විදු පත් ඉරුව
2017 මැයි 24 බදාදා
පසුගිය දිනෙක දිවයිනේ වයඹදිග පිහිටි වනජීවී අභය භූමියක් වන විල්පත්තු අභය භුමිය නැරඹීමට අවස්‌ථාව ලැබුණා. බොහෝ කාලයක සිට එය දැකබලා ගැනීමේ අවශ්‍යතාව තිබුණත් මෙවර තමයි එය සාක්‌ෂාත් වුණේ. මේ අභයභුමිය පිහිටා තිබෙන්නේ දිවයිනේ අර්ධශුෂ්ක යෑයි හඳුන්වන දේශගුණික කලාපයේ. මේ ප්‍රදේශයට වර්ෂාව ඉතා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ ඊසානදිග මෝසමෙන්. උණුසුම නං බොහොම වැඩියි.
හැබැයි අප ගිය දිනවල වර්ෂාව ලැබිලා වැඩි කාලයක් ඉක්‌ම ගිහින් තිබුණේa නැහැ. ඒක නිසා බොහොම අපූරුවට ඇසට සුව දායක කොළ පැහැය පිරිලා ඉතිරිලා තිබුණා. ඒක නිසා ම ද කොහෙ ද සිසිලසත් හොඳට දැනුණා. මේ විල්පත්තු අභය භුමිය දෙපසින් ගංගාවල් දෙකක් ගලා බසිනවා. එකක් තමයි මල්වතු ඔය. අනෙක අරවි ආරු. මේ දෙක පිටාර ගැලීමෙන් අභය භූමිය පෝෂණය ලබනවා. වර්ෂා කාලයේ දී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ප්‍රවාහනයට ඇති අපහසුතාව. මෙහි ඇති සුවිශේෂී කරුණ තමයි ස්‌වාභාවික විල් බොහෝ සංඛ්‍යාවක් පැවතීම. විශාල විල් හතළිsහකට අධික ප්‍රමාණයක් ඇති බවයි පැවසෙන්නේ. විල් ඇති පළාත නැත හොත් ප්‍රදේශය, පත්තුව, විල්පත්තුව ලෙස හැදින්වෙන බවයි මගේ හැඟීම.
කොහොම වුණත් මා පවසන්න යන්නේ ටිකක් දුක්‌මුසු කතාවක්. මේ කෙළිsන් ම විල්පත්තුවට සම්බන්ධ නැති වුණත් ඒකටත් අදාළයි. අභයභූමියක් ලෙස නම් කෙරුණත් සංචාරකයන් නිසා මෙවැනි අභයභූමිවල ඉන්න සතුනට ඇත්තෙන් ම ඔවුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙත ගත කළ හැකි ද? දිනකට කෙතරම් සංචාරකයන් පිරිසක් මේ අභය භුමිවලට පැමිණෙනවා ද? එනිසා මේ සතුනට ද පරිසරයට ද සිදු වන හානිය කොපමණ ද යන්න තක්‌සේරු කිරීමට කාලය ඇවිත් කියා මට හිතෙනවා. පහත සදහන් කරන සිදුවීම් අපට ඒ ගැන දෙපාරක් හිතන්න පොලඹවනවා.
විල්පත්තු අභය භූමියත් යාල අභය භූමියත් දිවියන් දැක බලාගැනීම සදහා සංචාරකයන් අතර ප්‍රසිද්ධියක් උසුලනවා. ඒක නිසා ම එක්‌තරා ආකාරයකට මේ සඳහා සංචාරකයන් අතර තරගකාරිත්වයක් හටගැනීම පුදුම විය යුතු නැහැ. පසු ගිය දිනෙක ජාතික පුවත්පතක පළ වූ පුවතකින් කියවුණේ මේ තරගකාරිත්වයට වගකිව යුතු වන්නේ මේ සදහා ප්‍රවාහන පහසුකම් සපයන රියදුරන් බවයි. නිශ්චිත නිල ස්‌ථානවලින් මේ දිවියන් (අලින් වැනි වෙනත් සතුන් ද විය හැකි ය) දැක බලාගැනීමට හැකි වීමෙන් ඒවා මේ රියදුරන් ගේ නියත ඉලක්‌ක ස්‌ථාන වෙලා. මේ ස්‌ථානවල බොහෝ වේලා
රැඳී සිටිමින් ද තම මිතුරු සගයන්ට ජංගම දුරකථනවලින් දැනුම් දෙමින් එතනට කැඳවීමෙන් ද ඔවුන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත මේ සතුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙතට බාධා නො වන්නේ යෑයි පවසන්නේ කෙසේ ද? සංචාරකයන් පිනවීම උදෙසා හොඳ හිතින් ඔවුන් මෙසේ හැසිරුණත් ඇත්තෙන් ම සතුන් ගේ පැත්තෙන් නං ඉතා ම අසුබදායක දෙයක් බවයි මගේ හැඟීම. එමෙන් ම විශේෂයෙන් ම දේශීය සංචාරකයන් තම තමා ගෙනියන්නා වූ නොයෙකුත් කෘත්‍රිම කෑම වර්ග එහි හලා ඒමටත් සතුනට කෙළින් ම කෑම දීමටත් පෙලඹී ඇති බව එම පුවතෙහි සදහන් වුණා. ස්‌වාභාවික සහ තම තමනට ආවේනික ආහාර රටාවකට උරුම වූ මේ සතුනට කෘත්‍රිම ආහාර ශරීරගත වීමෙන් ඔවුන් කෙතරම් අපහසුතාවකට පත් වනවා ඇත් ද? ඔවුන් ගේ ජීව ක්‍රියාදාමය හදිසියේ වෙනස් වීමෙන් ඔවුන් ලංකාවෙන් තුරන් වීමටත් ඉඩ තිබෙනවා. මෙලෙස තර්ජනයට ලක් වන්නේ ලංකාවට අවේනික සතුන් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එවැනි සතුන් මුළු මිහිමතින් ම තුරන් ව යැමටත් මෙය හේතු විය හැකියි.
අලින්, දිවියන්, වලසුන් සහ වල් හරකුන් වැනි විශාල සතුන් නම් ඔවුන්ට බාධාවක් වන විට එයට එරෙහි ව සටන් වදිනු ඇති. අලින් සම්බන්ධයෙන් නම් කොතෙකුත් මේ සදහා උදාහරණ තියෙනවා. නමුත් අසරණ කුඩා සතුන්ට වන්නේ කුමක් ද? මෙවැනි සිදුවීම් තව කොතෙකුත් සිදු විය හැකියි. මිනිසා තම ආධිපත්‍යයට ලොව නතු කරගැනීමේ දී සතුනට සහ පරිසරයට සිදු වන අලකලංචිය නැවතිලා නැහැ. සතුන් ගේ සුබසාධනය උදෙසා ඔවුනට නිදහසේ ඉන්නට භුමි වෙන් කර දුන්නත්, ඒ නිදහස භුක්‌ති විඳීමට නොහැකි වි ඇත්තේත් මිනිසා ගේ මේ වල් වැදීමේ ආශාවයි.
කොහොම වුණත් කිසියම් සාරධර්ම පද්ධතියක් වන සතුන් නිරීක්‌ෂණයේ දී හදුන්වා දිය යුතු වෙනවා. අප හැමෝ ම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එම නීති රීතීන් සැම විට ම සංචාරකයන් පිනවීමට නො ව වන සතුන් ගේ ආරක්‌ෂාව සහ සුබසාධනය සදහා ඉලක්‌කගත විය යුතුයි. සංචාරකයන් ලෙස අපට ද අති විශාල කාර්යභාරයක් මෙහි දී කළ හැකි ව තිබෙනවා. නිති රීති කෙසේ වෙතත් චාරිත්‍ර වාරිත්‍ර ලෙස හෝ පුරුදු පුහුණු කළ යුතු ආචාරධර්ම සමූහයක් මේ සතුන් ගේ ද පරිසරයේ ද යහපත උදෙසා නිර්මාණය කළ යුතුයි. ඒවා සමාජයට හදුන්වා දී පුරුදු පුහුණු කළ යුතුයි. අප ගේ කුඩා දුවාදරුවන්ට ඉගැන්විය යුතුයි. මෙවැනි ස්‌ථානවලට පමණක් නො ව ලොව සෑම ස්‌ථානයකමත් මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. ලොව ප්‍රථම අභයභුමිය පිහිටුවූ මේ සිරිලක් දිවයිනෙහි මෙවැනි දෑ යළි යළි සිදු නො වීමට වගබලාගැනීම අප සියල්ලන් ගේ ම යුතුකමක්. වගකීමක්.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Sunday, 28 May 2017
Thursday, 18 May 2017
විදු පත් ඉරුව
2017 මැයි 17 බදාදා
පසුගිය දිනවල උද්ගත වූ කසළ ප්‍රශ්නයත් සමග බොහෝ දෙනෙක් 'මීතේන්' වායුව ගැන කතා කළ හ.
