවක් පාෂාණ නිර්මාණය කිරීමට හේතු වේ. එක් ඛනිජයකින් පමණක් නිර්මාණය වූ පාෂාණ ද නැත්තේ නො වේ. පෘථිවියෙහි දැනට හඳුනාගත් ඛනිජ වර්ග 3000ක් පමණ ඇති මුත් පාෂාණ නිර්මාණයට දායක වන්නේ ඉන් අතළොස්‌සක් පමණි. පෘථිවියෙහි ඇති බොහොමයක් පාෂාණ සිලිකා (SiO2) මූලික කරගත් රසායනයකින් හෙබි පාෂාණ වේ.
පෘථිවියෙහි හරස්‌කඩක ප්‍රධාන කලාප තුනක් හඳුනාගත හැකි ය. රවුම් අලිපේර ගෙඩියක හරස්‌කඩක් සිතෙහි මවාගන්න. එහි පිටතින් ම වූ තුනී ලෙල්ල පෘථිවියෙහි "කබොල" වේ. එයට ඇතුළතින් වූ කෑමට ගන්නා මදය පෘථිවියෙහි "ප්‍රාවරණය"යි. ඇතුළෙන් ම වූ අලි පේර ගෙඩියේ බීජය පෘථිවියෙහි "හරය" ලෙස හැඳින්විය හැකි ය. පෘථිවි පෘෂ්ඨයේ සිට මධ්‍යයට යත් ම පාෂාණවල ඝනත්වය වැඩි වන්නේ ඝනත්වයෙන් වැඩි ඛනිජවලින් මේ අභ්‍යන්තර පාෂාණ නිර්මාණය වී තිබීම නිසා ය. එපමණක් නො වේ. අභ්‍යන්තරයට යත් ම උෂ්ණත්වය ද පීඩනය ද ක්‍රමිකව වර්ධනය වේ. එය යම් යම් ගැඹුරු මට්‌ටම්වල දී පාෂාණ ද්‍රව බවට පත් කිරීමට තරම් හේතු වේ. කබොලෙහි වූ පාෂාණ වියළි මඩ තට්‌ටු පිපිරෙන්නා සේ කැබැලි වී පවතී. ඒ හේතුවෙන් ද යටින් වූ ද්‍රව පාෂාණ ස්‌තර හේතුවෙන් ද ගතික (ඔබ මොබ චලනය වන) කබොලක් නිර්මාණය වේ. එය පා වන මහාද්වීප ඇති කරන්නටත්, ඒ නිසා භූ කම්පන සහ ගිනිකඳු නිර්මාණය කරන්නටත් හේතු වී ඇත.
ලෝකයේ පාෂාණ නිර්මාණය කරන මූලික ම ක්‍රියාදාමය වන්නේ ආග්නේය ක්‍රියාවලියයි. ගිනිකඳු නිර්මාණය වන්නේ මේ හේතුවෙනි. එහි දී ද්‍රව වූ පාෂාණ නැත හොත් මැග්මා හෝ ලාවාවලින් පාෂාණ නිර්මාණය වේ. පෘථිවියෙහි මුලින් ම පාෂාණ බිහි වන්නේ මේ ක්‍රියාදාමයෙනි. අනෙකුත් ක්‍රියාදාමයන් වන විපරීතකරණයෙන් සහ අවසාදිතකරණයෙන් සිදු වන්නේ ද්විතීයක පාෂාණ බිහි වීමයි. කලක දී මේ ද්විතීයික පාෂාණ පෘථිවි අභ්‍යන්තරයට ගිලා බසිමින් නැවත ද්‍රවිත පාෂාණ බවට පත් වී මැග්මා බිහි කරයි. එය නව පාෂාණ චක්‍රයක ඇරඹුමයි.
භූ විද්‍යාඥයා යනු කවරෙක් ද?
