භූ ගත ජලයේ කතන්දරේ..
This article is originally published on Divaina 19th February, 2020.
ජලය නොමැති කල මෙලොව ජීවය
රැඳෙන්නේ නැත. ආහාර නොමැතිව සති ගණනාවක් වුව ඉන්නට හැකි මුත් ජලය නොමැතිව එලෙස ජීවය
පවත්වාගෙන යා හැකි නොවේ. දැන් දැන් එන්න එන්නටම ජල සම්පත් දුලභ වෙන කාලයක් බව අප අමතක
නොකල යුතුය. එනිසාම එහි වැදගත්කම ද භූ විද්‍යත්මක පසුබිම ද ඔබ හමුවේ තැබීම සුදුසු යැයි
මම සිතමි.
එදිනෙදා ජිවිතයට අතවශ්‍ය
වන තවත් භූ විද්‍යත්මක සම්පතකි ජලය. රසායනය ගැන කථාකරන්නේ නම් බොහෝ දේවල් සඳහන් කලහැකි
මුත් බොහොම සරලව කියන්නේ නම් විශ්වීය ද්‍රාවකය වන්නේ ජලයයි. එහි බොහෝ දේ දිය වෙන අතර
එනිසාම ඉතා පහසුවෙන් ජලය දූෂණය වීමේ හැකියාව ද නැත්තේ නොවේ.
මෙලොව ප්‍රයෝජනයට ගත හැකි
ජලය පවතින්නේ ආකාර දෙකකටයි. ඒ මතුපිට ජලය සහ භූ ගත ජලය ලෙසයි. මතුපිට ජලය මෙන්ම භූ
ගත ජලය ද ජල ගෝලයේ එක් එක් අවස්ථාවන් වේ. කෙසේ වෙතත් මේ අවස්ථා දෙකම පෝෂණය වන්නේ වැසි
ජලයෙන් වන අතර භූ ගත ජලය නිධි ලෙස භූ අභ්‍යන්තරයේ වූ පාෂාණ වල පවතින දැදුරු,
කුස්තුර සහ විවරයන් තුල එක් රැස් වී පවතී. වැසි ජලය භූ අභ්‍යන්තරයට කිඳා බැසීම
නිසා භූ ගත ජල නිධි පෝෂණය වන අතර මතුපිට භූමි පරිහරණ රටාව ඒ සඳහා තීරණාත්මක කාර්ය භාරයක්
ඉටුකරන බව අමතක නොකළ යුතුය.
භූ ගත ජල නිධි පවතින්නේ භූ
ගත පාෂාණ ඇසුරු කරගෙන වන අතර එනිසා නිරන්තරව එම පාෂාණ සමග ගැටීම සිදුවේ. ඒ හේතුවෙන්
බොහොමයක් පාෂාණයේ ඛණිජ ලවණ ඉතා පහසුවෙන් ජලය සමග මිශ්‍රවීම සිදු වේ. එහි දී විශේෂයෙන්ම
ඉතා පහසුවෙන් ජලයේ දියවෙන සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම් වැනි කැටායන
(රසායන) භූ ගත ජලය සමග එක් වීම සිදුවේ. එලෙස ද්‍රාවනගතවන ඛණිජ ලවණ මිශ්‍රිත භූ ගත ජලය
පවතින්නා වූ භූ අභ්‍යන්තරික භූ පාරිසරික තත්ත්ව මත එම ජලය දිගු කාලයක නිසලව පවතී ද නොඑසේනම්
කුස්තුර සහ පැලුම් හරහා වෙනතක් කරා ගමන් කරන්නේ ද යන්න තීරණය වෙයි.