ඇත්තට ම 'මීතේන්' යනුවෙන් හැඳින්වෙන්නේ කවරාකාරයේ වායුවක් ද යන්න මෙවර විමසා බැලීම වටී යෑයි සිතේ.
'වගුරු වායුව' ලෙස ද හැඳින්වෙන 'මීතේන්' වායුව මධ්‍යගත කාබන් පරමාණුවකින් ද, ඒ වටා බැඳුණු හයිඩ්‍රජන් පරමාණු හතරකින් ද යුක්‌ත වෙයි. එනිසා සරල කාබනික සංයෝගයක් ලෙස වුව ද මීතේන් හැඳින්විය හැකි ය.
මීතේන් වායුව නිෂ්පාදනය වන්නේ ඔක්‌සිජන් රහිත තත්ත්වයේ සිදු වන ජෛව-රසායනික ප්‍රතික්‍රියා නිසාවෙනි. මෙහි දී ක්‌ෂුද්‍රජීවීන් ගේ සහභාගීත්වය අනිවාර්ය වේ. විද්‍යාඥයන් සොයාගෙන ඇති පරිදි සමහර ක්‌ෂුද්‍රජීවීන් එළිමහනේ ඔක්‌සිජන් ඇති විට ක්‍රියාකාරී වේ. එහෙත් සමහර ක්‌ෂුද්‍රජීවීන් ක්‍රියාත්මක වන්නේ ඔක්‌සිජන් නොමැති විට ය. ඔක්‌සිජන් ඇති විට ඔවුන් සක්‍රිය නො වේ. මීතේන් නිපදවෙන්නේ නිර්වායු ස්‌වසනයේ ප්‍රතිඵලයක් ලෙස ය.
බොහොමයක් පහත් බිම්වල ඇති මඩ වගුරු කදිම කාබන් සංචිත වේ. ඒ, එම ස්‌ථානවලට ජලයත් සමග ගසාගෙන එන කාබනික සංයෝග (මැරුණු ශාක සහ සත්ත්ව කොටස්) එකතු වන බැවිනි. පහත්බිම් බොහෝ විට ජලයෙන් යට වී බොහෝ කාලයක් පවතී. එපමණක් නො ව මේ ප්‍රදේශවලට ගසාගෙන එන රොන්මඩ හා තැන්පත් වන නිසා කාබනික ද්‍රව්‍ය ඔක්‌සිජන් හා ගැටීම නවතාලයි.
මේ හා සමාන ම ක්‍රියාදාමයක් කසළ බැහැර කරන ස්‌ථානවල ද සිදු වේ. දිගින් දිගට ම කසළ ගොඩ කිරීම නිසා පහළින් ඇති කසළ වැසී ගොස් ඔක්‌සිජන් රහිත පරිසරයක් නිර්මාණය කරයි. එය ඔක්‌සිජන් රහිත තත්ත්වවල දී සක්‍රිය වන ක්‌ෂුද්‍රජීවීන් උදෙසා කදිම අවස්‌ථාවක් වෙයි.
මීතේන් ජනනය කරන්නේ බොහෝ විට බැක්‌ටීරියා වර්ග වේ. මොවුන් 'මීතේන් ජනකයන්' ලෙස හඳුන්වන අතර ඔක්‌සිජන් සඳහා අතිශය සංවේදී වෙයි. ජීවී ලෝකයේ පූර්වජයන් ලෙස වුව ද හැඳින්විය හැකි මේ ක්‌ෂුද්‍රජීවී විශේෂ අයත් වන්නේ 'ආකියා' (Archaea) නැමති ජීවී කොට්‌ඨාශයට ය. මීතේන් ජනකයන් අවට පරිසරයේ ඇති කාබනික ද්‍රව්‍ය තම ශක්‌ති අවශ්‍යතාව සපුරාගැනීමට භාවිත කිරීමේ දී මීතේන් වායුව එහි අතුරුඵලයක් ලෙස ජනනය වෙයි. මීතේන් ජනක විශේෂ 30ක් පමණ ලොව හඳුනාගෙන ඇති අතර ඔවුන් ගෙන් විශේෂයකට කාබන්ඩයොක්‌සයිඩ් වායුව මීතේන් වායුව බවට පත් කිරීමේ හැකියාව පවතී.
කසළ සංචිත නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් සැම කසළ තට්‌ටුවක් මත ම පස් තට්‌ටුවක් ඇතිරිය යුතු අතර මෙවැනි කළමනාකරණයක් පසුගිය දා නාය ගිය මීතොටමුල්ල කුණු කන්දේ හරිහැටි භාවිත වූයේ නැත. එමෙන් ම කසළ වර්ගීකරණයකින් ද තොර ව බැහැර කෙරුණු බව සනාථ විය. කෙසේ වෙතත් කසළ සංචිත සැලකීමේ දී කාබනික ද්‍රව්‍ය වියෝජනය අවස්‌ථා ගණනාවකින් සිදු වන බව සොයාගෙන තිබේ. එහි මූලික ම අවස්‌ථාවේ දී පමණක් ඔක්‌සිජන් සහිත පරිසරවල වෙසෙන ක්‌ෂුද්‍රජීවීන් සහභාගී වන අතර ඉතිරි සැම අවස්‌ථාවක දී ම ක්‍රියාත්මක වන්නේ මීතේන් ජනකයන් ය.
මීතේන් වායුව වහා ගිනිගන්නාසුලු වායුවක් වන අතර ජීව වායුව ලෙස ශක්‌ති අවශ්‍යතාව සදහා ලොව බොහෝ රටවල යොදාගනී. මේ සඳහා නිර්වායු තත්ත්ව ඇති කරමින් නිසි පරිසර ලබා දී මීතේන් වායුව එකරැස් කරගැනීමට තාක්‌ෂණය වැඩි දියුණු වී ඇත. එනිසා ය, එකතු වන කාබනික කසළ ධන උල්පතක ලෙස හඳුන්වන්නේ.
වාතයේ ප්‍රතිශතයක් ලෙස මීතේන් වායුව මේ වන විට බිලියනයකට කොටස් 1800ක් පමණ අඩංගු වේ. පසුගිය ශතකය තුළ මීතේන් සාන්ද්‍රණයේ ඉහළ යැම මානව ක්‍රියාකාරකම්වල වර්ධනය පිළිබිඹු කරයි. හරිතාගාර වායුවක් ලෙස ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන මීතේන් වායු සාන්ද්‍රණය ඉහළ යැම ප්‍රමුඛ වන්නේ උත්තර අර්ධගෝලයේ බව පැවසේ.
වායුගෝලයේ මීතේන් ප්‍රතිශතය 5%කට වඩා අඩු නම් ස්‌වාභාවිකව ගිනිගැනීමේ ප්‍රවනතාවක් නොමැති අතර එයට වඩා වැඩි වන විට ඉබේ ගිනිගැනීමට ඇති හැකියාව ඉහළ යයි. යම් තැනක මීතේන් සාන්ද්‍රණය 15%ක් පමණ වන්නේ නම් ගිනිගැනීමේ හැකියාව ඉතා ඉහළ අතර එය අනතුරුදායක තත්වයක් නිර්මාණය කරයි. බොහොමයක් කසළ බැහැර කරන ස්‌ථානවල මීතේන් සාන්ද්‍රණය වැඩි විය හැකි නමුත් ජනනය වන මීතේන් වහා වායුගෝලය හා මිශ්‍ර වී තනුක වන නිසා සාන්ද්‍රගත වීම වළකයි.
කසළ කඳුවලින් මුක්‌ත වන මීතේන් වායුව විටෙක කසළ කඳු තුළ ම සිර වන්නට පුළුවන. එනිසා අභ්‍යන්තර සාන්ද්‍රණය 50%කට වඩා වැඩි වන්නට පුළුවන. එනමුත් අභ්‍යන්තර පිපිරීමකට ලක් වන්නට ඇති හැකියාව අඩු බව ය විද්‍යාඥයන් පවසන්නේ. එහෙත් එලෙස සාන්ද්‍රගත වූ මීතේන් වායුව බාහිරයට ගලා යැම නිසා සිදු වන තනුකකරණය (සාන්ද්‍රණය පහළ බැසීම) ගිනිගැනීම් සඳහා හේතු වන බව සොයාගෙන තිබේ.
පියවර ගණනාවක් ඔස්‌සේ සිදු වන මීතේන් දහන ක්‍රියාවලියෙන් ලැබෙන්නේ කිලෝග්රෑමයකට මෙගා ජූල් 55.5ක ශක්‌තියකි. මීතේන් ශක්‌ති ජනකයක් ලෙස භාවිතය ඉතා ප්‍රචලිත අතර ස්‌වාභාවික වායු මිශ්‍රණවල බොහොමයක් ඇත්තේ මීතේන් වායුවයි.
ගෙදරක එකතු වන කාබනික ද්‍රව්‍ය (ආහාර, මළ ද්‍රව්‍ය ඇතුළුව) භාවිත කර මීතේන් ජනකයක් නිර්මාණය කළ හැකි අතර බොහොමයක් මෙරට විශ්වවිද්‍යාල සහ මේ පිළිබඳව උනන්දු වන ආයතන මේ සදහා විවිධ නිර්මාණ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව ඔබත් සැලකිලිමත් වන්නේ නම් එය මෙරට කසළ කළමනාකරණයට ඔබ දක්‌වන සෘජු දායකත්වයක් බව වටහාගත යුතු ය. ඔබේ නිවහන තවම ඉදි කර නැතිනම් මේ කටයුත්ත ඉතා පහසු වේ. මීතේන් ජනකය එහි ම එක් කොටසක් ලෙස ඉදි කර මීතේන් වායුව ජනනය කර භාවිතයට ගත හැකි ය. අපතේ යන සම්පත් භාවිතයට ගෙන අප ශක්‌ති සුරක්‌ෂාව තහවුරු කළ යුතු ය.

Thursday, 11 May 2017
විදු පත් ඉරුව
2015 මාර්තු 11 බදාදා
ඔන්න නැවතත් ගම්පහ ප්‍රදේශය උණුසුම් වෙලා. කුණු වතුර ප්‍රශ්නයක් හින්ද මිට කලිනුත් විශාල ගැටලුවක් ඒ පැත්තේ පැනනැගුණා නේ. මේ ගමන ගැටලුව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්නයක්. කුණු අද මුළු ලංකාවට ම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කොයිතරම් උත්සාහ කළත් විසඳගන්න අමාරුයි වගේ. හැබැයි බොහොම ගැඹුරෙන් කල්පනා කළා ම පේන දේ තමයි එතරම් සරල ගැටලුවක්, බොහොම පහසුවෙන් විසදගන්න පුළුවන් දෙයක් මෙච්චර සංකීර්ණ කරගන්නේ ඇයි කියන එක.
ගෙදරක ගොඩගැහෙන කුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි නේ. දිරන සහ නො දිරන. අපට ප්‍රධාන වශෙයන් ගැටලුවක් වෙන්නේ මේ දිරන කුණුවලින්. බොහොම සරලව කිව්වොත් මේ කොටසට අයිති වෙන්නේ එදිනෙදා අප කාලා බීලා ඉවත ලන දෑ. මේ ගොඩගැහෙන කුණු කාලයත් එක්‌ක කුණු වෙලා ගඳගහන්න පටන් ගන්නවා. ඔන්න එතකොට තමයි මිනිස්‌සුන්ට දැනෙන්න පටන් ගන්නේ. මේ විදියට කුණු වෙන දෑ විවිධ විෂබීජ වර්ධනය සදහා තෝතැන්නක් වෙන්නත් පුළුවන්.
කොහොම වුණත් මේ ගැටලුව විසඳීමේ දී පෞද්ගලිකව අපට විශාල සහායක් ලබා දෙන්න පුළුවන්. ඒ අපි අපේ කුණු ඉවත ලෑමේ ක්‍රියාදාමයේ සිදු කරන වෙනස මගින්. බොහොම සරලව මේ පිළිබඳව හිතට ගත්තොත් අපට පුළුවන් මේ ගැටලුවෙන් මිදෙන්න. ඉතින් අපිට මොනව ද කරන්න පුළුවන්? ගෙදර දී ම අපට පුළුවන් මේ කුණු වෙන් කරන්න. ඉතා ඉක්‌මනින් කුණු වෙන දෑ එක ගොඩකට. ඉතා ම පහසුවෙන් මේ දෙය ගෙදර දී කරන්න පුළුවන්. මෙලෙස එකතු වන ඉතා ඉක්‌මනින් නරක් වන කුණු ගෙවත්තේ කොනක කාබනික පොහොර නිපදවෙන බක්‌කියට දැමීමෙන් අමතර වාසියකුත් එනවා. ඒ අපේ ගෙවත්තට අවශ්‍ය පොහොර ටික ලැබීමෙන්. එදිනෙ දා ම එවැනි කුණු ඉවත ලෑමෙන් ගඳ ගහන එකත් නවතිනවා. නැත්නං හුගාක් වෙලාවට වෙන්නේ සතියකට සැරයක් කුණු ලොරිය එනකං නරක් වෙන කුණු ගඳ ගගහා තියාගෙන ඉන්න එක. සමහර වෙලාවට එය මීයන් කැරපොත්තන් වැනි සතුන් බෝ වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. ඉක්‌මනින් දිරන කුණු විශාල ප්‍රමාණයක් දිනක දී එකතු වන තැනක් නං, එය භාවිතයෙන් පුළුවන් ජීව වායුව නිෂ්පාදනය කරන්න. විශේෂයෙන් ම ආපන ශාලා වැනි ස්‌ථානවල දියරමය කාබනික අපද්‍රව්‍යවත් එකතු වෙන්න පුළුවන්. අද තාක්‌ෂණය දියුණු වෙලා තියෙන නිසා එම ස්‌ථානයේ ම සරල ඇටවුමක් සකස් කරගැනීමෙන් ඉහත කී ඝන සහ දියර කාබනික ද්‍රව්‍ය කියන දෙක ම භාවිතයෙන් ජීව වායුව නිෂ්පාදනය කරගත හැකියි. ආපන ශාලාවට අවශ්‍ය ශක්‌ති අවශ්‍යතාව ඒකෙන් සපුරාගන්නත් පුළුවන් එතකොට. මුදලුත් ඉතිරි වෙනවා, අහක දාන දෙයින් ප්‍රයෝජනයකුත් අරගෙන. අවශ්‍ය වන්නේ ඔබේ අවධානය නිර්මාණාත්මක දේ කෙරෙහි යෙදවීම පමණයි. මෙවැනි ක්‍රමවේද ඉක්‌මනින් දිරන කාබනික ද්‍රව්‍ය එකතු වෙන ඕනෑ ම තැනකට යොදාගන්න පුළුවන්.
දිරන කුණු ටිකේ ප්‍රශ්නය විසඳුණා ම ගෙදර එකතු වෙන කුණුවලින් භාගයකටත් වැඩිය අඩු වෙනවා. එතකොට අපි මොකද ඉතුරු වෙන නො දිරන කොටසට කරන්නේ? නො දිරන කොටසට එකතු වෙන්නේ වීදුරු, පොලිතීන්, කඩදාසි වැනි දේවල් නේ. මේ දේවල් බොහොම පැහැදිලිව ම නැවත නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගෙදෙට්‌ට ගේන පොලිතින් කවරයක් අපි සියල්ලෝ ම තව එක පාරක් භාවිත කළොත් ලංකාවේ පොලිතින් කවර අවශ්‍යතාව භාගයකින් අඩු වෙනවා. ඊළඟට අපිට මේ දේවල් ප්‍රතිචක්‍රීකරණය කරන්නත් පුළුවන්. මෙවැනි ද්‍රව්‍ය එකතු කරන විවිධ ආයතන තියෙනවා. ඒවාට දීලා අපිට මුදලක් හොයාගන්නත් පුළුවන්. අපි ගොඩ දෙනකුට ගැටලුවක් වෙලා තියෙන්නෙ මේ දේවල් ලබාගන්නා ආයතන නො දැන සිටීමයි. ඉදිරි කාලයේ දී විද්‍යා, තාක්‌ෂණ සහ නවෝත්පාදන ලේකම් කාර්යාලයෙන් මෙවැනි තොරතුරු මහජනතාවට ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරා වි. දැනටමත් ඔබට වීදුරු ලබා දිය යුතු ආයතන ගැන නං විස්‌තර ලබාගන්න පුළුවන්. (ඒ වගේ ම ජීව වායු නිෂ්පාදනය පිළිබඳවත්). කඩදාසි වැනි ද්‍රව්‍ය නැවත නැවත භාවිතයේ වාසිය තමයි මේ ද්‍රව්‍ය මූලික නිෂ්පාදනයේ දී අවශ්‍ය වන අමුද්‍රව්‍ය භාවිතය අඩු වීම. ඒ කියන්නේ උදාහරණයක් හැටියට කඩදාසි සදහා අවශ්‍ය වන ගස් කපන එක අඩු කරන්න පුළුවන්. එකෙන් වාසි දාමයක් ලැබෙනවා. හරිතාගාර වායුව උරාගැනීම වැඩි කරනවා. උණුසුම පාලනය වෙනවා. මුහුදු මට්‌ටම ඉහළ යැම පාලනය වෙනවා. පහත් බිම් යට වීම අඩු වෙනවා. සරලව ම කිව්වොත් කඩදාසි නැවත නැවත භාවිත කිරීම පරිසරය සුරැකීමට හේතු වෙනවා.
ඔන්න එතකොට අපිට තේරෙනවා මෙවැනි පොඩි පොඩි දේවල් අපේ ගෙදර ම ක්‍රියාත්මක කිරීමෙන් කොපමණ සහනයක් පරිසරයට ලබා දෙන්න පුළුවන් ද කියලා. ඒ විතරක් නො වෙයි අපේ මෙවැනි කළමනාකරණ ක්‍රියා හේතුවෙන් අපිටත්, වටපිටේ ඉන්න අයටත් පිරිසිදු පරිසරයක ජීවත් වෙන්න ඉඩ පහසුව සලසා දෙන්න පුළුවන් වෙනවා. මෙහි දී වැදගත් වෙන්නේ සංකල්පීය වෙනසක්. මා විශ්ව විද්‍යාලයයේ ඉන්නා කාලයේ දී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව විශ්වවිද්‍යාලයයේ සිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කරන්න උත්සාහ කළා. එය තරමක් සාර්ථක වුණත් මා හිතනවා වඩාත් ප්‍රායෝගික සාර්ථක ක්‍රමය වන්නේ අපේ දරු පරපුර දැනුවත් කිරීමයි කියලා. ඔවුන් ඒ සදහා පුරුදු පුහුණු කිරීම කියලා. වැඩිහිටියන් ගේ දායකත්වයත් මේ සදහා තරමක් බලපානවා. කෙසේ වෙතත් විදු පත් ඉරුව කියවන ඔබ දැන්ම සිට ම මෙවැනි යහ ක්‍රියා පුරුදු පුහුණු වුව හොත් වැඩි කාලයක් නො ගොසින් මෙරට මනා කසළ කළමනාකරණයක් ඇති අපූරු තැනක් බවට පත් වේ වි.

Wednesday, 10 May 2017
විදුපත් ඉරුව
2017 මැයි 10 බදාදා
පරිසරය නිරතුරුව වෙනස් වෙයි. සතුන් ද ගහකොළ ද පරිණාමය ට ලක් වෙයි.
මිනිසා ද පරිණාමයට ලක් වෙයි. එනිසා සමාජ සංස්කෘතීන් ද පරිණාමයට ලක් වෙයි. එම
පරිණාමය මෙකල්හි “විපරිණාමයක්” නොවන්නේ යැයි කාට කිව හැකිදැයි අපි නොදනිමු.
සංස්කෘතීන් ගේ පරිණාමය විපරිණාමයක් වූ කල්හි මිනිස් සංහතියේ විනාශය
සනිටුහන් කරන බව අමතක නොකළ යුතුය. පවතින පරිසරයට එරෙහිව යන කල යම් සංස්කෘතියක් වැඩිකල්
නොපවතින බව සමාජ මතයයි. එනිසා මුල්බැසගත් සමාජ නිර්මාණ යම් සමාජයක් ස්ථාපනය
කරන්නත් එය මෙලොවින් තුරන් කරන්නත් සමත් වෙයි.
ආගමක් අවැසි වන්නේ සමාජය හික්මවන්නට බව පැවැසේ. සෑම ආගමක්ම එසේ
නොමැති බව යැයි ඔබ තර්ක කරන්නට පුළුවන. ඒ කෙසේ වූවත් “හික්මවීම” යන්න පවා බොහෝ සාපේක්ෂ
බව පැවසිය යුතුය. පවතින සමාජය තුල හෝ බිහිවන නව සන්දර්භයන් හමුවේ විවිධ අරමුණු
සමාජගත වන්නේ විවිධ ආකල්ප හරහා බව පෙනී යයි.
බෞද්ධාගම ආගමක් ලෙස වැළඳ ගත් අපේ පැරණි මිනිසුන් එය පාදක කරගෙන අපූරු
සංස්කෘතියක් බිහි කර ඇත්තේය. සාමය ද අහිංසාව ද ප්‍රමුඛ කර ගත් ඒ සමාජය බුද්ධ
කරුණාව ද අනුකම්පාව ද තම මාවත එළිය කරනා පහන් ටැඹ කර ගත් බව අතීතය දකින්නට හැක්කේ
නම් කදිමට තේරුම් ගත හැකි වේ. සතා සිවුපාවට ද ගහ කොළටද ඒ තුල ඇත්තේ අත්‍යන්ත ආරක්ෂාකාරී
බවකි.
යම් ආගමක සත්‍ය මූලික හරය සමාජ පරිණාමයත් සමග කල් යත්ම අනාගතය ට නිසි
ලෙස නිවැරදි ව සම්ප්‍රේෂණය වන්නේ යැයි කිසි ලෙසකින්වත් පැවසිය නොහැක. වසර 2500 ක
පෙර බිහි වූ බෞද්ධ ධර්මය නිර්මලව පවතින්නේ යැයි අද අපට පැවසිය නොහැක. නල දිගේ ජලය සුමටව
ගලා යන්නා සේ එක් එක් සමාජ පරිවර්තනයන් හමුවේ ඕනෑම ආගමක අරමුණ ද හරය ද සුමටව ගලා
යන්නේ නැත. එනිසා එහි නිර්මල අරමුණද හරය ද නොයෙක් ලෙස වෙනස් වීම් වලට භාජනය වන බව
අපට පැහැදිළි වෙයි. සමාජ ප්‍රගමනය කොතරම් ප්‍රබලද යන්න යම් ආගමක වියුක්තිය මත
තේරුම් ගත හැක. බෞද්ධ අපට ද මෙය වලංගු වෙයි.
විදුසර ඔබ අත පත් වන අද දින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් දිනයයි. ලහි
ලහියේ බොහෝ දෙනෙකු ලක ලැහැස්ති වන්නේ කුමන පරමාර්ථයක් සරි කර ගන්නට ද යන්නේ ගැටළු
සහගත බව ඔවුන් සිදු කරනා යම් යම් ක්‍රියා වලින් පැහැදිළි වේ. බෞද්ධ සාරධර්ම වලට
පටහැනිව කොපමණ දෙනා මේ වෙසඟේ කෙලෙස ක්‍රියාත්මක වන්නේ දැයි ඔබට සිතිය හැකිද? තම බඩ
වඩා ගැනීමට වෙසඟ වුව කම් නැති බව සිතනා, මුදලටම යටවූ පිරිසක් මෙම සමාජය තුල
බිහිවෙමින් සිටිනා බව රහසක් නොවන අප තේරුම් ගත යුතුය.
