CKDu
සහ ප්‍රතිආසෘත ජලය
දශක දෙකකට අධික කාලයක් තිස්සේ මාරාන්තික වකුගඩු
රෝගය රජරට ජනතාව බිල්ලට ගනිමින් සිටී. තවමත් මේ රෝගය සෑදෙන නිශ්චිත හේතුවක් ප්‍රකාශයට
පත් කරගැනීමට නොහැකිව පර්යේෂකයන්ද වෛද්‍යවරුන්ද බොහෝ සාකච්චාවල යෙදී සිටින බව අපට
පෙනී යයි. විවිධ පර්යේෂකයන් හේතු සදහා ඉදිරිපත් කරන්නා වූ විවිධ මතිමතාන්තර ඔප්පු
කරනු වස් විවිධ සාක්ෂ්‍ය ගෙනහැර පානාමුත් සියල්ල එකගවන්නා වූ පැහැදිලි කිරීමක් මේ
වන තෙක් ඉදිරිපත් වී නොමැති බව පැහැදිලි කරුණකි. එසේ වුවද බොහෝ දෙනා එකඟ වන්නා වූ
එක් කරුණක් වෙයි. ඒ මේ රෝගය ඇතිවන්නේ බිමට ගන්නා ජලය මූලික කර ගෙන බව යන්නයි.
ශ්‍රී ලාංකේය ජල සම්පත දුෂණය වීම පසුගිය දශක කිහිපය
තිස්සේ ඉතා සිඝ්‍රව සිදුවන බව පර්යේෂණාත්මකව ද ඔප්පු වී ඇති කරුණකි. ඒ සදහා බොහෝ
මානව ක්‍රියාකාරකම් හේතුවන අතර ඉන් ප්‍රධානම වන්නේ කෘෂිකාර්මික කටයුතු හේතුවෙන්
සිදුවන අස්ථානිය (non point pollution) දූෂණය යි. එලෙස හැදින්වූවද එහි මුඛ්‍ය
අර්ථය වන්නේ ඉතා විශාල ප්‍රදේශයක් හරහා එකවර දූෂකයන් පොළොවට එක් වී ජල නිධි දූෂණය
වන බවයි. කෘෂිකාර්මික කටයුතුවලදී විවීධ රසායනික ද්‍රව්‍ය වගාවට එක් කරන අතර ඒවා
බොහොමයක් එක් කරන්නේ ජලීය ද්‍රාවන ලෙසයි. එසේ හෙයින් ඉතා වේගයෙන් පසද ජලයද දූෂණය
වීම වැලක්විය නොහැකි වී ඇත.
පසට එක්වන ජලීය රසායනික ද්‍රාවනයන් පස තුලට කාන්දුවීමේ
වේගය පසේ ස්වභාවය මත රඳා පවතී. කල්පිටිය ප්‍රදේශය වැනි සම්පුර්ණයෙන්ම වැලි වලින්
පමණක් සුසැදි පාංශු ස්තර පවතින ප්‍රදේශ වල කාන්දුවීමේ වේගය ඉතා අධිකය. එනිසා ඉතා
පහසුවෙන් අභ්‍යන්තර ජල නිධි කෙලෙසීම සිදු වේ. නමුත් මැටි සාන්ද්‍රණය වැඩි පසක කාන්දුවීමේ
වේගය ඉතා අඩුය. එක් කරන රසායනික ද්‍රව්‍ය මතුපිට ස්ථරයේ වැඩි කාලයක් රැඳෙන අතර
එනිසා ඉතා පහසුවෙන් වර්ෂා කාලයේදී මතුපිට ජල නිධි වලට එකතු විමේ හැකියාව ඇත.
වර්ෂාව අධික තෙත් කලාපයේ මෙලෙස එකතුකරන රසායනික
ද්‍රව්‍ය පසෙහි සාන්ද්‍රගත වන්නේ ඉතා අඩුවෙනි. වැඩි ප්‍රමාණයක් වර්ෂා කාලයේදී
ඇතිවන ගලායන ජලය සමග සේදී යන අතර ක්‍රමයෙන් ඇල දොළ ගංගා වැනි ජල මුලාශ්‍ර වලට එකතු
වේ. නමුත් වියළි කලාපයේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් ය. වසරේ වැඩි කාලයක් නියඟය
පැවතීම හේතුවෙන් ඇතිවන අධික වාෂ්පීකරණය ජලයේ දිය වූ ද්‍රාව්‍යය සාන්ද්‍රගත කිරීමට
හේතු වේ. ඒ හේතුකොට ගෙන මෙම ප්‍රදේශවල විශේෂයන්ම පසෙහි මතුපිට ස්තරවල අධික ලවණතාවයක්
පවතී. වියළි කලාපයේ පසෙහි දක්නට ලැබෙන “කිවුල් කැට” මෙම ලවණ සාන්ද්‍රගත විමේ ප්‍රතිපලයකි.
