ආලකමන්දාව කාශ්‍යපගේ නොවේ.......!!!
භූ සංචාරිතය 42
This article is originally published on Vidusara, 20.01.2021.
හුදකලා කඳු අතර වඩා ප්‍රමුඛ භූ ස්කන්ධයක් වන්නේ
සීගිරියයි. සීගිරිය එනිසාම අතීත මානවයාගේ අවධානයට සහ පරිහරණයට භාජනය වන්නට ඇති. ප්‍රාග්මානවයාගේ
සිට නවීන මිනිසා දක්වා වූ පරිණාමික ක්‍රියාවලිය සියැසින් දුටුවෙකි සීගිරිය.
සීගිරියේ පිහිටීම භූවිෂමතා අධ්‍යනයේදී සුවිශේෂී
වන්නේ හුදකලා කන්දක් වීමම පමණක් නොවේ. පහත් තැනිතලා භුමියේ වඩා ප්‍රමුඛව හිස ඔසවා සිටින
රජෙකු සේ ආඩම්බරයෙන් පහත් බිම් දෙස බලා සිටිනා යෝධයෙකු වීම ද මෙහිදී වැදගත් වේ.
එනිසාම අතීත මානවයාට වඩා ආරක්ෂාකාරී වාසස්ථානයක් සපයන්නට නොනවතින භූ ක්‍රියාදාමය වන
ජීර්ණය සහ ඛාදනය ක්‍රියාත්මක වී ඇත.
අනෙකුත් ප්‍රදේශ මෙන්ම මෙම ප්‍රදේශයේ පාෂාණ ද
ප්රෝටෙරෝසොයික් යුගයේ නිර්මාණය වූ උච්ච විපරීතකරණයට ලක් වූ නයිස් වර්ගයේ පාෂාණ වලින්
සමන්විත වේ. කෙසේවෙතත් සිගිරිය හුදකලා කරන්නට අවටපිටේ පාෂාණ වගබලාගෙන ඇති බව වත්මන්
සැකැස්ම අපට පහදා දෙයි. පාෂාණයේ වර්ගය එහි ඛණිජ සංයුතියේ අසමානතා පමණක් නොවේ අප දන්නා
පරිදි පාෂාණයේ ව්‍යුහයද පාෂාණ ජීර්ණය ක්‍රියාවලිය සඳහා අතිශයින් බලපායි. මෙහිදී නම්
වඩා ප්‍රමුඛ ලෙස පාෂාණයේ ව්‍යුහාත්මක ලක්ෂණ අවට කලාපයේ ජීර්ණය වේගවත් කරන්නට හේතු වන්නට
ඇත. ඒ අතර යම් කිසිලෙස භූ තැටි උක්ෂිප්තය ද හේතු වන්නට ඇත.
සීගිරිය නිර්මාණය වී ඇත්තේ එකිනෙක මත පිහිටි
පාෂාණ කලාප තුනකිනි. ඒවායේ වර්ගය වෙනස්වන්නේ එහි පවතින ඛණිජ සංයුතිය අනුව වූවද
පොදුවේ මේ සියල්ල ශ්‍රී ලංකවේ ප්‍රමුඛ පාෂාණ වන නයිස් පාෂාණ කුලකයට අයත් වේ. එකමත එක තැබූ පාන් පෙති
තුනක් සේ පවතින මෙම පාෂාණ ස්ථර ත්‍රිත්වයේ යම් යම් ව්‍යුහාත්මක වෙනස්කම් ද නැතුව නොවේ.
එනිසාම සීගිරියේ මෙම අපූරු හැඩය ඇතිවන්නට හේතුවන්නට ඇත. ජිර්ණයේ දී ඇති වූ පාෂාණ වල
ව්‍යුහාත්මක බලපෑම තහවුරු කරන්නේ සිගිරිය අවට රැදුන විවිධ ප්‍රමාණවල විශාල ගල්කුළු
බව අමතක නොකළ යුතුය.