සමාජ විද්‍යාත්මක විග්‍රහයන් කියා දෙන්නේ ප්‍රතිපත්ති පූජා අමතක
කරමින් ආමිසයට ඇති බෞද්ධයන්ගේ නැඹුරුවයි. මනස මූලික කරගත් එවන් දහමක මෙවැනි
වියුක්තියක් අනුමත කරන්නේ කෙසේද? වෙසක් කුඩු ද පහන් ද ඉටිපන්දම් ද දල්වමින් ඔබ
සිහි කලයුත්තේ කුමක් දැයි නිකමට හෝ සිතුවා ද? බොහෝ අලංකාර පුෂ්පයන් පූජා කරමින් ඔබ
මතකයට නගන්නේ කුමක් ද? දැල්වෙන නිමෙන විදුලි බුබුළු පිරිවරා ගත් තොරණ රාජයා ගෙන එන
පණිවිඩය කුමක් දැයි ඔබ මොහතකට හෝ සිතුවා ද? අලංකරණය පමනක්ම මූලික කරගත් වෙසක්
සැරසිලි ආමිසය වසාලමින් වෙළඳ උපාය මාර්ග පමණක් වී ඇති අයුරු ඉතා සුපහැදිලිව දක්නට
ඇත. වර්තමානයේ සියලු ආගම් වෙළඳ තුරුම්පු වී ඇති බව ඔබට වැටහේවි.
මනසෙහි ප්‍රගමනය වර්තමානයේ සිදුවන්නේ ආපස්සට බව මෙරට පමණක් නොව මෙලොව
සිදුවන බොහෝ ක්‍රියාකලාපයන් විශ්ලේෂණයන් උගත හැකි කරුණයි. විය යුත්තේ මනසෙහි
සන්සුන් බව රැකගැනීම නම් මෙතරම් විච්චුර්ණ මන්දැයි යමෙකුට අසන්නට පුළුවන. එම පැනය
වර්තමානයට නම් ඉතා අපූරුවට සබැඳෙන බව කිව යුතුය. තම ආගමෙන් කියවෙන බොහෝ කරුණ දැන්
දැන් මිනිස් සිත් සතන් තුලින් ගිලිහී ගොස් ඇති බව විපරිණාමය වෙමින් පවතින් මේ
සමාජය විග්‍රහ කිරීමෙන් පැහැදිළි වන කරුණකි.
මනසෙහි පරිණාමය ක්ෂණිකව සිදුවන්නක් නොවේ. ඒ සුභදායි වෙනසකටය. නමුත් අසුභවාදී
වන්නට මනස පෙරලෙන්නට ගත වන කාලය ඉතා අඩුය. දිගු කාලීනව පුරුදු පුහුණු වූ මනසකට
සමාජ පෙරළිම් හමුවේ නොසැලී සිටිය හැකි වූවත් දැන් දැන් සිදුවන විවිධ පෙරලීම් හමුවේ
වත්මන් බෞද්ධයෝ කොතරම් කැළඹිලි සහගත යන්න ඔවුන්ගේ යම් යම් සිදුවීම් වලට දක්වන ප්‍රතික්‍රියා
අනුව පැහැදිළි වේ. සියලු අන්තගාමි ආගමික කල්ලි මෙම සමාජය රැගෙන යන්නේ මරණය කරා බව
සියුම්ව මෙම සිදුවීම් විග්‍රහ කරන්නෙකුට පැහැදිළි වෙයි.
සුභදායි පරිසරයක් පවත්වාගැනීමට මනසෙහි සංසුන් බව කදිම පිටිවහලක් බව අමුතුවෙන්
පැවසිය යුතු නොවේ. සංසුන් මනස විද්‍යාඥයෙකුට අත්‍යවශ්‍ය සාධකයකි වෙයි. චිත්ත ඒකාග්‍රතාවය
ලබා දෙන ආගමක් වේ නම් එයිටත් වඩා සුදුස්සක් තවත් වේදැයි කලපනාවට ගත යුතුය. එනිසා
ආගමෙහි හරය අවිහිංසාවාදී නොවේ නම් එතන විද්‍යාවට ද ඉඩක් නොමැති බව වටහා ගත යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Monday, 8 May 2017
විදු පත් ඉරුව2015 මාර්තු 18 බදාදා
මේ දිනවල පාසල්වල ක්‍රීඩා තරග ලහි ලහියේ පැවැත්වෙන අතර ඒ බොහොමයක් තරග මේ පාසල් වාරයේ අවසන් කිරීමට සියල්ලන් ම බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව වැදගත් වන කරුණු කිහිපයක් සදහන් කිරීම වටින බව සිතූ නිසයි මෙවර විදු පත් ඉරුව ක්‍රීඩා ක්‍ෂේත්‍රය කෙරෙහි වෙන් කිරීමට සිතුවේ. පසුගිය වසර කිහිපයේ ම පාසල් ක්‍රීඩා තරගවලට සහභාගී වූ දරුවන් කිහිප දෙනෙක් ම හදිසියේ ම ක්‍රීඩාවල යෙදී සිටින විට මිය ගියා. ඒ සඳහා විවිධ හේතූන් කියවුණා. සමහරුන් ගේ ස්‌වාභාවිකව ම තිබූ ආබාධත් හේතුවක්. ඒ කෙසේ වෙතත් මෙමගින් අපට යම් පාඩමක් උගන්වනවා. ඒ තමයි අඩු ම තරමින් මාපියන් තම තම දරුවන් ක්‍රීඩා පුහුණු කිරීම්වල යෙදීමට පෙර පෞද්ගලිකව හෝ වෛද්‍යවරයකුට පෙන්විය යුතු බව. එමගින් කෙතරම් දුරට තම දරුවා ක්‍රීඩා තරගවල යෙදීම සදහා යෝග්‍ය ව සිටින්නේ ද යන්න හඳුනාගත හැකියි. නගරබද පාසල්වලට නම් මෙය එතරම් ගැටලුවක් නො වන්න පුළුවන්. සමහර විට වෛද්‍යවරයෙක්‌ව පාසලට ම ගෙනෙල්ලා උපදෙස් ගන්නත් හැකි වෙනවා. අනිත් කරුණ තමයි නගරබද බොහෝ විට පෞද්ගලික හෝ රජයේ ආරෝග්‍ය ශාලා ඇති නිසා එවැනි තැනකට ගිහින් වුණත් ඒ සේවය ලබාගත හැකියි. ඒත් ගම්බද පාසල් සදහා තමයි ගැටලුව. බොහෝ විට එහෙ මවුපියන් මේ පිළිබඳව දැනුවත් නැහැ. ඉතින් දරුවන් අනතුරට ලක් වීමට වැඩි නැඹුරුතාවක් දක්‌වනවා.
මෙවැනි අවස්‌ථාවන්වලට මුහුණ දීමට අපට පෙර සිට සූදානම් වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට තරග පැවැත්වෙන දිනයේ මෙවැනි අනතුරු සම්බන්ධව අත්දැකීම් ඇති කණ්‌ඩායමක් ළග ඇති රෝහලෙන් ගෙන්වාගැනීම. එහි දී ඔවුන් ගේ අනුදැනුම සහ අත්දැකීම් නිසාත් බොහෝ අනතුරු අවම කරගන්න හැකි වේ වි. හැබැයි මෙය කලින් කීවාක් වගේ සැම පාසලකට ම ඉටු කරගන්න අමාරුයි. එවැනි අවස්‌ථාවල ප්‍රථමාධාර දීම සදහා පාසලේ දී ම ළමයින් කණ්‌ඩායමක් පුහුණු කළ හැකියි. රතුකුරුස සංවිධානයේ ආධාර උපකාර අරගෙන මෙවැනි වැඩ සටහන් සමහර පාසල්වල නම් පැවැත්වෙනවා. කොහොම වුණත් පාසල් දරුවන් හට ප්‍රථමාධාර ක්‍රම පුරුදු පුහුණු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මන්ද යත් ඒවා නිසි පරිදි ඉගැන්නුවේ නැති වුණොත් එය තවත් අනතුරකට හේතු වෙන්න පුළුවන් නිසා.