භූ විද්‍යාව අධ්‍යයනය කරන්නා භූ විද්‍යාඥයෙකු ලෙස හැඳින්විය හැකි ය. ඉහත සදහන් කළ අති සුන්දර හා කුතුහලය දනවන ක්‍රියාවලීන් භූ විද්‍යාව අධ්‍යයනය කරන්නකුට මුණගැසෙයි. එපමණක් නො වේ. කෙනකුට මෙලොව ජීවිතයේ දී අත්දැකීමට නො ලැබෙන සිදුවීම්වලට මුහුණ දීමට ද, කෙදිනක වත් යා නොහැකි ස්‌ථානවලට යැමට ද භූ විද්‍යාඥයකුට හැකියාව ලැබේ. අත්දැකීම් බහුල භූ විද්‍යාඥයා පෘථිවියේ බොහෝ ස්‌ථාන නිරීක්‌ෂණය කළ තැනැත්තෙකි. එනිසා ම කිසියම් ප්‍රදේශයක ඇත්තා වූ ඛනිජ ද, පස ද, පාෂාණ ද ඔහු ඉතා හොඳින් හඳුනයි. "ඇවිද්ද පය දහස් වටී" යන කියමන සැබෑ භූ විද්‍යාඥයකුට අගනා ආදර්ශ පාඨයකි. භූ විද්‍යාඥයකුට ක්‍ෂේත්‍ර අධ්‍යයනය අනිවාර්ය අංගයක් වන අතර ඔහු සිය ජීවිතයට ද එම නිසා බොහෝ අත්දැකීම් එක් කරගනී.
භූ විද්‍යාවේ විකසනය
මිනිසා ගේ ආරම්භයේ සිට ඔහු තම වටපිටාව පිළිබඳව හොඳින් අවධානයෙන් සිට ඇත. එනිසා ම පරිසරයේ වූ ඛනිජ ද, පාෂාණ ද තම ජීවිතයට සම්බන්ධ කරගෙන ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසා තම ආහාර අවශ්‍යතා සපුරාගනු වස් මෙවලම් නිර්මාණයේ දී භූ සම්පත් ප්‍රයෝජනයට ගෙන ඇත. දඩයම් යුගයේ දී සතුන් මැරීම සදහා ද, ආහාර සකස් කරගැනීම සදහා ද අවශ්‍ය ආයුධ නිර්මාණය කරගත්තේ ඛනිජවලින් බව ඉතා හොඳින් පැහැදිලි වේ. ඔවුන් නිර්මාණය කරගත් ගල් ආයුධ සදහා යොදාගත්තේ තිරුවානා නැත හොත් ක්‌වාට්‌ස් ඛනිජයන් ය. ජීර්ණ ප්‍රතිරෝධී (දිරා යැමට ඔරොත්තු දිය හැකි) මෙන්ම තියුණු දාර සහිත මෙවලම් නිර්මාණය කළ හැක්‌කේ මේ ඛනිජ මගින් බව ඔවුහු හොඳින් වටහාගෙන සිටිය හ. තම ශරීරය අලංකරණය සහ පූජාවන්වල දී හිස්‌කබල් පැහැගැන්වීම සදහා අවශ්‍ය රක්‌ත වර්ණය ඔවුන් උකහාගත්තේ මැග්නටයිට් සහ හෙමටයිට් නම් වූ ඛනිජ භාවිතයෙන් බව පැහැදිලි වේ. එපමණක් නො වේ. භූ පුරාවිද්‍යාත්මක සාක්‌ෂිවලින් මේ සදහා මිනිරන් යොදාගෙන ඇති බවට ද සාක්‌ෂි හමු වේ. දඩයම් යුගයෙන් පසුකාලීනව විකසනය වූ කෘෂිකාර්මික යුගයේ දී පවා ඉපැරැණි මිනිසුන් තම ගොවි උපකරණ නිෂ්පාදනයට අවැසි මෙවලම් නිර්මාණයට භූ සම්පත් යොදාගත් බවට ස්‌ථිරසාර වූ සාක්‌ෂි හමු වේ. තඹ සහ යකඩ ලෝහ භාවිතය මූලික කරගත් සංස්‌කෘතීන් ලෝකයේ ඒ අනුව බිහි විය. මෙලෙස දිගින් දිගට ම භූ සම්පත් පරිහරණය මිනිසා විසින් සිදු කරන ලද බවට නොයෙක් තතු ගෙන හැර පෑ හැකි ය. අතීතයේ සිට ම මිනිසා භූ සම්පත් සහ එහි ක්‍රියාවලීන් පිළිබඳව අවධානයෙන් පසු වූ බව මෙයින් පැහැදිලි වේ.
