පත්මෙගේ භූ විද්‍යා අන්දර 05
වැලි කඳු කාන්තාර භූමිවලට ලාක්ෂණික වෙයි. ශ්‍රී ලංකාවේද වැලි කඳු හමු වේ. ඒවා ඉතා වැදගත් භූ ලක්ෂණ බව කිව යුතුය.
යම් ප්‍රදේශයක දිගු කාලින ශුෂ්ක සොබාවය වැලි කඳු ජනනය කරන්නට හේතුවිය හැකි බව භූ විද්‍යඥයින් විශ්වාස කරයි. ශ්‍රී ලංකාවේ වැලිකඳු
පිහිටා ඇත්තේ වයඹ සහ ගිනිකොණ වෙරළාශ්‍රිත භූ පරිසරයේ ය. එයට අමතරව යාපනයේ ඊසාන ප්‍රදේශයේ
ද හමු වේ.
බුන්දල හමුවන වැලි කඳු වසර 80,000 ක් පමණ පැරණි බව කාලනිර්ණ සාක්ෂි තහවුරු
කරයි. වසර 80,000ක පමණ කාලය ලෝකයේ අවසාන ග්ලැසියර යුගය පැවතුන කාලයයි. එය ප්ලයිස්ටෝසීන
ශිත යුගය ලෙස හැඳින් වේ. වසර මිලියන දෙකෙහි සිට වසර 11,000 දක්වා මෙම ශිත යුගය තිබූ
බව විද්‍යඥයින්ගේ මතයයි. ශිත යුගයේ ශීතල ග්ලැසියර ඇතිකරන්නටත් එනිසාම මුහුදු මට්ටම
අඩු කරන්නටත් හේතු විය. ග්ලැසියර යුගයේ විශේෂත්වය ශීතල පමණක් නොවේ එය වියලි කාලගුණික
තත්වයක් ද ඇති කරයි. මුහුදු මට්ටම පහල යාම පුළුල් වෙරළ නිර්මාණය කරන්නට හේතු වේ.
පුළුල් වෙරල ඔස්සේ හමා යන වියලි සුලඟ සියුම් වැලිකැට ඔසවා යම් දුරක් ප්‍රවාහනය කරයි.
එක තැනකට ගොඩ ගැසීම සුළගේ වේගය මත තීරණය වේ. වැලිකඳු බිහිවන්නේ එලෙසයි.
මන්නාරම සිලාවතුරට පහලින් කල්ලාරු ආර ගලා බසියි. කල්ලාරු ද්‍රෝණිය වන
සංරක්ෂණ කලාපයකි. කල්ලාරු ආර එම ප්‍රදේශයට යහමින් දියළු අවසාදිත ලබා දෙන්නෙකි.
එපමණක් නොව ආරුව මුහුද ගලන කලාපය බොහෝ අපුරු භූ විෂමතාවකින් යුක්තය. බොහෝ දෙනෙකු මෙම
ප්‍රදේශයේ හමුවන කුඩා උස්බිම් හඳුන්වන්නේ “කෝම්පිට්ටු” ලෙසයි. එම ප්‍රදේශය පුරා පැතිරී
ඇති මෙම කෝම්පිට්ටු ගොඩලි බොහෝ ගණනකි. ගණනය කරන්නේ නම් එය සියය ඉක්මවයි. මෙම ගොඩලි
ඕවලාකාරය. විහිදී ඇත්තේ නිරිත ඊසාන දිශානුගතවය. සුළගේ බලය තවමත් ඇති බව තහවුරු වන්නේ
ගොඩලි මත වැවී ඇති ශාක ගොන්නෙනි. ශාක ගොන්න කෝම්පිට්ටුවේ කොටසක් ලෙස ඊසාන දිශවෙහි රැඳී වර්ධනය වන්නේ සුළං
හමන්නේ නිරිත දිගින් බව තහවුරැ කරමින්.
වරින් වර ප්‍රදේශයට ඇදහැලෙන වැස්ස බොහෝ විට වසරකට වරක් මේ ගොඩලි
දියකර හරිමින් කෝම්පිට්ටුව ඛාදනය කරයි. එනිසා සමහර කෝම්පිට්ටුවල හරස්කඩවල් ද පැහැදිලිය.
කෝම්පිට්ටු මධ්‍යයේ එක් ස්ථරයක් හිම්ටයිට් (යකඩ ඔක්සයිඩ) පෙබලු වලින් යුක්තය. මෙම ස්තරය
නිරාවරණය වූ ගොඩැලිවලින් ප්‍රදේශය පුරා යමසු පෙබලු විසුරුවා ඇත. ගොඩැල්ලේ අවසාදිත ඛණිකා
විශ්ලේෂණයට භාජනය කල විට පැහැදිලි වන්නේ ඒවා වාලුකා අවසාදිත බවයි. එනිසා කෝම්පිට්ටුවල හැඩය, දිශානතිය, පැතිරීම සහ
අවසාදිත වල වයනය සලකා බැලීමේ දී තහවුරු වන්නේ මේවා වැලි කඳු බවයි.
ශ්‍රී ලංකාවේ හමුවන වැලි කඳු බොහෝ විට අවසාන ශිත යුගයේ නිර්මාණය වූ ඒවා
විය යුතුය. එනිසා කල්ලරු ද්‍රෝණියේ වෙරළට ආසන්නයේ හමුවන මෙම වැලි කඳු ද අවසාන අයිස්
යුගයේ ජනනය වූ ඒවා විය යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment