ගෝකන්න (ත්‍රිකුණාමලය) පැරණි ශ්‍රී ලංකවේ අගනගරය යි ?
භූ සංචාරිතය 19
This article is originally published in Vidusara 22.07.2020.
පසුගිය සතියේ සංචරිතයෙන් අපගේ කතාබහට වූයේ නැගෙනහිර පළාතේ තිබු වෙළඳ නගරයක් ගැනයි. ලෝහ තාක්ෂණයෙන් ආඩය්‍යය වූ අපූරු දියුණු නවෝත්පාදන දායාද කල මෙවන් වූ පුරයක් ශ්‍රී ලංකාවේ වීද යන්න බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී නැති බව පෙනී යන කරුණකි. එමෙන්ම කරුණු හරිහැටි අධ්‍යනය නොකර මෙම ක්ෂේත්‍රයේ විද්වතුන් කරනා අර්ථකතන නිවැරදි නොවන බව ද බොහෝ සාමාන්‍ය ජනතාවටද පැහැදිලි වන බව යුතුය. රටේ ජනතාව බලාපොරොත්තුවන්නේ වඩාත් තාර්කික අර්ථකතන මිස ඔහේ කරනා අමුතු පැහැදිලි කිරීම් නොවේ. මෙරට ඉතිහාසය සහ පුරාවිද්‍යාව සැලකීමේදී අධ්‍යනය කරන්නට කොතෙකුත් දේ ඇතත් බොහෝ විද්වතුන් වත්මනේ පවතින රැල්ලට අසු වී ගසා ගෙන යන බව පෙනී යයි.
ගෝකන්න කදිම අන්තර්ජාතික වරායක් වන්නට හේතුවන්නේ එහි අපුරු භූ විද්‍යත්මක පිහිටීම බව බොහෝ දෙනෙකු නොදන්නා බව සැබවි. ඉතා ගැඹුරු අගාධයක් නිර්මාණය වන්නේ ත්‍රිකුණාමලය බොක්ක හරහා වැටි ඇති ඊසාන නිරිත දිශානුගතව විහිදී ඇති භූ පැල්මක් හේතුවෙන් බව පෙනී යන්නේ බොහොමයක් පාෂාණ වල පැලුම් රටා අධ්‍යනය කරනා විටයි. ශ්‍රී ලංකවේ ප්‍රධාන වශයෙන් ඉහත කි පැලුම් රටාවත් සමග පවතින පැලුම් රටා දෙක භුමියේ බොහෝ දුර්වල කලාප නිර්මණය කර ඇති බව පැහැදිලි වන්නේ ගුවන් චායරුප අධයනයේ දීය. අනිත් භූ පැල්ම පිහිටන්නේ ගිනිකොණ දිශානුගතාවයි. මහවැලි ගඟ ගලා බසින්නේ ඉහත කි භූ පැල්ම ඔස්සේ වන අතර එහි දිගුව මුහුදුට කිඳා බසින විට ඇතිවන්නේ මුහුදේ ගැඹුරු අගාධයකි. මෙතරම් ගැඹුරු අගාධයක් නිර්මාණය වන්නට ඒ ඔස්සේ ගලා ගිය මහවැලි ගංගාවත් හේතුවන්නට ඇති බව පැහැදිළිය. කෙස් වුවත් සාගර ජලයේ කාලිං උච්ච්වචනයත් යම් කිසි ප්‍රමාණයකට මෙම අගාධය තව තවත් ගැඹුරු කරන්නට බලපාන්නට ඇති බව භූ විද්‍යත්මකව වටහා ගත හැකිය.
ගෝකන්නෙහි පිහිටි ගැඹුරු අගාධය අතීත ජනයා අන්තර් ජාතික වරායක් බවට පත් කිරීම තුල මෙරටේ ආර්ථිකයේ වැඩි දියුණු වීම සඳහා කොපමණ ප්‍රමාණයකට දායක වන්නට ඇතිදැයි තවමත් මෙරට ප්‍රමාණික අධ්‍යනයන් සිදු වී නොමැතිය. නොකල්හි ම එම අවශ්‍යතාව සපුරන්නේ නම් එය වත්මන් ආර්ථික දියුණුවට දායක කර ගන්නේ කෙසේදැයි ඉතා හොඳ අර්ථකතනයක් ලබා ගත හැකි බව මගේ අදහසයි. කොළඹ වරාය අද වැදගත් වන්නේ මෙරට ප්‍රධාන නගරය කොළඹ බැවිනි. අගනගරයට වරාය වඩා ලං වීම තුල වඩාත් කාර්යක්ෂම වෙළඳාමක් සමග කාර්යක්ෂම ප්‍රවාහනයක් මගින් රට තුළටත් බැහැරටත් භාණ්ඩ අලෙවිය කල හැක. ත්‍රිකුණාමලයෙහි වරාය එතරම් මෙරට අන්තර්ජාතික වෙළඳාම සඳහා යොදා නොගන්නා බව සැබවි. නමුත් අතීතයේදී නම් එය එසේ වන්නට ඇතිදැයි සිතිය නොහැක. මන්දයත් දැනුමෙන් හෝ නොදනුමෙන් අතීතයේ දීර්ඝ කාලයක් තිස්සේ ගන්නට ඇත්තේ ඉතා පැහැදිළිවම හරහා බව සිතිය හැක. එනිසා අනුරාධපුරයේ මෙරට අගනගරය බිහිවන්නට පෙර මෙරටේ අගනගරය වන්නට බොහෝ ඉඩකඩ ඇත්තේ ගොකන්නට ආසන්න ස්ථානයක් බව මාගේ නිගමනයයි. ඒ සඳහා හේතු සාධක වන කරුණු කාරණා මොනවාදැයි විමසා වටිනා බවයි මාගේ අදහස වන්නේ.