පසුව ඇති වූ බුද්ධිමය විප්ලවයත් සමග විද්වතුන් සහ දාර්ශනිකයන් මේ පිළිබඳව ගැඹුරෙන් හදාරන්නට පටන්ගෙන ඇත. ලෝකය බිහි වූයේ කෙසේ ද, ජීවය ඇති වූයේ කෙසේ ද, විශ්වය බිහි වූයේ කෙසේ ද යන්න ඔවුන් ගේ ප්‍රධාන මාතෘකා වී ඇත. අතීතයේ විසූ ගී්‍රකයන් මේ පිළිබඳව උනන්දු වූ බවට සාක්‌ෂි ඇත. ක්‍රිස්‌තු පූර්ව 4 වැනි සියවසේ විසූ අප හොඳින් දන්නා ඇරිස්‌ටෝටල් නමැති දාර්ශනිකයා පාෂාණ ජීර්ණය වැනි ක්‍රියාවලීන් පිළිබඳව යම් යම් නිරීක්‌ෂණ සිදු කළ අතර එම ක්‍රියාදාමයන් බොහෝ කාලයක් ගත වන ඒවා බව ද මිනිසා ගේ ආයු කාලයෙන් ඔබ්බට යන බව ද පවසා ඇත. ඔහු ගේ ගෝලයකු වූ තියෝප්‍රස්‌ටස් නැමැත්තා ඛනිජ පිළිබඳව අධ්‍යයනයන් සිදු කර ඇති අතර ඒවායේ භෞතික ගුණාංග පදනම් කරගනිමින් ප්‍රාථමික මට්‌ටමේ වර්ගීකරණයක් ද ඉදිරිපත් කළේ ය. පාෂාණ පිළිබඳව ද ඔහු අධ්‍යයනය කර ඇති අතර කිරිගරුඬ සහ හුණුගල් පිළිබඳව ද ඔහු ගේ පර්යේෂණවල සදහන් කර ඇත. රෝමානු කාලයේ දී "ප්ලිනි" නම් විද්‍යාඥයා ඛනිජවල ස්‌ඵටික ස්‌වරූපය පිළිබඳව අධ්‍යයනයන් සිදු කර ඇති අතර මනා ලෙස දියමන්තිවල හැඩය හඳුනාගෙන ඇත්තේ ය. ඔහු ඇම්බර්, නම් වූ ඛනිජය බිහි වන ආකාරය ඉතා පැහැදිලිව විස්‌තර කර තිබේ. මෑත කාලයේ බිහි වූ "ජුරාසික් පාක්" නම් වූ අපූරු සිනමා කෘතියේ ඩයිනොසෝරයන් බිහි කරන්නට හේතු වන්නේ මේ ඇම්බර් නම් වූ ශාක රෙසිනයේ සිර වූ මදුරුවා ගේ ප්‍රාග් ජීව ධාතුවෙන් ලබාගන්නා ජාන බව එය නැරඹවා නම් ඔබේ මතකයට නැෙගනු ඇත.
පර්සියානු ජාතික "ඉබන් සිනා" නම් වූ විද්‍යාඥයා තමා පළ කළ පොතක කඳු නිර්මාණය වන්නේ කෙසේ ද යන්න විස්‌තර කර ඇති අතර ජල චක්‍රයේ පැවැත්මට මේ කඳු පන්ති කොපමණ වැදගත් ද යන්න සාකච්ඡා කර ඇත. ආසියානු සන්දර්භය තුළ වර්ෂ 1031 සිට 1090 දක්‌වා ජීවත් වූ චීන ජාතික "ෂෙන් කුවෝ" භූ විෂමතාව අධ්‍යයනය කළ ප්‍රථමයන් කිහිප දෙනා ගෙන් අයකු වන අතර ඔහු ගේ පර්යේෂණ අවසාදිතකරණය සහ ප්‍රාග් ජීවධාතුන් කෙරෙහි ද යොමු වී ඇත. පාෂාණිභූත වූ උණ ශාක ඇසුරෙන් ඔහු කාලගුණ විපර්යාසයන් ඇති වන්නේ කෙසේ දැයි විස්‌තර කර ඇත.
සෙසු විද්‍යා ධාරාවන් අතර භූ විද්‍යාව
17 වැනි සියවස වන විට භූ විද්‍යාව ස්‌වාභාවික විද්‍යාවන් අතර ඉතා වැදගත් තැනක් හිමි කරගෙන ඇති අතර ප්‍රාග් ජීව ධාතුන් කෙරෙහි වැඩි අවධානය යොමු වී ඇති බව පෙනී යයි. 1696 දී "විලියම් විස්‌ටන්" නැමැත්තා වඩාත් ආගමික මුහුණුවරකින් අවසාදිත නිර්මාණය සහ ප්‍රාග් ජීව ධාතුන් බිහි වීම පිළිබඳව අධ්‍යයනයන් සිදු කර ඇති බව පැහැදිලි වේ. ඔහු විසින් "නව පෘථිවි සිද්ධාන්තය" ඉදිරිපත් කරන ලද්දේ මෙවන් පසුබිමක ය. ලෝකය බිහි වීම පිළිබඳව වූ ආගමික නිර්ණායකයන් සහ විද්‍යාත්මක සංකල්ප අතර ඇති වූ මතභේදාත්මක සංවාද උග්‍ර වූ මේ අවධියේ දී "නිකොලස් ස්‌ටේනෝ" විසින් අවසාදිතකරණය පිළිබඳ ඉදිරිපත් කරන ලද මතය විශිෂ්ට එකක් විය. එනිසා අවසාදිත ස්‌තරායනය පිළිබඳව වඩා විස්‌තරාත්මක සහ විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා මගපෑදිණි. ඔහු ගේ මතය අනුව අවසාදිත ස්‌තර තිරස් ස්‌ථර ලෙස බිහි වන අතර එක ම සංයුතියකින් තිරස් ව පැතිරී යන බව කියෑවිණි. එම අධ්‍යයනයන්ට අනුව ඔහු භූ විද්‍යාවේ දී වැදගත් වන අවසාදිත පිළිබඳ සිද්ධාන්ත තුනක් ඉදිරිපත් කළේ ය. "ස්‌තර අනුස්‌තර නියමය", "ප්‍රභාවි තිරස් මූලධර්මය" සහ "පාර්ශ්වික සන්තතික මූලධර්මය" එම මූලධර්ම තුනයි. භූ විද්‍යාවේ දී පමණක් නො ව පසු කාලීනව බිහි වූ පුරාවිද්‍යාවේ දී ද අවසාදිත අධ්‍යයනයේ දී මේ මූලධර්ම තුන මූලික පදනම වී ඇත.