ක්‍රීඩාවල යෙදීමේ දී ද පුහුණු වීම්වල යෙදීමේ දී ද බොහෝ වෙහෙස වන නිසා සිරුරෙන් අධිකව දහදිය පිට වීම සිදු වනවා. එනිසා දුවා දරුවන් මෙය සිත්හි තබා ගෙන ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතුයි. ශරීරයට ජලය නො ලැබුණ හොත් විජලන තත්ත්වයක් ඇති විය හැකි නිසයි ඒ. නමුත් එකවර වැඩිපුර ජලය පානය කිරීම ද හොඳ නැහැ. විශේෂයෙන් ම දිවීමේ තරගවල යෙදෙන්නන්ට. වෙහෙස වීමෙන් වැය වන ශක්‌තිය ඉක්‌මනින් ලබා ගැනීම කළ යුතුයි. ශක්‌තිය අවශ්‍යතාව ක්‌ෂණිකව ලබා දෙන්නේ සීනි වැනි ද්‍රව්‍යවලින්. මේ සදහා ඉක්‌මනින් රුධිරගත වන සීsනි අඩංගු ආහාර ගත හැකියි. උදාහරණයක් ලෙස ග්ලූකෝස් වැනි දේ. නැතිනම් දොඩම් වැනි පානයන්. කෘත්‍රීම පානයන් භාවිත නො කරනවා නම් හොඳයි. ගම්බද පාසල්වලට නම් බොහොම පහසුවෙන් දෙහි, දොඩම්, පැෂන් වගේ පලතුරු පානයන් සාදාගන්න පුළුවන්. ක්‌ෂණිකව අවශ්‍ය වන මේ ශක්‌ති අවශ්‍යතාව සපුරාගන්න ආනමාලු වැනි කෙසෙල් ගෙඩියක් කන්නත් පුළුවන්. ගමේ ගොඩේ ඕනේ තරම් කෙසෙල් ගෙඩි වර්ග සොයාගන්න පුළුවන්.
ඊළගට වැදගත් වන දේ තමයි ක්‍රීඩා කිරීමේ දී නිවැරැදි ඉරියව් අනුගමනය කිරීම. එමගින් බොහොමයක් අනතුරු වළක්‌වාගන්න පුළුවන්. ඒ වගේ ම නිවැරැදි ඉරියව්ව එම ක්‍රීඩකයා ගේ උපරිම ජවය සහ හැකියාව ලබා දීමටත් හේතු වෙනවා. ලෝකයේ බොහොමයක් රටවල් අද මේ පිළිබඳව පර්යේෂණ පවා සිදු කරනවා. එමගින් ක්‍රීඩාවේ උපරිමයට යැමටත් සමහර රටවලට හැකි වෙලා තියෙනවා. ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල මේ සදහා විශේෂිත පර්යේෂණ ආයතන පවා ඇති කරලා තියෙනවා. එමගින් අධි තාක්‌ෂණික ක්‍රමවේද භාවිත කරමින් ක්‍රීඩකයා ගේ උපරිමය ලබාගන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කරනවා. ඔලිම්පික් වැනි ලෝක මටමේ තරගවල දී මිලි තත්පරයක වෙනස පවා දිනුම තීරණය කරනවා. මේ පර්යේෂණ කරන පර්යේෂකයෝ පවසන්නේ මිලි තත්පරයක ඉක්‌මන පවා එනිසා වැදගත් බවයි.
ලංකාවේ නම් මේ තත්ත්වයට අපි තවම පැමිණිලා නැහැ. එනිසා බොහෝ විට අපේ ක්‍රීඩකයෝ තම ජයග්‍රහණය සඳහා තාක්‌ෂණයේ පිහිට ලබාගැනීම අඩු මට්‌ටමකයි තියෙන්නේ, හැබැයි ඒ සදහා ක්‍ෂේත්‍රයේ කිසියම් නැඹුරුතාවක් තියෙන බව පේනවා. විශේෂයන් ම ක්‍රිකට් වැනි තරගවල දී. පසුගිය දොහක විද්‍යා, තාක්‌ෂණ හා නවෝත්පාදන ලේකම් කාර්යාලය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ තාක්‌ෂණයේ භාවිතය පිළිsබඳ දේශනයක් පැවැත්වූවා. ඒ පිහිනුම් ක්‍රීඩාවේ දී මේ තාක්‌ෂණය භාවිතයෙන් අනතුරු අවම කරගැනීමේ සහ ජවය වැඩි කරගැනීමේ හැකියාව පිළිsබඳව. හවායි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ජෑන්ස් මහතා තමයි දේශනය සිදු කළේa. ඒ අයුරින් හෝ යම් කිසි ආරම්භයක් ලබාගැනීමට හැකි වීමත් සතුටක්.
කොහොම වුණත් අපේ දුවා දරුවන් ක්‍රීඩා කිරීමේ දී ඉහත කී දෑවලට අවධානය යොමු කරන්න ඕනේ. එපමණක් නො වෙයි මවුපිය වැඩිහිටියනුත් සැම විට ම සැලකිල්ලලෙන් සිටීමෙන් අනතුරු අවදානම අඩු කරගන්න පුළුවන් වනවා. අවසානයේ දී මෙමගින් රැකෙන්නෙ රටේ අනාගතයයි.

Sunday, 7 May 2017
විදු පත් ඉරුව 2015 මාර්තු 25 බදාදා
රුවන්පුරය නැතිනම් රත්නපුරය කියපුවා ම අපට මතක් වෙන්නේ ලොව සුපතළ මැණික් පිළිබඳව. ලෝකයේ අවසාදිත නිධිවලින් හොද ම මැණික් ලැබෙන රටක් තමා අපේ රට. නමුත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැණික් ගැන නම් නොවෙයි. ඔබ අහලා තියෙනව ද "ප්‍රාග් ජීවධාතු" පිළිබඳව. ඒ කියන්නේ "ෆොසිල" ගැන. ඔන්න දැන් නම් දන්නවා කියා වි. රත්නපුරය කියන්නේ පැරැණි ජීවීන් ගේ ශරීර කොටස් සහ සටහන් ලැබෙන ප්‍රදේශයක්. මේවා බොහොමයක් ලැබෙන්නේ මැණික් පතල්වලින්. ඒකට හේතුව වෙන්නේ මැණික් ගරන අය තමයි මේ ප්‍රදේශයේ පොළොව හාරන්නේ. ඒ වගේ ම මේ පතල් බොහොම ගැඹුරට හාරන එකත් බලපානවා.
ඉතින් මේ වග රටට මුලින් ම සොයා බලා විස්‌තර සැපයුවේ සුප්‍රකට විද්‍යාඥයෙක් වන පී. ඊ. පී. දැරණියගල මහත්මයා. ඔහු කලෙක පුරාවිද්‍යා කොමසාරිස් වෙලත් හිටියා. ඔහු සදහන් කරන ආකාරයට සිංහයන් ගේ, රයිනෝල ගේ, හිපෝල ගේ, ගවරා ගේ සහ පැරැණි අලින් ගේ ප්‍රාග් ජීව ධාතු රත්නපුරයේ මැණික් පතල්වලින් ලැබිලා තියෙනවා. මේ හමු වන සතුන් ගේ ස්‌වරූපය සහ අවසාදිතවල භූ ලක්‌ෂණ අනුව මහාචාර්ය කුරේ මහතා පවසලා තියෙනවා කලෙක දී මේ ප්‍රදේශය විශාල මඩ ගොහොරුවක් හැටියට තියෙන්න ඇති කියලා. ඒ හොලොසින යුගයේ දී.