මහා තැනිතලාවේ ඉද්ද ගැසුවා සේ එක්වරම පැන
නගින මේ කදිම හුදකලා කන්ද මානවයාගේ අත්‍යන්ත පරිහරණයට නතු වී ඇති බව ද එහි සොබාවික
සැකැස්ම ම ප්‍රයෝගිකත්වයේ යොදවා ඔවුනට අවැසි නිර්මිත පරිසරයක් ඇතිකරන්නට සමත්වී ඇති
බවද පැහැදිළිය. මානවයාගේ පරිහරණයට නතුවන්නට ඇත්තේ කවර කලකදැයි තවමත් ස්ථිරවම කිව නොහැකි
මුත් එය අනිවාර්යෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන බව නම් ස්ථිරය. ඒ මන්දයත්
ප්‍රාග් ඓතිහාසිකයන්ට ජිවත් වීම සඳහා අවැසි වාසස්ථාන බොහොමයක් සිගිරි භුමියේ ඇති බැවිනි.
ඒ වෙන කිසිවක් නොව විවිධ ප්‍රමාණවලින් සුසැදි ගල් පියසි සමූහයයි.
එලස ආරම්භ වූ වාසභූමිකරණය වත්මන තෙක්ම පවතින
බව පැහැදිළිය. කදිම ආරක්ෂාවක් සපයන එමෙන්ම ඔත්තු බැලීම සහ පණිවිඩ හුවමාරුව සඳහා ද කදිම පසුබිමක් සිගිරිය සපයයි. කාශ්‍යප රජු මෙය නතු
කර ගන්නට මත්තෙන් යම් කිසි ප්‍රමාණයකට මෙය වර්ධනය වී තිබු බවට කිසිම සැකයක් නොමැත.
කලකදී මහා රහත් මහා සංගයාගේ බන භාවනා කිරීම සඳහා භාවිතා කල ස්ථානයක් වන්නට ද ඇත.
සිගිරිය ත්‍රිකුණාමලය සහ මන්නාරමේ එකල පිහිටි
වෙළඳ නගර සම්බන්ධ කලා වූ සංදිස්ථානයක් වන්නට ද ඇත. සීගිරිය මේ නගර යාකරන මාර්ගයේ හමුවන
ඉතා සුවිශේෂී ස්ථානයක් වන්නට ද ඇත. සීගිරිය අවට කලාපයේ දියුණු වෙළඳ නගරයක් වන්නට ඇත.
මේ සියල්ල සනිටුහන් වන්නේ වසර 3000ක් 4000ක් සමහරවි වසර 5000 කට පෙර වුවද විය හැක.
රට මැද වෙළඳ ද්‍රව්‍ය එක් රැස් කල එකල මහත් දියුණු වෙළඳ නගරයක් වන්නට ඇත.
සීගිරියේ සැකැස්ම කාශ්‍යප රජ වූවාට පසු හෝ ඒ
සමයේ වෙනස් කර ඇත. බලකොටුවක් ලෙස වඩා ආරක්ෂාකාරී වන්නට නම් පාදස්ථයේ සිට මස්තකය
දක්වා ආරක්ෂාකාරී ව්‍යුහයන් සකස්කළ යුතුය. සොබාවික සීගිරි ගල වසාලමින් ගඩොළු ව්‍යුහයන්
තිබු බවට සීගිරිගල කදිම සාක්ෂි සපයයි. ඒ වෙන කිසිවක් නොව දුටු පමණම පඩි පෙළවල් ලෙස
සකස් කර ඇති නමුත් යමක් තබා ඒ මත ගොඩනැගීමක් කල හැකි පාදම් සටහන් ය. සීගිරියේ බොහෝ
ස්ථාන වල මෙවන් පාදම් සටහන් හමු වේ. මේවා අනුව අපට අර්ථකථනය කල හැක්කේ සීගිරිය එහි
සොබාවික පාෂාණය වට කරමින් ද එය වසාලමින් ද
ඉදිවන්නට ඇතැයි සිතිය හැකි ගඩොළු ව්‍යුහයක් තිබෙන්නට ඇති බවයි. එය සමස්ථ සීගිරි පර්වතය
වසලන්නට ඇත. සීගිරි මස්ථකයේ රජ මාලිගාව වඩා
ආරක්ෂාකාරී ලෙස ඉදිවන්නට ඇත. පවතින්නට ඇත. ඒ වටා පහතින් ඉදි වූ ව්‍යුහයන් පරිවාර ජනයාගේ
වාසස්තාන ද ආරක්ෂක කුටි ද ඔත්තු බලනා සැඟවුණු කුටි ද ඉදිකරන්නට ඇත. ඒ වාගේම ආරක්ෂාව
උදෙසා අරක්ෂයන් බොහොමයක් රඳවා තැබිය හැකි ගොඩනැගිලි පාදස්ථයේ ඉදිකරන්නට ඇත.
පර්වතය වටා ඉදි වූ ගඩොලු ව්‍යුහය සීගිරිය සපුරා
වසාලිම නිසා ඉතා ආරක්ෂා කාරී ලෙස මස්තකයට යන්නට හැකි වන්නට ඇත. ඒ සඳහා පර්වතය වටා ඉදිවූ
ඉහලට නගින පඩි සහිත මාර්ග වන්නට ඇත. අද දකින්නට ලැබෙන කැටපත් පවුර හුදෙක් කාව්‍ය නිර්මාණ
සටහන් කිරීම සඳහා ඉදි වූවක් නොව එය ආරක්ෂක බිත්තිය වන්නට බොහෝ ඉඩකඩ ඇත. එවන් වූ බිත්ති
වලින් අද ඉතිරිව ඇත්තේ මෙය පමණකි. බිත්තියේ සුමට බව සහ දිලිසෙනසුළු බව ආලෝකය පරාවර්තනය
කරමින් පවතින් අඳුරු දුරුකරන්නට හේතුවන්නට ඇත. සොබාවික රළු පාෂාණ පෘෂ්ටය වසා දමන්නට
ඒ මත ආලේප කරන ලද බදාමයේ බිතු සිතුවම් නිර්මාණය කරන්නට ඇත. අද දකින අප්සරාවන්ගේ සිතුවම්
ඒ බව කදිමට වටහා දෙයි. මෙවන් වූ අපූරු තාක්ෂණයක් භාවිතා කරමින් එකල ඉංජිනේරුවෝ මෙම
සීගිරි බලකොටුව ගොඩනගා ඇති බව පැහැදිළිය.
මේ වන විට සීගිරියේ හෙළි වී ඇත්තේ බටහිර පාර්ශවය
පමණකි. නමුත් ඒ ද ප්‍රමාණවත් නොවන බව ලබා දී ඇති අර්ථකතන වලින් පැහැදිලි වේ. එනිසා
නොනවතින පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදුකල යුතු අතර, කිසිවක් නොදන්නා නැගෙනහිර බෑවුම ද එළිකර සත්‍ය වටහා ගන්නට
දැන් දැන් කාලය පැමිණි ඇති බව මතක් කල යුතුය. එනිසා අත්‍යන්ත පුරාවිද්‍යාත්මක ගවේෂණ,
පර්යේෂණ සහ කැනීම් පමණක් නොව තහවුරු කිරීම් මගින් සංරක්ෂණය ද මනාව කල යුතුය. නවීන
විද්‍යත්මක ක්‍රම වේද භාවිතා කරන්නට පර්යේශයෝ වග බලා ගන්නේ නම් එම පර්යේෂණ මගින් මෙතෙක්
නොවූ විරු නොඇසූ අපූරු කරුණු කාරණා ඉස්මතුකරගන්නට හැකිවාය ඇත්තේ බව අමතක නොකළ යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