දහ අට වැනි ශතවර්ෂයේ දී ඛනිජ සහ පෘථිවි කබොලෙහි සංයුතිය අධ්‍යයනය පිළිබඳව විද්‍යාඥයන් ගේ වැඩි අවධානයක් යොමු වී ඇති බව පෙනී යයි. "භූ විද්‍යාව" යන වචනය මුලින් ම තම පර්යේෂණ ප්‍රකාශන සදහා යොදා මේ විෂය ප්‍රචලිත කිරීමට මූලික වූයේ "ජීන් අන්දෘ දි ලූක්" සහ "හොරේස් බෙනඩික්‌ට්" නම් වූ විද්‍යාඥයන් දෙපළ ය. 1741 දී ප්‍රංශයේ ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයෙහි භූ විද්‍යාව ඉගැන්වීම සදහා ප්‍රථම තනතුර නිර්මාණය කරන ලද අතර එය ද භූ විද්‍යාවේ විද්‍යාත්මක පසුබිම ප්‍රචලිත කිරීමට ඉවහල් විය. ඒ ශතවර්ෂයේ අවසාන භාගය වන විට විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණ හේතුවෙන් කබොලෙහි පාෂාණවල රසායනික ලක්‌ෂණ පිළිබඳව සාකච්ඡාවට බදුන් විය. එහි දී "ඒබ්‍රහම් වර්නර්" ග්‍රැනයිට් සහ බැසෝල්ට් පාෂාණ නිර්මාණය පිළිබඳව ඉදිරිපත් කළ න්‍යායන් වඩාත් ප්‍රමුඛ වේ. දහ අට වැනි ශතවර්ෂයේ විසූ "ඡේම්ස් හටන්" නම් භූ විද්‍යාඥයා විසින් කබොලෙහි පාෂාණ බිහි වීම ගැන වර්නර් ගේ මතයට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන ලද අතර එමගින් කියවුණේ මේ පාෂාණ ද්‍රව ලාවා ඝනීභවනයෙන් ඇති වූ බවයි. යමහල්කරණය නම් වූ එම භූ ක්‍රියාකාරකම පිළිබඳ වූ මතය එකල වූ ආගමික මත බිඳ දැමීමට සමත් විය. අදට ද වලංගු එම මතයත් සමග ඔහු සිදු කළ තවත් පර්යේෂණ, භූ විද්‍යාවේ නූතන විද්‍යාත්මක ස්‌ථාපිතකරණය සදහා මහත් පිටිවහලක් වූ අතර එනිසා ම ඔහු නූතන භූ විද්‍යාවේ පියා ලෙස හැදින්වේ. "වර්තමානය අතීතයේ යතුර වේ" යන සංකල්පය ඉදිරිපත් කරමින් භූ විද්‍යාත්මක ඉතිහාසයේ ඔහු නො මැකෙන සටහනක් තැබූ අතර භූ විද්‍යාවට අගනා වටිනා සේවයක් කළ විද්‍යාඥයකු ලෙස අදට ද සිහිපත් කෙරෙයි.
19 වැනි ශතවර්ෂයේ දී ඇති වූ කාර්මික විප්ලවයත් සමග විද්‍යාඥයන් ගේ සහ ගවේෂකයන් ගේ අවධානය ඛනිජ සම්පත් වෙත යොමු වූ බව පෙනී යන කරුණකි. බ්‍රිතාන්‍යයේ පළමු භූ විද්‍යාත්මක සිතියම මේ හේතුවෙන් නිමාණය වූ අතර ඒ සදහා "විලියම් ස්‌මිත්" නැමැත්තා ගේ ගවේෂණ කටයුතු හේතු වී ඇත. "ජෝර්ඡ් කුවියර්" සහ "ඇලෙක්‌සැන්ඩර් බෝග්නියර්ට්" විසින් අවසාදිත පාෂාණ ගැන සිදු කරන ලද පර්යේෂණ පාෂාණ ස්‌ථරවල සාපේක්‌ෂ කාලනිර්ණය සදහා බෙහෙවින් උපකාරී වී ඇත. එය ඔවුන් සිදු කර ඇත්තේ ප්‍රාග් ජීව ධාතුන් (fossils) අධ්‍යයනයෙන් ලද සාක්‌ෂි මත පදනම් ව ය. මේ අධ්‍යයනයන් එකල වූ භූ විද්‍යාඥයන් අතර බොහෝ ප්‍රචලිත වී ඇත. මේ ශතවර්ෂයේ විසූ "ඡේම්ස් ලයෙල්" නම් වූ භූ විද්‍යාඥයා විසින් ලියන ලද භූ විද්‍යාවේ මූලික සිද්ධාන්ත නම් වූ පර්යේෂණාත්මක ග්‍රන්ථය හට්‌න් ගේ භූ විද්‍යාත්මක න්‍යායන් සහ සිද්ධාන්ත නැවත සපථ කිරීමට තරම් හේතු විය. ඔහු ගේ මේ කෘතිය සදහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය සහ ස්‌පාඤ්ඤය යන රටවල සිදු කළ භූ විද්‍යාත්මක පර්යේෂණවල සොයාගැනීම් පාදක වී ඇත.