දැනටත් එවැනි සතුන් ගේ පැරැණි ශරීර කොටස් මේ ප්‍රදේශයෙන් හමු වෙනවා. ඒ විතරක් නො වෙයි ඒ කාලේ තිබුණ ගස්‌වල කඳන්, ඇට ජාති එහෙමත් හමු වෙනවා. නමුත් ගැටලුවක් වෙලා තියෙන්නේ ඒවා පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඒක නිසා ගොඩ දාන සැණින් විනාශ වීමට හේතු යෙදෙනවා. සමහර වෙලාවට උදලු පහරවල් නිසා කුඩු වෙලා යනවා පහසුවෙන් ම. මොකද මේවා ගොඩාක් පැරැණි නිසා. අනිත් කරුණ තමයි මේ වගේ දේවල් ලොව බොහොම දුර්ලභයි. ඉතින් අපිට මේ හමු වන ෆොසිල එකතු කරගන්න පුළුවන් නම් පැරැණි ජීවීන් සහ පැරැණි පරිසරය පිළිබඳව ගොඩාක් කරුණු එක්‌රැස් කරගන්න හැකි වෙනවා. ඒක නිසා මේ ෆොසිල මැණික් වගේa ම අපට වටිනා දෙයක්. විද්‍යාත්මක අධ්‍යයනවලට බොහෝ ම වැදගත් වෙනවා. එනිසා රත්නපුර ප්‍රදේශයේ ඉන්නා අපේ දුවා දරුවන් සහ මේ විද්‍යාවට ආදරය කරන සියලු දෙනා මේ පිළිබඳව තම තමන් ගේ වැඩිහිටියන්, ඒ වාගේ ම ඥාතීන් දැනුවත් කරන්න ඕනේ. විශේෂයෙන් ම පතල් කර්මාන්තයේ යෙදෙන පිරිස දැනුවත් කිරීම තමයි ඕනෙ ම කරන්නේ.
ලෝකයේ මේ "ප්‍රාග් ජීවධාතු" පිළිබදව උගන්වන විෂයක් තියෙනවා. ඒක හඳුන්වන්නේ "ප්‍රාග් ජීවධාතු විද්‍යාව" (Paleontology) කියලා. සමහරු "පාෂාණීභූතධාතු" විද්‍යාව කියලත් හඳුන්වනවා. නමුත් මම හිතන්නේ වඩාත් සුදුසු පදය තමයි මුල් එක. මොකද පාෂාණ බවට පත් නො වන ෆොසිලත් හමු වෙනවා නේ. උදාහරණයක් හැටියට ගත්තොත් සයිබීරියාවේ අයිස්‌වල හමු වන මැමත්ල ගේ ෆොසිල. ඒවා සීතලට හොඳට ම මිදිලා තියෙන්නේ. ඊට අමතරව ෆොසිලවල සටහනුත් මේ කොටසට වැටෙනවා. ලංකාවේ මේ විෂය පාසල් තුළ ඉගැන්වෙන්නේ නැහැ. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ භූ විද්‍යාව හදාරන සිසුනට නම් මේ පිළිබඳව හදාරන්න අවස්‌ථාව ලැබෙනවා.
මේ ප්‍රාග් ජීවධාතූ තියෙන්නේ රත්නපුරේ විතරක් නො වෙයි. ජුරාසික කාලේ ෆොසිල, තබ්බෝව ප්‍රදේශයේත්, මයෝසින කාලයේ ඒවා පුත්තලම, මන්නාරම සහ යාපනය ප්‍රදේශයේත් ඇති පාෂාණවල පිහිටලා තියෙනවා. මේ පිළිබඳව අධ්‍යයනය කිරීම උනන්දු කිරීම සදහා පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මූලිකව 2007 වසරේ "පුරා ජෛවවිවිධත්ව උපදේශන කමිටුව" පිහිටෙව්වා. මේ පිළිබදව අධ්‍යයනයන් කරන විවිධ ක්‌ෂේත්‍රවල විශේෂඥයන් රැසක් මේ කමිටුවට ඇතුළත්. ආරම්භක පියවර තබන්න මූලික වුණේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වන ගාමිණී ගමගේ මහත්මයා. ඔබ ප්‍රදේශයෙන් ලැබෙන ෆොසිල පිළිබඳ තොරතුරු මේ කමිටුවට දෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව වැදගත් වන තොරතුරු අහගන්නත් පුළුවන්.
රත්නපුර ප්‍රදේශය පිළිබඳව අප වැඩි අවධානයක් යොමු කරන්නේ මේ ෆොසිල සමග පැරැණි මානවයන් ගේ නෂ්ටාවශේෂ ලැබිය හැකි නිසා. මොකද මේ දේවල් මානවයා ආරම්භ වූ කාලයෙන් පසු ජීවත් වූ සතුනට අයත් නිසයි. ඉතින් බොහෝ දුරට එවැනි මානව අවශේෂ සහ ඔවුන් භාවිත කළ මෙවලම් ද හමු වෙන්න පුළුවන්. ඒක නිසා මානව ඉතිහාසය හැදෑරීමේ දී ඔහු ආශ්‍රිතව වූ දේවල් සහ සතුන් හැදෑරීමත් වැදගත් වෙනවා.
රත්නපුරය, කුරුවිට ප්‍රදේශවල මේ පිළිබදව උනන්දුවක් දක්‌වන අයට ඔබ ප්‍රදේශයේ ම ඉන්නා අයකු ගෙන් වුණත් විස්‌තර දැනගන්නත් පුළුවන්. ඒ තමයි දැනට දශක දෙක තුනක ඉඳලා ප්‍රදේශයේ දුවා දරුවන් අතර විද්‍යාව ප්‍රචලිත කරන්න වෙහෙස වන, පරිසරය ආරක්‌ෂා කරන්න උත්සාහ කරමින් ඒ වෙනුවෙන් වැඩ කරන ග්‍රාම නිලධාරී මහතකු ලෙස සේවය කරන කමල් අබේවර්ධන මහත්මයා. ඔහු සතු කදිම ෆොසිල එකතුවක් ද තියෙනවා. කෙනෙකුට යම් ෆොසිලයක් හමු වුණොත් ඔහුට ලබා දෙන්නත් පුළුවන්. ඔහු ගෙන් විස්‌තර ලබාගන්නත් පුළුවන්. ඔබේ පැත්තේ ම හින්දා බොහොම පහසුවක් වේ වි.
කොහොම වුණත් රත්නපුරය අවට සහ ශ්‍රීපාද අඩවිය ප්‍රාග් ජීවධාතූන් ලැබිය හැකි පැති. අවධානයෙන් සිටීම තමයි වැදගත්. කෙනකුට මේ පිළිබඳව දේශන හෝ ප්‍රායෝගික දැනුවත් වීමක් අවශ්‍ය නම් ලබා දෙන්නත් පුළුවන්. ඒ සදහා විදුසර හරහා ඉල්ලීමක් කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේ ම තමයි මේ ලැබෙන ෆොසිල අරක්‌ෂා කරගන්නත් අපේ දුවා දරුවන් හිතට ගන්න ඕනේ.

Saturday, 6 May 2017
විදුපත් ඉරුව
2017 මැයි 03 බදාදා
'අවදානමට පෙර සූදානම' අද දිනයේ කෙතරම් ප්‍රායෝගිකව යෙදවෙනවා ද යන්න විමසා බැලිය යුතු ය. නො දන්වා පැමිණි සුනාමිය දහස් ගණනක් ජීවිත බිලිගත්තේ පෙර සූදානම නො තිබූ කාලයේ වුව වර්තමානයේ දිනෙක එලෙස වුව හොත් කිසිදු සමාවක් හිමි නො වන බව ඔබ කියනු ඇත. එහෙත් වසරකට (අවම) අධික කාලයක් තිස්‌සේ පැහැදිලි සාක්‌ෂි ඇස් පනාපිට පෙනි පෙනී තිබිය දී අවදානම නො සලකා හැරීම මීතොටමුල්ලේ ජීවිත 32ක් බිලි ගැනීමට ඉඩ හරින විට ඔය කියනා 'පෙර සූදානම' පෑල දොරින් පලා ගියා දැයි සිතේ.
සුනාමිය කරළියට පැමිණ ගත වී ඇත්තේ දශක දෙකකට අඩු කාලයක් වුව නාය ආපදාව ගැන නම් අප බොහෝ කලක සිට දන්නා බව සැඟවිය නොහැකි කරුණකි. ගංවතුර ඊටත් වඩා හොඳින් අපට සමීප අත්දැකීමකි. සුළි සුළං ඉඳහිට වුව ආපදාවන් ඇති කරන බව අපි දනිමු. මෙලෙස හොඳින් දන්නා ආපදා අවම කරගැනීම උදෙසා අප ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන ඇත් දැයි යන්න ගැටලුවකි.