එමෙන්ම අභ්‍යන්තර ජල නිධි වලද ලවණතාවය අධිකය. නමුත් අප කල නිරීක්ෂණ වලින් පැහැදිලි
වන්නේ වැව් වැනි මතුපිට පවත්නා ජල මුලාශ්‍ර වල මෙම තත්වය නොමැති බවයි (Table 1).
වර්ෂා ජලය පස තුලින් කාන්දු වීමේදී එහි රසායනික
සංයුතිය වෙනස් වේ. ජලයේ දියවන ඛනිජ ලවණ එකතු කර ගනිමින් පසෙහි පහලට රූරා යන ජලය
අභ්‍යන්තර (භූගත) ජල නිධි පෝෂණය කරයි. මෙම ජල නිධි පසෙහි මෙන්ම එයට යටින් වූ පාෂාණ
ස්ථරයේ ද හමු වේ. භූගත ජල නිධි ප්‍රධාන
ආකාර දෙකක් වන අතර ඉන් එකක් වන්නේ
“අනවහිර” ජල නිධිය (unconfined aquifer). මේවාට ඉතා පහසුවෙන් මතු පිට ජලය කාන්දු
විය හැකි නිසා දූෂණයට ලක් විමේ ඉඩකඩ
වැඩිය. “අවහිර” ජල නිධි (confined aquifer) පොලොව අභ්‍යන්තරයේ සිර වී පවතින ජල
නිධි වේ. පොලොව මතුපිට හා සම්බන්දයක් නොමැති මෙම ජල නිධි පහසුවෙන් දූෂණයට ලක්
නොවේ. කෙසේ වෙතත් මෙම සෑම නිධියකම පවතින ජලය එහි වූ පාෂාණ හෝ පස හෝ සමග ගැටෙමින්
පවතී. මෙය එම ජලයට විවිධ ඛනිජ ලවණ එක් කිරීමටත් එයින් ඉවත් කිරීමටත් හේතු වේ. එම
ජලයෙහි හෝ එම ජලය පවත්නා භූ පරිසරයේ ආම්ලික භාෂ්මිකතාව අනුවද පවතින ඔක්සිජන් ප්‍රමාණය
අනුවද ද ජලයෙහි උෂ්ණත්වය අනුවද එහි වෙසෙන ක්‍ෂුද්‍ර ජීවි ගහනය අනුවද ජලයට එකතුවන හෝ එයින් ඉවත්වන හෝ ඛනිජ ලවණ වල සාන්ද්‍රණය
තීරණය වේ. එපමණක් නොව මේ එක් එක් ලවණ ජලයේ දියවන්නේ එක්තරා උපරිමයකට පමණි. මෙම
උපරිම සාන්ද්‍රණය ලවනයෙන් ලවනයට වෙනස්වේ.
විපරීත පාෂාණ වලින් සමන්විත වන ශ්‍රී ලාංකේය භූ තලයේ විවීධ ඛණිජවලින් හෙබි
පාෂාණ හමුවේ. එප්පාවල ප්‍රදේශයේ හමුවන සුප්‍රසිද්ධ පොස්පේට් නිධිය හේතුවෙන් එම ප්‍රදේශයේ
ජලයට ෆ්ලෝරයිඩ අයන එකතු වේ. එනිසා රජරට ප්‍රදේශයේ ජලයෙහි අනෙකුත් ප්‍රදේශවල ඇති සාමාන්‍ය සාන්ද්‍රණයට වඩා වැඩි ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණයක්
පෙන්වයි. එමෙන්ම කිරිගරුඬ නම් වූ කබෝනේට
පාෂාණය පවතින ප්‍රදේශවල ජලයට කැල්සියම් හා මැග්නීසියම් කබෝනේට රසායනයන්
එකතුවීමෙන් කබෝනේට සාන්ද්‍රණය වැඩි වී
ජලයෙහි “ඛඨිනතාව” ඉහල නංවයි. එමෙන්ම කබොක් වැනි ද්විතියික ඛණිජ නිධි වල පවතින යකඩ
සහ මැන්ගනීස් අයන ජලයට එකතුවී තිත්ත බවක් එක් කරයි.