ප්‍රධාන කොටම භූ විද්‍යත්මකව සලකන කල භූ ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාවිකව බිහි වූ ගැඹුරු ආගාධමය වරාය ලොව පවතින ඕනාම ප්‍රමාණයක යාත්‍රාවක් මෙරටට කැන්දන්නට හේතු වීම තුල පහසුවෙන් නැංගුරම් ලා හැකි වරායක් පිහිටි ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකව ලෝකයේ පචලිත වීම සුවිශේෂී කාරණාවක් බව ඒත්තු යයි. එමගින් අප ලද වාසිය වන්නේ ලොව පවතින කාර්යබහුල වාරයක් මෙරටට හිමි වීමයි. බොහෝ දුර ඉන්දියන් සාගරයේ ගමන් ගන්නා යත්රාවනට මෙවැනි වරායන් කදිම නවාතැන් පළවල් වන්නේ භාණ්ඩ හුවමාරුවට වඩා යාත්‍රාවට අවැසි ජලය ආහාර වැනි පහසුකම් ලබා ගැනීමට යි. ඒ පමණක්ම වුව ගනු දෙනු කලේ නම් එය ද පමණක් මෙරට ආර්ථික දියුණුව සඳහා ප්‍රමාණවත් වන්නට ඇති බව මාගේ හැඟීමයි.
සහල් ඇතුළු අනෙකුත් අහාර ද්‍රව්‍ය එනිසාම මෙරට වග කරන්නට ඇති බවත් එපමණක් නොව ඉල්ලුම පරිදි බොහෝ විට නොරට අහාර ද්‍රව්‍ය පවා මෙරට වගා කරන්නට ඇති බවයී මාගේ හැඟීම වන්නේ. එපමණක් නොව යාත්‍රිකයන්ට අවැසි බොහෝ දේ සපයන්නට හැකි කදිම වෙළඳ පොලක් මෙන්ම ඒවා නිෂ්පාදනය කරනා කර්මාන්ත ද මෙරට බිහිවන්නට ඇත. ඒ අතර වඩා ප්‍රමුඛ ඉල්ලුමක් ඇති ලෝහ සඳහා වෙළඳපොළ කදිමට මෙරට ස්ථාපනය වන්නට ඇත, ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ දමස්කස් කඩු සඳහා අවැසි යකඩ සහ වානේ මෙරටින් සපයා ඇති බව සඳහන් වීමයි. වෙළඳපොළ සඳහා ඇති ඉල්ලුම සපයන්නට අපගේ සේරුවිල ප්‍රදේශයේ කරගෙන යන ලද යකඩ කර්මාන්තය ප්‍රමාණවත් වන්නට ඇති බව මාගේ හැඟීමයි. ඒ සඳහා කදිම නිදසුන් සැපයෙන්නේ මේ ප්‍රදේශයේ දක්නට ලැබෙනා අහක දමා ඇති යබොර කඳු යි.
එකල භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍යවන බහාලුම් නිර්මාණයද මෙරට සිදුවන්නට ඇත. ඉතා බහුලව රට මැදින් හමුවන මැණික් වැනි වටිනා ද්‍රව්‍යයද ලෝක වෙළඳපොළට එක් කරන්නට ඇති බව නොඅනුමානයි. එපමණක් නොව මැටි ආශ්‍රිත කර්මාන්ත ඉතා දියුණු මට්ටමක පවතින්නට ඇත. විවිධාකාරයේ මැට්ටෙන් නිර්මානය කල භාජන අන්තර් ජාතික වෙළඳපොළට හඳුන්වා දෙන්නට ඇත. වීදුරු ආශ්‍රිත නිර්මාණ ද පබළු කර්මාන්තයන්ද මෙරට වෙළඳපොළට ආලෝකයක් එක කරන්නට ඇත. මෙවැනි දේ පිළිබඳව යම්කිසි හෝ සැකයක් ඇතිකරගන්නට අවශ්‍ය නොවන බව අපට පෙන්වා දෙන්නේ මෙරට විසු අතීත ජනතාවගේ නිර්ම්නශිලිත්වය සහ නවෝත්පාදන කිරීමේ හැකියාව හේතුවෙනි. මෙම නිර්මාණ ඇත්තන්ම අපව විශ්මයට පත්කරන බව අමුතුවෙන් නොවේ. ඉතා සුළු දෙකට පවා භාවිතා කරන්නාවූ භාණ්ඩ සඳහා වුආ කදිම නිර්මණාත්මක බවක් එක් කර ඇති බව අධ්‍යනයෙන් අපට පැහැදිලි වෙයි.
ත්‍රිකුණාමලයේ සංචාරය කර ඔබ මේ කරුණු සිහි තබා ගන්නේ නම් මේ සඳහා වැදගත් වන සාක්ෂි සොයාගත හැකි බවයි මාගේ හැඟීම. ත්‍රිකුණාමලය අද ඔබ දකිනා ආකාරයෙන් බොහෝ වෙනස් වන්නට ඇත. බොහෝ කාර්ය බහුල ගොඩනැගිලි පිරුණා වූ නගරයක් වන්නට ඇත. බොහෝවිට එය එකල්හි මෙරටේ අගනගරය වන්නට ද ඇත. මෙය මාගේ අදහසක් පමණක් වන අතර ඒ සඳහා විද්‍යාත්මක සාක්ෂි සොයා ගත යුතුය. එනිසා බොහෝ පර්යේෂණ අප සිදු කල යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