ශ්‍රී ලංකාව විපරිත පාෂාණ
ශ්‍රී ලංකාව විපරිත පාෂාණවලින් සුසැදි
දුපතක් වන්නේ අදින් වසර මිලියන 300කත පමණ පෙරය. ඒ ශ්‍රී ලාංකේය භූ ස්කන්ධය ඉන්දියානු
මහද්විපයත් සමග ඈඳි තිබී පසුව අපසාරිය තල මායිමක් ඔස්සේ වෙන් වීමෙන් පසුය. එමකාලය පැන්ජියා
සුපිරි මහාද්වීපය ඛණ්ඩනය වන අවධියයි. පැන්ජියාව ගොන්ද්වානලන්තය සහ ලුරේශියාව නම වූ
අනූ මහද්වීප දෙකකට වෙන් වන අතර ඉන්දියානු මහාද්වීපය ගොන්ඩ්වානලනතයේ කොටසක් විය.
ශ්‍රී ලංකාව ඉන්දියානු මහද්වීපයෙන් වෙන්වන්නේ
කාවරී ද්‍රෝණිය හරහා වන අතර වසරකට මිලිමීටර එකක් දෙකක් පමණ වේගයකින් ඉන්දියාවෙන් ඈත්
වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ විපරිත පාෂාණ ප්‍රාග් කෙම්බ්රියානු යුගයට අයත් වෙයි. ප්‍රාග්
කෙම්බ්රියානු යුගයේ ප්රෝටෙරෝසොයික් නම කල වකවානුවේ නිර්මාණය වී ඇත. ශ්‍රී ලාංකේය
භූ ස්කන්ධය ලොව පවතින පැරණිම පාෂාණ වලින් සමන්විත වේ.
භූ විද්‍යාඥයින් පවසන අන්දමට ශ්‍රී ලංකාවේ
භූ ස්කන්ධය බිහිවන්නේ ලෝකයේ වූ පැරණිම පාෂාණ ඛාදනය වීමෙන් ඇතිවන අවසාදිත සමුද්‍ර ද්‍රෝණිවල
තැන්පත් වීමෙන්. ඒම ද්‍රෝණිවලට එකතු වූ අවසාදිත සමග ආග්නේය ලෝපාතරලය මිශ්‍ර වී ඇති
අතර පසුව මේ සියල්ල විපරිතකරණය ලක්වී ඇත. ශ්‍රී ලාංකේය භූ විද්‍යඥයින් පවසන්නේ එවැනි
විපරිතකරන අවස්ථා පහක්වත් සිදුවන්නට ඇති යන්නයි. මේ විපරිතකරණය ඉන්දියානු භූ තලයත්
සමග සිදු වූ බවටද මතයක් පවතී.
භූ විද්‍යාත්මකව සලකා බලන විට ශ්‍රී ලංකාව
ප්‍රධාන විපරිත පාෂාණ කලාප තුනකට බෙදිය හැකිය. ඒවා නම් මධ්‍යම උස්බිම් සංකීර්ණය,
උතුරෙන් වන්නි සංකීර්ණය සහ දකුණෙන් විජයානු සංකීර්ණයයි. මෙම සංකීර්ණ අතුරින් පැරණිම
සංකීර්ණය වන්නේ උස්බිම සංකීර්ණය වන අතර එය වසර මිලියන 2100 ක් පමණ පැරණි බව සොයාගෙන
ඇත. අනෙකුත් සංකීර්ණ දෙක වසර මිලියන 1100 ක් පැරණිය. මෙම පාෂාණ කලාප වල ඇති බහුතරයක්
පාෂාණ වන්නේ නයිස් පාෂාණ වර්ග වේ.
ශ්‍රී ලංකාවේ පාෂාණ උච්ච් විපරිතකරණයට ලක් වූ පාෂාණ ලෙස හඳුනාගෙන ඇත.
එනිසාම සමහර පාෂාණ උණු වී සිසිලනය වූ ස්වභාවයක් දක්නට ලැබේ. මෙවනි පාෂාණ මිග්මටයිට්
ලෙස හැඳින්වේ. විපරිතකරණයේදී සිදුවන්නේ පාෂාණ තාපයට සහ පිඩනයට නිරවරනය් වීමයි.
පාෂාණ උච්ච් තත්ව වලදී අධික තාපයට සහ පිඩනයට ලක්වීම සිදුවේ. තාපයට සහ පිඩනයට ලක්වන
විට ක්‍රමයෙන් පාෂාණවල ඛණිජ සංයුතිය වෙනස් වූවත් රසායනික සංයුතිය වෙනස්වන්නේ නැත.
ශ්‍රී ලංකාවේ විපරිත ගොනු අතරේ පවතින
අවසාදිත පාෂාණ ගොනු කිහිපයක් ද හමුවේ. ජුරාසික අවධියේ නිර්මාණය වූ අවසාදිත පාෂාණ ආන්ඩිගම
සහ තබ්බෝව ප්‍රදේශය හමුවේ. ජුරාසික කාලයේ පැවති ශාකවල ප්‍රාග්ජිව ධාතුන් හමුවන අතර
බොහොමයක් ඒවා මීවන වර්ග වේ. නමුත් තවමත් ඩයිනෝසෝරයන්ගේ ප්‍රාග්ජිව ධාතුන් හමු වී නොමැත.
No comments:
Post a Comment