කඳුකර ප්‍රදේශවල පවතින ජල නිධිවල ජලය තැනිතලා ප්‍රදේශ
වලට සංසරණය වන අතර බෑවුමෙහි ආනතිය අනුව එහි වේගය තීරණය වේ. කෙසේවෙතත් වර්ෂා
කාලයේදී මධ්‍ය කඳුකරයේ පස් සහ පාෂාණ තුලින් කාන්දුවන මෙම ජලය කිලෝමීටර සියගණනක්
ඇතට ගමන් කරන අතර පාෂාණවල සවිවරතාව අනුව ඒ සදහා ගතවන කාලය වෙනස් වේ. මධ්‍ය කඳුකරයේ
පවතින ස්ඵටිකරූපී පාෂාණ සමූහය ඉතා අධිකව කුස්තූර සහ පැලුම් රටා වලින් යුක්ත වන
හෙයින් සැලකිය යුතු මට්ටමේ සවිවරතාවක් පවතී. ඒක රේඛියව පිහිටි මෙවැනි කුස්තූර
රටාවන් ජලය භූ අභ්‍යන්තරයෙන් ඈතින් ඇතට රැගෙන යෑමට හේතුවේ. තැනිතලා ප්‍රදේශවලදී
සංසරණ වේගය අඩාල වනමුත් විශේෂයෙන්ම “අවහිර” ජල නිධි වල ජලය අධික තෙරපුමක් යටතේ
පවතී. එනිසා භූගත ජලය ලබා ගැනීම උදෙසා සකස් කල සමහර නල ළිං වල ජලය නිදහසේ ඉහලට
විහිදේ. මෙම භූ ගත ජල මුලාශ්‍ර පවතින භූ පරිසරය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදිය
හැක. ඒවා නම්,
1.
ස්ඵටිකරූපී පාෂාණ වල පවතින භූ ගත ජල නිධි
2.
මයෝසින හුනුගලෙහි පවතින භූ ගත ජල නිධි
3.
චාතුර්ථ අවධියේ බිහි වූ අවසාදිත හි පවතින අනවහිර භූ
ගත ජලය
එනිසා ශ්‍රී ලාංකේය භූමි භාගයේ පවත්නා භූ ගත ජල
නිධිවල රසායනික ස්වරූපය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඉතා පැහැදිලිව වෙනස්වන අවස්ථා
බහුලය. සමහරක් විටෙක එක ළඟ පිහිටි ළිං දෙකක එවැනි තත්වයන් නිරීක්ෂණය කල අවස්ථා ද
ඇත. මෙයින් පෙනී යන මූලික කරුණ වන්නේ භූ පරිසරයේ පවතින පාෂාණ සහ පාංශු ස්තර වල
රසායනික ස්වරූපය භූ ගත ජලයෙහි ගුණාත්මක බව තීරණය කිරීමට බෙහෙවින් බලපාන බවයි.
ජලයෙහි ගුණාත්මක බවෙහි වෙනස අතීත මුතුන් මිත්තන්
ඉතා හොඳින් දැනගෙන සිටී බව ද හොඳින් අධ්‍යනය කර ඇති බවද ඔවුන් ගේ පැරණි යෙදීම් අධ්‍යනය
කරන විට අපට මනාව පැහැදිලි වේ. තෙත් කලාපයේ භූගත ජලයෙහි සහ මතුපිට ජලයෙහි ගුණාත්මක
බවෙහි විශාල වෙනසක් නොපැවතී බැවින් ළිං වලින් ලබා ගන්නා ජලයද ඇල දොළ ගංගා වලින්
ලබාගත් ජලයද එකසේ පානය කළහ. නමුත් වියළි කලාපයට යනවිට තත්වය වෙනස් වේ. භූගත ජලයෙහි
අධික ලවණ සාන්ද්‍රණය බිමට පමණක් නොව වගාවට
ද නොසුදුසු බව ඔවූහු දැන සිටීයෝය. එනිසා වර්ෂා ජලයෙහි ගුණාත්මක බව වඩා හොඳ නිසා භාවිතය
සඳහා එක්රැස් කර ගැනීමේ ක්‍රමවේද ඉතා හොඳින් නිර්මාණය කළහ. ඒ අප කවුරුත් දන්නා
පුරාණ වාරි කර්මාන්තයයි.
නවීන කෘෂිකාර්මික ක්‍රමවේද රටතුලට ආගමනයත් සමග
රසායනික ද්‍රව්‍ය භාවිතය ආරම්භ විය. පලවිපාක පිලිබඳ නිසි ඇගැයීමක් නොකට වරින් වර
මතු වූ විවිධ වර්ගයේ ක්‍රමවේද ද රසායනික භාවිතයද නිසා පස සහ ජලය දූෂණය වන බව
තේරුම් ගත්තේ පසු කාලිනවය. එනිසා වාරි සංස්කෘතියෙන් යැපුන රජරට ජනතාව ක්‍රමයෙන් භූගත
ජලය කෙරෙහි යොමු වූ බව පැහැදිලිය. අධික ලවණතාවයෙන් යුක්ත වූ මෙම ජලය කාලයක් තිස්සේ
දිගින් දිගටම පානිය අවශ්‍යතාවයට භාවිතා කිරීමෙන් වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපන කරන්නට
හේතු වන්නට ඇති බව අපගේ විශ්වාසයයි.
කෙසේවෙතත් රජරට ප්‍රදේශයේ අප කල සංචාරයකදී විවිධ
පුද්ගලයින් සහ රෝගීන් සමගද කතා බස් කිරීමට අවස්ථා ලැබුණි. රෝගය සෑදී පසුව යථා
තත්වයට පත් වූ එක් කාන්තාවක් කියා සිටියේ ඖෂධ ලබා ගන්නා අතරම සම්පුර්ණයෙන්ම
බෝතල්කල ජලය පානය කල බවයි. මාස හයක පමණ කාලයකදී රෝගය සුව අතට හැරුන අතර එනමුත්
බෝතල් ජලය පානය අත්නොහළ බවයි. ඒ වන විට වසරක් පමණ ගත වී තිබුන අතර රෝගය සුව වී ඇති
බව ඈ අපහට පැවසුවාය. මෙයින් පෙනී යන එක් කරුණක් වන්නේ පිරිසිදු ජලය (ලවණතාවය සහ
ඛටිනතාව අඩු සාමාන්‍ය ජලය = තෙත් කලාපයේ ජලය) පානය කිරිම රෝගය සුව වීමට කිසියම් හෝ
ලෙසකින් හේතුවන බවයි.
වැව් මුලාශ්‍ර කරගත් ජලය බෙදා හැරීමක් ජල සම්පත්
මණ්ඩලය විසින් සිදුකරන නමුත් එහිදී මිශ්‍රිත රසායනික දුෂක (හෝ සරලව කෘෂි රසායන) ඉවත්කිරීමට (එම සාමාන්‍ය
ක්‍රමවේදයේදී) පියවර ගන්නේ නැත. නමුත් වකුගඩු රෝගයෙන් පෙලෙන ප්‍රදේශවල ජනතාව සඳහා
දැනට සැක කරන දුෂක ජලයෙන් ඉවත් කල හැකි ක්‍රම වේදයක් හදුන්වා දී ඇත. එම ක්‍රමවේදය
“ප්‍රති ආශ්‍රුති ජල
පිරිපහදුව” (Reverse Osmosis (RO) Water Purification) ලෙස හදුන්වන අතර එමගින්
වඩාත් පිරිසිදු නමුත් අඩු ලවණ ජලය ජනතාවට ලබා දීමට හැකියාව ලැබී ඇත.
කුමක් ද මේ “ප්‍රති ආශ්‍රුති ජල පිරිපහදුව” ?
ඉතා සරලව හැදින්වුවහොත් මෙය එක්තරා ආකාරයක ජලය
පිරිසිදු කරන ක්‍රමවේදයක් ලෙස හදුන්වා දිය හැක. මෙහිදී ජලයේ දිය වී ඇති බොහොමයක්
අණු සහ අයන ඉවත් කිරීම සිදුවන අතර ආසෘත ජලයට ආසන්න අයන සාන්ද්‍රණයක් ඇති සුපිරිසිදු
ජලය නිපැද වේ.
විසරණ (diffussion) ක්‍රියාවලියේ දී අප කවුරුත්
හොඳින් දන්නා පරිදි සිදුවන්නේ කිසියම් ද්‍රාවනයක (solution) ද්‍රාව්‍යය (solute)
අංශු (අයන හෝ අණු) සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයක් දක්වා ද්‍රාවකයේ
(solvent) අංශු අතරින් සංසරණය වීමයි. නමුත් ආශ්‍රුති (osmosis) ක්‍රියාවලියේදී
සිදුවන්නේ එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකි. ඒ සදහා හේතුවන්නේ ද්‍රාවකයේ අංශු (ජලය)
අධි සාන්ද්‍ර ද්‍රාව්‍යය අංශු ද්‍රවනය වූ පැත්තට අර්ධ පාරගම්‍ය පටලයක්
(semipermeable membrane) හරහා ගලා යාමයි (රුප සටහන 01). අර්ධ පාරගම්‍ය පටලයේ
කාර්යභාරය වන්නේ තෝරා ගත් ද්‍රාවණයේ (ද්‍රාවකය) අණු හෝ අයන වලට එක් පැත්තකට පමණක්
ගමන් කිරීමට සැලැස්වීමයි. ජලීය ද්‍රාවනයක නම් ජල අණු වලට මෙනිසා ද්‍රාව්‍යය සාන්ද්‍රණය
අඩු පැත්තේ සිට වැඩි පැත්තට ගමන් කිරීමට ඉඩ සැලසේ. මෙහිදී කාලයත් සමග දෙපස සමතුලිත
වන අතර ඒ බව තීරණය කරන්නේ දෙපස ඇත්තා වූ ද්‍රාව්‍යය අංශු වල මවුලික සාන්ද්‍රණය
(molar concentration) මතයි. මේ අවස්ථාවේ ඇතිවන පීඩනය නැතහොත් දෙපස සමතුලිත කිරීමට
අවශ්‍ය වන අවම පීඩනය ආශ්‍රුතික පීඩනය (osmotic pressure) ලෙස හැදින්වේ (රූපසටහන
02). මෙම ක්‍රියාවලිය පහත ලෙස ද සරලව ඔබට තේරුම් ගත හැක. අපගේ ශරීරයේ සෛලවල සෛල
පටලය ක්‍රියාත්මක වන්නේ අර්ධ පාරගම්‍ය පටලයක් ලෙසයි. එවැනි සෛලයක් පිරිසිදු ජලයෙහි
ගිල්වුවහොත් සෛලය තුලට ජලය ඇතුල් වන අතර සාන්ද්‍රණය වැඩි ලුණු ද්‍රාවණයක
ගිල්වුවහොත් වන්නේ සෛලයේ ඇති ජලය පිටතට පැමිණීමයි.
ප්‍රති ආශ්‍රුති ක්‍රියාවලියේදී සිදුවන්නේ ජලයේ
දිය වී ඇති විශාල අයන හෝ අණු අර්ධ පාරගම්‍ය පටලයක් භාවිතයෙන් ඉවත් කිරිමයි. මෙහිදී
ආශ්‍රුති පිඩනය පරයන පීඩනයක් පිටතින් ලබා දී ආශ්‍රුති ක්‍රියාවලිය කණපිට පෙරළා ද්‍රාවණයේ වූ
ද්‍රාව්‍යය අංශු පෙරා දමනු ලබයි. එමගින් ජලය පිරිසිදු, අඩු ලවණතාවයකින් යුක්ත ජලය
බවට පත් වේ. මෙම ක්‍රියාවලියෙන් වර්තමානයේ සාගර ජලය මෙම ක්‍රියාවලිය මගින්
පිරිසිදු බීමට ගත හැකි ජලය බවට පත් කරනු ලැබේ.
මෙම ප්‍රති ආශ්‍රුත පිරිපහදු ක්‍රියාවලියේ දී
අර්ධ පාරගම්‍ය පටලය ලෙස භාවිතා කරන්නේ පොලිඑමයිඩ් (poliamid) වලින් කෘත්‍රිමව සකස්
කරන ලද “ඉතා සියුම් සංගත පටලයකි” (thin film composite membrane). එතුලින් ගමන් කල
හැක්කේ ජල අණු වැනි ඉතා කුඩා අණුවලට පමණකි. සාමාන්‍ය ජලයේ විවිධ ද්‍රාව්‍යය ද්‍රවණය
වී ඇත. අවලම්භිත ඝන ද්‍රව්‍ය (මැටි වැනි), බැක්ටීරියා, වයිරස, බහුආරෝපිත අයන සහ ඒකාරෝපිත
අයන මේ අතර වෙයි. පහත දක්වා ඇත්තේ එලෙස
ජලයේ දිය වූ ද්‍රව්‍යය වල විශාලත්වයයි (වගුව 1).
ද්‍රව්‍ය
|
ඒකකය
|
ප්‍රමාණය
|
මැටි අංශු
|
මිලි මිටර
|
0.002
|
බැක්ටීරියා
|
මයික්‍රෝ
මිටර
|
1
|
වයිරස්
|
නැනෝ මීටර
|
100-50
|
බහු ආරෝපිත අයන (As(v))
|
නැනෝ මීටර
|
0.05
|
ඒකාරෝපිත අයන(Na+)
|
නැනෝ මීටර
|
0.1
|
මෙම අපූරු ක්‍රියාවලිය ලොවට හෙළි කරන ලද්දේ 1748
දී ප්‍රංශ ජාතික ජීන් ඇන්ටෝනි නොලේට් (Jean-Antoine
Nollet) විසින් වූවද වසර 200 ක පමණ කාලයක් එය පර්යේෂණාගාර වලට පමණක් සිමා විය.
නමුත් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මෙමගින් සාගර ජලයෙහි ලවණතාවය ඉවත්කර පිරිසිදු
ජලය බවට පත් කල හැකි බව 1948 දී ලොවට පෙන්වන ලදී. මුල් අවස්ථාවේදී නිෂ්පාදනය කරන
ලද පිරිපහදු ජලය ප්‍රමාණිකව අඩුවුවත් පසු කාලිනව වූ තාක්ෂණික දියුණුවත් සමග හොදින්
ක්‍රියා කල හැකි “ප්‍රති ආශ්‍රුත ජල පිරිපහදු යන්ත්‍ර” නිපදවන ලදී. 1977 දී
ඇමෙරිකාවේ කේප් කොරල් නගරය විශාල වශයෙන් ප්‍රති ආශ්‍රුත ජලය භාවිතා කරන ප්‍රථම
නගරය බවට පත් වූ අතර එහි වූ යන්ත්‍රයෙන් දිනකදී ජල ගැලුම් මිලියනයක් පමණ නිෂ්පාදනය
කරන ලදී. 2001 වසරේ අවසාන භාගය වන විට ලොව මෙම යන්ත්‍ර 15200 ක් පමණ කරදිය
පිරිසිදු කිරීමෙන් බිමට ගත හැකි ජලය නිෂ්පාදනයට යොදවා තිබුණි.
ප්‍රති ආශ්‍රුති පිරිපහදු යාන්ත්‍රණය සිදුවන්නේ කෙසේද..?
ප්‍රති ආශ්‍රුති පිරිපහදු යන්ත්‍රයේ පෙරීමේ ක්‍රියාවලිය
අනුව ප්‍රධාන අවස්ථා පහකි. මුලින්ම පීඩනයක් යටතේ ලබා ගන්නා ජලයේ වූ මයික්‍රෝ මීටර
1 ට වඩා වැඩි මැටි අංශු වැනි අවලම්භිත ද්‍රව්‍ය ඉවත් කරනු ලැබේ (particle
filtration). ඒ සදහා බොහෝ විට භාවිතා කරනු ලබන්නේ තිරුවානා වැල්ලෙන් නිර්මිත
පෙරණයකි (රූපසටහන 02 බලන්න). ඉන් පසු ක්‍ෂුද්‍ර-පෙරණ (micro filtration) ක්‍රියාවලියෙන්
නැනෝ මීටර 50 ට වඩා වැඩි අණු හෝ අයන ඉවත් කරන අතර ඒ සදහා බොහෝ විට භාවිතාවන්නේ සක්‍රීය
කාබන් අංශු පිරවූ පෙරණයකි. මෙමගින් බොහොමයක් කුඩා අවලම්භිත අංශු සහ බැක්ටීරියාවන්
පෙරීමට ලක්වේ. එසේ පෙරන ජලය නැවතත් අතික්‍ෂුද්‍ර-පෙරණයකින් (ultra filtration)
පෙරෙණ අතර ඒ සදහා භාවිතා වන්නේ අර්ධ පාරගම්‍ය පටලයකි. එහිදී නැනෝ මීටර 3 ට වඩා
වැඩි අණු සහ අයන ඉවත් වන අතර ප්‍රධානව එනිසා වයිරස්, බැක්ටීරියා සහ ක්‍ෂුද්‍ර
අවලම්භිත අංශු ඉවත් වේ. නිනිති පෙරණයද (nano filtration) සමන්විත වන්නේ අර්ධ
පාරගම්‍ය පටලයකිනි. එමගින් නැනෝ මීටර 1 ට වඩා වැඩි බහු ආරෝපිත අයන පෙරා දමනු ලැබේ.
අවසානයේ දී පෙරීමේ ක්‍රියාවලිය අවසන් වන්නේ නැනෝ මීටර 0.1 ට වඩා වැඩි ඒකාරෝපිත
අංශුන් ද ජලයෙන් ඉවත් කරමිනි (hypher
filtration).
අවසාන පෙරීමේ ක්‍රියාවලි තුනම අර්ධ පාරගම්‍ය පටලය
හරහා සිදුවන ප්‍රති ආශ්‍රුතියට ලක් වන නිසා එයට පෙර ජලය තව දුරටත් මෘදු කරනු ලබයි.
ඒ සදහා ජලයෙහි දිය වී ඇති කැල්සියම් සහ මැග්නීසියම් අයන ඉවත් කරයි. මෙම ක්‍රියාවලියට
රසායනික මෘදුකයන් (softner) භාවිතා කරනු ලැබේ. එමගින් මෙම අර්ධ පාරගම්‍ය පටල ඇහිරිම වළක්වාලයි.