අප කවුරුත් හොඳින් දන්නා "ජීවයේ සම්භවය" නම් වූ ලෝ ප්‍රකට පර්යේෂණාත්මක කෘතිය ඉදිරිපත් කළ "චාල්ස් ඩාවින්" ද භූ විද්‍යාඥයෙකි. ඡේම්ස් ලයෙල් ගේ "භූ විද්‍යාවේ මූලික සිද්ධාන්ත" නම් වූ ග්‍රන්ථය අධ්‍යයනය කළ ඔහු ගේ අවධානය ඒ කෙරෙහි යොමු වූ අතර නව මානයකින් ඔහු ඒ දෙස බැලී ය. ගොඩබිම් ඇති වීම සහ ගිලාබැසීම ද, කොරල්පර ඇති වන ආකාරය ද, ප්‍රාග් ජීව ධාතුන් ද ඔහු ගේ භූ විද්‍යාත්මක පර්යේෂණ සදහා මූලික වී ඇත. මේ අධ්‍යයනයන් ද ඔහු ඉදිරිපත් කළ ජීවයේ සම්භවය, ස්‌වාභාවිකවරණය සහ පරිණාමය ගැන වූ මතයන්ට පාදක වී ඇත. මේ කාලයේ දී කැනඩාව, ඔස්‌ටේ්‍රලියාව, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව භූ විද්‍යාත්මක ගවේෂණ සහ පර්යේෂණවල වැදගත්කම ආර්ථික දෘෂ්ටි කෝණයකින් බලා භූ විද්‍යාත්මක සිතියම් නිර්මාණය සදහා ආධාර ලබා දී ඇත. මේ සහයෝගය භූ විද්‍යාව විෂයෙහි ප්‍රගමනය සදහා හේතු වී ඇති බව පැහැදිලි වේ. 19 වැනි ශතවර්ෂයේ අගභාගය වන විට විකිරණශීලී මූලද්‍රව්‍ය භාවිතයෙන් පාෂාණවල වයස නිර්ණය කරන්නට හැකියාව ලැබුණු අතර පෘථිවිය නිර්මාණය වූ ආකාරය පිළිබඳව එනිසා නව කෝණයකින් බැලීමට භූ විද්‍යාඥයන්ට හැකි විය. එය කබොලෙහි වූ මහාද්වීපවල චලනය වන ආකාරය සොයා බැලීමට නව දොරටුවක් විවර කළේ ය.
20 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ විසූ ගවේෂකයෙකු මෙන්ම කාලගුණ විද්‍යාඥයකු ද වූ "ඇල්ෆ්‍රරඩ් වැග්නර්" මහාද්වීපවල ගතිකය (චලනය) සිදු වන්නේ කෙසේ දැයි පැහැදිලි කරමින් "මහාද්වීපික ප්ලාවිතය" නම් වූ නව භූ විද්‍යාත්මක න්‍යායක් 1912 දී ලොවට ඉදිරිපත් කළේ ය. ඒ සදහා විවිධ මහාද්වීපවල තිබූ ප්‍රාග් ජීව ධාතුන් ගෙන් ලද සාක්‌ෂි ද, ග්ලැසියර චලනයෙන් පාෂාණවල සටහන් වූ සාක්‌ෂි ද ඔහු යොදාගත්තේ ය. ඔහු ගේ මතය අනුව එක් කලක දී මේ මහාද්වීප පෘථිවි තලය පැන්ජියාව නම් වූ සුවිසල් ගොඩබිමක් ලෙස පැවතී පසුව කැබැලි වී වෙන් වීමේ ප්‍රතිඵලය බව කියවේ. එමෙන් ම කඳු පන්ති බිහි වන ආකාරය ගැන ද එහි දී ඉදිරිපත් විණි.
1947 සිට 1960 දක්‌වා වූ කාලයේ දී විද්‍යාඥයන් සාගරික කබොල ගැන සිදු කළ පර්යේෂණ සාගරික කබොල විස්‌තාරණය වෙමින් නව සාගරික තල නිර්මාණ වන බව පැහැදිලි කළේ ය. "රොබට් ඩයිට්‌ස්" සහ "හැරී හේස්" ගේ පර්යේෂණ මෙහි ලා වැඩි ප්‍රමුඛතාවක් ගනී. එනිසා ම ගතික කබොල විස්‌තර කරන නව මතයක් භූ තල කාරක මතය නමින් බිහි විය. භූ භෞතික ක්‍රමවේද මගින් සිදු කරන ලද පර්යේෂණ මගින් සාගරික කබොල මහාද්වීපික කබොලට වඩා අඩු ඝනත්වකින් යුක්‌ත බව සොයාගන්නා ලදී. මේ පර්යේෂණවල ප්‍රතිඵල පසුව භූ චුම්බකත්ව පර්යේෂණ සදහා මගපෑදුණු අතර ක්‍රමිකව තැන්පත් වූ සාගරික කබොලෙහි පාෂාණවල වූ චුම්බක ගුණ පෙන්වන යකඩ වැනි ඛනිජවල දිශානතිය අනුව භූ චුම්බක ක්‍ෂෙත්‍රය (උතුර-දකුණ) අතීතයේ විවිධ පැතිවලට දිශාගත වී ඇති බව භූ විද්‍යාඥයන්ට පැහැදිලි විය.
විසිවැනි ශතවර්ෂය භූ විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවක් සහ ප්‍රචාරණයක් ඇති වූ
ශතවර්ෂයකි. සමගාමීව සිදු වූ විද්‍යාත්මක උපකරණ, සිද්ධාන්ත සහ ක්‍රමවේදවල දියුණුවත්
සමග මෙය වඩාත් පහසු වී ඇත. වර්තමානය වන විට චන්ද්‍රිකා තාක්‌ෂණයේ පිහිටෙන් භූ
විද්‍යාත්මක ගවේෂණ කිරීමට තරම් වූ දියුණු තත්ත්වයකට පත් වී ඇත. වඩා පෘථුල පරාසයක්
පුරා පැතිරෙන්නට වූ භූ විද්‍යාත්මක පර්යේෂණ ග්‍රහලෝකවල භූ විද්‍යාත්මක පසුබිම
අධ්‍යයනයට ද, පුරාවිද්‍යාත්මක ගැටලු විසදීමට ද, වෛද්‍ය ක්‍ෂෙත්‍රයට ද, ඉංජිනේරු
ක්‍ෂෙත්‍රයට ද, අධිකරණ විද්‍යවේ දී ද ඉතා ප්‍රබල ලෙස භූවිද්‍යාව අදාළ කරගැනෙන බව
නොරහසකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