දිනෙන් දින වර්ධනය වන නාය ආපදා නිසා අනතුරට පත් වන ජනතාව ද ප්‍රමාණාත්මකව වැඩි වෙයි. අධි අවදානම් කලාප ඇතුළු මිනිසාට ජීවත් වන්නට අයෝග්‍ය භූමි හඳුනාගෙන ඇති මෙවැනි කලෙක ජනතාව නැවත නැවතත් අවදානමට ලක් වන්නේ මන්ද? නාය අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වෙද්දී ද ජනතාව මේ ආපදාවන් පිළිබඳව නිරන්තරව ඉතා පුළුල් ලෙස දැනුවත් කරද්දී එවැනි ජීවිත හානි සිදු වන්නට හැකියාවක් ඇත් ද? 'පෙර සූදානම' නම් වූ වට්‌ටියේ හිදැස් ඇත්තේ කොහේ ද යන්න සොයා බැලිය යුතු ය.
ඉතා හොඳින් දැනුවත් වී ඇති ආපදාවන් කෙරෙහි පෙර සූදානම ක්‍රියාත්මක වන්නේ මෙලෙස නම්, නො දන්නා ආපදාවක් ඇති වන කල ගැලවීම උදෙසා සුදුසු ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ ද යන්න කෙතරම් අපැහැදිලි ද යන්න සිහි වේ. මිනිසකු මරණයට පත් වීම සදහා ලොව වැඩි ම අවදානම ඇත්තේ උල්කාපාත වැටීමෙන් බව කියෑවේ. එහෙත් එයින් මිනිසුන් අනතුරට පත් නො වන්නේ පොළොවට පතිත වීමට පළමු ඒවා බොහොමයක් ගිනිගෙන විනාශ වන හෙයිනැයි ද පැවසේ. උල්කාවක් (ග්‍රහකයක්) වැටීම කලින් හඳුනාගැනීමට අපට නොහැකි වුව දියුණු තාක්‌ෂණික පහසුකම් ඇති ඇමෙරිකාව වැනි රටකට බොහෝ විට හැකි වේ. එසේ නම් හදිසියේ හෝ එවැනි තත්වයක් ඇති වුව හොත් අප ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳව මෙරට තවමත් කතාබහට ලක් වී නොමැත.
විකිරණශීලී මූල¹ව්‍ය සහ කාර්මික රසායනික ද්‍රව්‍යයන් සාමාන්‍ය ජනතාව නිතර ම නො ගැටෙන වපසරියක පැවතිය ද ආපදා ඇති කිරීමේ දී පෙරගමන්කරුවන් බව අප අමතක නො කළ යුතු ය. වසර කිහිපයකට පෙර ජපානයේ සිදු වූ සුනාමි ෙ€දවාචකය අවසාන වන්නේ විකිරිණශීලී මූලද්‍රව්‍ය භාවිත වන විදුලි උත්පාදකාගාරයක් අනතුරට පත් කරමින් බව ඔබට මතක ඇති. එහි දී ඔවුන් ගත්තා වූ ක්‍රියාමාර්ග මොනවා දැයි විමසිල්ලට ගත යුතු ය. මිලියන ගණනක ගේ යහපත උදෙසා විකිරණවලට නිරාවරණය වූවන් ගේ සංචරණය එරට සීමා කළ බව වාර්තා වෙයි. එය ඔවුන් ගේ පෙර සූදානමේ ප්‍රතිඵලයකි.
මහා පරිමාණයෙන් සිදු වන එවැනි ආපදා, ව්‍යසන පමණක් නො ව ග්‍රාමීය සහ ස්‌ථානීය මට්‌ටමේ දී ද, පුද්ගල මට්‌ටමේ දී ද පෙර සූදානම ක්‍රියාත්මක විය යුතු බව සිහි තබාගත යුතු ය. සර්ප දෂ්ටනයන්, ගස්‌වලින් ඇද වැටීම්, බඹර, දෙබර ප්‍රහාර පමණක් නො ව රිය අනතුරු ද, ජලයේ ගිලී අනතුරට පත් වීම් ද ආදි එකී නො කී සියලු ආපදා සැලකිල්ලට ගත යුතු ය. ඒ සදහා වූ පෙර සූදානම ගැන ජනතාව දැනුවත් කළ යුතු ය. මෙවැනි කාර්ය සම්පාදනයේ දී ජනතාව ගේ සාම්ප්‍රදායික දැනුම අතිශය වැදගත් වෙයි.
ව්‍යසනයට මුහුණ දීමට වඩා එය වළක්‌වාගැනීම යෝග්‍ය වේ. ගංගා අසබඩ ද, කඳුකරයේ ද අනවසර ඉදි කිරීම් ආපදා තත්ත්වය දෙගුණ තෙගුණ කරයි. විශේෂඥ උපදෙස් පිළිපැදීම තත්ත්වය යහපත් කරගැනීමට විශාල පිටිවහලක් ලබා දෙයි. වර්ෂාපතනයේ හිඟ බව කාලගුණ අනාවැකිවලින් සාර්ථකව ලබා දුන්න ද නියඟයට මුහුණ දෙන්නට කවරකු වත් සූදානම් වන්නේ නැත. ජලය නොමැති කල කෘෂිකර්මය බිඳ වැටෙන බවට අපට ඉහේ කෙස් ගානට පමණ වූ අත්දැකීම් ඇත. ආහාර සුරක්‌ෂිතතාව පිළිබඳව හදිසියේ මතක් වී පිටරටින් ආහාර ගෙන්වන්නට උපදෙස් ලබා දෙන විට නියඟය හමාර ව වැසි කල ආරම්භ වී අස්‌වැන්න නෙළන කාලය වෙයි. එවිට මෙරට ගොවියාට තවත් ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදු වේ. තම අස්‌වැන්න තුට්‌ටුවකට වත් විකුණාගැනීමට නොහැකි වී වස බොන්නට ඔවුනට සිදු වෙයි.
දූරදර්ශී බව මෙරට ආපදා පෙර සූදානමේ නොමැති බව කිව යුතු ය. කොටින් ම ආපදා කළමනාකරණය තුළ ම එය නැත. අප මිනිසුන් ගලවාගැනීමට බෝට්‌ටු සොයන්නේ ගංවතුර ඇති වී මිනිසුන් ආපදාවට ලක් වූ පසු ය. බැකෝ යන්ත්‍ර ඇති තැන් සොයන්නේ ඔවුන් වැළලී ගිය පසු ය. අප එතරම් ම හොඳින් සූදානම් වී ඇත.
මීතොටමුල්ලේ අහිමි වූ ජීවිතවලට නිලධාරීන් ගේ කඹ ඇදිල්ල ද හේතු වූ බව සමහර ජනමාධ්‍ය ගෙන ආ තොරතුරුවලින් පැහැදිලි වේ. දම්වැලක පුරුක් සේ එකිනෙක බැඳෙන මේ ක්‍රියාදාමය ශක්‌තිමත් වන්නේ එක් එක් පුරුක් තනිව ක්‍රියා කිරීමෙන් නො ව එක් ව එකට බැඳීමෙන් බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. මෙරට ආපදා කළමනාකරණයේ දී සිටින සියලු ආයතන තම කාර්යභාරය නියමාකාරයෙන් වැටහාගත යුතු බවයි අප ගේ හැඟීම වන්නේ. තම සේවය අවශ්‍ය වන්නේ කොතැනට ද, කෙදිනක ද, කුමන මොහොතක ද යන්න වටහාගෙන ක්‍රියාත්මක වීම එහි දී වඩා යෝග්‍ය වේ.
කෙස් වෙතත් අවසානයේ දී සිදු වූ ව්‍යසනය ආපදාවක් නො කරගැනීමට වගබලා ගන්නට අප තවත් බොහෝ දේ ඉගෙනගත යුතු යෑයි සිතේ.

Subscribe to:
Posts (Atom)
පත්මෙගේ භූ විද්‍යා අන්දර 07 කිරින්ද එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...
-
භූ විද්‍යාව යනු කුමක් ද ? 04.11.2015 පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්‍යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී...
-
පරණම පරණ මිනිස්සු භාවිතා කල පරණම ලෝහය ; තඹ This article is originally published on Divaina, 16.02.2020. වසර දස දහසක් පමණ පැරණි ...
-
වෙරළ භූ රූපණය 2 වෙරළ යනු කුමක්දැයි ඇසුවහොත් ඒ සඳහා ඔබ දෙන පිළිතුර කුමක්ද ? බොහොම සරලව පැවසුවහොත් ගොඩබිමත් සාගරයත් එක්කරන මායිම වන්නේ ව...