කිසියම් ආකාරයකට අර්ධ පාරගම්‍ය පටල ඇහිරී ඇත්නම් “ප්‍රතිසේදීමක්” (backwash) මගින්
පටල පිරිසිදු කල හැක.
ප්‍රති ආශ්‍රුතියෙන් නිපදවෙන ජලයෙහි තව දුරටත් ක්‍ෂුද්‍ර
ජීවින් ඇත්නම් හරණය සදහා පාරජම්බුල කිරණ යොදා ගනී. ප්‍රති ආශ්‍රුති පිරිපහදු
පද්ධතියට ජලය ලබා දෙන්නේ පීඩනයක් යටතේ බැවින් ඒ සදහා පිඩක පොම්පයක් යොදා ගනී
(රූපසටහන). කිවුල් ජලයෙන් පිරිසිදු වතුර ලබා ගැනීමේදී බාර් 2-17 ක පමණ පීඩනය ක්
ලබා දීමට අවශ්‍යවන අතර කරදිය භාවිතා කරන විට මෙම
පීඩනය බාර් 40-82 ක් පමණ වූ අගයක පවත්වා ගනී.
පෙරීමෙන් පසු ඇතිවන අති සාන්ද්‍රගත ජලය බොහෝ
අවස්ථාවලදී ජල ප්‍රතිකාරකයක් (treatment plant) මගින් පරිසරයට එක්කල හැකි ප්‍රශස්ත
මට්ටමට ගෙනවිත් පරිසරයට නිදහස් කරනු ලැබේ.
මෙම යාන්ත්‍රණය භාවිතාවන විශාල පරිමාණයේ ජල
පිරිපහදු යන්ත්‍ර මගින් විශාල ජනතාවකට පිරිසිදු ජලය ලබා දිය හැකි අතර තම නිවහනේ
සාමාජිකයන්ට පමණක් ප්‍රමාණවත් ලෙස ජලය ලබා දිය හැකි කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර ද මේ වන
විට ලොව පුරා භාවිතා වේ.
ප්‍රති ආශ්‍රුතියෙන් නිපදවෙන ජලයෙහි සියලුම ක්‍ෂුද්‍ර
ජීවින් ද, සියලුම අවලම්බිත අංශුන් ද විශේෂයෙන්ම ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහද
එමෙන්ම බොහොමයක් ඛනිජ ලවණ ද ඉවත් කෙරේ. එනිසාම ශරීරයට අතවශ්‍ය ඛනිජ ලවණ ද අහිමි වන
අතර ප්‍රති ආශ්‍රුති පිරිපහදුවෙන් නිපදවෙන ජලය පානය කිරිම සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට
හේතු විය හැක බව විද්‍යාඥයින් සැක පල කරන අතර එවැනි සිදුවීම් ද මේ වන විට සෞඛ්‍ය
ක්ෂේත්‍රයේ වාර්තා වී ඇත.
ප්‍රති ආශ්‍රුති පිරිපහදුවේ අහිතකර පැත්ත
බොහොමයක් ඛනිජ ලවණ ප්‍රති ආශ්‍රුතියෙන් ඉවත් වීම හේතුවෙන්
ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ ද අහිමිවීම මෙහි ඇති ප්‍රධානම දුර්වලතාවයයි. සාමාන්‍යයෙන් පානය
කරන ජලය මගින් දිනෙක අවශ්‍යතාවයෙන් 6% සිට 30% පමණ දක්වා වූ ප්‍රමාණයක් ශරීරයට
අවශ්‍ය ඛනිජ ලවණ ලබා ගැනේ. එනිසා අත්‍යවශ්‍ය ඛනිජ ලවණ අහිමි වීම දිගු කාලීනව
ශරීරයට සෞඛ්‍ය ගැටළු ඇති විය හැකි නිසා දිගු කාලීන භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය
අනතුරු අඟවා ඇත.
ප්‍රධානකොටම මෙම අත්‍යවශය ඛනිජ ලවණ නොලැබීම නිසා
ඇති විය හැකි සංකූලථා මොනවාද යන්න අප විමසා බලමු. සාමාන්‍ය තත්වයේදී ජලයේ තිබිය
යුතු, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන
කැල්සියම් සහ මැග්නීසියම් මට්ටම වන්නේ ලීටරයට මිලිග්‍රෑම් 20 සහ 10 කි. මෙනිසා ප්‍රති
ආශ්‍රුති පිරිපහදු ජලයේ කැල්සියම් සහ
මැග්නීසියම් ලවණ හිඟ වීම ශරීරයේ මාංශ පේශි
ක්‍රියාකාරිත්වයට ඍජුවම බලපාන අතර හෟද රෝග සදහා ද බල පෑ හැකි බව පෙන්වා දෙයි.