භූ ගත ජලයේ සාන්ද්‍රණ
ගතවූ ඛණිජලවණ සැමවිටම භූ ගත ජලයේ රසායනික තත්වය පාලනය කරන අතර එනිසාම එහි භෞතික ගුණාංග
පාලනයට ද හේතුවේ. එනම් ජලයේ ආම්ලික සහ භාෂ්මිකතාව
බොහෝවිට තීරණය කරන්නේ භූ අභ්‍යන්තරික භූ රසායනික තත්වය වන අතර එනිසා කාබනික ද්‍රව්‍ය
වැඩි භූ පරිසර ආම්ලික ජලය ඇතිකරන්නට මෙන්ම කාබෝනේට වැඩි පරිසර වලදී භාෂ්මික ජලය ඇති
කරන්නට ද හේතු වේ. ෆ්ලොරයිට් වැනි ඛණිජ පවතින ප්‍රදේශවල දී භූ ගත ජලයට ෆ්ලෝරින්
එකතු කිරීම නිසා එම ප්‍රදේශවල ජනතාවට දත් වල දුඹුරු පැහැති පැල්ලම් ඇතිකිරීමට හේතුවෙයි.
එමෙන්ම බංගලාදේශය වැනි රටවල භූ ගත ජලයට ආසනික වැනි බැර ලෝහ එකතුවීමෙන් විවිධ සෞඛ්‍ය
ගැටළු ඇතිකරන්නට හේතු වී ඇත. මින් පෙනී යන කාරණාව වන්නේ භූ ගත ජලය අපගේ සෞඛ්‍ය
තත්වය පාලනයට කොතරම් දායක වන්නේ ද යන්නයි.
භූ ගත ජල නිධි භූ අභ්‍යන්තරයේ
පවතින ආකාර දෙකකි. එක් ආකාරයක් වන්නේ අනවහිරත ජල නිධි ලෙස වන අතර ඔබ ළිඳක් කපා ජලය
ලබා ගන්නේ මෙවැනි ජල නිධි වලිනි. අවහිරත ජල නිධි වල ජලය ලබා ගන්නේ නළ ළිං මගිනි.
දැන් දැන් ශ්‍රී ලංකාව තුල ද භූ ගත ජල පරිහරණයට ඉතා විශාල නැඹුරුතාවක් ඇති බව පෙනී
යයි. එනිසාම දිනෙන් දින භූ ගත ජලය ලබා ගැනීම සඳහා නළ ළිං ඉදිකිරීමේ වර්ධනයක් ද දැකිය
හැකියි. මේ තත්වය සාධනීය ලෙස මතුපිට ජලය හිඟ ප්‍රදේශය වල ව්‍යාප්ත වී ඇත. නමුත් මෙහි
දී සැලකිය යුතු කාරණාව වන්නේ භූ ගත ජලයේ සීමිත බවයි. ශ්‍රී ලංකවේ කඳුකරයට ලැබෙන වැසි
ජලය භූ අභ්‍යන්තරයට කිඳා බැසීම මගින් භූ ගත ජල නිධි පෝෂණය වන අතර ඒ සඳහා සැහෙන කාලයක්
ගත වේ. භූ ගත ජලය නිසි අරපිරිමැස්මකින් තොරව භාවිතා කරන්නේ නම් වැඩි කාලයක් යන්නට මතතෙන්
භූ ගත ජල නිධි සිඳී යාමේ තර්ජනයට මුහුණ පාන්නට සිදුවන බව තරයේම මතක් කල යුතු වේ.
භූගත ජල කළමණාකරනය අත්‍යන්තයෙන්ම
සිදුකල යුතු කාලය එළඹ ඇත. ඒ නිසා මෙරටේ භූගත ජලයේ ප්‍රාමාණික විශ්ලේෂනයක් සිදුකර කොපමණ
ජල නිධි ප්‍රමාණයක් භාවිතයට ගත හැකිව ඇත්තේ ද යන්න මෙන්ම කොපමණ ජල නිධි ප්‍රමාණයක්
දූෂණය වී ඇත්දැයි, ඒ කෙසේදැයි, යන්න දැනගත යුතුය. ඒ මත පදනම් ව පවතින පිරිසිදු ජල නිධි
අරක්ෂා කරගැනීමට මෙන්ම දූෂිත ජල නිධි නැවත යථාතත්වයට පත් කිරීමේ හැකියාව කෙසේදැයි යන්න
කල් නිකුත් නොකර සොයා බැලිය යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