එමෙන්ම පර්යේෂණ වලින් ලද තොරතුරු අනුව පැහැදිලි වන්නේ මහන්සිය සහ මාංශ පේශිවල
කෙණ්ඩා පෙරලීම වැනි තත්ත්ව ඉතා කෙටිකාලින භාවිතයෙන් පවා ඇති විය හැකි බවයි.
ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය භාවිතය පිලිබඳ ඇත්ත
වූ තවත් මතයක් වන්නේ මෙම අඩු සාන්ද්‍ර ජලය පානය කිරීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඛනිජ
ලවණ මෙම ජලයට ඇද ගැනීමට ඉඩ ඇති බවයි. එමනිසා ශරීරයේ ලවණ මෙම ජලය පානයෙන් මුත්‍රා
පද්ධතිය ඔස්සේ ඉවත් වීමෙන් ශරීරගත ලවණ සාන්ද්‍රණය අඩු වීමත් විය හැකි බවයි. එය
ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට ප්‍රභලව බල පෑ හැකි බව ද ශරිරයේ සුවිශේෂී ඉන්ද්‍රිය
වලට හානි විය හැකි බවද බටහිර වෛද්‍යවරු පෙන්වා දෙනු ලබනවා.
එමෙන්ම ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය භාවිතා කර
ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමේ දී විශේෂයෙන්ම එළවළු සහ පළතුරු වලින් ඛනිජ ලවණ ඉවත්
වීමට හේතුවන බව කියවේ. එයද වක්‍රව ශරීරයට අවශ්‍යවන ඛනිජ ලවණ නොලැබී යෑමට හේතුවේ.
අනෙකුත් දුර්වලතාවය වන්නේ මෙම ජලය නල හරහා බෙදා
හැරීමේ අපහසුතාවයයි එයට හේතුවද වන්නේ අඩු ලවණ සාන්ද්‍රණය හේතුවෙන් නාලවලට හානි
පැමිණීමයි.
එනිසා ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය දිගුකාලින
භාවිතය කොහෙත්ම අනුමත කල නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. නමුත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ
උද්ගත් වී ඇති තත්වයත් සමග ඒ සදහා භාවිතා කල හැකි කෙටි කාලින හොඳම විකල්පය වන්නේ
ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය වේ.
ප්‍රති ඛණිජකරණය
මෙම තත්වය සමනය කර ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලයේ
ඛනිජ ලවණ සාන්ද්‍රණය වැඩි කිරීමට පිටතින් ඛනිජ ලවණ එකතුකිරීම යෝජනා කරන අතර ප්‍රති
ආශ්‍රුති පිරිපහදුවට පිටතින් අත්‍යවශ්‍ය ඛනිජ ලබා දෙන ස්වභාවික ඛනිජ අඩංගු
උපාංගයක් මේ සදහා සවි කරනු ලැබේ. කෙසේවෙතත් ප්‍රයෝගිකව මෙය තරමක් අසීරු කර්තවයක්
වන්නේ නිරන්තර සොයා බැලීම අවශ්‍ය නිසයි. එනිසා ඉතා පහසුවෙන් විශාල යන්ත්‍ර වලදී
මෙම ජලයේ ගුණාත්මක බව පරික්ෂා කල හැකි වුවත් නිවහනේ භාවිතා වන යන්ත්‍ර සදහා නිසි
යාන්ත්‍රණයක් සකස් වී නොමැත.
වර්තමානයේ අප හමුවේ ඇති අභියෝග
කෙටි කාලිනව ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය භාවිතා
කරන අතර දිගු කාලිනව භාවිතා කල හැකි ජල පිරිපහදු ක්‍රමවේදයක් සොයාගැනීම ශ්‍රී
ලංකික විද්‍යාඥයන් සතු වර්තමාන අභියෝගය යි. එයට අමතරව ක්‍රමවත් ජල කළමනාකරණ ක්‍රියාදාමයක්
දියත් කිරීම ද රටෙහි ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමද කල
යුතු වුවත් එයද එක්තරා ආකාරයකට රට හමුවේ ඇති අභියෝගයකි. විශේෂයන්ම අප භාවිතාකරන
කෘෂි රසායන ඇතුළු කෘත්‍රිම රසායනයන්ගේ ප්‍රමිතියද භාවිතයෙන් පසුව ඇතිවන ප්‍රතිවිපාක
පිළිබඳව ද අධ්‍යනය කරමින් ජල මුලාශ්‍රවල ගුණාත්මක බව ආරක්ෂා කල යුතු වේ.
ආචාර්ය
පත්මකුමාර ජයසිංහ